පොන්න හීනමානය (අතිශයින් ම වැඩිහිටියන්ට පමණයි)

හොරෙකු මිනීමරුවකු වනවාට වඩා පොන්නයකු වීම ගැන මම ආඩම්බරයි
- මංගල සමරවීර ද ග්‍රේට් 
පොන්නයා යන වචනය බහු අර්ථවත් එකකි.

සිංහලයේදී එයින් හැඳින්වෙන අර්ථ කීපයක් මෙසේ ය:


  • සංක්‍රාන්ති ලිංගිකයා (නපුංසක යයි ද කියනු ලැබේ): සංක්‍රාන්ති ලිංගිකයා කවුරුද යන්න මෙතනින්.

  • සමලිංගික පිරිමියා (සමලිංගික ගැහැනුන් සඳහා මෙය භාවිතා නො කෙරේ.)

  • ශාරීරික හා මානසික වශයෙන් දුර්වල පිරිමියා

  • සංක්‍රාන්ති ලිංගිකයකු නො වුණත්, සුළු වශයෙන් ස්ත්‍රී ලක්ෂණ පිහිටා ඇති පිරිමියා



පොන්නයා යන වචනය දේශපාලන ශබ්ද කෝෂයෙහි ද ඇත. එහිදී එය සම්බන්ධ වන්නේ බලය සමගයි. බලය හැම විට ම පුරුෂෝත්තමවාදී ය යන පදනමේ සිට ගෙන බලය පිළිබඳ කාරණයෙහිදී දුර්වලකම් පෙන්වන අයට පොන්නයා යි කියනු ඇසේ. එහිදී ලිංගික සංඥාර්ථ මූලික නො වන මුත්, එහි ලිංගික සංඥාර්ථ තිබේ.

ඒ නිසා දේශපාලනය කරන ඇතැම් පිරිමි තම පිරිමිකම හයිලයිට් කිරීමට උත්සාහ කරති. රැවුල වැවීමෙන්, මං සැරයි වගේ හැසිරීමෙන් (උදාහරණ විමල් වීරවංශ), ක්‍රීඩාශීලිත්වයෙන් (උදාහරණ මහින්ද රාජපක්ෂ), මාංශ පේශි පුම්බාගෙන සිටීමෙන් ඇතැමෙකු වැඩිපුර පිරිමිකම හයිලයිට් කර ගන්නට උත්සාහ කරති.

එහෙත්, මේවා කරන හැම කෙනෙකු ම පිරිමිකම හයිලයිට් කරන්නට ඒවා කරන බව මෙයින් අදහස් නො වේ. උදාහරණයක් ලෙස රන්ජන් රාමනායක මාංශ පේශි පුම්බාගෙන සිටින අයෙකි. එහෙත්, ඔහු කාන්තාවන්ට හෝ සංක්‍රාන්ති, සම ආදී ලිංගිකයන්ට අවමන් වන අන්දමින් කතා කරන බව වාර්තා වී නැත.

මා සිතන අන්දමින් සෙස්සන්ට පොන්නයන් යයි කීමට වැඩියෙන් ම කැමැත්තක් දක්වන්නේ තමන්ගේ පිරිමිකම පිළිබඳ කිසියම් හීනමානයකින් පෙළෙන අයයි. පාර්ලිමේන්තුවේ ඒ සඳහා ප්‍රසිද්ධ චරිත බොහොමයක මෙම ලක්ෂණ දකින්නට ලැබේ. ඇතැමෙකු සමග ගැහැනු වැඩි කල් රැඳෙන්නේ නැත.

පාර්ලිමේන්තුවේ සිටින සෙස්සන්ට පොන්නයා යයි අවමන් කිරීමට කැමති අයෙකු ගැන මීට අවුරුදු කීපයකට ඉහතදී දැන ගත් බඩ්ඩක් ඔබට රහසින් කියන්නම්. මේ හාදයා ඒ කාලයේ තමන්ගේ පක්ෂයේ සිටි, පසුව කැඩී අනෙක් කොනට ගිය ටිකක් නිදිමත ගතියකින් පෙළුණ තරමක් තරුණ පහේ තවත් හාදයකු සමග තිබුණු තේරුම් ගත නො හැකි සම්බන්ධයක් හේතුවෙන් ඒ දවස්වල ඒ හාදයාගේ හාමිනේට පවා ගැටලු මතු වී තිබුණු බව වාර්තා විය. කොටින් ම කියනවා නම් ඒ කාලයේ මේ හාදයාගේ රහස් තැනක ආ ගෙඩියක සාත්තු පවා ඒ හාදයා කළ නිසා හාමිනේ කියා ඇත්තේ ඌ වෙන්න ඇති එයාගෙ ගෑනි කියා ය.

විරුද්ධවාදීන්ට නිතර පොන්නයා යි කියන පුද්ගලයකු විසින් මෙහෙයවන තවත් දේශපාලන කණ්ඩායමක කැඩී ගිය අයෙකු පසුගිය දිනවල තම කණ්ඩායම ඇතුළේ ජී ස්පොට් එක ගැන කළ ඇතැම් පරීක්ෂණ ගැන ඉඟි එළියට දැම්මේ ය. ජී ස්පොට් එක යනු පිරිමි ගුද සංසර්ගයේ යෙදෙන විට ශිශ්නය පුරස්ථි ග්‍රන්ථිය ස්පර්ශ වීමත් සමග තෘප්තිය දනවන ස්ථානයයි. 

මේක කියනකොට මට පසුගිය දිනෙක මතුගම කාගිල්ස් ෆුඩ් සිටිය ඉදිරිපිට පේමන්ට් එකේදී ටිකක් නුහුගුණ ස්වභාවයේ ගැහැනියක ඇයට කුමක් හෝ හේතුවක් නිසා හිනා වුණ තවත් ගැහැනියකට දමා ගැසූ ඉල ඇදෙන කුණුහරුපයක් මතක් වූ නිසා ඒකත් ඕනැ රෙද්දක් ය කියා ලියා දමමි. ඒ ගැහැනිය කිව්වේ මෙසේ ය: “ඈ බොල වේ_යෙ, තෝ හිනා වෙන්නෙ මිනිහ තොට පු_ ඇරපු එක මතක් වෙලා ද?" ගැහැනුන්ට පුරස්ථි ග්‍රන්ථිය නැති බැවින් ගුද මාර්ගයේ ජී ස්පොට් කොහේ තියෙනවා ද මම නො දනිමි.

අප මෙවැනි ගොසිප් පතුරුවන්නේ නැති නිසා මේවා මීට පෙර කාටවත් කීවේ නැත. මෙය මතක් වුණේ එක් කරුණක් නිසා ය. අනුන්ට නිතර පොන්නයා ය කියන බොහෝ අය බොහෝ විට සඟවා ගත් සමලිංගික ආසාවන් ඇති අය බව මා වසර තිහකට වැඩි කාලයක් තිස්සේ නිරීක්ෂණය කර තිබේ. (මගේ යාළුවන් ගණනාවක් දැන් මගේ අම්මා මතක් කරනවා ඇත. ඔව් මචං, උඹලා මට චෙක් වෙලයි තියෙන්නෙ) එවැනි අය හැසිරෙන්නේ සමලිංගිකයන් තමන්ට ඉතා පිළිකුල් බව උමවනාවටත් වඩා මතු කර පෙන්වමිනි.

සම ලිංගිකයන් පිළිකුල් කරන සියලු දෙනා මෙසේ යයි මම නො කියමි. ඇතැමෙකුට ඇත්තේ හෝමොෆෝබියාවයි.

පොන්නයා කියන වචනයෙන් දේශපාලනයේදී අනුන්ට දමා ගසන වැඩි දෙනෙකු මානසිකව තම පිරිමිකම ගැන හීනමානයකින් පෙළෙන අය බව මගේ නිගමනයයි.

අනුන්ට පොන්නයා යයි කියන්නට තිබෙන මේ මානසික ආසාවට නමක් තැබිය යුතු ය. පොන්න හීනමානය නරකද? 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හිටු කියලා කියවන බව නම් ස්ටැට්ස් බැලුවාම පේනවා. කමෙන්ට් දාන්න බයයි නේද? හා හා කමක් නැහැ. කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ ටොපික් එකට වැටෙන හිට්ස් ගානෙන් ලංකාවෙ මිනිස්සුන්ගෙ මේ සබ්ජෙක්ට් එකට තියෙන අසාව පේනවා.

      Delete
    2. මිනිසා කියන්නෙ සමලිංගික සත්වයෙක්. විශම ලිංගිකත්වය කියන්නෙ සමාජය විසින් බලෙන් ආරෝපනය කරන ලද්දක්. ආදි යුගවල ප්‍රධාන ලිංගික චර්යාව වුනේ සමලිංගිකත්වය. අතරින් පතර විෂම ලිංගිකත්වය නොතිබුනාම නෙමෙයි. ඇත්තෙන්ම ගෑනියෙක් හා පිරිමියෙක් එකට ඉන්නව කියන අදහසම මට නම් පිලිකුල් කටයුතුයි. එය සොබාදහමටත් විරුද්ධයි.
      අදත් මේ විශම ලිංගිකත්වය ප්‍රවර්ධනය කරන්නෙ ටෙලිනාට්‍ය වලින් මල් පත්තරවලින්. මල් පත්තර හා ටෙලිනාට්‍ය නැත්නම් විෂම ලිංගිකත්වයකුත් නෑ.
      පැරාට ස්තුතියි ඇත්ත මතුකරනවට.

      Delete
  2. සම ලිංගික සේවනයේදී පිරිමින් දෙන්නාටම වින්දනයක් ලැබෙන බව දැනගත්තේ අදයි

    ReplyDelete
    Replies
    1. නැතිනම් දේවි යැ බං ඔච්චර ආසාවෙන්.

      Delete
    2. දැන් ඉතින් උඹලා ජී ස්පොට් හොයන්න ගිහින් පස්සෙ අපට දොස් කියනවා එහෙම නෙමෙයි.

