ඥානසාර භික්ෂුවගේ නිපොන් හෝටල නාඩගම බටහිර හා දෙමළ ඩයස්පෝරාවේ අධ්‍යක්ෂණයකි

මෙවැනි ඡායාරූපයක් සේවය කරන්නේ කාටද?
බොදු බල සේනාව විසින් ‍ඊයේ කොළඹ නිපොන් හෝටලයේ පවත්වන ලද මැරවර සංදර්ශනය මේ මොහොතේ මේ රටටත්, සිංහල ජාතියටත්, සැබෑ බුදු දහමටත් කරන ලද දැවැන්ත ම අගතියකි.කෙසේ වෙතත්, එයින් වැඩි ම පීඩනයට ලක් වන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් පරීක්ෂණයකට මුහුණ දෙන්නට සිදු වී තිබෙන ශ්‍රී ලංකා ආණ්ඩුවට ය. 

‍බොදු බල සේනාව කළේ කුමක් ද? ප්‍රජාතාන්ත්‍රික අදහස් පළ කිරීමක් බලය යොදා වැළැක්වීමකි. සිංහල හා මුස්ලිම් පූජක පිරිසකට තර්ජනය කර පළවා හැරීමකි. බෞද්ධ භික්ෂුවකට මරණීය තර්ජන කර බලෙන් ප්‍රකාශයක් ලබා ගැනීමකි. මෙය ජාතිවාදී හා ආගමික අන්තවාදී කඩාකප්පල්කාරී ක්‍රියාවකි. 

මෙහි තිබෙන නරකම පැත්ත මෙයයි. මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වූවා නම් එයින් ඔවුන්ට ලබා ගන්නට තිබුණු ප්‍රතිඵලයට වඩා අතිශය වාසි සහගත ප්‍රතිඵලයක් බොදු බල සේනාවේ ප්‍රචණ්ඩ ක්‍රියාව නිසා අත්පත් වී තිබේ. ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව හැමදාමත් කරන්නේ මේ කොන්ත්‍රාත්තුවයි. වළං කඩේට පැන්න හරකකු සේ කරන හැසිරීම් නොමැතිව මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වුණා නම්, වැඩිම වුණොත්, එය විනාඩියක පමණ පුවතක් වනු ඇත.

ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනාව මේ කරනු ලබමින් සිටින්නේ දෙමළ ඩයස්පෝරාවේ හා බ්‍ටහිර බලවතුන්ගේ උවමනාවන් බව ඉතා පැහැදිලි ය. ඔහුට දිගින් දිගට ම ඉඩ දුනහොත්, ඔහු අනිවාර්යයෙන් ම සිංහල - මුස්ලිම් ගැටුමක් නිර්මානය කර ආණ්ඩුවත්, සිංහල ජාතියත්, සමස්ත ලංකාවත් අර්බුදකාරී තත්වයකට තල්ලු කර දෙමළ ජාතිවාදීන්ගේ උවමනාව වන ජනමතවිචාරණ ක්‍රියාවලියක් ඔස්සේ ඊලමක් බිහි කර ගැනීමේ උපායමාර්ගයට පාර කපනවා නියත ය. ලංකාවේ සුළු ජාතීන්ට තිබෙන තත්වය නිරූපණය කිරීමට මෙම ජවනිකා මහෝපකාරී වනු ඇත. මෙම ජවනිකා අතරතුර පොලිසිය රඟන භූමිකාව විසින් සංකේතවත් කරන්නේ ආණ්ඩුවේ ස්වභාවයයි.

එමෙන් ම වටරැක විජිත හිමි ප්‍රමුඛ ජාතික බල සේනාව නම් බහු ‍ආගමික බලවේගය ද මෙම ක්‍රීඩාව තුළ නිමග්න වන්නේ මනා අවබෝධයකින් යුතුව බව පෙනේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ‍කොමිසම විසින් පවත්වන්නට නියමිත පරීක්ෂණය අභිමුව බොදු බල සේනාව විසින් රඟ දක්වන ලද මෙම නාඩගම විශ්ලේෂණය කර බැලීමෙන් මෙම භික්ෂූන්ගේ අරමුණ හඳුනා ගත හැකි ය. ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව වරක් නෝර්වේ ආණ්ඩ‍ුවේ ආධාරයෙන් රාජ්‍ය නොවන ව්‍යාපෘතියක් දියත් කරන්නට උත්සාහ කරද්දී එය හෙළිදරව් වීම නිසා වැළකුණු අයෙකු බව හා ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් කිසිදු ගැටලුවකින් තොරව වීසා ලබා ගන්නෙකු බව ද සලකා බැලූ කල තත්වය තවත් පැහැදිලි කර ගත හැකි ය.

බොදු බල සේනාව උත්සාහ කරන්නේ සංඝ සංස්ථාව තුළ නිල නො වන පොලිසියක භූමිකාව රඟන්නට ය. ඔවුන් සන්නද්ධ වී සිටින්නේ මැරවරකමේ, සිවුරේ හා දේශපාලන බලයේ පිහි‍ටෙනි. තමන් කරන ක්‍රියාවලින් සිංහලයන්ට හා බෞද්ධයන්ට සිදු වන අගතිය පිළිබඳව අවබෝධයක් මොවුන්ට නැත්තේ ම නැත. සහජ මුග්ධකම, සිවුරට මුවා වී මැරවරකම් කිරීමේ පුරුද්ද හා නොමේරූ මනස් ඇති පුද්ගලයන් අතර වීරයන් වීමේ ආශාව විසින් මෙහෙයවනු ලබන මෙම පිරිස අරාජිකත්වයට ලොල් ය. රාජ්‍ය පාලනය වැනි කරුණු සම්බන්ධයෙන් දැනුමක් නැතත්, බලයට ඇති ලොල්කම නිසා අරාජිකත්වයක් තුළ කිසියම් බලවත් තත්වයකට පත් වීමේ ආශාවක් ඔවුන්ට තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. Agreed .. i wonder how he got this much of power if we did the same in-front of big officers we will be kicked out and jailed with some false accusations within no time.....

