Posts

සුද්දා කියන විදියට රෙදි ඇන්දොත් අපේකමට මොකක් වෙයි ද?

Image
පහත පළ වන්නේ උදයසිරි වික්‍රමරත්නගේ ‘සුද්දෙක් ඔබ අමතයි' නාට්‍යයේ නලින් ප්‍රදීප් උඩවෙල රඟපාන චරිතයේ දෙබස් ඛණ්ඩයකි. “ඇත්තට ම ආධාර ලැබෙන්නෙ සුද්දො ඉන්න රටවල්වලින් විතරයි. ඒ රටවල්වලින් ආධාර ලැබෙන්නෙ ඒ රටවල් විදේශ වීම නිසා ම නෙමෙයි. ඒ රටවල්වල සුද්දො ඉන්න නිසා. “ඔන්න විදේශ කියන හැම රටකින් ම ආධාර ලැබෙනවා නම් විදේශාධාර කිව්වට කමක් නැහැ. ඒත් ඇත්තට ම ආධාර ලැබෙන්නෙ සුද්දො ඉන්න රටවල්වලින් විතරයි. “ඒක නිසා නිවැරදි යෙදුම සුද්දාධාර." දැන් අද දිවයින පුවත්පතේ මුල් පුවත කියවන්න. යුරෝපා සංගමයේ ජී. එස්‌. පී. ප්ලස්‌ (GSP+) බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටට ඉතා අනතුරුදායක කොන්දේසි 58 කට රජය එකඟවී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් 'දිවයින ඉරිදා සංග්‍රහය' ට වාර්තා වේ. මේ කොන්දේසිවලට එකඟ වී ඒ පිළිබඳ ප්‍රගතිය යුරෝපා කොමිසමට දැක්‌වීමට ද රජය ක්‍රියාකර ඇති බවද වාර්තා වේ. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත්කර ඒ වෙනුවට ගෙනෙන නව නීතිය සමාලෝචනය කර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සම්පාදනය කිරීම, අත්අඩංගුවේ සිටින රැඳවියන් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම, සියලු එල්. ...

පුනරුදය

Image
මේ වගේ හැන්දෑවක සෙට් වෙමු  ජාතික පුනරුද ව්‍යාපාරයක් පිළිබඳ සංවාද මාලාවක් මේ වන විට රට පුරා සිදු වෙමින් තිබේ. පස්යොදුන් කෝරළේ පුරවැසියන් ලෙස අප ද ඒ සමග සම්බන්ධ විය යුතු යයි අපි සිතුවෙමු. ( අපි යනු මම නොව, මට වඩා එහා ගිය සාමූහිකත්වයකි. මා සිටින්නේ එම සාමූහිකත්වය තුළ වන අතර, මගේ ක්‍රියාමාර්ගය පොදු තීරණයක් මත පදනම් වූවකි. මේ සටහන ද ඒ අනුව ලියූ එකකි. ) ජාතියට පුනරුදයක් අවශ්‍ය ය. ප්‍රාදේශීයව අපේ ගමටත් එය අවශ්‍ය ය. මේ සංවාදයට අප ඔබට ආරාධනා කරන්නේ එහෙයිනි. මෙය විවෘත සංවාදයක් නො වේ. ඒ සංවාදයට අප ඔබට ආරාධනා කළේ ඔබ සමාජය වෙනස් කිරීම සඳහා මැදිහත් වීමේ හැකියාවක් ඇති පුද්ගලයකු ලෙස අප විසින් හඳුනාගෙන තිබෙන නිසා ය. යටත් විජිත පාලකයන්ගෙන් නිදහස ලබා අපගේ ම පාලකයන් පත් කරගෙන අවුරුදු 68ක් ගත වී තිබුණත්, අපි තවමත් අපේ රට පාලනය වන ආකාරය ගැන තෘප්තිමත් නැත. එපමණක් නො ව, පාලනය ගැන කලකිරීම දිනෙන් දින වැඩි වෙමින් තිබේ. අධික ණය බරකට උර දී සිටින ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යාම ම මේ වන විට බරපතල ගැටලුවක් වී තිබේ. රජය කඩා වැටුණහොත්, දරුණු ආර්ථික පීඩනයකට මුහුණ දෙන්නට සියලු ලාංකිකයන්ට සිදු වනු ඇත. එසේම, රටේ...

එහෙම නැහැ හාමුදුරුවනේ

Image
ස්ලොත් ඉස්සර අපේ ගමේ බණ ගෙවල්වල අත්‍යවශ්‍ය සේවාවක් ඉටු කරපු චරිතයක් තමයි මෝනිස් අයියා. මෝනිස් අයියා රුක් වඩුවෙක්. ඒ කියන්නේ ගස් කපන්නෙක්. ඔහු මිටියි. වැඩ කරලා ම පෙනුම බොහොම රළුයි. කර්කශයි. ඒත්, ඔහු අහිංසක මිනිහෙක්. වැඩත් ටිකක් හෙමින්. හැබැයි සීරුවෙන්. කෙටි අත් පොරවත් අතින් අරගෙන මෝනිස් අයියා හෙමින් සැරේ ගස් දිගේ යන්නෙ හරියට අර මහා කම්මැලි පෙනුමක් තිබෙන ස්ලොත් (sloth) වර්ගයේ සතෙකු වගෙයි. මට මතක විදියට මෝනිස් අයියා ඉරුම් පට්ටල් වැඩ කළේ නැහැ. ගස් කපන එක තමයි කළේ. ලී කොට පලංචිය උඩ තියාගෙන සති ගණන් තිස්සේ ඉරන ඉරුම්කාර යුගල අතර මෝනිස් අයියා ඉන්නවා දැකපු බවක් මට මතක නැහැ. මෝනිස් අයියා පන්සලේ හොඳ උපාසකයෙක්. පසළොස්වක පෝයට සිල් ගන්නවා විතරක් නෙමෙයි, ගමේ ම බණ ගෙවල්වලට හාමුදුරුවන් එක්ක පසුගමන් යන්නත් මෝනිස් අයියා එකතු වුණා. මෝනිස් අයියාගේ රාජකාරිය මොකක් ද දන්නවා ද? හාමුදුරුවන් බණට කියන වාක්‍යයක්, වාක්‍යයක් ගානේ මෝනිස් අයිය “එහෙමයි හාමුදුරුවනේ" යි කියනවා. වැදගත් කෑලිවලදි සාදු කියනවා. හැබැයි, ඔය මාතර පැත්තේ වගේ බණ දෙසන හාමුදුරුවන් “බුදු රජාණන් වහන්සේ" කියන කොට ම සාාාදු ක...

ජන ජීවිත කාලකණ්ණි කරන ආගම්

Image
පන්සලක දායකයකු වන එකත් ලේසි වැඩක් නො වේ. අපේ පැත්තේ පන්සල් දායකයකු කී කරුණක් වන්නේ අද පන්සලේ පැවැත්වෙන උත්සවයක් වෙනුවෙන් රු. 5000ක් ද, අට පිරිකරකට මුදල් ද (අට පිරිකරක් නො වේ) දුන් බවයි. හාමුදුරුවන්ට ඉන්නට මාලිගාවක් හදන ව්‍යාපෘතියකට ගෙඩි රුපියල් පනස්දාහකින් දායක වන්නට පොරොන්දු වී සිටින අපේ අම්මා මට ද රුපියල් පන්දාහකින්වත් ඒ පිංකමට දායක වන්නැයි යෝජනා කර අම්මා නිසා මගෙන් මුකුත් අහ නො ගත්තා ය. මගේ ව්‍යාපාරික මිතුරෙකු කී කාරණයක් වන්නේ පන්සලකට යන්නට බැරි තරම් හාමුදුරුවන්ගෙන් කරදර බවයි. දැක්ක ගමන් සිමෙන්ති, වැලි, සුදු යකඩ ආදිය ඉල්ලන බවයි. මම නම් පන්සල් නො යමි. ඇත්තම කියනවා නම් මට පන්සල පෙනෙන්නේ ම මාළු මාකට් එකක් වැනි තැනක් ලෙස ය. ලංකාවේ මිනිසුන්ගේ ජීවිත කාලකන්නි කරන ප්‍ර‍ධාන බලවේගයක් වන්නේ පන්සල්, පල්ලි, කෝවිල් ආදී ආගමික ස්ථානයි. ශාස්තෘ භේදයකින් තොරව මේවා ජනතාවගෙන් මහා පරිමාණෙන් මුදල් කොල්ල කති. එසේ කරන්නේ ජනතාව නො දන්නා සසරකට, දෙවියන්ට බිය කිරීමෙනි. එසේම, ආගමික ආයතනවලට පරිත්‍යාග සිදු කිරීම අති උතුම් පුන්‍ය කර්මයක් ලෙස ප්‍ර‍වර්ධනය කිරීමෙන් ද ඒ සඳහා පෙළඹවීම ඇති කරයි. ආගමික ස්ථා...

විමල්ට මෙහෙම වුණේ ඇයි?

Image
ඔබේ දරුවන් වෙනුවෙන් හෝ ආපසු හැරෙන්න විමල්.  විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන ලබා දී තිබුණු බව ප්‍රසිද්ධ විය. පහත වීඩියෝවේ සිටින්නේ විමල්ගේ බිරිඳගේ අක්කාගේ දුව යයි කියන අයෙකු හා ඇගේ මව ලෙස සැලකිය හැකි අයෙකි. වේදනාවේ රහස තේරුම් ගත හැකි නේ ද? මෙම වීඩියෝවේ අවසන් හරියේ කතා කරන කාන්තාව ජවිපෙ වෙනුවෙන් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ, ඒ හේතුවෙන් ම සිය බිරිය හා කුඩා දරුවා මරා දැමීමේ කෘර අත්දැකීම ලද ජවිපෙ හිටපු මහජන නියෝජිතයකු වූ අජිත් කුමාරගේ සොයුරියක විය හැකි ය. විමල් වීරවංශ විවාහ වී සිටින්නේ අජිත් කුමාරගේ තවත් සොයුරියක් සමග ය. විමල්ගේ පවුල් ගස ද එසේ මෙසේ වල් ගසක් නො වේ. තක්කඩින්ගේ අවසන් නවාතැන ජාතිවාදය ය යන කියමනට තවත් සාක්කියක් කුමට ද? මෙම වීඩියෝවේ සිටින කාන්තාව අවසානයේදී පොලිසියට කියන්නේ යාපනයට ගොස් ගහන්නට ය කියා ය. ඒ කියන්නේ සොරුන් වුණත් සිංහලයන්ට එරෙහිව කටයුතු නො කළ යුතු ය. පොලිසිය කළ යුත්තේ දෙමළුන්ට ගැසීම ය....

ආයෙමත් හඩන්න. විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි වන්නේ නැත.

Image
ගුරු විද්‍යාලයේදී මා සමග සිටි මගේ පැරණි මිතුරකු වන සුනිල් විහිළුවට මෙන් ඕනෑම දෙයකට බනින්නේ ජේ.ආර්.ට හා විවෘත ආර්ථිකයටයි. උගේ කකුල ගලක හැපුණත් “අම්මගෙ රෙද්දෙ විවෘත ආරථිකේ. ජේ.ආර්. නිසා තමයි මගෙ කකුල ගලේ හැපුණෙ," යි සුනිලා කියයි. මේ අන්දමින් ම ලංකාවේ පවත්නා සියලු පිරිපතට හේතුව විධායක ජනාධිපති ක්‍ර‍මය යයි සිතන පිරිසක් ද සිටිති. විධායක ජනාධිපති ක්‍ර‍මය වෙනස් කිරීම යන සටන් පාඨය මතු වන්නේ එක්තරා හැඟීම්බරභාවයකිනි. ඒ පිටුපස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා ජනාධිපතිවරුන්ගේ කඩවුණු පොරොන්දු තිබේ. විධායක ජනාධිපති විරෝධීන්ට නැවත වරක් හඩා දොඩා වැළපෙන්නට ද, ඒ වැඩේ කරවා ගන්නට ය කියා තවත් වරක් කාගේ හෝ පස්සෙන් යන්නට ද අවස්ථාව තිබේ.  විධායක ජනාධිපති ක්‍ර‍මය ගැන කතා කිරීමේදී අප මෙය ද සිහිපත් කර ගත යුතු ය. දැන් එය දශක හතරක් මේ රටේ ක්‍රියාත්මක ය. කලින් පැවති වෙස්ට් මිනිස්ටර් ක්‍ර‍මය තිබුණේ දශක තුනකි. එය තිබියදී හමුදා කුමන්ත්‍ර‍ණ දෙකක් මේ රටේ ඇති විය. දැවැන්ත තරුණ කැරැල්ලක් ද, දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ද පැවැත්විණි. සිරිමාවෝ බණ්ඩාරනායක විධායක බලතල පාවිච්චි කර...

