කින්නියා පාලම් පාරුව හා දේශපාලනය

 

අජිත් පැරකුම් ජයසිංහ

ඉස්සර මං ජවිපෙ ෆුල්ටයිමර් කාලෙ අඟුලෙන් බයිසිකලේ අරන් ධර්ගා ටවුමෙ ඉඳන් බෙන්තර යනවා බෙන්තර ගඟ හරහා. ඒ කාලෙ මටත් පීනන්න බැහැ. අඟුල පාලම් පාරුවට වඩා අවදානම්. පෙරළුනා නම් මාත් දැන් නැහැ. එතන දැනුත් පාලමක් නැහැ. දාන්නත් බැහැ. ඕනැත් නැහැ. බෙන්තර පාලමෙන් රවුමෙන් යන්න පුළුවන්. දුරයි. අවදානම අඩුයි.

හැම නාන තොටුපළක් ගානෙම පාලං හදන්න බැහැ. මං දන්න තරමින් කළු ගඟ හරහා කළුතර දිස්ත්‍රික්කෙම තියෙන්නෙ පාලම් තුනයි. කළුතර, අඟුරුවාතොට, නාරගල. දෙගොඩම සංවර්ධනය වෙනවා නම් සහ ප්‍රවාහන පහසුකම් තියෙනවා නම් එගොඩ මෙගොඩ ඔරු පදින්න ඕනැ නැහැ. ෂෝට්කට් හැම තිස්සෙම අවදානම්.

කින්නියාවල පෙරළුණ පාලම් පාරුව අවදානම්. ඒකෙ ප්‍රමිති ගැටලු තියෙන බව කියනවා. පාරවල දුවන වාහනත් එහෙමම තමයි. කෝච්චිවල තත්වෙ එහෙම කොහොමද? පාරෙත් අනතුරු වෙනවා. මිනිසුන්, ළමයින් මැරෙනවා. ඔය හැම එකක්ම නිදහසින් පස්සෙ 72 අවුරුද්දෙ හෝ පාර්ලිමේන්තුවෙ 225 වැරදි නෙමෙයි. වැඩක් නැති, අකාර්යක්ෂම රජයක් හදපු අපි හැමෝගෙම වැරදි. ආණ්ඩු පත්කරන්නෙත් අපිම තමයි.

පාරෙ යනකොට අපිත් සුපිරියට නීති අනුගමනය කරනවනෙ. ලංකාවෙ අධිවේගී මාර්ගවල යන බස්වල සීට් බෙල්ට් දාන්නවත් නීතියක් නැති එකේ කින්නියා පාලම් පාරුවෙ ලයිෆ් ජැකට් නැති එක ගැන පුදුම වෙන්න ඕනැද?

දේසෙ හැටියට වාසෙ. මං නම් ජවිපෙ කැරැල්ලෙන් පස්සෙ පොල්ගොල්ලෙ පුනරුත්ථාපනය වෙන කාලෙ වේල්ල යට පීනලා පීනන්න ඉගෙනගත්තා. ළමයින්ට උගන්නන ප්‍රධාන දෙයක් තමයි පිහිනීම. මං දේශපාලන ක්‍රියාකාරිකයෙක්. සංවේදී හදවතක් තියෙන මානුෂික කවියෙක් නෙමෙයි. ප්‍රශ්න විග්‍රහ කරන්නෙ දේශපාලනිකව විතරයි. කවිවලින් විසඳුම් හොයන්න බැහැ.

සංවේදී කට්ටිය කවි ලිව්වට කමක් නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු කින්නියාවාසීන් නම් අත්අඩංගුවට ගතයුතුයි.

Adapted from praja.lk

Popular posts from this blog

ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

එන්නත් වැඩ්ඩො හමුදාවද?