Posts

අමුතු තොරණක වරුණ

Image
‍‍තොරණ කියන්නේ චුල සම්ප්‍රදායේ ජනප්‍රිය කලාංගයක්. චිත්‍ර කලාවට තාක්ෂණය මුසු කළ එය අලුත් අදහසක් ප්‍රකාශ කරන්න යොදා ගන්න උත්සාහ කළ අවස්ථා තිබෙනවා. මේකත් එහෙම දෙයක්. විස්තර මේ සටහනේ නො තිබුණාට ආරංචි හැටියට මෙහි නිරූපණය වන්නේ කාන්තා හිංiනයෙන් වැළකීමේ අගය. අපි මේ සටහන පළ කරන්නේ ඒකයි. තොරණ බලන්න යන්න. "තොරණක් කියන්නෙ ඉතින් තොරණක්. ඒක අපි හැමෝම දන්න කාරණාවක්. පන්සිය පණස් ජාතක පොතෙන් මොකක් හෝ ජාතකයක් තෝරගෙන තොරණ ආර්ටිස්ලා, ඉලෙක්ට්‍රීශන්ලා සෙට් කරගෙන චිත්‍ර ඇඳගෙන ෆ්ලෑශර් කොට, පුවක් ගස් බැඳගෙන සෑහෙන පිරිසක් වෙහෙස මහන්සි වෙලා හදන අඩි විස්සෙ තිහේ තොරණ සමහර වෙලාවට අපි බලන්නෙ අඩි දෙසීයක් තුන්සීයක් ඈත හිටගෙන, නැත්නම් වාහනයක යන ගමන්. එහෙම වත් වාසනාවක් නැති අය ඉතින් දෙයියනේ කියල ටී.වී එකෙන් තමයි බලන්නෙ. ඒත් කීයෙන් කී දෙනාටද තොරණෙ කතා වස්තුව මතක තියෙන්නෙ? මම ආගම දහම ගැන ලොකුවට දන්න පුද්ගලයෙක් නොවුනට කියවල තියෙන සොච්චමෙන් තෙරුම් ගත්තෙ අපිට ඒ කතා වල ගන්න දෙයක් තියෙන බව. ඒත් අපිට තොරණෙ පාට පාට බලුප් අඟර දඟර දාන හැටි විතරයි මතක හිටින්නෙ. ඉතින් මම මේ හෑල්ල ලිව්වෙ අපිත් තොරණක් හදන නිසා. හැබැයි මේ තොරණ...

නඩුත් සරත්ගෙ බඩුත් සරත්ගෙ

Image
(2011 මැයි 12,   W3Lanka )  ලංකාවේ ඇතැමුන් ආණ්ඩුවට විරුද්ධ වන්නේ පැහැදිලි ප්‍රතිපත්තියක් මත සිටිමින් නො වේ. ආණ්ඩුවේ වැරදි ක්‍රියාකලාපයනට සහභාගි වන්නට තමන්ට අවස්ථාවක් නැති හෙයිනි. එවැන්නන්ට මහා වීරයෙකි, හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා. ඔහු උඩ තබාගෙන, ඔහුගේ කතා මහ ඉහළින් ගන්නා මාධ්‍ය හා දේශපාලන අංශවල ඇස් අරවන නඩුවක් පිළිබඳ අද දිවයින පුවත්පත වාර්තා කරයි. මෙම නඩුව පවරා ඇති ඩී.කේ. අභය පද්මසිරි අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ නිලබලය අයුතු ලෙස පාවිච්චි කොට පුද්ගලික පළිගැනීමක්‌ වශයෙන් තමන් දින 294ක්‌ රක්‍ෂිත බන්ධනාගාර භාරයේ තැබීම නිසා සිදුවූ මානසික පීඩාවට හා ආර්ථික හානියට වන්දියක්‌ වශයෙන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගෙන් රුපියල් ලක්‍ෂ 100 ක්‌ අයකර දෙන්නැයි ඉල්ලා ගොනු කොට තිබියදී කොළඹ දිසා අධිකරණය මගින් නිෂ්ප්‍රභා කළ නඩුවක්‌ නැවත විභාග කිරීමට නියෝගයක්‌ ලබාදෙන ලෙසයි. එදා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ එම නඩුව කැඳවූ අවස්‌ථාවේදී, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු උපදෙස් මත, එවකට දිස්ත්‍රික් විනිසුරු ටී. ඩී. ගුණසේකර හේතු විවෘත අධිකරණයේදී ප්‍රකාශ නොකොට එය නිෂ්ප්‍රභ කළ බවත්, ...

