Posts

Showing posts with the label වී ගොවිතැන

ගොයම් කපන්නට ඉන්දියාවෙන් එන කම්කරුවන් පොලිසියට අල්ලා දෙමින් ලංකාවේ කම්කරුවන් යුරෝපයට යාම ගැන

Image
ලංකාවේ උතුරු, නැගෙනහිර, උතුරුමැද ආදී පළාත්වල මේ දිනවල ගොයම් කැපීම ආරම්භ වී තිබේ. මේ කාලයට මේ ප්‍රදේශවල දැඩි ශ්‍රම හිඟයක් ඇති වේ. ශ්‍රම හිඟය කෙතරම්ද යත් දකුණු ඉන්දියාවෙන් පවා ශ්‍රමිකයෝ මේ කාලයට ලංකාවට එති.  ඒ එන්නේ සංචාරක වීසා රැගෙනයි. නැව් සේවාව තිබුණානම් ඔවුන්ට අඩු වියදමකින් එයින් එන්නට තිබිණි. නමුත්, ලොකු සද්දයක් දා තූත්තුකුඩිය හා කොළඹ අතර දියත් කළ නැව් සේවාව නැවතී දැන් බොහෝ කල්ය. සමාන්‍ය ඉන්දීය හා ලාංකික මිනිසුන්ට මේ නැව් සේවාව අවශ්‍ය වන්නේ තලෙයිමන්නාරම හා රාමේශ්වරම් අතරය. කෙසේ වෙතත්, ඒ නිසා දැන් ඔවුන් එන්නේ දකුණු ඉන්දියාවේ ගුවන් තොටවලින් ගුවන් මගිනි. මේ කාර්යයට ඔවුන්ට උදව් කරන ලාංකිකයෝ සිටිති. මේ මිනිස්සු අතරින් සමහරු මුස්ලිම් ජාතිකයෝය. සරොං අඳින, ලාංකික පෙනුමැති මේ මිනිස්සු දෙමළ කතා කරති. ඔවුන් වැඩිපුර යොමුවන්නේ දෙමළ කතා කරන මුස්ලිම් මිනිසුන් වෙසෙන නැගෙනහිර පළාතටයි. මීට වසර ගණනාවකට ඉහතදී දෑකැත්ත මල්ලේ දමාගෙන මේ මිනිස්සු රැකියාව පිණිස තැනින් තැනට යන ආකාරය මේ ලියන්නා (writer) දැක තිබේ. මේ මිනිස්සු හොඳ ශ්‍රමිකයෝය. ලංකාවේ සිටින මුළු කාලය තුළම අවම පහසුකම් ඇතිව ලැගුම් ගනිමින...

'අපි වවමු - රට නගමු' නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන පොළොන්නරුවේ වී වෙළඳපොල | Paddy purchasing in Sri Lanka in jeopardy

Image
(2010 මාර්තු 20- W3Lanka )   පසුගිය කාලයේ මහා සද්දෙට කෙරුණු දේශීය ආහාර භෝග වගාව නැංවීමේ 'අප වවමු-රට නගමු' ප්‍රචාරක ව්‍යාපෘතියේ නරිවාදං දැන් රෙද්ද පල්ලෙන් බේරෙමින් තිබේ. දේශීය කුකුළු කර්මාන්තය පවා බහුජාතික සමාගම්වල අණසකට යටත්ව තිබෙන අතර බිත්තරය අම්මා මුත්තා කාලේ නොතිබුණු රුපියල් 16ක 17ක මිළට ඉහළ ගොස් තිබේ. පොල් ගෙඩිය රු. 40ක් පමණ වේ. හාල් මිළ ද තවමත් අහසේ ය. දැන් අලුත් ම ප්‍රශ්නය අපි වවමු කළ වී ගොවියාගේය. රජය නාඩු වීවලට රු. 28ක හා සම්බා වීවලට රු. 30ක සහතික මිළක් ලකුණු කර තිබේ. ඒ මදිවාට ගොවීන්ගෙන් වී මිළ දී ගැනීම සඳහා අච්චර, මෙච්චර මුදල් වෙන් කර ඇතැයි දේශපාලකයෝ පම්පෝරි ගසති. එහෙත්, පොළොන්නරුවේ වී මෝල් අධිරාජ්‍යය හිමි කෘෂිකර්මයට සම්බන්ධ ඇමතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන හා සිරිපාල ගම්ලත් යන අය‍ගේ පවුල්වලට හිමි මෝල් ඇතුළු කොයි කවුරුත් වී මිළ දී ගන්නේ කිලෝව රු. 22ට හා ඊටත් අඩුවෙනි. "අද වී කිලෝ එකක මිල රුපියල් 22.00 යි. ගොවියො කැමති නෑ තුට්‌ටු දෙකට වී දෙන්න. නමුත් කරන්න දෙයක්‌ නෑ. පෞද්ගලික අංශය විතරයි වී ගන්නේ. ආණ්‌ඩුවෙන් කොහේවත් වී ගන්නේ නෑ. නාඩු කිලෝ එක රුපියල් 22...