    ReplyDelete
  2. හාමුදුරුවෝ හරි... 100%. අපේ එවුන්ගෙ ප්‍රශ්න කතා කරන්න උලමලා ඕන නැහැ වගේ චීවරය දාගෙන අනිත් එවුන්ට ඉස්ලාම් එවුන්ට කඩේ යන්න ඕනා නැහැනේ. විශේෂයෙන්ම ආගමික මිනීමරුවන්ට... ආගමික ත්‍රස්තයන්ට නෙහොත් ඉස්ලාම් භක්කියන්ට....

    ReplyDelete
  3. this cannot be para's writing.

    ReplyDelete
  4. ඥානසාර නම් චීවරදාරියා මුළු බුදු සසුනටම නිගාවකි.මොහුගේ හැසිරීම පාතාල අපරාධ කරුවෙකුගේ මෙනි.අනිත් අතට පීඩාවට පත් අනෙක් චීවරදරියාද බුදුසසුනට නොගැලපෙන, ගැලරිය චූන් කරන ආකාරයේ මිනිසෙකි.මේ පුද්ගලයා මීට දින කිහිපයකට කලින් ප්‍රසිද්ධ ජනමාද්‍ය හරහා පැවසුවේ හලාල් යනු දසකුසල් බවය.මෙය පිළිගත හැකිද? සතෙකුගේ ගෙලේ බලනහර කපා ලේ ගලායාමට සලස්වා මරණයට පත්කිරීම දසකුසලයක් වන්නේ කෙසේද?අවසන් වශයෙන් කිවහැක්කේ බුදුසසුන පිරිහීමේ අන්තයටම ගොස් ඇති බවය.

    ReplyDelete
  5. what are those so called MAHANAYAKES are doing when the Buddhism is misinterpreted and misused like this?

    ReplyDelete
  6. මේ ලේඛකයා ප්‍රකාශ කරන කාරනය ගැන සැකයක් මා තුළත් තිබිනි. කෙසේ වුවද, ඥානසාර විවේචනය කිරීම යනු ‍කිසිසේත්ම ඉස්ලාමය නිවැරදියැයි පිළිගැනීමක් හෝ බෞද්ධ දර්ශනය සහ සිංහල ජාතිය ගැරහීමට ලක් කිරීමෙක් නොවේ.

    (සැ:යු: Anonymous April 10, 2014 at 12:03 PM වැනි ජාතිවාදීන් නිසා ගැටළු උග්‍ර වේ. ඔහු ජාතිවාදියෙක් වන්නේ "අපේ එවුන්ගේ ප්‍රශ්න කතාකරන්න උලමලා ඕනෙ නෑ" කියන නිසාය.)

    ReplyDelete
  7. මුදු හමුදුරුවෝ මාර පරාජය කලෙත් මෙහෙමලු. මාරයා දිව්වලු පස්සවත් බලන්නේ නැතිව. ඊට පස්සේ රජ වාස්ලට ගියත් ඇන්ට්‍රියක් දාන්න, බාර අරගෙන නෑ. මොකෝ සජ්ජුරුවෝ තාත්තනේ.. එදත් එහෙමයි. අදත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. But the tamil king Elara listened to the complaint made against his own son :)

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  8. පලමුවෙන්ම කියන්න ඕනේ මම බොදුබල සේනාවේ සාමාජිකයෙක් නම් නෙවෙයි...ඒත් කියන්න ඕනේ මම ජාතිවාදියෙක්..කොන්දපන තියන එකෙක් ...මොකද කිව්වොත් Anonymous comments දාන්නෙනෑ මම......

    "ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව වරක් නෝර්වේ ආණ්ඩ‍ුවේ ආධාරයෙන් රාජ්‍ය නොවන ව්‍යාපෘතියක් දියත් කරන්නට උත්සාහ කරද්දී එය හෙළිදරව් වීම නිසා වැළකුණු අයෙකු බව හා ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් කිසිදු ගැටලුවකින් තොරව වීසා ලබා ගන්නෙකු බව ද සලකා බැලූ කල තත්වය තවත් පැහැදිලි කර ගත හැකි ය."

    මේ කතාව රචකයා වන ඔබට ඔප්පු කිරීමට ඇති සාක්ෂි මොනවාද? ඔබ මෙසේ කියනවානම් ඔබට මම ප්‍රසිද්ධියේ ඔබට

    "තෝ හම්බයන්ගේ කටු ලෙවකකා පශ්චාත් භාගය ඉඹ ඉඹ සිංහල බෞද්ධයන්ට බුරන කැහැටු අවජාතක බල්ලෙක් යකෝ"

    කිව්වොත් කොහොමද? ලිපිය බැලීමේදී මා ඔබට ප්‍රසිද්ධියේ කියනවා යැයි කියූ කතාවේ යම් ඇත්තක් මා හට පෙනුනත් මා ප්‍රසිද්ධියේ එවැන්නක් නොකියමි....මන්දයත් එසේ ප්‍රකාශයක් කිරීමට මා හට එය ඔප්පු කිරීමට සාක්ෂි නැත....

    "තමන් කරන ක්‍රියාවලින් සිංහලයන්ට හා බෞද්ධයන්ට සිදු වන අගතිය පිළිබඳව අවබෝධයක් මොවුන්ට නැත්තේ ම නැත."

    ඔබ කියනා ආකාරයට ඔබ සිංහල බෞද්ධයන්ට අගතියක් පිලිබඳ ඉහත වගන්තියෙන් හඟවා ඇත....ඒ පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නැති බව පවසන්නේ ඔබට ඒ පිළිබඳව අවබෝධයක් ඇති නිසා විය හැකිය.....එසේනම් ඔබ සිංහල බෞද්ධයෙක්නම් ඒ සිදුවන අගතියට ඔබ අවබෝධ කරගත් ආකාරයට ඔබට හැකි ආකාරයට ඔබ ක්‍රියාත්මක වී ඇත්තේ කුමන ආකාරයෙන්ද යැයි කරුණාකර පහදා දෙන්න.....

    ඉහළ .....

    "මේ පුද්ගලයා මීට දින කිහිපයකට කලින් ප්‍රසිද්ධ ජනමාද්‍ය හරහා පැවසුවේ හලාල් යනු දසකුසල් බවය.මෙය පිළිගත හැකිද? සතෙකුගේ ගෙලේ බලනහර කපා ලේ ගලායාමට සලස්වා මරණයට පත්කිරීම දසකුසලයක් වන්නේ කෙසේද?"

    ලෙස comment කර ඇති පුද්ගලයා දීර්ඝ කාලයක් මැද්පෙරදිග විසුවෙකු විය හැකිය .නො එසේනම්...පහුගිය අවුරුද්ද පුරා නිද්‍රාගතව විසූවෙකු විය හැකිය....නො එසේනම් ඉහත ලිපිය බලා ෆෝම් වූ කිසිත් නොදන්නා වෘෂභ රාජයෙකු විය හැකිය...නැතිනම් රූපවාහිනිය හා ගුවන් විදුලිය එකවර අසා එහි විකාශය වෙන්නාවූ පුවත් කලවමින් මනසට ගත්තෙකු විය යුතුය.....

    ඒ මන්ද යත් බොදුබල සේනාව මෙරට ප්‍රචලිත වීමට හේතුකාරක වූ සිදුවීම මොහු හෝ මැය ඇසින් හෝ කනින් නොව පශ්චාත් භාගයෙන් ශ්‍රවණය කර ඇති බව පැහැදිලි වන බැවිනි....බය සැක නැතිව කිව හැක්කේ ඔහු හෝ ඇය නම් අලංකාරව ගැලරිය චූන් කර ඇති බවය.මෙවැනි කමෙන්ට් දකින අපගේද දෙකොනින් සිනහ යයි. එසේම ඔහු හෝ ඇයට පිටකොන්දක් නැති බවනම් පැහැදිලිය.තිබේනම් Anonymous comments දමන්නේ නැත....

    ඔබලා වැන්නන්ට පහර දිය යුත්තේ " වෘශභ ලිංග " වලින් නොවේද? සිංහල බෞද්ධ අපේම අය අපිටම මෙසේ කරයි නම් කොහොමත් " වෘශභ ලිංග " ඉදිරියේදී සුලභ වනු ඇති. හැබැයි එයින් ඉදිරියේ අපටම පහර දෙනුයේ සිංහල බෞද්ධයන් නොවන බව මතක තබා ගන්න.......මෙවැනි කමෙන්ට් කරන්නන්ට ජාතිවාදී ලේබල ගැසීමට ඕනෑතරම් අය සිටින බව ඉහත කමෙන්ට් කීපය නැරඹීමේදී පෙනී යයි.... මටනම් කියන්න තියන්නේ "මහත්වරුනි මට ජාතිවාදියෙක් යැයි කියාපල්ලා " කියාය... එයට කිසිදු හිරිකිතයකින් තොරව "සිංහල" අකුරු භාවිත නොකරන මෙන්ද ඒ මහත්මයින්ගෙන් ඉල්ලා සිටිමි......



    ReplyDelete
    Replies
    1. "මේ පුද්ගලයා මීට දින කිහිපයකට කලින් ප්‍රසිද්ධ ජනමාද්‍ය හරහා පැවසුවේ හලාල් යනු දසකුසල් බවය.මෙය පිළිගත හැකිද? සතෙකුගේ ගෙලේ බලනහර කපා ලේ ගලායාමට සලස්වා මරණයට පත්කිරීම දසකුසලයක් වන්නේ කෙසේද?" මේ කොමෙන්ටුව පලකලේ මා විසිනි.මේ ප්‍රකාශය සිදුකලේ වටරැක විජිත භික්ෂුවය.මා මගේ කොමෙන්ටුවෙන් අදාළ භික්ෂු ප්‍රතිරූපකයන් දෙදෙනාම විවේචනය කලෙමි.මගේ අදහස වැරදි ලෙස වටහා ගෙන ගොන්රජෙකු වුවේ ඔබය.එසේම හරක් @#$ යියෙන් තැලියයුතු වන්නේද ඔබවන් නාසි පන්නයේ උමතු ජාතිවාදීන්ටය.ඔබ විස්වාස නොකලත් මේ දෙය කියමි.මා ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයෙකි.ඔබ කියන ලෙසම කොන්ද පණ නැති අයෙකි,එසේම අර්ධ වශයෙන් ලිංගික බෙලහීනතාවයෙන්ද පෙලෙමි.දැන් ඔබට සිතේ හැටියට කටපුරාම කොන්ද පණනැති පොන්න ඇනෝ ලෙස මා හැදින්විය හැකිබව සතුටින් දැනුම් දෙමි.

      Delete
    2. තමන් ජාතිවාදියකු බව පිළි ගන්නට හැකි වීම ඇත්තෙන් ම සුවිශේෂ දෙයකි. මන්ද, ඥානසාර භික්ෂුව පවා නිතර තමන් ජාතිවාදියකු නො වන බව කියයි.

      තමන් සිංහල ජාතිවාදියකු යයි කියන ඔබට සිංහල භාෂාව කියවා තේරුම් ගැනීම පිළිබඳ බරපතල ගැටලුවක් තිබෙන බව ඔබගේ අදහස් දැක්වීම දෙස් දෙයි.

      "තමන් කරන ක්‍රියාවලින් සිංහලයන්ට හා බෞද්ධයන්ට සිදු වන අගතිය පිළිබඳව අවබෝධයක් මොවුන්ට නැත්තේ ම නැත."


      ඔබට මෙම වාක්‍යය තේරුම් කර දිය යුතු යයි සිතමි. "නැත්තේ ම නැත" යන්නෙන් අදහස් වන්නේ පොඩ්ඩක් තිබෙනවා ය යන්නයි.

      "ඒ පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නැති බව පවසන්නේ ...." ආදී වශයෙන් ඔබ ප්‍රශ්නයක් අසන්නේ මා කියූ දෙය තේරුම් ගන්නට බැරි වූ නිසා ය.

      ජාතියේ පදනම භාෂාවයි. සිංහල භාෂාව ඉගෙන ගන්න.

      මම නම් ජාතිවාදියකු නො වෙමි. එහෙත් මගේ සිංහලකම ගැන මට හැඟීමක් ඇත. දියුණු සිංහලයකු ලෙස ලෝකය සමග එක් වන්නට මට උවමනා ය. ආගම් සම්බන්ධයෙන් මට කීමට තිබෙන්නේ කුෂ්වාන්ත් සිං මිය යාමට පෙර සම්මුඛ සාකච්ඡාවක කියූ දෙයකි.

      ආගම් ඇදහීම වෙනුවෙන් නාස්ති කිරීමට කාලයක් මට නැත.

      Delete
    3. ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ගිය අවුරුද්දේ ඇමරිකාවට ඇවිත් ගියා.

      Delete
  9. මේක මේ කොහෙද යන ඉංග්‍රීසි ගුරෙකුගේ ලිපියකි. මූ දෙමළ ජාතිවාදය අනුමත කරන්නෙකි. මේ පාදඩයා මීට කලෙකට පෙර එල්ටීටීඊ යේ පුවත්පතක කතුවරයෙකු වී සිටියේය. මුගෙ බානේ සිටි අනෙක් බල්ලා දෙමලිච්චියක් බැදගෙන සිටී.ඌ කොතරම දෙමළ ජාතිවාදී වීද යත් දෙමළ ඩයස්පෝරාවේ මධ්‍යස්ත උපතින් දෙමළ ජාතික පිරිස හා ඊළාම් අන්තවාදීන් අතර බේදයේදී ඌ සිටියේ අන්තවාදීන්ගේ පැත්තේය.
    මුගේ බ්ලොග් කඩමල්ලෙ හිට්ස් වැඩි වීමට හේතුවද මෙම බ්ලොග් පිටුපස වෙනම බලවේග තිබීමය.මේවා කියවන ජාලයක් ඇත.ඒ ජාලය ජේවීපී කාරයන් ද විශාල වැඩ කොටසක් කරයි.
    ජනතා විමුක්ති පෙරමුණ යනු මුස්ලිම් ව්‍යාපාරිකයන් විසින් නඩත්තු කරන පක්ෂයකි.ඔවුන් දේශපාලනයට ආ මුල් යුගයේ දේශපාලන මන්ඩලයට මුස්ලිම් කාන්තාවක් පත් කළේද එම නිසාය. එකළ ජවිපෙ ට අරමුදල් සැපයූවේ ඉරානයයි. අද සවුදිය ,ක්වේට් ඇතුළු මුස්ලිම් රටවල්ය.
    ඔය හැම සමාජවාදී බල්ලෙක් පිටුපසම ඇත්තේ ප්‍රාග්ධනයයි.

    ReplyDelete
    Replies
    1. එතකොට බල්ලෝ උඹේ පිටිපස්සේ තියෙන්නේ එක ඒකා ඇරපු
      "....." කොටද ?????

      Delete
    2. තෝ බුරපු එක මට පැහැදිලි නෑ වල් හොරිකඩ බල්ලෝ

      Delete
    3. AnonymousApril 11, 2014 at 10:55 AM කොමෙන්ට් එක කළේ

      AnonymousApril 10, 2014 at 8:23 PMකොමෙන්ට් කළ මායි.
      AnonymousApril 11, 2014 at 10:55 AM @ තෝ බුරපු එක මට පැහැදිලි නෑ වල් හොරිකඩ බල්ලෝ
      ජේවීපී බල්ලන්ට තම්බියො ජුහ් ඉජුහ් කියල ජරාව විසිකරනවලු. වරෙත්තුවෙ යන ජේවීපී බල්ලො ලල්ල්ලව් කිය කිය කනවලු.

      Delete
  10. කිවයුතු කරුණක් තිබේ.... ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ හැසිරීමේ හා කතාකිරීමේ විලාසයේ බරපතල වැරදි ඇති බැව් කිව යුතුමය....එසේම එවැනි කඩා වැදීම්ද අනුමත නොකරමි......

    නමුත් උන්වහන්සේ පවසන්නේ කුමක්ද යන්නත් සිතා බැලිය යුතු නොවේද? "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි නුවනින් ඇසිය යුතුය" යන බුදුවදනද මෙහිදී මාගේ සිහියට නැගෙයි.....

    ට්‍රැApril 10, 2014 at 5:12 PM පවසා ඇති ආකාරයට ........

    "(සැ:යු: Anonymous April 10, 2014 at 12:03 PM වැනි ජාතිවාදීන් නිසා ගැටළු උග්‍ර වේ. ඔහු ජාතිවාදියෙක් වන්නේ "අපේ එවුන්ගේ ප්‍රශ්න කතාකරන්න උලමලා ඕනෙ නෑ" කියන නිසාය.)"

    "ට්‍රැ" සිතා සිටින්නේ උලමලා අපේ උන්ගේ ප්‍රශ්න කතා කරනු ඇති බවයි.....ඒත් කිව යුතුය....උලමලා තමුන්ගේ ජාතිය වන මුස්ලිම් එ උන්ගේ ප්‍රශ්න ගැනවත් කතා නොකරන බව "ට්‍රැ" නොදන්නා බවය......

    මා එසේ කියන්නේ මැදපෙරදිගදී "රිසානා නෆීක්" නම් මුස්ලිම් තරුණිය බාල වයස්කාරියකව සිටියදීත් මරණ දඬුවමට එරට නීතිය යැයි කියාගන්නා ශරියා නම් හම්බ මතවාදය මගින් යටත් කොට තිබියදී.....රිසානාගේ මව දිවා රෑ දෙස්දෙවොල් තියමින් මාධ්‍ය මගින් මුළු රටම හඬගා කියත්දීත්..

    "සියලුම මුස්ලිම්වරු සහෝදරයන් යැයි කියාගන්නා" එකදු ලාංකික මුස්ලිම්වරයෙක් කාන්තා සමිතියක් එයට එරෙහිව වචනයක්වත් නොකී නිසාමය.....එක අතකින් "සියලුම මුස්ලිම්වරු සහෝදරයන්" යන කතාව සත්‍ය විය හැකිය මන්දයත් එහි සහෝදරියන් ගැන සඳහනක් නොමැති නිසාය.......

    බලාසිටින්න "ට්‍රැ " බලාසිටින්න මුස්ලිම්වරුන් අපේ උදව්වට එනතුරා.....මුස්ලිම්වරුන් කරනා උදව්නම්....හුදකලා පනසල්වලට ගල්ගැසීමත්, පුරාවිද්‍යා ස්ථානවල මුරගල් ආදිය රෙදි ඇපිල්ලීමට ගැනයාමත්...අඟලින් අඟල පල්ලි තැනීමත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සිංහල ජනතාව දිවා රෑ නොපනත්කම් සිදුකරනබව කිසිදු හිරිකිතයකින් තොරවම ආණ්ඩුවේ ඇමතිකමක් දරමින්ම රහස්‍ය වාර්ථා යැවීමත්...එම වාර්ථාම කඩිනමින් අරාබිකරයට යැවීමත් ය....ඒ අතරම නීති විද්‍යාලයේ මුස්ලිම් සිසුන්ගේ ප්‍රමාණය අසාමන්‍ය ලෙස වැඩිවීම සිදුවිය

    වසර 30 ක යුද්ධය නිමා වූයේ...උතුම් ලාංකික වීරෝධාර අපේ කොල්ලන්ගේ මිනී මතිනි....නමුත් එයට සහායක් වීමට ඔය හකීමලා උදව් ඉල්ලමින් කිසිවෙකුට වාර්ථා යැව්වේ නැති බවනම් ඔය මහත්වරු නොදන්නවා වුනාට මා නම් දනිමි....

    ReplyDelete
    Replies
    1. AnonymousApril 10, 2014 at 7:35 PM කොමෙන්ටුව පලකල ඇනෝ වෙමි.මා දන්නා පරිදි බොදුබලසේනාවට රජයේ යම්කිසි අනුග්‍රහයක් තිබේ.එය තහවුරු කරන සිදුවීම් මාද්‍ය හරහා දුටුවෙමි.රවුප් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යනු රජයේ ඇමතිවරු වෙති.එසේම හෙළ උරුමය රජයේම කොටස් කරුවන්ය.සැබවින්ම ජාත්‍යාලයක් මේ සියලු දෙනාට ඇති නම් මෙසේ එකපතේ කන්නේ කෙසේදැයි පහදන්න.අනිත් අතට වීරෝදාර රණවිරුවන් ගැන වර්ණනා කරන ඔබ, සුරතල් කුමාරන් පද්මනාදන් ගැන කියන්නේ මොනවාද?. ප්‍රභාකරන්ගෙන් පසු තමන් කොටි නායකයා යැයි කිවූ kp සිටින්නේ කුමන සිරගෙදරද?.කරුණාකර පහදන්න.

      Delete
  11. Ano1 Usually I am against most of Para's reviews.. but I agree 100% with this.

    If someone argues.. He does this because Government or others dont work to correct the wanton acts by Muslims.. its far dangerous.. Because.. all the terrorist arganisations including LTTE started with that base..

    ReplyDelete
  12. එතකොට බල්ලෝ උඹේ පිටිපස්සේ තියෙන්නේ එක ඒකා ඇරපු " ....." කොටද ????

    ReplyDelete
  13. බොදුබල සේනා සංවිධානයෙන වෙන සාධනීය කටයුතු නිර්ආගමික ආකාරයෙන් වෙනවනම් බොදුබල සේනාවක් අවශ්‍ය නෑ
    තොපි වගේ වේසිගේ පුතාලා ඉන්නකම් බොදුබල සේනාවට වටිනාකමක් තියෙනවා
    ජගත් පතිරන

    ReplyDelete
    Replies
    1. මෙතරම් බණ අහන පින් කරන රටක් ලොවේ වෙනත් තැනක නොමැති තරම්ය.....බුදුරජාණන්වහන්සේගේ ධර්මය අකුරටම පිලිපදින වෙනත් රටක් නොමැති තරම්ය...එසේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකුරටම පිලිපදින අය ලංකාවේ සිටීම හඟවන එක් නියැදියක් ලෙස මේ කමෙන්ටු ගතහොත් ලංකාව ලොව ධාර්මිකම රට බවට අවිවාධයෙන්ම පත්වන බව සිකුරුය...එහෙත් ප්‍රායෝගික තත්වය නම් අනෙකක්ය....පුවත්පතක් ගතහොත් පෙනෙන්නේ වෙනත් චිත්‍රයකි....

      මා ඉල්ලා සිටින්නේ හැමටම බොරුවට මෙතන රඟපාන එක නවත්තන ලෙසයි....අපි වසර දෙදහස් පන්සියයක් තිස්සේ යුද්ධ කළ ජාතියක් බව හැම සිංහලයාම පාහේ අභිමානයෙන් කියයි..

      ඒත් බෞද්ධයන් යුද්ධ කරනවාද? නැත බෞද්ධයන් පාතාලයන් ලෙස හැසිරෙන්නේද නැත....වර්ථමානයේ මෙන් නොව අතීතයේ යුද්ධය දැකීමද මානසික පීඩා ගෙනදෙන්නෙකි..මන්දයත් තමුන්ගේ ප්‍රතිවාදියාට කඩු පහර එල්ල කිරීමේදී ප්‍රතිවාදියාගේ උණු අමු ලේ දහරාවක් පහර දෙන්නා නාවා දමයි.....ඇතමෙකුගේ අත පෙති පෙති ගසා දමා තිබේ....මර ලතෝනි හඬ සජීවීව මුහුණට මුහුණලා ශ්‍රවණය වෙයි.......සතුරාගේ සිරුරින් කඩුපත ගන්නා විට බඩ කැවුතු එලිබසින අයුරු පහර දෙන්නාට ඉතා හොදින් දර්ශනය වෙයි....සතුරාගේ සිරුරින් වෙන්කළ අත පණ ගැහෙමින් දඟලනු ප්‍රතිවාදියාට පෙනේ එපමණක් නොව අත පය වෙන්කල ස්ථානයෙන් නොනවතින රුධිර ගංගාවක් ගලනු පෙනේ.......

      වර්ථමාන..මෙවන් යේ මෙවන් ක්‍රියාවලි යුද්ධයකදී එතරම්ම සිදු නොවුනත් .... ඇතැම් අපරාධකරුවන් අතින් මෙවන් දෑ සිදුවිය, ඒවාට අපි පාතාල අපරාධ කරුවන්ගේ ක්‍රියා යැයි කියමු..... "අහෝ....අපි දෙදහස් පන්සියයක් තිස්සේ යුද්ධ කලානම් ඒ බොදුබල සේනාව වැනි පිරිසකැයි " මේ ක්මෙන්ටු දැමූ මහත්වරු නොකී එක පුදුමය...

      හෙල ඉතිහාසයේ වීරයා ලෙස මහාවශය වර්ණනා කරන දුටුගැමුණු රජු එළාර රජු සමඟ දැවැන්ත යුද්ධයක් කලේය.....ඒ කුමකටද? එයට දුටුගැමුණු රජුම දුන් පිළිතුර ඉතා ප්‍රසිද්ධය ...

      "මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව "බුද්ධසාසනයේ චිරපැවැත්ම උදෙසාය""

      අහෝ....බුදුසසුනේ චිර පැවැත්මට දුටුගැමුණු රජු යුධ වැදී තිබේ..මිනිස් ශරීර අමු අමුවේ පෙති ගසා තිබේ...... "ජගත් පතිරණ" කියන ආකාරයට බුදු සසුන රැකීම වැනි සාධනීය කටයුත්තක් සඳහා දුටුගැමුණු රජ අනාගමිකව ක්‍රියාකර තිබේ.... එසේනම් දුටුගැමුණු රජුද ලාංකීය ඉතිහාසයේ පිටු කීපයක් නාස්ති කළ අනවශ්‍ය පුද්ගලයෙකි.....

      "එලාර රජු දැහැමි පාලකයෙකු " ලෙස මහාවංශය හදුන්වා ඇත .එසේනම් කුමකට දුටුගැමුණු දෙමළුන් හා යුද්ධ කලේද? එළාර රජු දැහැමි බැවින් ඔහුගේ රාජ්‍ය නිලධාරීන් අකටයුතුකම් කරයිනම් බොදු පිළිවෙතට අනුකූලව එළාර රජු සමඟ සක්ඡ්ඡා කොට එය නිරාකරණය කරගැනීමට තිබුණා යැයි සිංහල බොදු අපි කවුරුත් දුටුගැමුණු රජුගේ වික්‍රමය අසනවිට ප්‍රශ්ණ කලේ නැත......

      ගැමුණු රජ කුඩා අවදියේදී කාවන්තිස්ස පියරජු බත්ගුලි කවා "දෙමලුන් සමග යුදයට නොයන ලෙස පොරොන්දු " වන්න යැයි කියූ අවස්ථාවේ බත්ගුලිය කෑම ප්‍රත්ක්ශේප කොට යහනෙහි වකුටුවනිදාගෙන "මෑණියනි දකුණේ ගොලු මුහුද උතුරේ හැඩි දෙමලු ඉතින් මා කෙසේ අතපය දිගහැර නිදන්නද" යැයි පැවසුවේය ලංකාව යනු ප්‍රජාතාන්ත්‍රික රටක් ඕනෑම ජාතියකට බින්න බැස මෙහි විසිය හැකිය මේ දුටුගැමුණු කුමාරයා වැනි ජාතිවාදීන් නිසා රටේ ආගම් අතර ජාතින් අතර ගැටුම් නිර්මාණය වෙනවා යැයි කිසිදු බොදුවෙකු දුටුගැමුණු වික්‍රමය කියවීම ඇසීම නැවැත්වූයේ නැත..... දුටුගැමුණු රජු වැනි ජාතිවාදී යුධකාමී බෞද්ධයෙකුගේ කියුම් කෙරුම් පුහු වීරත්වය හඟවන බෞද්ධ විරෝධී ඇමරිකන් ෆැන්ටසියක් යැයි කිසිවෙකු තමන්ගේ දරුවන්ට කියාදීමෙන් වැළකුනේ නැත....

      තවද අප වැනි "වේසිගේ පුතාලාද " එකල සිටියේය...ඒ මහාවංශය රචනා කළ මහානාම හිමියන්ය... උන්වහන්සේ දුටුගැමුණු රජුගේ ක්‍රියාකලාපය මහ ඉහලින් වර්ණනා කොට "මහාවංශය " රචනා කලේය..." ඔහු දුටුගැමුණු රජුගේ මිනීමැරුම් අනුමත කරමින් ලංකා ඉතිහාසයේ යුධ වීරයා ලෙස දුටුගැමුණු චරිතයට "වටිනාකමක් එක් කලේය"

      මිත්‍රවරුණි බොරුවට රඟපාන්න එපා යැයි කීවේ ඉහත කරුණුත් පාදක කරගෙනය...බුදු දහම අනුගමනය කරමින් සිංහලයා ආක්‍රමණිකයෙක් නොවුනේය ..එහෙත් තමාට එරෙහි ආක්‍රමණ වලදී තම ආයුධ මුවහත් කලේය....ඔවුන් එසේ නොකලා නම් ලොකයේ ව.කිමී 65,610 තුල පමණක් සිටින මේ සිංහල බෞද්ධයන් අතුගෑවී ගිහින් ගොඩක් කල්ය.....

      ප .ලි ...

      ජගත් පතිරණ මට වේසිගේ පුතා යැයි ආමන්ත්‍රණය කර තිබේ...නමුත් මා දන්නා තරමින් මා සික්කෙක්ගේ හා සන්නාලියකගේ පුතෙකි.ඒ බැව් කීමට මඳකුදු ලැජ්ජා නොවෙමි .....එය ඔහුට සිදුවූ වැරදීමක් යැයි අනුමාන කරමි.

      ඉරේෂාන් මධුමාධව පතිරණ

      Delete
    2. dutu gemunu rajjuruwo kale elarage miniya buddagamata harwapu eka eeka deshapalana Upayak

      Delete
  14. my dar friends it was very sad. i thought when bandaranayake brought sinhala bahasawa only concept that time our grand parents said we are agreed and said we are with you then we suffered.
    THE TRUTH IS THE BBS NOTHING BUT HANCHYS OF TAMIL DIASPORA WHERE THEY WERE PAID. BEHIND THIS CIA AND NORWAY (NATO) MOSAD. LET M EXPLAIN I WORK FOR UNITED NATION.
    THE REAL STORY AS WE WELL AWARE ERIC SHOLHIM TRIE HIS LEVEL BEST TO DEVIDE OUR MOTHER LAND LATER WE DEFEAT THEM 2009. THEN THEY STARTED HUMAN RIGHTS FUNDAMENTAL RIGHTS OF TAMILS. IDEA IS SIMPLE VERY SOON ONE REFERENDUM WILL COME AS MINIORITIES OF SRI LANKA CAN LIVE WITH MAJORITY BUDDHIST. AS WE WELL AWARE CHRISTIANS AND MUSLIMS WILL VOTE FAVOUR OF BUDDHIST.
    EVEN WE KNOWS OR NOT THESE DIASPORA KNOWS SO THEY NED SOME TO HURT THESE COMMUNITY BRING THEM IN ONE LEVEL WE CAN NOT LIVE WITH THEM.
    THE CONTRACT WAS GIVEN TO DILANTHA VITHANAGE AND HE USING MANY MONKS FOR THIS.AND GREEDY GOTABAY ALSO WITHOUT KNOWINGLY OR KNOWINGLY INVOLVED MAY BE HE IS AMERICAN HE DOESNT CARE SRI LANKA.
    UNTIL TODAY BBS DOING THERE JOB NICELY

    ReplyDelete
  15. මෙතරම් බණ අහන පින් කරන රටක් ලොවේ වෙනත් තැනක නොමැති තරම්ය.....බුදුරජාණන්වහන්සේගේ ධර්මය අකුරටම පිලිපදින වෙනත් රටක් නොමැති තරම්ය...එසේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකුරටම පිලිපදින අය ලංකාවේ සිටීම හඟවන එක් නියැදියක් ලෙස මේ කමෙන්ටු ගතහොත් ලංකාව ලොව ධාර්මිකම රට බවට අවිවාධයෙන්ම පත්වන බව සිකුරුය...එහෙත් ප්‍රායෝගික තත්වය නම් අනෙකක්ය....පුවත්පතක් ගතහොත් පෙනෙන්නේ වෙනත් චිත්‍රයකි....

    මා ඉල්ලා සිටින්නේ හැමටම බොරුවට මෙතන රඟපාන එක නවත්තන ලෙසයි....අපි වසර දෙදහස් පන්සියයක් තිස්සේ යුද්ධ කළ ජාතියක් බව හැම සිංහලයාම පාහේ අභිමානයෙන් කියයි..

    ඒත් බෞද්ධයන් යුද්ධ කරනවාද? නැත බෞද්ධයන් පාතාලයන් ලෙස හැසිරෙන්නේද නැත....වර්ථමානයේ මෙන් නොව අතීතයේ යුද්ධය දැකීමද මානසික පීඩා ගෙනදෙන්නෙකි..මන්දයත් තමුන්ගේ ප්‍රතිවාදියාට කඩු පහර එල්ල කිරීමේදී ප්‍රතිවාදියාගේ උණු අමු ලේ දහරාවක් පහර දෙන්නා නාවා දමයි.....ඇතමෙකුගේ අත පෙති පෙති ගසා දමා තිබේ....මර ලතෝනි හඬ සජීවීව මුහුණට මුහුණලා ශ්‍රවණය වෙයි.......සතුරාගේ සිරුරින් කඩුපත ගන්නා විට බඩ කැවුතු එලිබසින අයුරු පහර දෙන්නාට ඉතා හොදින් දර්ශනය වෙයි....සතුරාගේ සිරුරින් වෙන්කළ අත පණ ගැහෙමින් දඟලනු ප්‍රතිවාදියාට පෙනේ එපමණක් නොව අත පය වෙන්කල ස්ථානයෙන් නොනවතින රුධිර ගංගාවක් ගලනු පෙනේ.......

    වර්ථමාන..මෙවන් යේ මෙවන් ක්‍රියාවලි යුද්ධයකදී එතරම්ම සිදු නොවුනත් .... ඇතැම් අපරාධකරුවන් අතින් මෙවන් දෑ සිදුවිය, ඒවාට අපි පාතාල අපරාධ කරුවන්ගේ ක්‍රියා යැයි කියමු..... "අහෝ....අපි දෙදහස් පන්සියයක් තිස්සේ යුද්ධ කලානම් ඒ බොදුබල සේනාව වැනි පිරිසකැයි " මේ ක්මෙන්ටු දැමූ මහත්වරු නොකී එක පුදුමය...

    හෙල ඉතිහාසයේ වීරයා ලෙස මහාවශය වර්ණනා කරන දුටුගැමුණු රජු එළාර රජු සමඟ දැවැන්ත යුද්ධයක් කලේය.....ඒ කුමකටද? එයට දුටුගැමුණු රජුම දුන් පිළිතුර ඉතා ප්‍රසිද්ධය ...

    "මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව "බුද්ධසාසනයේ චිරපැවැත්ම උදෙසාය""

    අහෝ....බුදුසසුනේ චිර පැවැත්මට දුටුගැමුණු රජු යුධ වැදී තිබේ..මිනිස් ශරීර අමු අමුවේ පෙති ගසා තිබේ...... "ජගත් පතිරණ" කියන ආකාරයට බුදු සසුන රැකීම වැනි සාධනීය කටයුත්තක් සඳහා දුටුගැමුණු රජ අනාගමිකව ක්‍රියාකර තිබේ.... එසේනම් දුටුගැමුණු රජුද ලාංකීය ඉතිහාසයේ පිටු කීපයක් නාස්ති කළ අනවශ්‍ය පුද්ගලයෙකි.....

    "එලාර රජු දැහැමි පාලකයෙකු " ලෙස මහාවංශය හදුන්වා ඇත .එසේනම් කුමකට දුටුගැමුණු දෙමළුන් හා යුද්ධ කලේද? එළාර රජු දැහැමි බැවින් ඔහුගේ රාජ්‍ය නිලධාරීන් අකටයුතුකම් කරයිනම් බොදු පිළිවෙතට අනුකූලව එළාර රජු සමඟ සක්ඡ්ඡා කොට එය නිරාකරණය කරගැනීමට තිබුණා යැයි සිංහල බොදු අපි කවුරුත් දුටුගැමුණු රජුගේ වික්‍රමය අසනවිට ප්‍රශ්ණ කලේ නැත......

    ගැමුණු රජ කුඩා අවදියේදී කාවන්තිස්ස පියරජු බත්ගුලි කවා "දෙමලුන් සමග යුදයට නොයන ලෙස පොරොන්දු " වන්න යැයි කියූ අවස්ථාවේ බත්ගුලිය කෑම ප්‍රත්ක්ශේප කොට යහනෙහි වකුටුවනිදාගෙන "මෑණියනි දකුණේ ගොලු මුහුද උතුරේ හැඩි දෙමලු ඉතින් මා කෙසේ අතපය දිගහැර නිදන්නද" යැයි පැවසුවේය ලංකාව යනු ප්‍රජාතාන්ත්‍රික රටක් ඕනෑම ජාතියකට බින්න බැස මෙහි විසිය හැකිය මේ දුටුගැමුණු කුමාරයා වැනි ජාතිවාදීන් නිසා රටේ ආගම් අතර ජාතින් අතර ගැටුම් නිර්මාණය වෙනවා යැයි කිසිදු බොදුවෙකු දුටුගැමුණු වික්‍රමය කියවීම ඇසීම නැවැත්වූයේ නැත..... දුටුගැමුණු රජු වැනි ජාතිවාදී යුධකාමී බෞද්ධයෙකුගේ කියුම් කෙරුම් පුහු වීරත්වය හඟවන බෞද්ධ විරෝධී ඇමරිකන් ෆැන්ටසියක් යැයි කිසිවෙකු තමන්ගේ දරුවන්ට කියාදීමෙන් වැළකුනේ නැත....

    තවද අප වැනි "වේසිගේ පුතාලාද " එකල සිටියේය...ඒ මහාවංශය රචනා කළ මහානාම හිමියන්ය... උන්වහන්සේ දුටුගැමුණු රජුගේ ක්‍රියාකලාපය මහ ඉහලින් වර්ණනා කොට "මහාවංශය " රචනා කලේය..." ඔහු දුටුගැමුණු රජුගේ මිනීමැරුම් අනුමත කරමින් ලංකා ඉතිහාසයේ යුධ වීරයා ලෙස දුටුගැමුණු චරිතයට "වටිනාකමක් එක් කලේය"

    මිත්‍රවරුණි බොරුවට රඟපාන්න එපා යැයි කීවේ ඉහත කරුණුත් පාදක කරගෙනය...බුදු දහම අනුගමනය කරමින් සිංහලයා ආක්‍රමණිකයෙක් නොවුනේය ..එහෙත් තමාට එරෙහි ආක්‍රමණ වලදී තම ආයුධ මුවහත් කලේය....ඔවුන් එසේ නොකලා නම් ලොකයේ ව.කිමී 65,610 තුල පමණක් සිටින මේ සිංහල බෞද්ධයන් අතුගෑවී ගිහින් ගොඩක් කල්ය.....

    ප .ලි ...

    ජගත් පතිරණ මට වේසිගේ පුතා යැයි ආමන්ත්‍රණය කර තිබේ...නමුත් මා දන්නා තරමින් මා සික්කෙක්ගේ හා සන්නාලියකගේ පුතෙකි.ඒ බැව් කීමට මඳකුදු ලැජ්ජා නොවෙමි .....එය ඔහුට සිදුවූ වැරදීමක් යැයි අනුමාන කරමි.

    ඉරේෂාන් මධුමාධව පතිරණ

    ReplyDelete
  16. ඥානසාර හිමි බැසිල්ට බැන වදී !


    පසුගියදා ජාතික බල සේනාවේ මංගල මාධ්‍ය හමුවට කඩා වැදී වටරැක විජිත හිමියන්ට තර්ජන එල්ල කරමින් එම මාධ්‍ය සාකච්ඡාව කඩා කප්පල් කිරීමට එරෙහිව විජිත හිමියන් කොම්පඤ්ඤවීදිය පොලිසියට කළ පැමිණිල්ලකට කට උත්තර දීමට ඊයේ පොලිසියට පැමිනි බොදු බල සේනා මහ ලේකම් ඥානසාර හිමියන් ඉන්පසුව පොලිසිය භූමියේදීම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බැන වැදි, ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට ද අභියෝග කළේය.

    ''අපි පැහැදිලිව කියනවා මේක පිටිපස්සෙ ඉන්නෙ බැසිල් රාජපක්ෂ උන්නැහේ. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා බදියුර්දීන්ට ඕන හැටියට නටන්න, අර නැගෙනහිර පළාතේ. අපි බය නෑ. මොකටද බය වෙන්නෙ? මේව මැදමූලනෙන් ගෙනා අම්මගේ අප්පගේ බූදල් නෙමෙයි. බදියුර්දීන් මේ නාඩගම් නටන්නේ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේ අනුහස අරගෙන. කව්ද මේ ගොල්ලන්ට බලය දුන්නේ..?'' යනුවෙන් උන්වහන්සේ පැවසුහ.

    එසේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බැන වැදුන ඥානසාර හිමියන්, අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම්, විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙසේය.

    ''හකීම් අපේ සාරධර්ම ගැන කතා කරන්න ඇවිල්ල. මූ මොකෙක්ද? මේ පරය කව්ද? මේ අපේ මහා නායකද? මූ අපේ අධිකරණ සංඝ නායකද? අපට නීතිය සදාචාරය උගන්වන්න කලින් හකීම් පරයට අපි කියනවා, අර තමුන්ගේ නමින් තමුන්ගෙන් ගැබ් ගනිපු කුමාරි කුරේව ගිල්ලල මැරුවා. අපේ සදාචාරය කතා කරන්න කලින් මේ පරයව අත් අඩංගුවට ගන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්නවා.''

    ''ඩිලාන් පෙරේරා වැනි හිකනල්ලූ. කව්ද මුන්? මුන් ඇමතිලාද? අපි කොහොමත් එනව පශු වෛද්‍ය වරයෙක් එක්ක තමුසෙගෙ ඔලූව පරීක‍ෂා කරලා බලන්න. මේ ගෑනුත් නොවන පිරිමිත් නොවන නපුංසකයෝ පාර්ලිමේන්තු ඇවිල්ල මුලූ ජාතියම නිවට කරනවා මුන්.'' යි පැවසීය.

    ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ටද, ඇමැති විමල් වීරවංශටද, ඥානසාර හිමියන් විසින් අභියෝග කෙළේ, ''ඕනෑම එකෙක් වරෙව්, එක පැත්තකට උඹලාගේ පස් දෙනෙක් දාල මම තනියම එනවා.'' යි කියමිනි.


    SRI LANKA MIRROR

    ReplyDelete
  17. para gawa mas nokana mini mas kana bodu bala sena lipiya ayeth ganne kohomada

    ReplyDelete
  18. මේ පොස්ට් එක ලියපු පර බල්ලට හෙන ගහපිය... :p

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා