පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

 

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකා පොලිසිය විස්මිත වේගයකින් ක්‍රියාත්මක වෙමින් පහන්තුඩාව ඇල්ල අසල එළිමහන් ලිංගික වීඩියෝවක පෙනී සිටි තරුණිය හා තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සඳහා තම තාක්ෂණික විමර්ශන හැකියාව උපරිමයෙන් යොදාගෙන තිබේ.

මේ හැකියාව පාස්කු ප්‍රහාරය සමග තිබෙනවා යයි කියන කුමන්ත්‍රණය විමර්ශනය කරන්නටත් යොදාගන්නට කිසිදු බැරිකමක් නැත. එහෙත්, එසේ කරනවාද?

කෙසේ වෙතත්, පහන්තුඩාවේ සිදුවීම නිමිති කරගෙන ලිංගිකත්වය පිළිබඳ මේ වනවිට සමාජයේ විශාල සංවාදයක් නිර්මාණය වී තිබේ. එය ඉතා වැදගත්ය.

එසේම, මෙවැනි ලිංගික පෝන් දර්ශනයක් සම්බන්ධයෙන් පවතින නීතිය ද සාකච්ඡාවට භාජනය වේ. අශ්ලීල සහ අසභ්‍ය යයි කියන ප‍්‍රකාශන සම්බන්ධ නීති පිළිබඳ එය වැදගත් සාකච්ඡාවක් වනු ඇත.

නිරුවත් රූ දෙස බලා ලිංගිකව සතුටු වීම හා වෙනත් අය ලිංගිකව හැසිරෙන ආකාරය දෙස බලා ලිංගිකව සතුටු වීම ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ වයර්රිස්ම් හෙවත් voyeurism කියායි. එවැනි අපභ්‍රංස නමක් එයට දමන්නට ඇත්තේ එය අසාමාන්‍ය ක්‍රියාවක් ලෙස සැලකුණු නිසා විය යුතු ය.

ස්කොපොෆීලියා යයි කියන්නේ ද මෙයට ම ය. එයට සිංහලෙන් දර්ශකාමය දර්ශන කාමය වැනි වචන යෙදේ.

කාම වීඩියෝ කර්මාන්තය හා ලිංගික සේවා සංකීර්ණ වී ඇති වර්තමාන යුගයේදී මේවා සාමාන්‍ය දේය.

අන්තර්ජාලයේ අසභ්‍ය ලිංගික දසුන් නැරඹීම ගැන විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර සමඟ බීබීසීයේ අරවින්ද තිසර රතුවිතාන කළ මෙම සාකච්ඡාවේදී ඇය සඳහන් කරන්නේ අස්වාභාවික යයි ඇය හඳුන්වන යම් ක්‍රියාවලට මනසින් යොමුවීම නිසා ස්වාභාවික යයි ඇය කියන ලිංගික ක්‍රියාවලින් සතුට ලැබීම අපහසු වන බවයි.

පෝන් චිත්‍රපට සුලබ වීමත් සමග ඇතිවන තත්වයක් ලෙස මා නම් දකින්නේ ලිංගිකත්වයේ තිබෙන කුහුල දනවනසුළු හා ගවේශනාත්මක රසවත් ස්වභාවය අඩුවී යාමයි. එමගින් ලිංගිකත්වයේ තිබෙන නිර්මාණශීලීත්වයත් අඩුවී යා හැකියි. පුද්ගලයන්ට ලිංගිකත්වය තුළින් තමන් සොයාගැනීමට හැකියාව ලැබෙනවා වෙනුවට ලිංගිකත්වය පිළිබඳ උවමනාවට වඩා පුළුල් දැනුමක් හේතුවෙන් නිර්මාණය වන ඒකාකෘතික ලිංගික ලෝකයක එම පුද්ගලයා අතරමං වන්නත් පුළුවන්.

මෙය උදාහරණයකින් පෙන්වා දුන්නොත්, අන්තර්ජාලය නැති, කාම දර්ශන ඡායාරූපයක්වත් ලබාගැනීම දුෂ්කර වූ සමයක නව යොවුන් වියෙන් වැඩිහිටි වියට සංක්‍රමණය වූ අපේ පරම්පරාවේ තරුණයන් ස්ත්‍රී සිරුරෙන් වින්ද ඒ කෞතුක රසය පෝන් දර්ශන හරහා භගමනිය දක්වා හැම දේම සියුම් විස්තර දක්වා දුටු වත්මන් පරම්පරාවට ලැබෙනවාද?

වර්තමානය වන විට, ඉතා සුලබ දෙයක් වන හෝම් මේඩ් හෙවත් සාමාන්‍ය පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද පෝන් වීඩියෝ ඇත්ත වශයෙන්මඇතිකරන්නේ ලිංගිකත්වය පිළිබඳ පහන් හැඟීමක් නොව, පිළිකුලකි.

පෝන් නිසා ලිංගිකත්වයේ අලුත් මානයක් විවෘත වේ යයි කෙනෙකු තර්ක කරන්නට පුළුවන්. ඒක මොකක්ද?

මේ ලිපියත් කියවන්න: අලි කතාව මෘදු කාම චිත්‍රපටයක්ද?

නීතිය දැනගෙන සංසර්ගයේ යෙදෙන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා