සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයෙන් යුත් ජනරජයට එරෙහි පෙබරවාරි 4 කැරැල්ල
අජික් පැරකුම් ජයසිංහ පළාත් පාලන මැතිවරණ සඳහා නාමයෝජනා කැඳවා තිබේ. පක්ෂවල නාමයෝජනා ලැයිස්තු අධ්‍යයනය කර බලන්න. එහි තිබෙන ප්‍රධානම සාධකය දේශපාලන ප්‍රතිපත්ති, ජාතිය හෝ ආගම නොව කුලයයි. ශ්‍රී ලංකාවේ දේශපාලනය සඳහා කුලය කෙතරම් වැදගත්ද යන්න අවබෝධ කරගැනීම සඳහා හොඳම අවස්ථාව පළාත් පාලන මැතිවරණයි. විප්ලවවාදී පක්ෂ පවා කොට්ඨාස අපේක්ෂකයන් නම් කරන්නේ කුල පදනමින් ඡන්ද ලබාගැනීමේ හැකියාව සලකා බලමිනි. එහෙත්, සියලු දේශපාලන පක්ෂ හැසිරෙන්නේ කුලය කියා සාධකයක් නැති අන්දමටය. එය අමූලික ව්‍යාජයකි. කුලය මේ වන විට රාජකාරිය ලෙස අතීතයේ හැඳින්වුණ වෘත්තීන් සමග තිබෙන සම්බන්ධය අවමය. එසේම, එම වෘත්තීන්වල යෙදීම මේ වන විට සමාජ වටිනාකම් වන අතර ඒවා තවදුරටත් පහත් ලෙස සැලකීමක් නැත. උදාහරණයක් ලෙස, කිසිවෙකුට පැණි හකුරු කර්මාන්තයේ යෙදිය හැකි නම් දැන් කිතුල් පැණි බෝතලයක මිල අනුව ඕනෑම කෙනෙකු එය කරනු ඇත. එය තවදුරටත් කුලයකට සීමා වී නැත. මේ වන විට කුලය යනු ප්‍රධාන වශයෙන්ම අනන්‍යතාව හා ප්‍රජා සාමූහිකත්වය සමග සම්බන්ධ සාධකයකි. එය මේ වන විට ජන ජීවිතයේදී බලාත්මක වන්නේ ප්‍රධාන වශයෙන්ම ආවාහ විවාහ හා දේශපාලනය වැනි සීමිත කාර්යයන් ප්‍රමාණයකදීය. ම...