ලංකාවේ දුප්පතුන් ලෝකයට යා කරන සම්බන්ධතා රැහැණ ගෙන පළමු මගී නෞකාව තූත්තුකුඩියේ සිට ලංකාවට

Image
(2011 මැයි 11,   W3Lanka )  අද ‍ඓතිහාසික දිනයකි. හේතුව, නාවික සැතපුම් 152ක් දුර ගෙවා ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට මගී නැවක් කොළඹ වරායට පැමිණීමයි. මේ නෞකා සේවය මෙසේ යළි ඇරඹෙන්නේ දශක ගණනාවකට පසුවයි. ඉන්දියාවේ දකුණු දිග ගුවන් තොටුපලකට සාමාන්‍යයෙන් පැයකට අඩු කාලයකින් ගුවනින් යා හැකි ය. මෙම නැව් ගමනට පැය 10ක් 12ක් ගත වේ. එහෙත්, ඒ සඳහා යන වියදම අඩු ය. මේ ඇරඹෙන්නේ දෙරට අතර පොදු ජනයාගේ ගමනාගමන සේවයයි. ඉන්දියාවේ සිට ලංකාවට නැවෙන් එන මගීන් 500 අපි උණුසුම් හැඟීමෙන් පිළි ගනිමු. ඔබ ‍එන්නේ හිස් අතින් නො ව, ලෝකය සමග ලංකාවේ පීඩිතයන්ගේ සම්බන්ධතා රැහැණත් රැගෙන බව අපි කියමු. දූපත් මානසිකත්වයෙන්, ජාතිවාදයෙන් මිදීමේ යතුරක් මේ මුහුදු සම්බන්ධතාව තුළ ඇති බව අපේ අදහසයි. මේ දූපතේ ඓතිහාසික උරුමය සඳහා මෙම නාවික සම්බන්ධය සුවිසල් දායකත්වයක් සපයා ඇත. හොඳ දේ ලොවින් ගැනුමට හා ලොවට දීමට ලාංකිකයන් බුද්ධිමත් විය යුතු ය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

සක්විති රණසිංහ වහා නිදහස් කළ යුතු ය (කොලොප්පංගේ ආර්ථික විශ්ලේෂණය)

Image
(2011 මැයි 10,   W3Lanka )   රජය සක්විති රණසිංහ වහා නිදහස් කළ යුතුව ඇති බව අපි යෝජනා කරමු. හේතුව, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල හා සක්විති රණසිංහගේ 'ව්‍යාපාර'ය අතර වෙනසක් නැතිකමයි. සක්විති රණසිංහ කළේ විශාල පොලියක් ගෙවන බව කියා මිනිසුන් ඉතිරි කරගෙන සිටි මුදල් තමන් අතට ලබාගෙන කැසිනෝ ගසා, වෙනත් ආතල් ගෙන පැන යාමයි. ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදලෙන් කරන්න යන්නේ ද එය ම ය. පෞද්ගලික අංශයේ ‍සේවකයන් විසින් ඉතිරි කරන ලද මුදල් සියල්ල රජය නම් පවුලේ සමාගම භාරයට ගෙන එයින් ආතල් ගැනීම ආණ්ඩුවේ අභිප්‍රායයි. කළාට කියනවා නො වේ; ඕනෑ නම්, උදාහරණයක් ලෙස මෙහෙම කරන්නත් පුළුවන. මේ සල්ලිවලින් මැද්දේ ගල් පර්වත සහිත වරායවල් හැදිය හැකි ය. වරාය හදන කොන්ත්‍රාත්තුවෙන් ඇති තරම් හම්බ කර ඉන් පසු වරායට වතුර පුරවා ගල කැඩීමේ කොන්ත්‍රාත්තුව පටන් ගත හැකි ය. සක්විති රණසිංහ ද කළේ එවැනි දේ නො වේ ද? මෙම විශ්‍රාම වැටුප් අරමුදලේ අරමුණ පෞද්ගලික අංශයේ සේවකයන් උපයා, ඉතිරි කර ගත් මුදල කොල්ල කෑම හැර අන් යමක් නො වේ. මෙම විශ්‍රාම වැටුප් අරමුදලෙන් විශ්‍රාම වැටුප් ලැබෙන්නේ වයස අ...

ලංකා ඊ නිව්ස් තහනම ඉවත් කරනු!

Image
ලංකා ඊ නිව්ස් තහනමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය දියත් කරන උද්ඝෝෂණය අද දවල් 12ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ටෙරන්ස් පුරසිංහගේ මරණ වරෙන්තුව දිනමිණේ

Image
(2011 මැයි 09,   W3Lanka )   ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අධිපති ආචාර්ය ටෙරන්ස් පුරසිංහ අප දන්නා තරමින් නම් කිසිදු දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයකු නො වන ස්වාධීන විචාරකයෙකි. මාක්ස්වාදියකු වන හේ විශේෂයෙන් ම ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි ලා දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකමට ගරු කරන්නෙකි. ධනේශ්වර විරෝධියෙකි. ප්‍රගතිශීලී මහජන අරගලවලට පක්ෂපාතිත්වයක් දක්වන්නෙකි. ඔහු වැනි චින්තකයකු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශාධිපති ධුරය දැරීම එම සරසවියට ගෞරවයකි. මක් නිසා ද යත්, අධිපති මතවාද විවේචනය කරන්නකුට පවා එවැනි තනතුරක් ලබා දීමෙන් විශ්ව විද්‍යාලය පෙන්වන්නේ සිය චින්තනමය පුළුල්කම ය. එහෙත්, මේ වන විට ලංකාවේ විශ්ව විද්‍යාල බුද්ධි මණ්ඩප නො ව, සටහන් කට පාඩම් කර විභාග ලියා සමත් වී ගුරුවරුන් වී තමන් කලින් ලියා ගත්, බොහෝ විට ඒවා දුන් අය ද තමන්ගේ ගුරුවරුන්ගෙන් ලියා ගත් සටහන් කියවන (සංකල්පය නලින් ද සිල්වාගේ ය), අනුකාරකවාදී, පටු කල්පනාකාරී, දේශපාලන ප්‍රචාරකයන්ගේ හා බත් බැලයන්ගේ තෝතැනි වේ. පුරසිංහගේ පුටුවේ වාඩි වන්නට කෙළ හළන පිරිස් සිසුන් ද උසි ගන්වම...

ජාතිවාදීනට ආණ්ඩුවෙන් සමු ගන්න කල එළඹෙමින් තිබේ

Image
(2011 මැයි 08,   W3Lanka )  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් හෙළා දැකීමේ පඹයන් පිළිස්සීම්, මාරාන්තික උපවාස ආදී මළ විකාරවලට ඉඩ නො දී එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට උපරිම ආරක්ෂාව සලසන ලෙස චීනය හා රුසියාව ලංකාවේ ආණ්ඩුවට උපදෙස් දී ඇති බව අද ලක්බිම නිව්ස් පුවත්පත වාර්තා කරයි. ඉල්ලීම නො තකා එවැනි ක්‍රියා කරන්නට ගියහොත් ලංකාවට දෙන සහයෝගය ඉවත් කර ගන්නා බව ද එම දෙරට විසින් දැනුම් දී තිබේ. ඒ අනුව, ආණ්ඩුව සිය උද්ඝෝෂක හා උපවාසකාර වඳුරන් කූඩු කර ඇති අතර, ජනතාව කුපිත කිරීම විදේශිකයන්ට නො තේරෙන සිංහල දිනමිණ හා දිවයින පත්තර දෙකට භාර දී ඇත. සිම්පල් වැඩක් ලෙස සිතා විකල්ප එක්සත් ජාතීන්ගේ සංවිධානයක් හදන්නැයි විමල් වීරවංශ කළ යෝජනාවට කුමක් වේදැයි අපි නො දන්නෙමු.  මේ වනාහි ලංකාවේ ආණ්ඩුවට එරෙහිව තිබෙනවා ය කියන 'කුමන්ත්‍රණයේ' ම කොටසකි. චීනය හා රුසියාව ලවා ම ලංකාව ආපසු ගෝලීය ධනවාදයේ ට්‍රැක් එකට හෙවත් මාර්ගයට දමා ගැනීමට බටහිර අකැමැති නො වනු ඇත. ලංකාවේ පාලකයන්ගේ බටහිර විරෝධය යනු ගෝලීය ධනවාදයට එරෙහි එකක් නො ව, ‍පසුගාමී පවුල්වාදී, ජාතිවාදී හා ආගම්වාදී බලපෑම් නිසා සිදු ...

තට්ට බෑමේ මහා පූජෝත්සවය

Image
සිල් බි‍‍ඳෙන මෙවැනි ඇඳුම් ගැහැනුන්ට ඇන්දවීමේ ක්‍රිස්තියානි කුමන්ත්‍රණ පැරදවිය යුතු ය.  (2011 මැයි 07,   W3Lanka )  බුදු දහම අනුව, ගෘහස්ථ සීලයේ හෙවත් ගිහි සීලයේ මූලික කොටස් වන්නේ පන්සිල්, අටසිල්, ආජීව අට්ඨමක සිල්, නවාංග සිල් හා දස සිල් ය. දස සිල් සමාදන් වීම ඉතා හොඳ දෙයකි. දස සිල් නැතත්, දේශපාලකයන් නම් පන්සිල් රැක්කත් රටට සේවයකි. අඩු තරමේ සතුන් හා මිනිසුන් මැරීම, සොරකම් කිරීම හා බොරු කීම නැවැත්වීම ලොකු දෙයකි. මේ තුන නො කර දැන් දේශපාලනය යයි කියන දෙය කරන්නේ කෙසේදැයි අපෙන් ඇසීමෙන් වළකින්න. කාමයෙහි වරදවා හැසිරීම හා මත් වීම මුළුමනින් ම නැවැත්වීම ගැන නම් අපි කතා නො කරමු. අපේ චම්පික රණවක ඇමතිතුමාත් ඔහුගේ ප්‍රධාන සහචරයන් දෙදෙනා වන උදය ගම්මන්පිල හා නිශාන්ත ශ්‍රී වර්ණසිංහත් හෙට හිස මුඩු කර දස සිල් සමාදන් වන බව අසා අපි මහත් ප්‍රීතියට පත් වුණෙමු. ඇත්තෙන් ම, එය ඔවුන් විසින් මෙතෙක් කරන ලද ‍දේශපාලනය උඩු යටිකුරු කරන දැවැන්ත ප්‍රතිපත්තිමය තීන්දුවකි. තට්ටෙ බාන බොහෝ දෙනාට මෙන් එතුමන්ලාට ඉස්සරහින්, මැදින් තට්ටෙ පෑදීමේ ප්‍රශ්නයක් ද නැත. නවීන විලාසිතා අනුව යාම බුදු දහම තරුණ පරපුර ...

අධ්‍යාපන ඇමති බඩුත් එක්ක ම මාට්ටු

(2011 මැයි 06,   W3Lanka )  ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පරිපාලනය යනු අවුල් ජාලයකි. සුදුසුකම් රහිතව දේශපාලන අනුග්‍රහය මත වැඩ බලන නිලධාරීන්ගෙන් හා ඊනියා දේශපාලන පළි ගැනීම් මුවාවෙන් පරිපාලන නිලධාරි පත්වීම් ලද නිලධාරීන්ගෙන් සමන්විත එය රටේ අධ්‍යාපනයේ පරිහාණියට ප්‍රධාන හේතුවකි.  අධ්‍යාපන කාර්යාල බොහොමයක අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගෙන් ඵලදායී සේවයක් ඉටු වන්නේ නැත. බොහෝ කාර්යාලවල ඔවුන්ට හරි හමන් පුටුවක්, මේසයක් හෝ රාජකාරි සඳහා ගුරුවරුන් හමු වීමේ පහසුකම් නැත.  ඒ අතර ම අධ්‍යාපන පරිපාලන සේවයේ පහළ ශ්‍රේණිවල පුරප්පාඩු රැසක් ඇති බව ද කියැවේ.  අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසුගියදා අයදුම්පත් කැඳවන ලදී. විභාග ගාස්තුව රු. 1000කි. ගුරුවරුන් 50,000කට වඩා මෙම විභාගයට අයදුම් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. එවිට විභාගය හොඳ ආදායම් මාර්ගයක් වේ. එහෙත්, අධ්‍යාපන අමාත්‍යංශය මෙම විභාගය පවත්වන්නේ හුදෙක් ආදායම් මාර්ගයක් ලෙස පමණක්දැයි සැක සිතෙන තත්වයක් මතු වී තිබේ.  අධ්‍යාපන පරිපාලන සේවයේ තෙවැනි ශ්‍රේණියේ තනතුරුවල වැඩබලන නිලධාරීන...

නීතියට පිටින් කළ මිනිස් ඝාතන සම්බන්ධයෙන් බරක් ඔබාමා දෝෂාභියෝගයට ලක් කළ යුතු ය.නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය.

Image
(2011 මැයි 05,   W3Lanka )  ඔසාමා බින් ලාඩන් මරා දමන ලද මොහොතේ ඔහු සිටියේ නිරායුධව බව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරයකු වන ජේ කාර්නි ඊයේ පිළි ගත්තේ ය. එසේ ම, බින් ලාඩන් ඉදිරියට පැමිණි ඔහුගේ යේමන් ජාතික තරුණ බිරිඳගේ කකුලකට වෙඩි තැබූ බව ද, ඇය මිය නො ගිය බව ද ජේ. කාර්නි පවසයි. කාර්නි මෙසේ පවසයි: "There was concern that bin Laden would oppose the capture operation, and indeed he did resist." ඔසාමා බින් ලාඩන් අල්ලා ගැනීමේ මෙහෙයුමට විරුද්ධ වනු ඇතැයි සිතූ මේ සීල්ස් නාවික හමුදා කණ්ඩායම කර ඇත්තේ ඒ මොහොතේ නිරායුධව සිටි ඒ මිනිසා වෙඩි තබා ඝාතනය කර මිනියත් රැගෙන හෙලිකොප්ටරයකින් ගොස් ඔසාමා ආදාහනය කළ තැන ස්මාරකයක් වනු ඇතැයි බියෙන් ඉස්ලාම් චාරිත්‍රවලට පටහැණිව ගල් ගැට ගසා මිනිය මුහුදට අත හැරීමයි. ඔසාමා ඝාතන මෙහෙයුම තමන් පෞද්ගලිකව ම මෙහෙයවූ එකකැයි පාරම් බාන එක්සත් ජනපද ජනාධිපති ඔබාමා අපරාධකරුවකු බව තමන්ගේ ම සාක්කියෙන් ඔප්පු වෙයි. මෙම ඝාතනය වචනයේ පරිසමාප්ත අරුතින් ම නීති විරෝධී මරණීය දණ්ඩනයකි. නීතියට පිටින් කරන ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ මැදිහත්කරු පිලිප් ඇල්ස්ටන් වහා මේ පිළිබ...

පාලකයන්ට ප්‍රඥාව පහළ කර ගන්න රනිල්ගේ කතාව නිමිත්තක්

Image
(2011 මැයි 04,   W3Lanka )  ඩේලි මිරර් පුවත්පතින් උපුටා ගෙන අප මෙහි පළ කළ ඡායාරූපය ජාතික හෙළ උරුමය ඊයේ පැවැත්වූ අධිෂ්ඨාන පූජාවේදී ගනු ලැබූ එකකි. අධිෂ්ඨාන පූජාවට සහභාගි වන අධිෂ්ඨානය බිඳ ගත් භික්ෂුවක් සිය අත ඇති ඩිජිටල් කැමරාවෙන් ඡායාරූපයක් ගන්නා අන්දම එහි සටහන් වී ඇත. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන්ට තිසරණ බලෙන් ප්‍රඥාව පහළ කිරීම මෙම අධිෂ්ඨාන පූජාවේ අරමුණ විය. අබෞද්ධ බෑන් කී මූන්ට ප්‍රඥාව පහළ කිරීමට පෙර බෞද්ධ භිකෂූන් කළ යුතුව ඇත්තේ අර්බුදයට මුහුණ දී සිටින මේ රටේ පාලකයන්ට අවස්ථාවට මුහුණ දීම සඳහා ප්‍රඥාව අවදි කර ගැනීම සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමයි. පාලකයන්ට සැබැවින් ම ආදරය කරන ඔවුන්ගේ හිතවතුන් මේ මොහොතේ හැසිරිය යුත්තේ වළං කඩේට පැන්න ගොනුන් විලස නො වේ. ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැහැදිලිව සඳහන් කළ අන්දමින් මේ වනාහි 1987දී ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් යුද්ධයට කොටු වී සිටි ජනතාවට ආහාර ආධාර ගුවනින් සැපයූ අවස්ථාව වැනි එකකි. අප දකින අන්දමට නම්, මේ වනාහි කොටි සංවිධානය මර්දනය කිරීමෙන් පසු සංහිඳියාව ඇති කිරීමට හ...