      Delete
    3. අපට ඕන සමාජයක් පුකේ අරින සමාජයක්

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  3. //ජී ස්පොට් එක යනු පිරිමි ගුද සංසර්ගයේ යෙදෙන විට ශිශ්නය පුරස්ථි ග්‍රන්ථිය ස්පර්ශ වීමත් සමග තෘප්තිය දනවන ස්ථානයයි.// හිතුවේ පැරාට වැරදිලා කියල. පොඩ්ඩක් හොයපුවම තමයි දැනගත්තේ පිරිමින් ටත් එහෙම එකක් තියනවා කියලා. http://www.cosmopolitan.com/sex-love/advice/a2673/his-g-spot/

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල මං දේශපාලනේ ජී ස්පොට් එක හොයනවා.

      Delete
    2. එහෙනම් මුලින්ම දේශපාලනේ ගෑනු පිරිමි බව තීරණය කරන්න වෙයි. ��

      Delete
    3. දෙගොල්ලන්ට ම ජී ස්පොට් තියෙනවා.

      Delete
    4. ඔව්. ඒ උනාට තියන තැන් වෙනස්. ��

      Delete
    5. දේශපාලනේදි ජී ස්පොට් එක තියෙන්නෙ එක තැනක වෙන්න පුළුවන්.

      Delete
    6. හී හී. හොයා ගත්ත දවසක ලියන්නකෝ ඒ ගැන අපිටත් කියවන්න.

      Delete
  4. niyama post eka...g spot eka hoyanna mithurek lebenakal innawa...ha ha ha vihuluwata kiwwe!! eththa mamath notice karala thiyena deyak...honda ewunta ponnaya kiyanne ponna gathi thiyena ewun thamai wedi hariyak

    ReplyDelete
    Replies
    1. හොඳ එවුන්ට කියන වචනය වැරදියි. ලිංගික තේරීම අනුව මිනිහකුගේ හොඳ නරක විනිශ්චය වෙන්නේ නැහැ. ඔබ කියන දෙයින් විෂම ලිංගිකයන් හොඳ බවක් කියවෙනවා. හොඳ සමලිංගිකයන් ඕනැ තරම් ඉන්නවා. ඒ වගේ ම නරක විෂම ලිංගිකයිනුත් ඉන්නවා. හොඳ නරකට ඔය ලිංගික චොයිස් එක අදාළ ම නැහැ.

      Delete
  5. පිරිමි ජීස්පොට් දැනගත්තේ ඔන්න අද. මෙච්චර කල් හිතං හිටියේ ඒක ස්ත්‍රී නිමිත්තක්ය කියලයි

    ReplyDelete
    Replies
    1. ලැජ්ජයි ඔයා ඕක දන්නෙ නැද්ද. අද පොෂ් මොඩර්න් වෙස්ටර්න් මෙතඩ් එක පුකේ ඇරීමනෙ. ගොඩේ බයියො තමයි ගෑනි මිනිස්සු සෙක්ස් කරන්නෙ. පොෂ් බ්ලොගර්ස්ල පුකෙයි අරින්නෙ. පුකේ අරින්නෙ නැති බ්ලොග්කාරයෙක් දැක්කම හිනාවෙනව. අනාගතය යන පාර ඇත්තේ පුක දිගේය.

      Delete
  6. " එවැනි අය හැසිරෙන්නේ සමලිංගිකයන් තමන්ට ඉතා පිළිකුල් බව උමවනාවටත් වඩා මතු කර පෙන්වමිනි." //

    මේ කාරනය බොහෝ විට සත්‍යකි. මා දන්නා සමලිංගික අත්දැකීම් ඇති මිතුරන් පවා පිරිස් ඉදිරිපිට එය ඉතා පිළිකුල් සහගත කටයුත්තක් ලෙස හෙළා දකින ආකාරය මා දැක තිබෙනවා.

    ReplyDelete
  7. G SPOT පිරිමින්ට ඇති බවක් ඇසුවේ අදයි. මෙය ඔබට සිදුවී ඇති බරපතල පැටලීමකැයි සිතමි.PLZ refer encyclopedias .

    ReplyDelete
    Replies
    1. ඕව ගැන මතභේද තියෙනවා. තමන්ට එහෙම එකක් තියෙනවා ද කියලා ලුබ්‍රිකන්ට් එක්ක සෙක්ස් ටෝයි එකක්වත් දාලා බලන එක තමයි හොඳ වැඩේ. මට නම් බැහැ. මට දැන් වයස වැඩියි. අනෙක මගේ ඒනල් පොලිප් එකක් ඇවිත් අවුරුදු කීපයකට කලින් සර්ජරි කළා.

      Delete

    2. මම පෙන්වා දුන්නේ ලිපියේ ඇති වැරදි අදහසක්.

      ALLIMAGESVIDEOSBOOKSNEWSMAPSFLIGHTSSEARCH TOOLS
      G-spot
      noun
      a sensitive area of the anterior wall of the vagina believed by some to be highly erogenous and capable of ejaculation.
      Feedback
      Translations and more definitions
      How To Master The Woman's G-Spot - ...
      www.askmen.com › 115_love_secrets
      Mar 31, 2017 - If you can't master a woman's G-spot, your chances of pleasuring her are pretty low.
      ‎What Is The G-Spot? · ‎Finding The G-Spot · ‎How To Stimulate The G-Spot
      G-spot - Wikipedia
      https://en.m.wikipedia.org › wiki › G-spot
      The G-spot, also called the Gräfenberg spot is characterized as an erogenous area of the vagina that, when stimulated, may lead to ...
      ‎Anatomical terminology · ‎Urethral sponge · ‎Ernst Gräfenberg · ‎Sexology
      Images
      VIEW ALL
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      View all
      How to Find Your Own G-Spot - Women's ...
      www.womenshealthmag.com › how-to-fi...
      AMP - Jun 5, 2015 - For those of you certain the G-spot exists but just not how to find it, here's how.
      G-Spot Orgasms: Tips and Techniques to Stimulate Her — Kim Anami
      kimanami.com › g-spot-orgasms-tips-tec...
      Every woman can have full-body, ecstatic G- Spot orgasms. Find out how.
      How to find your G-spot - goodtoknow
      www.goodtoknow.co.uk › relationships
      May 30, 2016 - The G-spot is one of life's mysteries, much like the Loch Ness monster and the Holy Grail. Scientists and sexperts have ...
      Everything You Need to Know About Her G-Spot | Men's Health
      www.menshealth.com › find-g-spot
      AMP - Jul 2, 2014 - Don't beat yourself up if you're having problems finding your girl's G-spot—chances are, she's still searching ...
      4 Places That Excite Her More Than the G-Spot - Men's Health
      www.menshealth.com › her-pleasure-zones
      AMP - Mar 24, 2015 - Learn how to stimulate four areas that excite her as much as the G-Spot. This guide will help you discover ...
      The Cosmo G Spot Finder - G Spot Techniques and Positions - Cosmopolitan
      www.cosmopolitan.com › advice › yes-y...
      May 21, 2009 - Even if you haven't personally experienced its power, you've heard about the G-spot: an erogenous zone located ...
      How To Find Your G Spot Easily & Quickly - Bad Girls Bible
      badgirlsbible.com › how-to-find-your-g-...
      Jul 24, 2016 - While this guide is going to teach you how to find your G Spot, men will learn a lot from reading it too. I'm also going to ...
      Next
      Mahiyanganaya, Sri Lanka - From your phone (Location History) Learn more
      prasannapharmacy46@gmail.com - Switch account
      Settings Help Feedback
      Privacy Terms Use Google.lk

      Delete

    3. මම පෙන්වා දුන්නේ ලිපියේ ඇති වැරදි අදහසක්.

      ALLIMAGESVIDEOSBOOKSNEWSMAPSFLIGHTSSEARCH TOOLS
      G-spot
      noun
      a sensitive area of the anterior wall of the vagina believed by some to be highly erogenous and capable of ejaculation.
      Feedback
      Translations and more definitions
      How To Master The Woman's G-Spot - ...
      www.askmen.com › 115_love_secrets
      Mar 31, 2017 - If you can't master a woman's G-spot, your chances of pleasuring her are pretty low.
      ‎What Is The G-Spot? · ‎Finding The G-Spot · ‎How To Stimulate The G-Spot
      G-spot - Wikipedia
      https://en.m.wikipedia.org › wiki › G-spot
      The G-spot, also called the Gräfenberg spot is characterized as an erogenous area of the vagina that, when stimulated, may lead to ...
      ‎Anatomical terminology · ‎Urethral sponge · ‎Ernst Gräfenberg · ‎Sexology
      Images
      VIEW ALL
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      Image result for g spot
      View all
      How to Find Your Own G-Spot - Women's ...
      www.womenshealthmag.com › how-to-fi...
      AMP - Jun 5, 2015 - For those of you certain the G-spot exists but just not how to find it, here's how.
      G-Spot Orgasms: Tips and Techniques to Stimulate Her — Kim Anami
      kimanami.com › g-spot-orgasms-tips-tec...
      Every woman can have full-body, ecstatic G- Spot orgasms. Find out how.
      How to find your G-spot - goodtoknow
      www.goodtoknow.co.uk › relationships
      May 30, 2016 - The G-spot is one of life's mysteries, much like the Loch Ness monster and the Holy Grail. Scientists and sexperts have ...
      Everything You Need to Know About Her G-Spot | Men's Health
      www.menshealth.com › find-g-spot
      AMP - Jul 2, 2014 - Don't beat yourself up if you're having problems finding your girl's G-spot—chances are, she's still searching ...
      4 Places That Excite Her More Than the G-Spot - Men's Health
      www.menshealth.com › her-pleasure-zones
      AMP - Mar 24, 2015 - Learn how to stimulate four areas that excite her as much as the G-Spot. This guide will help you discover ...
      The Cosmo G Spot Finder - G Spot Techniques and Positions - Cosmopolitan
      www.cosmopolitan.com › advice › yes-y...
      May 21, 2009 - Even if you haven't personally experienced its power, you've heard about the G-spot: an erogenous zone located ...
      How To Find Your G Spot Easily & Quickly - Bad Girls Bible
      badgirlsbible.com › how-to-find-your-g-...
      Jul 24, 2016 - While this guide is going to teach you how to find your G Spot, men will learn a lot from reading it too. I'm also going to ...
      Next
      Mahiyanganaya, Sri Lanka - From your phone (Location History) Learn more
      prasannapharmacy46@gmail.com - Switch account
      Settings Help Feedback
      Privacy Terms Use Google.lk

      Delete
  8. ලංකාවේ පිරිමි සමඟ ලිංගික සම්බන්ධතා තිබෙන යුරෝපීය සමරිසියකු මා හට පැවසූ කාරණයක් වන්නේ, ඔහුට අසන්නට සහ දකින්නට ලැබුණු දේ අනුව ලංකාවේ සෑම පිරිමි 10 දෙනෙකුගෙන් අවම වශයෙන් 6 දෙනෙකු වත් තමුන්ගේ ජීවිතයේදී යම් සමරිසි අත්දැකීමක් විඳ ඇති බව ය. මේ කියන යුරෝපීයයා වසර 15 ක පමණ කාලයක් තිස්සේ ලංකාවේ සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ සිට මුහුදුකරයේ ධීවර තරුණයින් දක්වා පරාසයක පිරිමින් ඇසුරු කර ඇති අයෙකි.

    ReplyDelete
    Replies
    1. මිනිසා කියන්නෙ සමලිංගික සත්වයෙක්. විශම ලිංගිකත්වය කියන්නෙ සමාජය විසින් බලෙන් ආරෝපනය කරන ලද්දක්. ආදි යුගවල ප්‍රධාන ලිංගික චර්යාව වුනේ සමලිංගිකත්වය. අතරින් පතර විෂම ලිංගිකත්වය නොතිබුනාම නෙමෙයි. ඇත්තෙන්ම ගෑනියෙක් හා පිරිමියෙක් එකට ඉන්නව කියන අදහසම මට නම් පිලිකුල් කටයුතුයි. එය සොබාදහමටත් විරුද්ධයි.
      අදත් මේ විශම ලිංගිකත්වය ප්‍රවර්ධනය කරන්නෙ ටෙලිනාට්‍ය වලින් මල් පත්තරවලින්. මල් පත්තර හා ටෙලිනාට්‍ය නැත්නම් විෂම ලිංගිකත්වයකුත් නෑ.
      පැරාට ස්තුතියි ඇත්ත මතුකරනවට.

      Delete
  9. ඒ හාදයයි මේ හාදයයි කව්ද කියල දෙන්න බැරිද තව ඉගි ටිකක්?

    ReplyDelete
  10. මංගලගෙ ගෝලයෙක් ලියපු එකක් බව නං ශුවර්

    ReplyDelete
  11. මොකෙක් වුණත් තමන්ට කොන්දක් තිබෙන බව මංගල ඔප්පු කරලා තිබෙනවා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. දේශපාලනය පැත්තක තබා ඊට ගරු කරමි

      Delete
  12. මේ පිලිබඳ රසික සූරියආරච්චිගේ අදහස් දැනගැනීමට කැමතිය.

    ReplyDelete
    Replies
    1. ME TOO BRO!

      Delete
    2. රසික සූරියආරච්චිට පොන්න හීනමානය තියනවද මොනවද ඒ ලක්ෂණ ?

      Delete
    3. මා නම් හිතන්නේ පොන්නයා යන සිංහල වචනයෙන් අදහස් වෙන්නේ ලිංගික ප්‍රාණවත්බව නැති පිරිමින් බවයි. එනිසා, සමකාමී පිරිමින් සඳහා එය භාවිතා කිරීම වැරදිය.

      නමුත්, සමාජයේ ව්‍යවහාරය වෙනස් ය. මංගල ද ඒ වචනය කියන්නට ඇත්තේ එනිසා යි.

      සමකාමීන්ට විරුද්ධ අයගෙන් බහුතරය පෙළෙන්නේ හොමෝෆෝබියාවෙන් බවයි මගේ අදහස.

      නලින්ද නම් ජවිඵෙ මන්ත්‍රී වෛද්‍ය උපාධියක් ද ලබා ඇති තැන්ත්තා ද ඒ අතර වෙයි.

      https://rasikalogy.blogspot.com/2017/02/homophobic-doctors.html

      Delete
  13. මේ හෙලිදරවෙන් පස්සෙ පොන්න විරෝධි වීරයොත් ට්‍රයි කරල බලයිද දන්නෙ නෑ

    ReplyDelete
  14. " එවැනි අය හැසිරෙන්නේ සමලිංගිකයන් තමන්ට ඉතා පිළිකුල් බව උමවනාවටත් වඩා මතු කර පෙන්වමිනි."

    මේ කාරනය බොහෝ විට සත්‍යයකි..මෙන්න උදාහරණයක් -

    ReplyDelete
  15. පැරා, ඒ කියන්නේ "වාලුකා සිතුවිලි" ලියන එකත් සමරිසි රිසියෙක්ද? ඒ අයියත් පො.....ගැනම තමා ලියන්නේ.

    ReplyDelete
  16. පුද්ගලයකුගේ ලිංගික අනන්‍යතාවය හෝ ලිංගික නැඹුරුව (sexual preference) අපහාසාත්මකව භාවිතා කිරීම ඉතාම පහත් දෙයක්. මංගල එයට ගැලපෙන පිළිතුරක් දී ඇතැයි සිතනවා. මෑතකදී කරන් ජෝහාර් තමා ගැන කියවෙන කටකතා වලට පිළිතුරක් දී තිබුණු බව වාර්තා වුණා.

    ReplyDelete
  17. පැරා,

    ලෝකයේ කවදත් මේදේවල් තිබුන, නමුත් මේවට ප්‍රචාරණය දීල ඉදිරියට ගෙන යන්නේ මංගල සමරවීර වැනි ය කරන්නේ එක්තරා කොන්ත්ර්ත්තුවක්, මෙය ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට පහර දීමට පමණක් කරන දෙයක් නෙමෙයි මේක කතෝලික ආගමට විරුද්දවත් George Soros වැනි අය Open Society Foundations වලින් කරනවා. මෙහෙම කරන්න හේතුව රටේ සාමකාමී වාතාවරණය විනාශ කිරීම මගින් රට අස්තාවර වූ වහාම රටේ දේපල වල මිල අඩුවෙනවා, මේ අවස්ථාවේදී George Soros වැනි අය තම සමාගම් ජාලය යොදා කුණු කොල්ලයට මේවා මිලදීගන්නවා .

    මේක තේරුම්ගන්න බැරි මෝඩ මිනිසුන් හිතනවා මේක නවීන සංස්කෘතිය කියල.

    ReplyDelete
    Replies
    1. එදා පල්ලිය විවාහය කියන දේ හදුන්වානොදුන්නනම් අද විශම ලිංගිකත්වය කියන දේ අහන්නවත් නෑ. හැමෝම පුකේ ඇර ඇර ඉන්නෙ. පැරා කරන්නේ යුගයේ කාර්යභාරයක්. ඓතිහාසික අත්වැරද්දක් නිවැරදි කරනව.

      Delete
    2. අනේ ගොන්බිජ්ජො... බටහිර රටවල ලින්ගික අයිතීන් මේන්ස්ට්‍රීම් කතාකරන්න පටන් ගත්තෙ 80 ගනන්වල ඉදල... උබල වගේ ගොබ්බ බටහිර විරොදී මීහරක්ට මැජික් උනාට දියුනු රටවල කතොලික පල්ලි අලුත් පරපුර ගනන්ගන්නෙ නෑ... සෝරොස්ට ඇවිත් බිදවට්ටන්නම මහලොකු රටනෙ මේක... බටහිර රටකට යාගන්න බැරිවෙච්ච ඇරියස් එකට මොකක් හරි ලියල තමන් දුර දකින පොරක්ය කියල පෙන්නීමෙ මොඩ ආසවක් තමා ඔහෙට තියෙන්නෙ

      Delete
    3. ඇත්තම කතාව ඔය ගොන්බිජ්ජට එහෙම ලෙඩක් තියෙනව. පඬි ටෝක් දෙනව හරක වගේ.

      Delete
    4. අනේ ළාංකික සිතුවිලි ---- ලංකාව වට්ටන්න ඔය මහ ලොකු දෙයක් කරන්න ඕන නැහැ. IMF එකෙන් ලංකාවට ණය දෙන එක නතර කළොත් ලංකාව අවුරුදු 2 ක් ඇතුළත හාන්සියි. ඒකට George Soros ඕනෙත් නැහැ; සමලිංගිකත්වය ප්‍රචාරණය කරන්න දඟලන්න ඕනෙත් නැහැ.

      Delete
    5. මේ 'ලංකික සිතුවිලි' මොන ලබ්බක් කියනවද කියල මට තේරෙන්නේ නෑ.

      දියවන්නා හරක් ගාලේ 'පොන්නයා' කියමින් මංගල සමරවීරට අපහාස කල වනචරයෝ තමයි 'පොන්නයා' යන වචනයෙන් ගම්‍ය වන සියලුම චරිත ලක්ෂණ වලට හිමිකම් කියන්නේ. අනික 'පොන්නයා' යන්න සම රිසියන්ට කරන අමතීමකුත් නොවෙයි.

      මංගලගේ එඩිතර ප්‍රතිප්‍රාහාරයෙන් ඔතන කෑ ගහන සැබෑ 'පේටන්ට්' සහිත පොන්නයන්ගේ තියෙන හුණූ බිජ්ජත් ඇකිලෙන්න ඇති.

      Delete
  18. මිනිසා කියන්නෙ සමලිංගික සත්වයෙක්. විශම ලිංගිකත්වය කියන්නෙ සමාජය විසින් බලෙන් ආරෝපනය කරන ලද්දක්. ආදි යුගවල ප්‍රධාන ලිංගික චර්යාව වුනේ සමලිංගිකත්වය. අතරින් පතර විෂම ලිංගිකත්වය නොතිබුනාම නෙමෙයි. ඇත්තෙන්ම ගෑනියෙක් හා පිරිමියෙක් එකට ඉන්නව කියන අදහසම මට නම් පිලිකුල් කටයුතුයි. එය සොබාදහමටත් විරුද්ධයි.
    අදත් මේ විශම ලිංගිකත්වය ප්‍රවර්ධනය කරන්නෙ ටෙලිනාට්‍ය වලින් මල් පත්තරවලින්. මල් පත්තර හා ටෙලිනාට්‍ය නැත්නම් විෂම ලිංගිකත්වයකුත් නෑ.
    පැරාට ස්තුතියි ඇත්ත මතුකරනවට.

    ReplyDelete
  19. ඇත්තටම රසිකලොජි එහෙමද. හැක්
    මෙව්වට කියන්නෙ කාලා ඉන්න බැරිවෙන පෝස්ට් කියල ... චියර්ස් පැරා

    ReplyDelete
    Replies
    1. අම්මප කෝ මේ රසික සූරීයආරච්චි ???

      Delete
  20. Ado Ponnya, Ponnyata Ponnaya kiyanne nethwa wena mokak kiyannada? Mangala, Ranil,Malik,Sagala,Ranjan saha samagmata ponnyo kiyana ekata umbata redenawada? Kiyana huttak kelen nam gam athiwa kiyapan ponnyo. Dan baluwama umbai anith ewunta ponnyo kiyanne, umba ponnyek nisa wage. Api ponnyo kiyanne lingika widiyata newei, umba wage ponna weda karana ewunti.

    ReplyDelete
  21. මංගල සිගරැට් එකක් බොන රූපයෙන් පැරා පෙන්නන්න හදන්නේ මොකක්ද කියලා දැනගන්න කැමතියි.
    සිගරැට් සුරුට්ටු ආදිය භාවිතා කරන්නන් ෆ්‍රොයිඩීය න්‍යායන්ට අනුව මෞඛ තෘප්ති අවධියේ ජීවත්වෙන්නන් බව කියැවෙනවා.ඒ කියන්නේ දේවල් කටේ ගහගැනීමෙන් තෘප්තිය ලබන අවධියේ ජීවත් වෙනවා.ඔය බීම බෝතල් ශිෂ්ණයක අනුරුවට නිර්මාණය කර තිබෙන්නේත් මේ න්‍යාය වෙළඳාම සඳහා භාවිතා කිරීමටයි කියලා තමයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ෆ්‍රොයිඩ්ගේ ඒ අදහස සත්‍ය නම්, සිගරැට් එකක් බීලා ඒ ඇරියස් එක කවර් කර ගන්න එක ඉතින් වැරැද්දකුත් නෙමෙයි වගේ. ඒ වගේම ඒක ඒ වගේ මානසික ආබාධයක් නම් ඒකට මනෝ චිකිත්සක ප්‍රතිකාරත් ඇතිනේ.

      Delete
  22. මම දන්න තරමින් ඉංග්‍රීසියෙ ලිංගය අනුව වෙනස් ක්‍රියා පද නැහැ. (He reads a book; She reads a book / ඔහු පොතක් කියවයි; ඇය පොතක් කියවන්නීය.) ලිංග බේදය තියෙන වෙන භාශාවල් මොනවාද? එහෙම ලිංග බේදය තියෙන කිසිම භාශාවක සිංහල භාශාවේ මෙන් 'නපුංසකලිංගය' යනුවෙන් ලිංගයක් තියෙනවද?

    භාශාවන් හරහා ඒ ඒ සංස්කෘතින් ගැන අදහසක් ගත හැකිද?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. ප්‍රංශ භාෂාවේ එවැනි වෙනස්කම් තිබෙන බව අසා තියෙනවා. වෙනත් යුරෝපියානු භාෂාවලත් ඇති!

      Delete
    2. සෑහෙන භාෂා සංඛ්‍යාවක ස්ත්‍රී පුරුෂ භේද ඇත!

      https://en.wikipedia.org/wiki/Grammatical_gender

      Delete
    3. සකුසත් අනුසරෙන්
      ඇතද සදනට ලිඟු බෙ
      නොපැනේ වහර වෙසෙසක්
      ඵුම ඉතිරි ලිඟු බෙ විනා

      ඛියල තමයි සිදත් සඟරාවෙ තියෙන්නෙ.ඒ කියන්නෙ සංස්කෘතවල තිබුනට ස්ත්‍රී සහ පුරුෂ කියන ලිංග දෙක විතරයි සිංහලවල තියෙන්නෙ

      Delete
  23. Good post parakum sir. I salute you to this post put. I no matar all people. We socalism people respet all people becase all human beans. There some female men and some there is male women. It no good insult any people. Homosexuality rigt all there all people must agree becase all human beans. Minstar Mangala so good man he no racism man. We respet he.

    ReplyDelete
  24. හොඳ කාලීන ලිපියක් අජිත්. මම නම් ඔය පොන්නය කියන වචනය පාවිච්චි කරන්නේ - කොන්ද පණ නැති හැංගිලා ගහන අය සඳහා. තමන්ගේ වැරදි අහුවෙල් කිව්වොත් කියන බය තියනවා කියලයි මම හිතන්නේ. තුන්වන ලිංගය හඳුන්වන්නේ නපුංසක ලෙස කියලයි මම හිතන්නේ.
    ponnaya දෙමළ භෂාවෙන් ආව වචනයක් ලු නේද
    "ponnaya": removed (looks more like a (old) Tamil word in Sinhala)
    But then "Ponnaih" is a Tamil name.
    http://wikien3.appspot.com/wiki/Talk:List_of_loan_words_in_Sri_Lankan_Tamil/Archive_1

    ReplyDelete
  25. දියවන්නාවේ ඉන්න, හරිහමන් උගත්කමක් හෝ හැදියාවක් නැති, රෙදි බැනියම් අඳින ගෝත්‍රික හොර නඩය අතර ඉන්න එකම මහත්තය විදියට මම දකින්නේ මංගල සමරවීරයි.

    මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රශස්තම ඇමතිවරයා ලෙස මම දකින්නෙත් මංගල සමරවීරයි.

    හොරකම් නොකරන, බොරු සිංහල බෞද්ධ වෙස්මුනක් නැති, තමන්ගේ sexuality ය වසන් නොකරන, පිළිවෙලට බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් අඳින, රෑට බ්ලැක් ලේබල් ෂොට් එකක් දාල, හවානා සුරුට්ටුවක් ඇදල ආතල් එකේ ඉන්න පොරත් මංගල සමරවීරයි.

    ඉතින් ඔය හරක් මඩුවේ ඉන්න ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් පොන්නයෝ සෙට් එක මිනිහත් එක්ක ඊර්ෂ්‍යායි.
    අනික, මංගලගේ sexuality යයි, 'පොන්නය' කියන වචනය අතරයි සම්බන්ධයක් නැතිබව ඔය සැබෑ පොන්නයෝ දන්නේත් නෑ.

    හැබැයි මංගල, එයාගේ කතාව ඉංග්‍රීසියෙන් කළා නම් ඔය පොන්නයෝ සෙට් එක මීක් කියන්නේත් නෑ. ඇයි, එතකොට උන්ට
    මෙලෝ හසරක් තේරෙන්නේ නෑනෙ.

    පැරා, කොන්දක් ඇතිව මේ ප්‍රශස්ත පොස්ට් එක ලීවට උඹට ස්තුතියි.

    ReplyDelete
  26. මා නම් හිතන්නේ පොන්නයා යන සිංහල වචනයෙන් අදහස් වෙන්නේ ලිංගික ප්‍රාණවත්බව නැති පිරිමින් බවයි. එනිසා, සමකාමී පිරිමින් සඳහා එය භාවිතා කිරීම වැරදිය.

    නමුත්, සමාජයේ ව්‍යවහාරය වෙනස් ය. මංගල ද ඒ වචනය කියන්නට ඇත්තේ එනිසා යි.

    සමකාමීන්ට විරුද්ධ අයගෙන් බහුතරය පෙළෙන්නේ හොමෝෆෝබියාවෙන් බවයි මගේ අදහස.

    නලින්ද නම් ජවිඵෙ මන්ත්‍රී වෛද්‍ය උපාධියක් ද ලබා ඇති තැන්ත්තා ද ඒ අතර වෙයි.

    https://rasikalogy.blogspot.com/2017/02/homophobic-doctors.html

    ReplyDelete
  27. පොඩි ට්‍රයි එකක් දීල බැලුවත් පාඩු නෑ වගේ.. හැක් ..
    මංගල අරෙහෙම කියල තියෙන්නේ කොහෙද? එල කොල්ලෙක් නේ බැලුවම..

    ReplyDelete
  28. පුද්ගලයෙක්ගේ ලිංගික රුචිකත්වය......කැමතිකෙනෙක්ට ආදරය කිරීම වගේ කාරණා වලට ලංකාවේ තවම හරිහැටි නිදහසක් තියනවද...? ඒවා ඔක්කොම පාලනය කරන්නේ අනිත් මිනිස්සු........ඇත්තටම ගත්තොත් සත්තුන්ට ඊට වඩා ස්වාධීන අයිතියක් තියනවා ඒවාට.......ඉතින් LGBT ගැන කවර කතාද.......බලාගෙන යද්දී ලංකාවේ බෞද්ධයෝ ඔක්කොම ප්‍රොමෝට් කරන්නේ කතෝලික පල්ලියේ ප්‍රතිපත්ති ...........

    ReplyDelete
  29. මිනිසුන්ට තේරෙන බාෂාවකින් මේ තත්වය පැහැදිලි කිරීම ගැන ස්තුතිවන්ත වෙමි.පුද්ගලයෙකුගේ ලිංගික තේරීම මත,විවේචනය හෝ පහත් ලෙස සැලකීම හෙලාදකිමි.ලංකාවේ වැඩි දෙනෙක්,මේ කාරණාව නොදනිති.ලිංගික අවශ්‍යතාවය සහ ඒ කුමන ආකාරයකටද යන වග, පුද්ගලයාගෙන්,පුද්ගලයාට වෙනස් වන කරුණකි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා