Posts

සිරියාවේ ඇලෙපෝහි යුද්ධය හා අපේ කාලයේ ඈන් ෆ්‍රෑන්ක්?

Image
“මගේ තාත්තාට තුවාල වෙලා. මං අඬනවා," යන සංදේශය ට්විටර් මගින් ලෝකය සමග බෙදා හදා ගත්තේ බනා අල්-ආබෙද් නම් සත් හැවිරිදි සිරියානු දැරියයි. රුසියානු හා ඉරානියානු ආධාර ලබන සිරියානු රජයේ හමුදා විසින් කැරැලිකරුවන්ගේ ග්‍ර‍හණයෙන් සිරියාවේ ප්‍ර‍ධාන නගරයක් වන ඇලෙපෝ නගරය අල්ලා ගැනීමේ මෙහෙයුමේදී බනාත්, ඇගේ මව ෆාතිමාත් පසුගිය සැප්තැම්බරයේ සිට ඇගේ නමින් වන ට්විටර් ගිනුම හරහා ලෝකය සමග ඇලෙපෝහි තතු බෙදා හදා ගත්තා ය. යුද ගැටුම් මැද, බෝම්බ තර්ජන මැද ඇය හා ඇගේ සොයුරු සොයුරියන් බියෙන් ගෙවන ජීවිතය ගැන ඇය තැබූ සටහන් ලෝකයේ අවධානයට ලක් වූ අතර කෙටි කලකින් ලක්ෂ දෙකක් පාඨකයෝ ඇගේ ට්විටර් ගිනුමට දායක වූ හ. මෙම සටහන තබන විට ඇය සිය අවසන් ට්විටර් සංදේශය ලියා තිබුණේ දෙසැම්බර් 13දා ය. “මගේ නම බනා. මට වයස අවුරුදු 7යි. මම සජීවීව ලෝකය අමතන්නේ නැගෙනහිර ඇලෙපෝ සිටයි. මේ මැරෙන්නට හෝ ජීවත් වන්නට මට ඇති අවසන් අවස්ථාවයි," යි ඇය සටහන් කළා ය. රුසියානු ජනාධිපති බෂාර් අල්-අසාද් මෑතදී මාධ්‍යයට පැවසුවේ මෙම බනාගේ ගිනුම තවත් එක් මාධ්‍ය බොරුවක් බවයි. එහෙත්, වොෂින්ටන් පෝස්ට්හි කයිට්ලින් ගිබ්සන් පවසන්නේ බනා හා ඇගේ පවුල සත්‍...

රැළි මත පාවෙන කැප්ටන්ලා සහ ටින්ටින්ලා...

Image
හම්බන්තොට වරායේ සිදුවීම සමග නාවික හමුදාපතිවරයාගේ සහ මාධ්‍යවේදියාගේ වෘත්තීයභාවය පිළිබඳ නොයෙක් සංවාද ඇති වුණා. මාධ්‍යවේදය, සමාජ වටිනාකම් සහ අද කාලයේ සමාජ ප්‍රවණතා පිළිබඳ සංකීර්ණ ප්‍රශ්න කීපයක් මේ සිදුවීම එක්ක ඉදිරියට ආවා. නූතන පසුබිම යටතේ මාධ්‍යවේදය වැනි ක්ෂේත්‍රයක් ප්‍රශ්න කිරීම කළ යුත්තේ සියළු තත්ව සලකා බලන සංකීර්ණ පදනමක සිට පමණයි. අද මාධ්‍යවේදය කියන්නේ විසුරුණු පරාසයක, විසුරුණු අරමුණු වෙනුවෙන් කෙරෙන සංකීර්ණ ක්‍රියාදාම පද්ධතියක්. මාධ්‍ය හා බැඳුනු ප්‍රසිද්ධිය කියන්නේ බලයට, ආරක්ෂාවට, පැවැත්මට මගක්. යම් අදහසක් වෙනුවෙන් හැකි ඉක්මනින් අනුගාහකත්වය සංවිධානය කිරීමටයි අද මාධ්‍යය මූලික වශයෙන් භාවිතා වෙන්නේ. කෙනෙකුට අවශ්‍ය අරමුණක් අනුව තොරතුරු සොයා ගැනීමට හෝ තෝරා ගැනීමට ඕනැ තරම් මාධ්‍ය ඇති අතර ම, තොරතුරු සකස් කෙරෙන්නේ සුවිශේෂ අරමුණු වෙනුවෙන් පමණ යි. ‘මාධ්‍යකරණය යනු තොරතුරු සන්නිවේදනයයි’ වැනි අහිංසක අදහස් දැන් යල් පැන ගොස් බොහෝ කල්.  ඒ අනුව මාධ්‍යවේදය තව දුරටත් ‘දුරින් සිට’ හෝ මධ්‍යස්ථව සිට හෝ ‘වාර්තා’ කිරීමක් වෙන්නේ නැහැ; එය සිදුවීමක අඛණ්ඩ කොටසක්. සිදුවීමකට සජීවීව හවුල් වීමෙන්, අදාළ පාර...

කැරැලි, කලබල ආවරණය කිරීම සඳහා මාර්ගෝපදේශ

Image
මේක ටික කලකට උඩදි ලංකාවේ පැවති මාධ්‍ය පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් මම පරිවර්තනය කර දීපු ලියවිල්ලක්. ලංකාවේ මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නේ මාධ්‍යවලට ඇල්මක් තිබෙන අයව සූරා කා ඡායාරූප, පුවත් ආදිය අතරේ දැන්වීම් විකුණා ලාභ ලැබීමයි. ලංකාවේ කිසිදු මාධ්‍යයකට තමන් වෙනුවෙන් වැඩ කරන මිනිසුන්ට, විශේෂයෙන් ම නිදහස් මාධ්‍යකරුවන්ට හා ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට සාධාරණ අන්දමින්, කලට වේලාවට මුදල් ගෙවීම පිළිබඳ කිසිදු හැඟීමක් නැත. මාධ්‍යකරුවන් පුහුණු කිරීම යන්න මාධ්‍ය ආයතනවලට අදාළ ම නැති දෙයකි. මාධ්‍යකරුවන් කොහෙන් හෝ පුහුණු වී පැමිණ සේවය කළ යුතු යයි ඔවුහු සිතති. මේ හේතුවෙන් බොහෝ නිදහස් හා ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට සාමාන්‍යයෙන් කිසිදු පුහුණුවක් නැත. එවැනි අයට මෙම ලේඛනයේ ප්‍රයෝජනයක් ඇතැයි සිතන බැවින් පළ කරමි. එය පරිවර්තනය කිරීම වෙනුවෙන් මට ගෙවීම් කළ ආයතනයට ස්තුතිය හිමි වේ.  ආත්මාරක්ෂාව වෘත්තීය මාධ්‍යකරුවකුගේ මූලික ප්‍ර‍මුඛතාවකි. තවත් වාර්තාකරණයක් සඳහා ඔබ ජීවත් විය යුතු ය.  පෙළපාලි හා සිවිල් අසහනයන් ආවරණය කිරීම සඳහා මාර්ගෝපදේශ   සූදානම 1.     කල් තබා සැලසුම් කරන්න...