Posts

අස්සයා පැන ගිය පසු දි ඉකොනොමිස්ට් සඟරාව වරායේ හිර කිරීම

Image
( 2010 අගෝස්තු 21,  W3Lanka )  ලෝක ප්‍රකට ආර්ථික සගරාවක් වන 'දි ඉකොනොමිස්ට්' මෙවර කලාපය රේගුවේ රඳවා තබාගෙන ඇති බව එම එම සඟරාව මෙරට බෙදා හරින විජිත යාපා සමාගම පවසයි. මෙම සඟරාව අනියමින් රට තුළ තහනම් කර තිබෙන්නේ එහි ලංකාව පිළිබඳ පළ වන ලිපියක් නිසා ය. එහි මාතෘකාව මෙසේ ය: Sri Lanka's post-war recovery (ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද කාලීන යඝා තත්වයට පත් වීම) Rebuilding, but at a cost (නැවත ගොඩනැඟීමක් එහෙත් මිළකට) Sri Lanka is developing again. But not all can celebrate (ලංකාව නැවතත් දියුණු වෙමින් තිබේ. එහෙත් සැමට සතුටු විය නො හැක.) ත්‍රිකුණාමලයේ සාම්පූර්හි පදිංචිව සිටි 6000ක් ජනතාවට එහි යළි පදිංචි වීමට ඉඩ නො දී එම ඉඩම්වල ඉන්දියාව සමග එක් වී ගල් අගුරු විදුලි බලාගාරයක්, ජැටියක් හා විශේෂ කලාපයක් පිහිටුවීම, සාම්පූර් අවතැන් වූවන්ට සපයන ලද පහසුකම්වල තත්වය, සිදු වන සංවර්ධන ව්‍යාපෘතිවල තත්වය, වෙරළ බිම් කොටස් සංචාරක හෝටල් තැනීම සඳහා රාජපක්ෂ හිතවතුන්ට දෙයි ද යන සැකය, කරුණා අම්මාන්ට සැලියුට් ගසන්නට වූ සොල්දාදුවකුගේ කලකිරීම, යුද්ධය දිනන්නට මුල් වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සිදු ...

අල්ලස් දීම පාරදෘෂ්‍ය ලෙස කළ හැකි ක්‍රමවේදයක් සකසනු! | Make bribery transparent

Image
( 2010 අගෝස්තු 20,  W3Lanka )  ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස බොරුවට පෙනී සිටිමින් පන්නිපිටිය ධර්මපාල විදුහලේ 1 වසරට දරුවකු ඇතුල් කරදෙන බව පවසා පන්නිපිටියේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂයක්‌ ලබාගෙන වංචාවක්‌ සිදුකළ කාන්තාවක්‌ රත්නපුර මහෙස්‌ත්‍රාත්වරිය විසින් පසුගිය දිනෙක රිමාන්ඩ් කරන ලදී. අදාළ පාසලට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වෙනම නාමලේඛණයක්‌ එවන බවත්, හැකි ඉක්‌මණින් නාමල් රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ අරමුදලට රුපියල් ලක්‍ෂයක්‌ ලබාදෙන ලෙසත්, එසේ  නො ලැබුණහොත් වෙනත් ළමයකුට අවස්‌ථාව ලබා දෙන බවත් මෙම කාන්තාව පවසා ඇත.  අල්ලස දුන් පුද්ගලයා පොලිසියට පැමිණිලි කරන්නේ වැඩේ සිදු නො වූ නිසා හා අදාළ කාන්තාව සම්බන්ධ කර ගැනීමට ද බැරි වූ නිසා ය. වැඩේ වුණා නම් පැමිණිලි නැත. අල්ලස් දුන් පුද්ගලයා එකී කාන්තාව විශ්වාස කර තිබෙන්නේ ඇය හිටපු මන්ත්‍රීවරියකගේ දුවනියක ද වූ නිසා ය.  2010 වසරේ දෙවන පාසල් වාරය ද අවසන් ය. එහෙත්, තවමත් ළමයින් පාසලට ඇතුළත් කිරීමේ ගැටලු තිබේ. එම කරුණ පැත්තකින් තබමු.  අද වන විට සමාජයේ කණින් කොණ...

සුචරිතවත් මහත්වරුනි, මේ අසභ්‍ය වීඩියෝවේ ඔබේ නමත් සඳහන් ව ඇද්දැයි බලන්න

Image
( 2010 අගෝස්තු 19,  W3Lanka )  මෙය අපූරු වීඩියෝවකි. එහි ආරම්භක කොටුවේ ඔබේ මුල් නම සහ අග නම ඇතුල් කරන්න. මොහොතකින් වීඩියෝවේ චරිත පච්චා කොටාගෙන ඉන්නේ ඔබේ නම් ය. නිර්මානය කළෝ කවරහුදැයි අපි නො දනිමු. එහෙත් එය අපූරු ය. උත්සාහ කරන්න. මෙතැන ඔබන්න. You may also like to read our English blog   Lanka Polity

47,000ක් ලිංගික ශ්‍රමිකාවන් ගැන | About 47,000 sex workers of Sri Lanka

Image
( 2010 අගෝස්තු 19,  W3Lanka )  සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ නවතම දත්ත අනුව මෙරට කාන්තාවෝ 47,000ක් ලිංගික ශ්‍රමිකයෝ ලෙස කටයුතු කරති. වෙනත් වෘත්තීන්ට මුවා වෙමින් විශේෂයෙන් ම ඉහළ සමාජයේ පවත්වාගෙන යන ලිංගික සේවාවන්හි සේවයේ නියුතු වූවෝ මෙම වර්ග කිරීමට අයත් වන්නේ නැත.  සෞඛ්‍ය අධ්‍යයන කාර්යාංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ප්‍රධානි, වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, දිවයින පුරා කරන ලද සමීක්ෂණයකින් ඉහත සංඛ්‍යාව අනාවරණ වූ බවය. ඔහු පෙන්වා දෙන්නේ එම කාන්තාවන් හා ඔවුන්ගේ ගනුදෙනුකරුවන් අතරේ ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවදානමක් පවතින බවය. එහෙත් ඊට වඩා ප්‍රශ්නයක් මෙහි තිබේ. කෝටි දෙකක් පමණ ජනගහණයක් වෙසෙන මේ රටේ මෙතරම් ගැහැනුන් සංඛ්‍යාවක් ඇඟ විකුණන්නේ ඇයි? ලංකාවේ සමස්ත පාසල් ගුරු ප්‍රජාව ද ලක්ෂ දෙකකි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කලම්බු මෙඩිකල් ජර්නල් ප්‍රක්ෂේපණ අනුව, 2010 වන විට බටහිර වෛද්‍යවරුන් සංඛ්‍යාව 17,000ට අඩු ය.  ලංකාවේ පිරිමි ජනගහණය කෝටියක් නම් සැම පිරිමි 200ක් වෙනුවෙන් ම සේවා සැපයීම සඳහා එක් ලිංගික ශ්‍රමික ගැහැනියක බැගින් ඇත. ගනිකා වෘත්ත...

හෙද නිලධාරීන්ගේ සටන | Sri Lanka government nurses struggle for rights

Image
( 2010 අගෝස්තු 18,  W3Lanka )  හෙද සේවාවට බලපාන මුලික ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සම. සාකච්ඡා කළ ද ඒවාට විසඳුම් ලබාදීම දිගින් දිගටම කල්යන බැවින් අගෝස්තු 18 දින දහවල් 12.00 ට ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට දී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කළේ ය. හෙදියන්ගේ ඉල්ලීම් මෙසේ ය.  1. පරිපූරක සේවාවට ලබාදුන් පරිදි වසර 12 කින් හෙද සේවාවට 1 ශ්‍රේණිය ලබා දීම ක‍්‍රියාත්මක නොකිරීම 2. හෙද සේවාව සඳහා දින 05 සතිය ලබාගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව මේ වනතුරු එළිනොදැක්වීම 3. හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී සංගමය ඉදිරිපත් කළ සමහර යෝජනා ඇතුලත් නොකිරීම 4. හෙද උපාධිය පිළිබඳව පැවැත්වූ අමාත්‍ය සාකච්ඡාවේදී ඇතිවු එකගතාවන් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක‍්‍රියාත්මක නොවීම 5. හෙද නිලධාරීන්ගේ ඩිප්ලෝමා සහතික ලබාදිමට යෝජනා කල කඩිනම් වැඩපිලිවෙල ක‍්‍රියාත්මක නොවිම 6. හෙද අධ්‍යක්ෂ, විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර නොගැනීම 7. හෙද නිලධාරීන්හට පත්වීම් දීමේදී කුසලතාවය මත පත්වීම් දෙන ක‍්‍රමය උල්ලංඝණය කිරීම Y...

ගරු කතානායකතුමනි, පොලිසිය හරි ම නෝටි ය - විජිත හේරත්

Image
( 2010 අගෝස්තු 18,  W3Lanka )  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් 89 කැරැල්ලෙන් පසු තෙලවල රැඳවුම් කඳවුරේ සිටියදී කරන ලද උද්ඝෝෂණයකදී පොලිසියෙන් ගුටි කා තුවාල ලැබුවේ ය.  පසු කලෙක ඔහු ගරු ගාම්භීර සංස්කෘතික ඇමති වී සිටියදී දිනෙක පොලිසියට විරුද්ධව මානව හිමිකම් නඩුවක් කීමෙන් පසු ඝාතනයට ලක් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ සමාජ ක්‍රියාධරයකුගේ මළ ගෙදරට ඔහු පැමිණ සිටියදී මෙම ලේඛකයා එවකට වැඩ කරමින් සිටි පුවත්පත වෙනුවෙන් සිද්ධිය පිළිබඳ ඔහුගේ අදහස් විමසී ය. ඔහු අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළේ ය.  මේ පසුගියදා ගාල්ල පොලිසියෙන් ගුටි කා, ලොකප් වී, රිමාන්ඩ් බන්ධනාගාරගත වි සිට ඇප ලබා පැමිණ, මහජන දේපලවලට අලාභ හානි කළේ යයි නඩුවකට ද පටලැවී සිටින විජිත හේරත් පාර්ලිමේන්තුවේදී මතු කරන ලද රීති ප්‍රශ්නයකි.    ගරු කතානායකතුමනි, 2010.08.12 වන දින සවස ගාල්ල නගරයේදී පැවැත් වූ විරෝධතා ව්‍යාපාරයට ගාල්ල පොලිසිය විසින් එල්ල කරන ලද ප‍්‍රහාරය පිළිබඳව පැමිණිලි කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුණ රණතුංග, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර සහ පෞද්ගලිකව මමත් එදින ස...

රාජ්‍ය නායකයා මරන්නට කුමන්ත්‍රණ කළ ජොනීට තානාන්තර දෙන ලෝකෙන් උතුම් රට | Minister conspired regicide pardoned in Sri Lanka

Image
  ( 2010 අගෝස්තු 18,  W3Lanka )  අපේ ජනාධිපතිතුමා නම් බෝධිසත්වයෙකි. නැතිනම් මාර සත්වයෙකි. තමන් මරන්නට කුමන්ත්‍රණ කළ එකාට පවා සමාව දී ළඟට ගන්නට තරම් හේ අසම්මත චරිතයකි. රටක ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණ කළ පුද්ගලයෙකුට කැබිනට් ඇමතිකමක් දෙන රටක් ඇත්නම් ඒ අනෙකක් නොව ලෝකෙන් උතුම් ම වන මේ රටයි. ඒ අනුව, රටේ රාජ්‍ය නායකයාව මරන්නට කුමන්ත්‍රණ කර බෙල්ල මුලින් ම මාට්ටු වූ එකෙක් දැන් රට පාලනය කරයි.  රටක රාජ්‍ය නායකයා මරන්නට කුමන්ත්‍රණය කිරීම එකී ඝාතකයාගේ හා ඔහුට ගොදුරු වන්නට සිටි රාජ්‍ය නායකයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ. එය රාජ්‍යය පිළිබඳ ප්‍රශ්නයකි. එහෙයින් මෙවැනි කරුණු දෙන්නා කතා කර සමථ කර ගැනීම කෙතරම් ආචාර ධාර්මික ද යන්න ගැටලුවකි. එහෙම වන්නේ කෙසේද යන්න රජය පැහැදිලි කර දිය යුතු ය. නැතිනම් සිදු වන්නේ නීතිය පිළිබඳ විශ්වාසය මුළුමනින් ම පළුදු වී යාමයි.  මොහු අනෙකෙකු නොව වත්මන් වෙළඳ හා පාරිභෝගික ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ය.  මේ බව හෙළි කරන්නේ අප නොව, රහස් පොලිසියයි. ජනාධිපති ඝාතනය කරන්නට ඇමති ජොන්ස්ටන් සමග කුමන්ත්‍රණ කළ පිරිස තව දුරටත් රඳවාගෙන පරීක්ෂා කිරීම ආරක්ෂක ඇමත...

‍බලයේ සිටින්නෝ පිටවීම සඳහා දොරටුවක් විවෘතව තබා ගත යුතු ය

Image
( 2010 අගෝස්තු 17,  W3Lanka )  හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අපකීර්තිමත් ලෙස සේවයෙන් නෙරපා හැර විශ්‍රාම වැටුපත් කපා හැර ඔහු ලබා ඇති සියලුම පදක්‌කම් හා නම්බු නාමද අහෝසි කිරීම සිදු වන්නේ ප්‍රභාකරන්ගේ මරණින් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් කේ.පී. නිදහස් පුරවැසියකුට සමාන අන්දමින් කටයුතු කරමින් දේශපාලනික ක්‍රියාකාරකම් කරමින් සිටියදී ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සතු ශක්තියක් වන්නේ රාජපක්ෂ කෙනෙකු කාක්කකු පෙන්නා අන්න කොකෙක් යයි කිවත්, කාක්කා කොකා ම බව සමාජයට ඔප්පු කර පෙන්වීමට තරම් දක්ෂ හා දීන මාධ්‍යකරුවන් පිරිසක් සේවයෙහි යෙදවීමට ඔවුන් සමත් වීමයි. දිවයින පුවත්පතට සතිපතා ලියන ලිපියෙහි ‍සී.ඒ. චන්ද්‍රප්‍රේම මෙසේ පවසයි. ''ඒ අති විශිෂ්ඨ ජයග්‍රහණය ලබාගැනීමට දායක වූ යුද විරුවන් කණ්‌ඩායමෙන් එක්‌ අයකු අද හමුදා සේවයෙන් අපකීර්තිමත් ලෙස නෙරපා හැර විශ්‍රාම වැටුපත් කපා හැර ඔහු ලබා ඇති සියලුම පදක්‌කම් හා නම්බු නාමද අහෝසි කරනු ලැබ සිටී. නමුත් මේ හමුවේ මහජනතාව දක්‌වන්නේ උදාසීන ආකල්පයකි. 1992 ඩෙන්සිල් කොබ්බෑකඩුව හා විජය විමලරත්න යන හමුදා නිලධාරින්ගේ මළගමට සහභාගි වීමට පැමිණි එවක එ.ජා.ප. ආණ්‌ඩුවේ දේ...

හම්බන්තොටින් ගලන 'සංවර්ධනය' දිළින්දන්ගේ ජීවිත වෙත කාන්දු වන්නට තව 'බොහෝ කල්' අවශ්‍ය ය

Image
( 2010 අගෝස්තු 16,  W3Lanka )  හම්බන්තොට වරායේ පළමු අදියර ඉදි කිරීමට ගිය වියදම වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම රජයේ නිල පුවත් වෙබ් අඩවියට කියන ආකාරයට අනුව ඇමරිකන් ඩොලර් මිලියන 437කි. එනම්, රු. කෝටි 5000කට ආසන්න මුදලකි. මේ  මුදලින් 85%ක් චීනයෙන් ණයට ලබා ගන්නා ලදී. එනම්, රු. කෝටි 4250ක් අපි චීනයට පමණක් ණය වී ඇත්තෙමු. ලංකාවේ ජනගහණය කෝටි දෙකක් නම් සෑම වැසියෙක් ම හම්බන්තොට වරායේ පළමු අදියර වෙනුවෙන් චීනයට රු. 2125ක් ණය වී තිබේ. මේ ණය පොලියත් සමග ගෙවිය යුතු ය. කොමිස් මුදලක්,  කොන්ත්‍රාත්තුවක් හෝ වෙනත් වාසියක් නොමැතිව හම්බන්තොට වරාය වෙනුවෙන් අඩු තරමේ රු. 8500ක්වත් චීනයට ණය වන රත්තරං පුංචි පවුල් පවා මේ 'සංවර්ධනයේ' වීරයන් බව එහි නියමුවෝ සිහිපත් කළ යුතුව තිබිණි.  දැනට ඉදි වෙමින් තිබෙන දකුණු කොලඹ වරායේ දිය කඩනයන් සඳහා වැය වන මුදල මීට අධික ය.  නොවැම්බරයේ ආරම්භ වන වරායේ දෙවන අදියර සඳහා රු. කෝටි 8000ක් පමණ වැය වන බව වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම අගෝස්තු 13දා ශ්‍රී ලංකා ගුවන් විදුලියට පැවසී ය. මෙම මුදල ද චීනයෙන් ණයක් ලෙස ලබා...

පළමු යුද අධිකරණය තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා පැවරූ නඩුව ඔක්තෝබර් 13 වැනි දින විභාගයට

Image
( 2010 අගෝස්තු 16,  W3Lanka )  පසුගිය 13දා සරත් ෆොන්සේකා වැරැදිකරු බවට තීන්දු කරමින් ඔහුව හමුදා සේවයෙන් අගෞරවනීය අන්දමින් නෙරපා හැරීමට නියම කළ පළමු යුද අධිකරණය තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා පැවරූ නඩුව, ඔක්තෝබර් 13 වැනි දින විභාග කිරීමට නියමිත ය. මෙම පැමිණිල්ල අභියාචනාධිකරණ විනිසුරු සත්‍ය හෙට්ටිගේ, ඩබ්ලිව්. එල්. රංජිත් සිල්වා සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුමඬුල්ල හමුවේ පසුගිය ජුලි 26දා කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරිණි. යුද හමුදාපති ජගත් ජයසූරිය පළමු යුද අධිකරණයේ සාමාජිකයින් හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකැර ඇත. මෙකී පැමිණිල්ලට අනුව අභියාචනාධිකරණය පළමු යුද අධිකරණයට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කළ අතර, එම අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළේය. අතුරු නියෝගය දීර්ඝ නොකිරීමට එරෙහිව ෆොන්සේකා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කළේය. අභියාචනා පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණයේ තීරණය අනුමත කරමින් අතුරු නියෝගය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළේය. යුද අධිකරණය පිහිටුවීමේ තීරණය...

ලෝකයට මනා ධීවර සම්පත් කළමනාකරණයක් අවශ්‍ය ඇයි

Image
( 2010 අගෝස්තු 15,  W3Lanka )  1950දී ලෝකයේ ධීවරයන් ඇල්ලූ මුළු මාළු ප්‍රමාණය ටොන් 18 මිලියනයක්. ඒත් එය 2000 වන විට ටොන් මිලියන 94ක් දක්වා වැඩි වුණා. එතැන් සිට වාර්ෂිකව අල්ලනු ලබන මාළු ප්‍රමාණය වැඩි නොවී එකම මට්ටමක පවතිනවා. සමහරු කියනවා අඩු වෙමින් පවතිනවා කියාත්. 1950 සිට මේ දක්වා කාලය තුළ ලෝකයේ විශාල මාංසභක්ෂක මසුන් සංඛ්‍යාව 90%කින් පහත වැටිලා. ලෝකයේ මත්ස්‍ය බිම්වලින් හතරෙන් පංගුවක් විතර අධික සූරාකෑමට ලක් වෙලා. මෙයට ප්‍රධාන හේතුව තමයි, පතුල් මාදැල් කිරීම (bottom trawling) වැනි විනාශකාරී ධීවර ක්‍රම. ඒවායින් මුහුදු පරිසර පද්ධති එහැම පිටින්ම විනාශ වෙනවා. ඒවා නිසා ලොව සමස්ත ධීවර නිෂ්පාදනයෙන් හතරෙන් පංගුවක් විතර මියැදෙනවා. නැතිනම්, අතුරු අස්වනු විදියට බෝට්ටුවලට පැටවෙනවා. සාගර සම්පත් මෙසේ අධික සූරාකෑමට ලක් වී විනාශ මුඛයට පත් වී තිබියදීත් ලෝකයේ රජයන් කළේ වානිජ ධීවර කර්මාන්තයට තව තවත් සහනාධාර දීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සූරාකෑම තවත් වැඩි වී කෝටි ගණනක් යැපුම් ධීවරයන්ගේ බඩට පහර වැදුණා. ඒ විතරක් නෙමෙයි, කෝටි 95ක් ලෝක ජනතාවගේ මූලික ප්‍රෝටීන් ප්‍රභවය වන මාළු නිෂ්පාදනයේත් ගැටළු ඇති වු...