Posts

ශාස්තෲ නවකතාවෙන් කොටසක්

Image
( 2010 නොවැම්බර් 24,  W3Lanka )  ‘‘පක්ෂය නැවත පණ ගන්වන්න නම් අසීමිත කැප කිරීම් හරහා යන නව සටන්කාමිත්වයක් අවශ්‍යයි කියන යෝජනාව කළේ මම. අනුන්ට අභියෝග තල්ලූ කරන්න බැරි නිසා පළමු උත්සාහයේ වගකීම මම ම භාර ගත්තා. මගේ හවුල්කරුවා වෙන්න සිරා ඉදිරිපත් වුණේ මහත් කැමැත්තකින්. අපට තිබුණෙ හනිමූන් ගිය ජෝඩුවක් වගේ හෝටලයේ ඉඳලා අදාල ඉලක්කය අරගෙන බෝම්බය පුපුරුවාගෙන මැරෙන්න. ඒත්, ඊට කලින්දා රාත‍්‍රියේදී, ගිය සුමානේ අර වේදිකාව උඩදී උඹ මගෙන් උදුරා ගත් හිස් වටිනාකම මගෙන් අරගන්න ඌට උවමනා වුණා. මට හොඳට ම කේන්ති ගියා. මම කිව්වා ආදරය නො කරන මිනිහෙකු එක්ක හැමනෙන්න මම උගේ අම්මා වගේ වෙසඟනක් නෙමෙයි කියලා. උගේ මරණයට කාගේවත් තේරුම් නොවෙයි, උගේම අර්ථයක් උවමනා නිසා අකැමැති වුණොත් මාව බලෙන් දූෂණය කරන බවට ඌ මට තර්ජනය කළා. මම ඌට මේ දැන් උඹට ගැහුවා වගේ ගැහුවා. ඇත්තම කියනවා නම් මාව දූෂණය කරන්න තියා මගේ පාරක් වළක්වන්න තරම්වත් රළු හිතක් ඌට තිබුණෙ නැහැ. පොඩි දරුවෙක් වගේ මගේ දෙපා වැඳලා ඌ සමාව ඉල්ලූවා. මම ඌ දාලා ඇවිත් පක්ෂයට පැමිණිලි කළා. පක්ෂය නැවත ගොඩනැඟීමේ ඒ ව්‍යායාමයත් අසාර්ථක වුණා.’’ (නෙළුම්) ඒ වන විට පණ බේරාගෙන ව...

අයවැයෙන් රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි වන හැටි මෙන්න! | How salaries of public and private sector employees increased from 2011 budget of Sri Lanka

Image
( 2010 නොවැම්බර් 23,  W3Lanka )  අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කළා ද? නැද්ද? අද උදෑසන රටේ ප්‍රධාන ජනමාධ්‍ය ඔස්සේ මෙම පැනයට පිළිතුරු සෙවීමට වෙහෙස දැරීමි. එහි ප්‍රතිඵල මෙසේ ය: රජයේ නිල වෙබ් අඩවිය වන www.news.lkහි අයවැය කතාවක් නැත. දිනමිණ වෙබ් අඩවිය පවසන්නේ 'රජයේ සේවක වැටුප් 5%කින් ඉහළට' කියා පමණි. දිවයින වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට 'සියලුම රාජ්‍ය අංශ සේවකයන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 600 කින් ඉහළ දැමීමට යෝජනා කරන බව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා 2011 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඊයේ (22 දා) පස්‌වරුවේ ප්‍රකාශ කළේය. එමෙන්ම 2011 ජනවාරි මාසයේ සිට ආරක්‍ෂක අංශ ඇතුළු සියලුම රජයේ සේවකයන්ට මූලික වැටුපෙන් 5% ක දීමනාවක්‌ද ලබා දීමට යෝජනා කර ඇත. විශ්‍රාමිකයන් සඳහා ගෙවන ජීවන වියදම් දීමනාව රු. 300 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත.' Daily Mirror පුවත්පත පවසන පරිදි 'A 5% monthly allowance increase as a non pensionable allowance will be provided for all public servants and security personnel. Rs.600 increase in cost of living allowance from January to al...

මහජන අනන්‍යතාවෙන් ඉල්ලා අස් වීමේ ප්‍රකාශය

Image
( 2010 නොවැම්බර් 22,  W3Lanka )  මෙම ලේඛකයා අද දින සිට මහජන යන අනන්‍යතාවෙන් ඉවත් වන බව දැනුම් දෙනු ලැබේ. කොටින්‍ ම කීවොත් මෙම ලේඛකයා මින් ඉදිරියට මහජනයාගෙන් කෙනෙකු නො වන බව කරුණාවෙන් සලකන්න. අපේ සමහර කමෙන්ටුකරුවන් සේ හරකෙක්, බූරුවෙක් ලෙස සැලකුවාට වරදක් නැත.  අභිනව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාට උණුසුම් සුබ පැතුම්! අද සිට මෙම ලේඛකයා සම්බන්ධ කටයුතු භාර ගන්නා ලෙස ආරුමුගම් තොන්ඩමන් ඇමතිගෙන් ආඩම්බරයෙන් ඉල්ලා සිටිමි.  Bookmark, remember easily and come again   www.w3lanka.com

තිස්සමහාරමයේ වළං කට්ටෙන් නැවත මතු වන ඉතිහාස ගැටලුව | The problems of history that re-emerges from Tissamaharama inscription

Image
(2010 නොවැම්බර් 22,  W3Lanka  - අජිත් පැරකුම් ජයසිංහ )  ලංකාවේ දකුණේ තිස්සමහාරාමයේ පුරා විද්‍යාත්මක කැණීමකදී මතු වූ වළං කැබැල්ලක ඇති අකුරු හේතුවෙන් මේ වන විට සිංහල, දෙමළ ඉතිහාසඥයන් හා සමාජ ක්‍රියාධරයන් අතර ඉතිහාස මත ගැටුමක් ඇති වී තිබේ. මේ පිළිබඳව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව  http://si.archaeology.lk/   වෙබ් අඩවියෙහි මෙසේ පවසයි.  "තිස්‌සමහාරාමයේ පැරැණි මාගම නාගරික ගොඩැල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග කැනීම් කල ජර්මානු ජාතික පුරාවිද්‍යාඥයින් කණ්‌ඩායමක්‌ අකුරු කෙටූ පුරාණ වළං කැබැල්ලක්‌ සොයා ගෙන තිබේ. එම වළංකටුවේ කුරුටු ගා තිබෙන පාඨයට සංකේත හතක්‌ (7) අන්තර්ගතය. ඉන් පහක්‌ පැරණිතම බ්‍රාහ්මී අක්‌ෂර ලෙසත් ඉතිරි ඒවා සංකේත රූප ලෙසත් බැලු බැල්මට හඳුනාගත හැකිය. "සාමාන්‍යයෙන් කිසියම් රටකට අයත් පුරාවස්‌තුවක්‌ එම රටේ ආදාල බලධාරීන්ගේ අවසරයෙන් තොරව වෙනත් රටක ප්‍රකාශයට පත් කිරීම ආචාරධර්මවලට පටහැනි කටයුත්තක්‌ වුව ද මෙම ලිපිය පිළිබඳ විස්තර ලංකාවෙන් පරිබාහිර රටක පළ වී ඇත. "මේ සම්බන්ධයෙන් ඉරවදන් මහාදේවන් දක්වා ඇති අදහස්‌ මහත් අභිරුචියකින් ...

රජතුමා ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා (සහ තවත් අය) ගොනාට ඇන්දූ හැටි | How the king dressed or undressed Taboo Subjects

Image
( 2010 නොවැම්බර් 21,  W3Lanka )  ලංකාව ධනවාදය දෙසට නො ව, බුරුමය දෙසට ඇදී යමින් සිටින බව පසුගිය කාලයේ කිය කියා සිටි ටැබූ සබ්ජෙක්ට්ස් හොඳ ළමයකු වී ඇත. කොච්චර හොඳ වී ඇද්ද යත් නරක ළමයින්ට ඇඟිල්ල දිගු කර පෙන්නන්නත් පටන් ගෙන ඇත. "මේ දත්ත මත පදනම් වූ කතා නොව තරහට ඉරිසියාවට කියන දේවල්ය. විමල් වීරවංශද කාලයක් ඔහොම කතා කීවේය. දැන් ඔහු නැති නිසා කවුරුන් විසින් හෝ ඒ අඩුව පිරවිය යුතුය සිතමි." - ටැබූගේ කමෙන්ටුවකින් මේ ප්‍රකාශයෙන් පසු මහින්ද රාජපක්ෂ රට හදන එක ගැන ලේඛකයා ඇත්තෙන් ම ඉරිසියාවෙන් සිටින්නේ ද යන්න ලේඛකයා කල්පනා කර බැලුවේ ය. ලේඛකයා මේ වන විට කිසිදු දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් නියෝජනය කරන්නෙක් නො වේ. එවැන්නෙකුට මේ සම්ම ජාතියේ තමන්ගේ පාලනයක් යටතේ රට සංවර්ධනය කරන්නට අවස්ථාවක් ලැබෙන්නට ඉඩක් නැත. මක් නිසා ද යත් ඉස්සර මෙන් මාළිගාවේ ඇතා ඇවිත් ඔටුන්න හිමි කුමාරයා ළඟ දණ ගහන ක්‍රමයක් දැන් නැති නිසා ය. එහෙම එකක් තිබුණත් ඇතාට වරදින්නත් ඕනෑ ය. මෙය හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දැකීම වැනි දෙයකි. එහෙව් එකේ මහින්ද රාජපක්ෂ යනු ලේඛකයාට ඉරිසියා කරන්නට ලොකු වැඩි නිමිත්තකි. රට සංවර්ධනය ...

ආදරයෙන් හෝ වෛරයෙන් තොරව දෙවන ධුර ප්‍රාප්ති දිනයේ එතුමාට විවෘත ලිපියක් | An open letter to the Sri Lanka President on the first day of his second term office

Image
( 2010 නොවැම්බර් 19,  W3Lanka )  එතුමා අද දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දෙයි.  2010 ජනවාරි 26දා එතුමාට ඡන්දය දුන් ජනයා පවා මේ පදවි ප්‍රාප්ති සැණකෙළිය දෙස බලා සිටින්නේ උදාසීනව බව එතුමන් වට කරගෙන සිටින කපටීන් එතුමන්ට කියන බොරු නිසා එතුමන්ට තේරෙන්නේ නැතුව ඇත. එතුමන්ට ඡන්දය දුන් අය පවා කඩෙන් බඩු අරගෙන ගෙදර එන්නේ ගලේ පැහැරූ බළලුන් පරිද්නේ මූණ විරිවිට්ටන් කරගෙනයි.  ඉදිරි අයවැයෙන් හෝ සහනයක් ලැබෙතැයි එතුමාගේ සහායක පදනම වූ රජයේ සේවකයන්ට විශ්වාසයක් නැත. පඩි වැඩි කළත් අනෙක් පැත්තෙන් සෑහෙන්න බදු වැඩි කරනු ඇති බව ඔවුහු දනිති.  මෙම ලේඛකයා එතුමාට ඡන්දය දුන්නේ නැත. එහෙත්, ලේඛකයාට එතුමා සමග කිසිදු තරහක්, වෛරයක් ද නැත. එහෙම එකක් තිබෙන බව පෙන්වීමෙන් ලේඛකයාට වෙන ඇතැම් ජනමාධ්‍යවලට මෙන් මුදල් ලැබෙන්නේ ද නැත. එහෙයින් එතුමා දෙස තරමක් මධ්‍යස්ථව බලා අදහසක් ලියන්නට තරම් ලේඛකයා නිදහස් ය.  එතුමා සම්බන්ධයෙන් ලේඛකයාට ඇති ප්‍රබල ම විවේචනය වන්නේ එතුමා සිංහල ජාතිවාදීන්ට යට වීමට කලින් දැක්වූ කැමැත්තයි. එහෙත්, එතුමා ජාතිවාදියකුට වඩා ජාතිකවාදී නැඹුරුවක් සහිත, සුළු ධනේශ්වර චින්තනයකින් මෙ...

දෙමළ ද? දමිළ ද? දෙමළ ජනයා ද? තමිල් ද?

Image
( 2010 නොවැම්බර් 18,  W3Lanka )   පසුගියදා අප විසින් ලියන ලද  යාපනයේ මෝඩ දෙමළු මුස්ලිමුන් පන්නා වසර විස්සයි  ලිපියට අදාළව මතු වූ සංවාදයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කළ යුතුව ඇතැයි සිතේ. මෙම ලිපියෙහි මාතෘකාව පිළිබඳ  දිමිත්‍රි සාධනීය විවේචනයක් ගෙන ආවේ ය. යාපන තමිලුන් ගැන විවේචනයක් අපට ඇත. අපට පමණක් නො ව ‍යාපනයේ නො වන සෙසු බොහෝ තමිලුන්ට ද එම විවේචනය ඇත. එය ඔවුන්ගේ දේශපාලන හා සංස්කෘතික ආධිපත්‍යවාදය සම්බන්ධයෙනි. එහෙත්, ඒ වෙන ම කාරණයකි.  මෙතැන සංවාදය මතු වුණේ දෙමළු යන යෙදුම සම්බන්ධයෙනි.  'W3Lankaත් දැන් දැන් අනගාරික ධර්මපාල වර්ගයේ භෂාවෙන් වගේ වැඩ!' යි දිමිත්‍රි පළ කළ අදහසට අපි මෙසේ ප්‍රතිචාර දැක්වූවෙමු. 'දෙමළා යන පද‍යෙන් වාර්ගික පහත් කොට තැකීමක් හැඟවේ නම් සිංහලයා හා මුසල්මානයා යන පද ද එවැනි ම වේ. දෙමළෙන් තමිලාර් යන්නට දෙමළු යන බහුවචන නාමපදය හැර වෙනත් පරිවර්තනයක් නැත. දෙමළ ජනයා යනු දෙමළෙන් තමිල් මක්කල් ය. දමිළ යනු 1994න් පසු චන්ද්‍රිකා ආණ්ඩුවේ ඊනියා සුදු නෙළුම් සාම කුරුල්ලන් විසින් හදා ගන්නා ලද ව්‍යාජ පදයකි. දෙමළා, දෙමළු යන පදවලට යම් අපහාස...