මේ විප්ලවීය මොහොතේ වම බලය නොගන්නේ ඇයි?

June 13, 2021 admin Politics අජිත් පැරකුම් ජයසිංහ ලංකාවෙ සමාජ දෘෂ්ටිවාදය රාජ්‍ය මූලික ජාතික ධනවාදය. සමාජවාදී රටවල් වුණත් කොමියුනිස්ට්වාදය ඉලක්ක කරගෙන ජාතික සමාජවාදී ප්‍රතිසංස්කරණ කියලා කරගෙන ගියේ ඒවම තමයි. මේකට එරෙහිව ධනේශ්වර විප්ලවය පූර්ණ කිරීම ඔස්සේ දියුණු ධනේශ්වර සමාජයක් හරහා සමාජවාදයට පරිණාමය වීම තමයි විශේෂයෙන්ම වමෙන් කැඩුණු වාමාංශිකයන් ඉන්න ස්ථාවරය. යහපාලනයට උදව් කරපු පැරණි වමේ බලවේගවල තිබුණේ ඒ දැක්ම. හැබැයි, ලංකාවෙ සමාජ යටිතලය තුළ ඒ දෘෂ්ටිවාදය පැළවුණේ නැහැ. දැන් වුණත්, වරාය නගරය වගේ ව්‍යාපෘති ගැන අපි හිතන විදියයි, රටේ බහුතර ජනයා හිතන විදියයි අතර වෙනස නිර්මාණය වෙන්නෙ ඔතනින්. මේක නොරොච්චෝලෙ වගේ උදාහරණයකින් පෙන්නුවොත් අපි නම් හිතන්නෙ චීන්නු ඔය නිතර කැඩෙන අටමගල අයිති කරගෙන, නඩත්තු කරගෙන අපට යම් සාධාරණ මිලකට විදුලිය දෙනවා නම් අපට මොකද කියලයි. ඉන්දියාව නැගෙනහිර ජැටිය අරගෙන බිස්නස් ගෙනල්ලා අපට එයින් වාසියක් සැලසෙනවා නම් මොකද කියලායි. චීන්නුන්ට හම්බන්තොට වරාය බදු අරගෙන උනුත් වාසි අරන් අපටත් වාසියක් අත්පත් කරදෙන්න පුළුවන්නම් මොකද කියලායි. මේ වැටිල ඉන්න වලෙන් මුලින්ම ගො...