Posts

Showing posts from July, 2017

බදුදීම විකිණීමදෝ ආදරේ - මට රිදවන්නෙපා ආයෙ සංසාරයේ

Image
බදු දීම හා විකිණීම යනු දෙකකි. මේ දෙකම විවිධ අවස්ථාවලදී අපි ජීවිතයේදී කරන්නෙමු.

උදාහරණයක් ලෙස, අපට කඩ කාමරයක් තියෙනවා ය කියා හිතමු. කඩ කාමරය අපේ නිසා ඕනැ නම් අපට කඩයක් දමන්නට පුළුවන. හැබැයි ඒකට ප්‍රාග්ධනය හා කඩ කෙරුවාව ගැන දැනුම, පළපුරුද්ද එහෙම අවශ්‍ය ය. නැතිනම් කඩය ලාභ ලබන්නේ නැත.

අපට වඩා කඩ කෙරුවාව දන්නා සුපර් මාකට් ජාලයකින් අපේ කඩය දැන් ලබන ලාභයට වඩා ඉහළ කුලියකට අපෙන් බදු ගෙන, එය නවීන තත්වයෙන් පවත්වාගෙන යාමට ආයෝජනය කරන්නට ඉදිරිපත් වෙනවා නම්, කඩේ අපේ නිසා පාඩු පිට හරි අප ම කඩය කරනවා ද? නැතිනම් කඩය බදු දී බද්ද අරගෙන වෙන දෙයක් කරනවා ද?

මේවා ව්‍යාපාරික ලෝකයේ නම් ඉතා සාමාන්‍ය සංසිද්ධි ය. මධ්‍යම පංතිකයන් අතර ද මෙය ඉතා සුලබ තත්වයකි. හේතුව, මධ්‍යම පංතිකයන් යනු දේපල බදු දීම ගැන ඔස්තාද්ලා පිරිසකි. 

වසර 2005දී පැවැත්වුණු ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට ක්‍රියා කිරීම වෙනුවෙන් අල්ලස් ලෙස බැසිල් රාජපක්ෂගේ මැදිහත් වීමෙන් ජවිපෙට රේඩියෝ නාලිකාවක් සඳහා බලපත්‍රයක් ලැබිණි. පසුව පටන් ගන්නා ලද මේ රේඩියෝ නාලිකාවට රජයෙන් දැන්වීම් ද ලැබිණි. 

එහෙත්, ජවිපෙ මහින්දට දෙන සහාය ඉවත් කර ගැනීමෙන් පසු දැන්වීම් නත…

විනයක් නැති ලංකාවේ දේශපාලකයන්ට මුවා වෙන විනය

Image
තට්ටයගෙ කොලම බ්ලොගය කරන මංජුල ඊයේ දුරකථනයෙන් කතා කළා. ඔහු සමග කළ කතා බහේ තිබුණු වැදගත් අදහස් අතරින් එකක් ගැන වැඩිදුර ලිවිය යුතු යයි සිතුණා.

ලංකාවේ මිනිසුන්ට තිබෙන්නේ සංවර්ධනය පිළිබඳ ප්‍ර‍ශ්නයකටත් වඩා විනය පිළිබඳ ප්‍ර‍ශ්නයක් ය කියන එකයි ඔහු කියූ කාරණය.

මේක ඇත්ත. ලංකාවේ මිනිසුන් පාරේ පයින් ගමන් කළ යුතු පැත්ත හෝ දන්නෙ නැහැ. තුන්මුල්ල හංදියේ කහ ඉර ගාව සිටි පොලිස් නිලධාරියා ඊයේ උදේ මා එතන සිටගෙන සිටි විනාඩියක විතර කාලය තුළ හතර වතාවක් පේමන්ට් එකට කෙළ ගැහුවා. ගෙදර යනකොට ඒසී බස්සෙකේ සිටි තරුණයෙක් වායුගෝලයට කිඹුහුම් ගණනාවක් ම මුදා හැරියා. වාහන පදවන්නේ රියදුරන්ට වඩා චන්ඩි. බොහෝ රජයේ කාර්යාලවල විතරක් නෙමෙයි, ඇතැම් පෞද්ගලික සමාගමකින් පවා අදාළ නිලධාරියකුගෙන් තොරතුරක් ඇහුවත් ඒගොල්ලන් උත්තර දෙන්නෙ තරහින්. කෑම විකුණන කඩවල වැඩ කරන අය පුක කහ කහා කෑම අතගානවා.

හැබැයි මේ මිනිසුන් ම වුණත් විනයක් සහිත රටකට ගිහින් දැම්මොත් හොඳට හැසිරෙන්නට දන්නවා. අපේ මිනිසුන්ට එහෙම වෙලා තියෙන්නෙ ඇයි?

මේ මිනිසුන්ගෙන් ම ඇහුවොත් කියයි රටේ නීතිය ක්‍රියාත්මක නො වෙන එක තමයි ඒවාට හේතු කියලා. හැබැයි, නීති කඩනවා ද බලන්න හැම මිනිහෙකු ම …

මේ සිදු වෙන මළ හත්තිලව්ව තේරෙන්නෙ නැති බබාලාට ලියුමක්

Image
වර්තමානයේ සිදු වෙමින් තිබෙන දේ හා එහිදී අප විසින් ගෙන තිබෙන ස්ථාවරය තේරුම් ගන්නට බැරි අය වෙනුවෙන් මෙම සටහන තබමි.

අපි මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට වැඩ කළෙමු. එසේම, මේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඉවහල් වන පරිදි දැන් ද වැඩ කරමින් සිටිමු. මා ඇතුළු තවත් ඇතැම් අය මේ ආණ්ඩුව අතහැරියා නම්, ඇතැම් විට, වෙන කොහේ නැතත්, සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ හෝ තුලනය නැති වන්නට ඉඩ තිබුණු බව කියන්නේ ලොකුකමකට නොවේ.

ආණ්ඩුව පවා අප නිකම් සෝෂල් මීඩියාකාරයන් ලෙස සලකා නො තකා සිටිය හැකි යයි සිතුවත්, අප අපගේ දේශපාලන ස්ථාවරයන් මත පදනම්ව අඛණ්ඩව කළ අරගලය නොවේ නම්, ඔය කොච්චර තනතුරුධාරී ලොකු ලොක්කන් සිටියත්, මේ ආණ්ඩුවට ලෙහෙසි නො වන්නට පුළුවන. මා මේ කියන්නේ මා ගැන විතරක් නොව, මේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු වරප්‍රසාදයක් අපේක්ෂා නො කර, රටේත්, ජන සමාජයේත් අනාගතය වෙනුවෙන් අඛණ්ඩව, අත් නො හැර අරගලයේ සිටි අපේ මිතුරන් වෙනුවෙනි. 

කොටින් ම හරින්ලා, සුජීවලා, රන්ජන්ලා වැනි අය පවා බූරුවන් වෙද්දී මිනිසුන් වීම අත් නො හළ අපේ සමාජ මාධ්‍ය මිතුරන් වෙනුවෙනි.

ඔවුන් වෙනුවෙන්, අප එසේ කරන්නේ ඇයි ද යන්න පැහැදිලි කර දිය යුතුව තිබේ.

මේ ආණ්ඩුව සම්බන්ධයෙන් අපට දහසකුත් …

රජයේ සේවකයන්ට ෆේස්බුක්හි ලියන්නට පුළුවන් මොන වගේ කවි ද?

Image
මෙහෙම සම්මන්ත්‍රණයක් ලංකා ගුරු සංගමයෙන් සංවිධානය කර තිබෙනවා. මේ සටහන තබන්නේ එයට ප්‍රචාරයක් ලබා දීමේ අරමුණින් වුණත්, ඒ පිළිබඳ අදහස් කීපයක් දැක්විය යුතුයි කියා හිතෙනවා. මේ කථික මහත්වරුන් මේ අදහසත් සැලකිල්ලට ගනියි කියා බලාපොරොත්තු වෙනවා.

මෙයට මුල් වුණේ කුශාන් ශාලිකගේ සිද්ධිය. ඒ පිළිබඳ විස්තරයක් මෙතැන තිබෙනවා.
කවියක් ලිව්ව නිසා ගුරුවරයකුට දඬුවම් මාරුවක් දෙන ලැජ්ජා නැති අධ්‍යාපනය

මේ හා සම්බන්ධ වැදගත් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවක් තිබෙනවා. ඒ හා සම්බන්ධ නඩුවට මැදිහත් වුණේත් ලංකා ගුරු සංගමයයි. ඒ නඩුවේදී සමන්ති මනෝහාරි පැලකැටිය ගුරුවරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන්නට කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරිට හා එම විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු කළ තුසිත තිළිණ මාලේගොඩ නමැත්තාට ශ්‍රේෂ්ඨාධිකරණය 2016 සැප්තැම්බර් 28දා නියෝග කළා.
2011 නොවැම්බර් 27දා විද්‍යාලය ඉදිරිපිට පැවති මව්පිය උද්ඝෝෂණයකදී මාධ්‍යයට අදහස් පළ කිරීම හේතුවෙන් මෙම වගඋත්තරකරුවන් දෙපළ ඇයට ප්‍රසිද්ධියේ ශාරීරිකව හා මානසිකව හිංසා කළ බවත්, ඔවුන්ගේ බලපෑම මත 2012 පෙබරවාරි 01 සිට ඇගේ වැඩ තහනම් කර ඇති බවත් ඇය පැමිණිල්ලෙන් කියා …

ඔබටත් මෙවැනි අමාරුවක් තිබෙනවා ද?

Image
‘28' චිත්‍රපටය බලන්න ගියපු එකේ රස කතාවක් තියෙනවා. මේ චිත්‍රපටයෙ ට්‍රේලරය දුටුවාට පසුව එය බලන්නටත්, ඒ ගැන ලියන්නටත් ආසාවක් ඇති වුණා. ඒ නිසා චිත්‍රපටය පෙන්නන්නට පටන් ගත්ත මුල් සතියෙ ම මා ගියා එය බලන්නට.

මගේ කොළඹ ගමනාගමනයේදි ඇත්තට ම බස් එක මට ආශිර්වාදයක් වෙලා තියෙනවා. හැමදාම උදේට, හවසට පැය එකහමාරක් දෙකක් ජංගම දුරකථනය භාවිතා කරමින් කියවන්නට අවස්ථාවක් ලැබෙන එක ලොකු දෙයක්. කෝච්චියේ යන එන එක ඉක්මන් වුණත්, සමහර වෙලාවට හිටගෙනවත් ඉන්න ඉඩක් ලැබෙන්නෙ නැහැ.

මම වැඩට යන්නෙ, එන්නෙ ට්‍රැෆික් මගහැරලා. ඒ නිසා 28 බලන්න මා මුලින් ම ගියේ මොරටුවේ එමෙස් චිත්‍රපට ශාලාවට. තුනයි කාලට වැඩ ඇරිලා, පානදුර බසයක එතනට යනකොට වෙලාව ළං වෙලා. ඒ නිසා රුපියල් පනහක් දුර ත්‍රිරෝද රථයකිනුත් ගියා.

ශාලාවට යනකොට මා විතරයි. ටිකක් වෙලා බලන්න ය කියපු නිසා මා පැය භාගයක් බලා සිටියෙ බාගෙවිට කාමරේකට යන්නට සල්ලි නැති ජෝඩු දෙක තුනක්වත් ආවොත් කියලායි. කවුරුවත් ආවෙ නැහැ. මං කඩේකින් මාළු පාන් එකක් කාලා, නෙස්කැෆේ එකකුත් බීලා කෝච්චියේ නැග්ගා.

මා දැන් නාට්‍ය බැලීම සම්පූර්ණයෙන් ම නවත්වලායි තියෙන්නේ. ඒකට හේතුව, අපේ නගරයේ නාට්‍ය සංවිධානය කරන කල්ලි…

ගූ දේශපාලනයට ගූ නොවන විසඳුම කුමක් ද?

Image
ගූ යනු ගූථ යන පාලි පදයෙන් තත්සම වන සිංහල වදනක් නිසා එය අසභ්‍ය යයි නො සිතන්න. ගූථපාන ජාතකය මෙතනින් බලන්න. 

මාතලන්ගේ පහත සඳහන් සටහන දැක මෙය ලියන්නට සිත් විය.

//මේ ආන්ඩුව ගූ ගොඩක්ය
එහෙත් විකල්පය ගූ කන්දක් වන රාජපක්ෂලා නම් නොවේ....
අනේ මොකෙක් හරි මේ රට ආක්කරමනය කරහන්කෝ...//

මා ඔහුට දුන් පිළිතුර මෙසේ ය:

//රාජපක්ෂලාට ද විකල්ප වෙන්නට හදන අය ඊට වඩා ගූ ගොඩවල් ය. ලංකාවේ පවතින දේශපාලනය දැවැන්ත ගූ ගොඩකි. ඒ නිසා විකල්ප සෙවිය යුත්තේ වෙනස් දේශපාලනයකිනි. පාරේ ගූ ගොඩක් දුටු විට අප කරන්නේ කුමක් ද? එය මගහැර අපේ ගමන යාමයි. ලංකාවේ පවත්නා දේශපාලනයට විකල්ප දේශපාලනය ද එයයි.//

මේ හදන්නේ ඒ කෙටි පිළිතුර දිගු කර ලියන්නට ය.

ඇත්තට ම ලංකාවේ දේශපාලනයට විකල්පය මේ ගූ කතාවෙහි ම තිබේ.

ලංකාවේ ගූ දේශපාලනයට ගූවලින් ම විකල්ප සොයන එක තේරුමක් නැත. සරලව කිව්වොත්, වර්තමානයේ සිටින කිසිදු දේශපාලකයකු හෝ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ හරහා පවත්නා ගැටලුවට විසඳුම් සෙවිය නො හැකි ය. හේතුව ඒවා මේ ගැටලුවේ ම එක එක පැතිකඩ වීම මිස විසඳුම් නොවීමයි.

මුලින් ම ගැටලුව හඳුනාගත යුතු ය. ලංකාවේ ගැටලුව පිළිබඳ පිළිගත් විග්‍ර‍හය වාමාංශික එකකි. එසේ වන්නේ වාමාංශිකයන් …

පූර්ණ කාලීන දේශපාලනයට මුවා වෙන වාමාංශික තඩි පිරිමින් රැකියාවලට යැවිය යුත්තේ ඇයි?

Image
තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද නිපුණතා තරගයේ අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ සම්මාන හා තෑගි බෙදා දීමේ අවස්ථාව නරඹන්නට යන්නට සිදු වුණා, රාජකාරි අවශ්‍යතාවක් එක්ක.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය පිරී ඉතිරී ගොස් තිබුණේ එක වගේ ටී කමිස, කැප් තොප්පි දාපු තරුණ පිරිසකගෙන්. ඒ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය පුහුණු ආයතනවල ඉගෙනුම ලබන සිසුන් වෙන්නට ඇති.

මෙහි සම්මාන හා තෑගි බෙදා දෙද්දි එක්තරා කරුණක් වෙත මගේ අවධානය යොමු වුණා. එය ජනාධිපතිගේ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමති චන්දිම වීරක්කොඩිගේ සහ නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතානගේ විශේෂ අවධානයට යොමු වෙනවා නම් හොඳයි.

සම්මාන දෙද්දි, යාන්ත්‍රික ශිල්පි, වැද්දුම්කරු, ජලනල කාර්මික වැනි කාර්මික අංශ විතරක් නෙමෙයි පරිගණක ග්‍රැෆික් නිර්මාන, දෘඪාංග වැනි ශිල්පයන් සම්බන්ධයෙනුත් පළමු, දෙවන, තෙවන ස්ථාන සියල්ල දිනා ගත්තේ පිරිමි සිසුන්.

සිසුවියන්ට සම්මාන ලැබුණේ කොණ්ඩා මෝස්තර, ඇඳුම් මැසීම, හෙද සහායක වැනි ක්ෂේත්‍රවල විතරයි.

බොහෝ දෙනෙකුට මේ ගැටලුවේ තිබෙන දේශපාලනය ග්‍රහණය වන්නේ නැහැ. මේ වර්තමාන …

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට දුන්නේ ඇයි?

Image
නෙවිල් ප්‍රනාන්දු රෝහල එහි හිමිකරු විසින් රජයට පවරා දී තිබේ. එය අගෝස්තු 1දා සිට රජයේ ශික්ෂණ රෝහලක් ලෙස සෞඛ්‍ය සේවා ආරම්භ කරනු ඇත. ඉදිරි කාලයේදී රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායක් බවට පත් වීමට නියමිත සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශික්ෂණ රෝහල ලෙස එය භාවිතාවට ගනු ඇතැයි සිතිය හැකි ය.

දැන් මේ ගනුදෙනුව දෙස ආකාර කීපයකට බැලිය හැකි ය. එක් පිරිසක් මෙයට විරුද්ධ වන්නේ රෝහල නඩත්තු කිරීම රජයට පවරා නෙවිල් ප්‍රනාන්දු එයින් ලාභ ගැනීම තමන් අත තබාගෙන ඇති බව කියමිනි. එය කිරි එළදෙනගේ හිස පැත්ත වෙනෙකෙකුට දී පස්සා පැත්ත ගත් කපටියාගේ කතාව සමග සමපාත කිරීමට ද ඔවුහු උත්සාහ කරති.

නෙවිල් ප්‍රනාන්දු ශූර ව්‍යාපාරිකයෙකු බැවින් ඔහු මේ ගනුදෙනුවෙන් ලාභ ලබන්නට බැරි නම් අඩු ගානේ ජාමෙ බේරා ගැනීමට හෝ උත්සාහ කරනු ඇත. මට නම් එහි වරදක් පෙනෙන්නේ නැත. 


ධනවාදය ධාවනය වන්නේ ලාභය නිසා ය. සමාජ සංවර්ධනයත් සමග ලාභය නියාමනය කර ගැනීමට මිනිස් සමාජයට හැකි වී තිබේ. ලාභය අපරාධයක් නො වේ. අපරාධයක් වන්නේ අසීමිත ලාභයයි.

එහෙත්, මේ වන විට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විධිමත් රාජ්‍ය නියාමනයකට යටත් කර ගැනීමේ හැකියාව ඇති වී තිබේ. එයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …

නීතිය හා වෙනස හෙමින් නමුත් ක්‍රියාත්මක වෙමින් තිබේ

Image
බ්‍රසීලයේ ජනප්‍රිය ජනාධිපතිවරයකු ලෙස දෙවරක් ධුරය ඉසිලූ ලූලා ද සිල්වාට අවුරුදු නවයහමාරක සිර දඬුවමක් නියම වී තිබේ. ඒ දූෂණ චෝදනා සම්බන්ධයෙනි. 

ලංකාවේ ඉන්නේ ලූලා නැති වලට පණ්ඩිතයන් වූ කනයින් හෙවත් නායකයන් නැති නිසා නායකයන් වූ අයයි. ගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් නායකයින් සෑම කෙනෙකුම පාහේ දූෂණවලට සම්බන්ධ ය. 

එපමණක් නොව, රජයේ නිලධාරීන් සෑහෙන පිරිසක් ද මේ දූෂණවල හවුල්කාරයෝ ය. 

ලංකාව මුල සිට අග දක්වා ම කුණු වුණ දූෂණයකි. එහෙත්, දූෂණය සම්බන්ධයෙන් ආණ්ඩුවට විතරක් බනින්නට කවුරුත් කැමති ය. ඒ අදහස පවා පරම දූෂිත එකකි. 

විශේෂයෙන් ම ආණ්ඩුවට දූෂණය පටවා සුද්ද වෙන්නට උත්සාහ දරන දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍ය ආදිය රජයටත් වඩා දූෂිත ය. 

ආණ්ඩුව දූෂණයෙන් ගලවා ගැනීම සෑම මැතිවරණයක ම මූලික පොරොන්දුවක් වූ මුත් කිසිදු දේශපාලකයකුට අාණ්ඩුව නොව, අඩු තරමේ තමන්වත් දූෂණයෙන් ගැලවී සිටීමට බැරි විය. වර්තමාන ආණ්ඩුව පැටලුණු මහ බැංකු බැඳුම්කර වංචාව වැනි සිදුවීම් සම්බන්ධයෙන් දැන් විමර්ශන සිදු වෙමින් තිබේ.

එහෙත්, පසුගිය ආණ්ඩුවේ නායකයන්ගේ දූෂණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම මේ ආණ්ඩුවේ සිටින ඩීල්කාරයන් විසින් වළක්…

දෙනව උඹට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න

Image
අපේ දිවවලට වැඩියෙන් ම පැණිරහ දැනුණු කාලෙ තිබුණෙ සිරිමා බණ්ඩාරනායකගේ අගමැතිත්වයෙන් යුක්ත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, සමසමාජ, කොමියුනිස්ට් සමගි පෙරමුණු සමාජවාදී ආණ්ඩුව. කියන්න ඕනැ නැහැනේ. සීනි රාත්තල සත 72ට දුන්නෙත් කූපන් එකට. ඒ කාලෙ අල්ලට සීනි කාලා තමයි වැඩිදෙනෙකු තේ බිව්වෙ. රටඉඳි මදුලක් එක්ක වුණත් තේ බොන එක ඒ දවස්වල ලක්සරි වැඩක්. 

රටඉඳි කිව්වම මතක් වුණේ මේ මෑතක් වෙනකල් ම ඕවා විකිණුවේ හද්දා ජරාවට. මට මතක් වෙනවා මේ 21වන සියවස කිට්ටු වෙනකල් ම පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් ගාව දූවිලි වැදි වැදී, මැස්සන් වහ වහා ඕවා විකුණපු හැටි. 

හැත්තැ ගණන්වල රට ඉඳි ගැන හිතාගන්න පුළුවන් නේ. අපි පෝලිමේ ගිහින් එක්කෙනාට කාල ගානෙ දුන්න පාන් අරන් ඇවිත් ගුල්ලන් ගැන ගැන තමයි ඒවා කෑවෙ. ඒ කාලෙ අපි ඔය ගුල්ල කියන සතා පිටි ආහාරවල ම කොටසක් විදියට තමයි සැලකුවේ. 

ඇල්ටේසන් බල්ලා
බනිස් ගෙඩිය ගිල්ලා
ඒකෙ හිටිය ගුල්ලා
ඒකට කෙළ ගිල්ලා

ඒ කවියත් ඒ කාලෙ හැදුණු එකක්. 

මට කියන්න ඕනැ වුණේ වෙන වාක්කියක්. පොඩි කාලෙ අපි වලිවලදි අනෙක් පැත්තෙ එකාට කියන්නෙ “දෙනව උඹට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න," කියලායි. ඒ කියන්නෙ ඒ වගේ හීනි රැළි වෙලා යන්න තමයි …

ලංකාවේ දුප්පත්කමට හේතු

Image
ලංකාවේ දුප්පත්කමට මූලික හේතු මොනවාද යන්න සම්බන්ධයෙන් පසුගිය දිනෙක මා ෆේස්බුක්හි ආරම්භ කරන ලද සංවාදයකට බොහෝ දෙනෙක් දායක වූ හ. ඒ අනුව, මම ලැයිස්තුවක් සකස් කළෙමි.

මේ කරුණු විධිමත් අධ්‍යයනයක් නොව, කිසියම් නිදහස් පොදුජන සංවාදයක් පමණයි. දරිද්‍රතාව පිළිබඳ විධිමත් අධ්‍යයනයන් කරන, පත්‍රිකා ඉදිරිපත් කරන සංවාදයක් වෙන ම  තලයක තිබෙනවා. ඒකයි මේකයි අතරත් වැඩි වෙනසක් තිබේ ය කියා මා සිතන්නේ නැහැ. හේතුව, ඒවායේ යෙදී සිටින අයට දුප්පත්කම කියන්නේ තමන්ගේ වෘත්තියට සම්බන්ධ කොම්පියුටරයක්, පුටුවක් වගේ දෙයක් වීමයි. ඒ අධ්‍යයනවත්, මේ පොදු ජන සංවාදවත් කිසිවක් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ විශේෂ අවධානයකට ලක් වෙන්නේ නැහැ. උන්ට කෝකත් එකයි. 

මෙන්න මේ ටික තමයි පෙළගස්වා ගත්ත හේතු. ඕනැ නම් විද්‍යාර්ථියෙකුට මේවා අධ්‍යයනය කරන්නට පුළුවන්. එහෙම කළා ය කියලාත් විශේෂ දෙයක් වෙන්නෙ නැහැ. මේවා අපි අපි ම වෙනස් කර ගත්තොත් අපි ගොඩ. නැතිනම් ඉතින් සොරි අපට ම තමයි. 

1. නූගත්කම (අධ්‍යාපන ක්‍රමය ද බුද්ධිය මොට කරයි. නිර්මානශීලිත්වය වළක්වයි)
2. ජ්‍යෝතිෂය, කට්ටඩි හා හොර වෙද්දු
3. බේබදුකම
4. බැංකු, මුල්‍ය ආයතන හා ගිනිපොළීකාරයෝ
5. රජය අය කරන බදු හා රාජ්‍ය …

ෆේස්බුක් එකෙන් රට හදන්නට පුළුවන් ද?

Image
තරුණ සංවාදය: යහපත් රටක් හදන්නට සමාජ මාධ්‍ය

සමාජ මාධ්‍යවලට ප්‍ර‍ජා සංවර්ධනයට දායක වෙන්නට පුළුවන් කොහොමද යන තේමාව යටතේ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය හා එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් අන්තර් ක්‍රියාකාරී සාකච්ඡා සභාවක් සංවිධානය කර තිබේ. දිනය: ජුලි 18 / වේලාව: පෙ.ව. 10 සිට 12 දක්වා ස්ථානය: ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය, හෝර්ටන් පෙදෙස, කොළඹ 7 සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යවලින් සමාජ මාධ්‍යවල යෙදී සිටින ප්‍ර‍ධාන ක්‍රියාකාරිකයන් තිදෙනෙකු සංවාද සභාව අමතනවා.


නදී වාසලමුදලිආරච්චි (nadiewma), ලේඛිකා, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරික




පී. ගෝපිහරන් (@gopiharan)- සමාජ මාධ්‍ය ක්‍රියාකාරික 







හිමාල් කොතලාවල (@himalkk) ජනමාධ්‍යවේදී හා සමාජ මාධ්‍ය බලපෑම්කරු







සාකච්ඡාව භාෂා තුනෙන් මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේ එම්.සී. රස්මින් විසිනි. (සහභාගි වන සියලු දෙනාට ඒ මොහොතේ ම හෙඩ්ෆෝන් මගින් භාෂා තුනෙන් ම පරිවර්තන ලබා ගත හැකි ය.)
මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ ප්‍ර‍ජාව විසින් ධාවනය කරනු ලබන ඩිජිටල් ජනමාධ්‍ය අන්තර්ගත වේදිකාවක් හා තරුණයන් සඳහා විකල්ප මාධ්‍ය අවකාශයක් වන www.iVoice.lk විසිනි. ජාතික ප්‍ර‍…

එහෙත් හරි ඩෙංගු - මෙහෙත් හරි ඩෙංගු

Image
ජුලි 10දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර පැවසූ කරුණක් මෙසේයි:

ඩෙංගු රෝගයෙන් මිය යන අය අතරින් වැඩි පිරිසක් පමා වී රෝහල් ගත වුණ අය. ඔවුන් ඇතැමෙක් කම්පන තත්වයේ හෝ ඒ හා ආසන්න තත්වයක සිටින අයයි.

උණ වැළඳුණාම අත්බෙහෙත් කරමින් නො සිට වෛද්‍යවරයකු හමු විය යුතු බව හා රෝහල්ගත විය යුතු ද, නැද්ද යන්න තීරණය කිරීම වෛද්‍යවරයා විසින් කළ යුතු බවයි වෛද්‍ය උපදෙස. ඒත් ඇයි අපේ මිනිසුන් එසේ නො කරන්නේ?

හේතු ගණනාවක් තිබෙනවා.

1. තමන්ට ඩෙංගු වැළඳී ඇති බව පිළි ගැනීමට මැලිකම.
2. රෝහල්ගත වීම අපාගත වීමකට සමාන නිසා රෝහලට යන්නට ශිෂ්ට මිනිසුන් අකැමැති වීම.
3. පෞද්ගලික රෝහලක නතර වුවහොත්, බිල් ගෙවන්නට ගේ දොර ඉඩ කඩම් විකුණන්නට සිදු වීම.
4. අත් බෙහෙත්වලින් රෝග ලක්ෂණ යටපත් කරගෙන දැන් හොඳයි කියා සතුටු වීම.

මෙහිදී ඉතා වැදගත් කාරණයක් වන්නේ අංක 5යි.

5. ඩෙංගු රෝගය කෙටියෙන් සුව කර ගැනීම සඳහා හොර වෙදුන් වෙත යාම.

ඩෙංගු රෝගය සම්බන්ධයෙන් විවිධ අදහස් විවිධ අය විසින් ලියා තිබුණා. පහත දැක්වෙන සටහන උපුටා ගත්තේ ඉසුරු චාමර සෝමවීරගෙන්.




ඩෙංගු සමබන්ධව මිත්‍යා මත ගොඩක් පැතිරෙන්න පටන් අරන් …