පුස් හැලට්

Image
කුරුල්ලන්ට කලින් ගෙවත්තෙන්  මං තුනේ, හතරෙ වගේ පන්තිවල ඉන්න කාලෙ, ඒ කියන්නෙ සිරිමාවොලාගෙ ඇන්නැම්ලාගෙ සමගි පෙරමුණු ආණ්ඩුව කාලෙ, අපේ මාමා කෙනෙකුගේ මගුල් ගෙයක් තිබුණා. ඒකට උයන්න ආවෙ මුස්ලිම් කට්ටියක්. මිනිස්සු නම් කිව්වෙ තම්බි කියලායි.  ඒ කාලෙ අපේ ගම්වල මගුල් ගෙවල්වල හැටියට ඒක ටිකක් හොඳ එකක් වෙන්නැති. හරක් මස් එහෙමත් තිබුණා. ඒ වෙනකොට කුකුළු මස් ජාතියේ මාංශාහාරය වෙලා තිබුණෙ නැහැ. සාමාන්‍ය මගුල් ගෙවල්වල දුන්නෙ මාළු. ඒ වෙනුවෙන් මාළු ගේන්න කට්ටිය බේරුවල යනවා.  වැදගතුන්ට සීල් අරක්කුත්, ගැමියන්ට කසිප්පුත් දෙක ම තිබුණා. කොයි එක වුණත්, පිළිගන්වනු ලැබුවේ හොර රහසේයි. කාමරයට ගිහින් කට්ටිය ළඟ, ළඟ නවාගෙන රැවුල් පිහදදා හොරු වගේ එළියට එන එක තමයි වුණේ. මේ හුඟක් බොනපාට්ලා ෂැන්ඩි, බයිට් පාවිච්චි කළේ නැහැ. එදා හැන්දෑවෙ සාජ්ජෙදි අපේ තාත්තා පිනුං ගහලා නැටුවා. මං හිතන්නෙ ඒ තමයි අපේ තාත්තා අවසාන වතාවට පොඩ්ඩක් පාවිච්චි කරපු අවස්ථාව. පළමුවෙනි අවස්ථාවත් වෙන්න ඇති සමහර විට. අපි වගේ නෙමෙයි, වැදගත් විදියට ජීවත් වුණු වැදගත් ඉස්කෝලෙ මහත්තුරු නේ. ඒ කාලෙ ඔය බුෆේ නැහැ. මගුල් මේසය වටේට හිටගෙන ගමේ ත...

ජවිපෙට අවුරුදු අටකින් විසඳිය හැකි ප්‍රශ්න මේ ආණ්ඩුවට අවුරුදු දෙකකින් විසඳීමට බැරි වුණේ ඇයි?

Image
අපි 2015 ජනවාරි 8 වෙනස වෙනුවෙන් දායක වුණෙමු. අද වනතුරුත් මම රටේ යහපත වෙනුවෙන් කරනු ලබන දේශපාලන වෙනස්කම් වෙනුවෙන්  මා ක්‍රියාත්මක වන ප්‍ර‍ධාන අවකාශය වන සමාජ මාධ්‍ය තුළ  ආණ්ඩුවට සහයෝගය දෙන්නෙමි.   ඇත්ත කීවොත්, සමාජ මාධ්‍යවල සතුරන්ගෙන් කුණුහරුප අසා ගනිමින්, තර්ජනවලට ලක් වෙමින් ආණ්ඩුවට සහයෝය දෙන්නට උත්සාහ කරන ක්‍රියාකාරිකයන් සමග සම්බන්ධතාවක් නඩත්තු කරන්නට තරම් හෝ බුද්ධියක් ඇති මාධ්‍ය නායකත්වයක් මේ ආණ්ඩුවට නැත. ආණ්ඩුව බොහෝ දේ කරයි. නො කරන එක දෙයක් ඇත. ඒ දේශපාලනයයි. මෙහිදී දේශපාලනය යන්නෙන් මා අදහස් කරන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව බලමුළුගැන්වීමයි. එහිදී ආණ්ඩුවේ මාධ්‍ය වැඩපිළිවෙල ඉතා වැදගත් ය. ආණ්ඩුව අසාර්ථක වී තිබෙන මූලික ම හේතුව ඇත්තේ මාධ්‍ය තුළයි. වර්තමාන යුගය වනාහි ඉතිහාසයේ අන් කවර කලෙකටත් වඩා දේශපාලනය මාධ්‍යකරණය බවට පත් වී තිබෙන යුගයකි. මාධ්‍යකරණයේ මෙම යුගයේදී සත්‍යය යනු මාධ්‍ය මගින් කරන ලබන ප්‍රබන්ධයක් බවට ම පත් වී තිබේ. එකම බොරුව පුන පුනා කීමෙන් සත්‍යයක් බවට පත් කිරීමේ ගොබෙල්ස් න්‍යාය වඩාත් හොඳින් භාවිතා වන්නේ වර්තමානයේදී ය. සත්‍යය යනු කුමක් ද යන්න ඇත්තෙන...

රාජපක්ෂ පවුල + ඒකාබද්ධ විපක්ෂය + ජවිපෙ + මහරාජා කොම්පැනිය + දෙමළ ඩයස්පෝරාව + කොටි සංවිධානය: අශුද්ධ සන්ධානයට මළ මිනිී ඕනෑ කර තිබේ.

Image
වසර 2002දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ගෙන එන ලදී.  කොටි සංවිධානය සමග සටන් විරාමයකට එළැඹ සාකච්ඡාමය විසඳුමක් සඳහා ද පියවර ගන්නා ලදී.  මේ හා සමාන්තරව ජාත්‍යන්තර වශයෙන් ලෝක වෙළඳ සංවිධානයේ ගෝලීයකරණ වැඩසටහන ඉදිරියට පැමිණියේ ය.රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒ සමග බද්ධ වෙමින් බටහිර රටවල හා ජපානයේ ආධාර ඇතිව වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරණ පද්ධතියකට මුල පුරන ලදී. ඒවා එවකට ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලෝකයේ ප්‍රවර්ධනය කරමින් තිබුණු ගෝලීයකරන වැඩසටහන සමග අනුගත වන ව්‍යූහාත්මක ගැලපුම් විය.  එයට එරෙහිව තල දෙකක විරෝධතා ක්‍රියාමාර්ග ගැනිණි. එක් තලයකදී අප ද සම්බන්ධ වෙමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය ඔස්සේ සිවිල් සමාජය ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහිව දැවැන්ත විරෝධයක් මතු කළේ ය. ධනේශ්වර ගෝලීයකරණයට එරෙහිව ජාත්‍යන්තර විරෝධතා ව්‍යාපාරය සමග එය සම්බන්ධ විය. ජාත්‍යන්තර ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළඳ සංවිධානයේ ගෝලීයකරණ වැඩසටහන හකුළා ගැනීමට සිදු විය. ජාතික වශයෙන් යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන පරාජය කරන ලදී.  අනෙක් තලයේදී ජනතා විමුක්ති...

වයස අවුරුදු හතේ අටේ දැරියන් මිනිස් බෝම්බ වන නයිජීරියාව

Image
නව වසර උදා වුණේ වයස අවුරුදු 10ක්වත් නැති යයි සැලකෙන නයිජීරියානු දැරියක් මිනිස් බෝම්බයක් පුපුරුවා හරිමින් තමන් මිය යමින් තව එක් පුද්ගලයකුට තුවාල සිදු කිරීම පිළිබඳ පුවතත් සමගයි. ඊසානදිග නයිජීරියාවේ මයිඩුගුරි නගරයේ කඩයක නූඩ්ල්ස් මිළ දී ගනිමින් ඉදිරියට පැමිණි ඇය කලබලයට පත් වී ඉලක්කයට ළඟා වීමට පෙර බෝම්බය පුපුරුවාගෙන ඇති බව සැක කරනු ලැබේ. මෙම ස්ථානයේ රැඳී සිටි තවත් මරාගෙන මැරෙන කාන්තාවක් බෝම්බය පුපුරුවා ගැනීම කරන්නට පෙර අත්අඩංගුවට ගත් බව ද වාර්තා විය. 2016 දෙසැම්බර් මුල් හරියේදී දවයස අවුරුදු හත හා අට වශයෙන් වූ ගැහැනු ළමයින් දෙදෙනෙකු විසින් මයිඩුගුරිහිවෙළඳපොළක පුපුරුවා ගන්නා ලද මරාගෙන මැරෙන බෝම්බවලින් 20ක් පමණ පිරිසක් තුවාල ලැබූ හ. මෙම සිදුවීම් සම්බන්ධ චෝදනාව එල්ල වන්නේ රජයේ ප්‍ර‍හාරවලට ලක් වී සිටින ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන බොකෝ හරාම් සංවිධානයටයි. මයිඩුගුරි බොකෝ හරාම් සංවිධානයේ නිජබිමයි. දැඩි ශාරියා නීතිය මත පදනම් වූ ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් සටන් කරන බොකෝ හරාම් සංවිධානය විසින් දියත් කර ඇති කැරැල්ල නිසා පසුගිය සත් වසර තුළ මිනිසුන් 20,000ක් මිය ගොස් තවත් ලක්ෂ 26ක් අවතැන් වූ හ. බො...

සපත්තු බල්ලුක වස්තුව

Image
අපට ගැලපෙන සපත්තු මේක ලියවුණේ මාතලන්ගෙ සෙරෙප්පු පෝස්ට් එකට ඇනෙක්සියක් විදියටයි. කමෙන්ට් එකක් දාන්න ටිකක් ලියලා බැලින්නම් ඒක පෝස්ට් එකක් ම වෙලා. ඉස්සර පෑවිල්ල කාලෙට පාරෙ තාර උණු වෙනවා. අපි ඉතින් ඒව උඩින් ඇවිදලා කකුල පතුලෙ තාර අලවාගෙන සපත්තු දාලා කියලා කියනවා. අපේ ගම්වල කට්ටිය සපත්තු දාගෙන යන එකට ඔලොක්කුවට ලාඩං ගහනවා කියනවා.  තුන්මං හන්දිය චිත්‍ර‍පටයේ කොල්ලා ලාඩං ගහලා කොර ගහ ගහා මගුල් ගෙදර ගිහින් හැන්දෑවෙ ආපහු එන්නෙ කකුල් කපාගෙන ලාඩං දෙක අතින් අරන්.  බාටා එකක් මඩේ එරිල ආපහු ගන්න ඇද්දාම වෙන දේ මතක ද? එක්කො ඉස්සරහ පටි කොණ පනිනවා. නැතිනම් හොඳ මඩ පාරක් වදිනවා.  හැත්තැ හතේ ආර්තිකේ විවෘත කළාට පස්සෙ බාටා වෙනුවට ආවා ප්ලැට්ෆෝම්. ඒක රබර් නෙමෙයි නිකං හයිය රිජිෆෝම් වගේ ජාතියක්. උසයි. පාට පාටයි. බිංකො කියල ජාතියකුත් තිබුණා. ඒවා ප්ලාස්ටික්වලින් අච්චුවේ වක්කරලා හදපු ජාතියක්. සම්ම ජාතියෙ කැඩෙන්නෙ නැහැ. ටිකක් කල් ගිහින් වහතු පාට එනවා. ඔය සියරට දේ සිරි සැප දේ කියන එක්ටා විරෝධී සෝමචන්ද්‍ර‍ රාජපක්ෂට දැන්වත් සපත්තු හරියට අලෝගන්න පුළුවන් ගම් එකක් ලැබිල ද දන්නෙ නැහැ. මං නම් ඕවා ...