Posts

Showing posts with the label ලසන්ත වික්‍රමතුංග

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන අලුත් පරීක්ෂණයක් අවශ්‍යයි

Image
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන නව තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ.  ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංගත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාත් ඒ පිළිබඳ වැදගත් තොරතුරු හෙළිදරව් කර තිබේ.  විශේෂයෙන් ම සරත් ෆොන්සේකා විසින් ලසන්ත වික්‍රමතුංග හා පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කළ කණ්ඩායමක් ගැන හෙළිදරව් කරයි. වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. එය ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් විය යුතු ය. මන්ද, මෙම ඝාතන සම්බන්ධයෙන් ඉතා බලවත් පුද්ගලයන්ගේ නම් කියැවී තිබේ. ඔවුන්ගේ බල අවකාශයන් තුළ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වෙන්නට නම් එය අනිවාර්යයෙන් ම ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් විය යුතු ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

ලසන්ත ඝාතකයන් තවමත් හඳුනාගෙන නැත

Image
( 2011 ජනවාරි 07,  W3Lanka )  සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට දෙවසරකි.  පරීක්ෂණ පැවැත්වේ. ඝාතකයින් හඳුනාගෙන නැත.  ඡායාරූපයේ සිටින්නේ ලසන්තගේ දරුවන් තිදෙනා වන අහිංසා, වැඩමහල් පුතු අවිනාශ් හා ආදේශ් ය.  Bookmark, remember easily and come again   www.w3lanka.com

ෆොන්සේකාගේ යුද ජයග්‍රහණ වෙනත් ඕනෑ ම කෙනෙකු හරහා ලබා ගන්න තිබුණා -ගෝඨාභය කියයි

Image
(2010 පෙබරවාරි 11- W3Lanka )  එක්සත් ජනපද පුරවැසියකු හා ලංකාවේ ආරක්ෂක ‍ලේකම් වන ‍ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පතට පවසන ආකාරයට සරත් ෆොන්සේකාගේ පරාජිත ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂගේ රට වන එක්සත් ජනපදය හා නෝර්වේ සහාය හා මුදල් දී තිබේ. කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී ෆොන්සේකා ප්‍රධාන භූමිකාවක් ඉටු කළ බවට ඇති මතය ප්‍රතික්ෂේප කරන ගෝඨාභය පවසන්නේ ඔහු අත් කර ගත් ජයග්‍රහණ වෙනත් ඕනෑ ම නිලධාරියකු හරහා ලබා ගත හැකිව තිබූ බවයි. ඔහුට වඩා හොඳ නිලධාරීන් සිටි බව ද ගෝඨාභය පෙන්වා දෙයි.  ෆොන්සේකාට එරෙහිව යුද මෙන් ම සිවිල් අධිකරණවල ද නඩු පවරනු ඇති බව පවසන ගෝඨාභය යුද්ධාධිකරණ ක්‍රියාමාර්ග මාස හයක් තුළ අවසන් කිරීමට තමන්ට උවමනා බව ද පවසයි.  2009 ජනවාරියේදී සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම හා තවත් අතුරුදහන් කිරීම් පහකට හයකට ෆොන්සේකා සම්බන්ධ බව තමන් දන්නා බව ද මිනීමැරුම් කළ පුද්ගලයන් පසුපස තමන් එළවමින් සිටින බව ද ළගදීම සත්‍යය හෙළිදරව් වන බව ද ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ලසන්ත ඝාතනයෙන් වසරකට පසු "බොරු කීවා දැන් ඇති. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන එනු!"

Image
(2010 ජනවාරි 08 -W3Lanka) මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහ මගදී කෲර ලෙස මරා දමා අදට වසරකි. එනම දින 365කි.  ඝාතකයෝ තවමත් නිදැල්ලේ ය. පොලිසියට ඔවුන් පිළිබඳ කිසිදු කරුණක් සොයා ගැනීමට බැරි ඇයි? ඔවුන්ට රැකවරණය සපයන්නේ කවුරුද?  මෙම ඝාතනයට අණ දුන්නේ යයි චෝදනා එල්ල වන්නේ රජයටයි. ආණ්ඩුව සරත් විපක්ෂ ‍ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා දෙසට ඇඟිල්ල දිගු කරයි.  ෆොන්සේකා සිය ජනාධිපති අපේක්ෂකත්වය නිවේදනය කළ පළමු රැස්වීම නීතිඥයන්ගේ හමුවක් වූ අතර එහිදී ඔහු නීතිඥයකු ද වූ ලසන්ත වික්‍රමතුංගගේ රූපයට මල් මාලයක් පැළැන්දුවේ ය. තමන් බලයට පත් වූ පසු මෙවැනි අපරාධ කළවුන් නීතිය ඉදිරියට ගෙන එන බව ෆොන්සේකා කියයි. ආණ්ඩුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ අඩු තරමේ එවැනි ප්‍රකාශයක්වත් නො කරයි. ඔහු කියන්නේ ඔහුගේ අතේ ලේ නැති බව පමණි. ලේ තැවරී ඇත්තේ කා අතේ ද? නිදහසේ වේදිකාව අද ලසන්ත සමරා රැස්වීමක් කොළඹදී පවත්වයි. මාධ්‍ය සංවිධාන 12දා කොළඹදී පෙළපාලියක් පවත්වති. "බොරු කීවා දැන් ඇති. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන එනු!" එහි සටන් පාඨය එයයි.

ඝාතනය කර වසරක් පිරෙන 8දා ලසන්ත සිහි කර රැස්වීමක්

Image
( 2010 ජනවාරි 05 -W3Lanka) ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කර වසරක් ගතවීම සිහි කිරීම සඳහා නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරනු ලබන සමරු රැස්වීමක් 2010 ජනවාරි 8 වෙනි සිකුරාදා දින පෙ.ව 10.00 සිට 12.30 දක්වා කොළඹ 07, ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වේ. 2009 ජනවාරි 08 වන දින දහවල් කොළඹ අධි ආරක්ෂිත කලාපයක් තුළ දී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කරන ලදී. මෙම බිහිසුණු ක‍්‍රියාව සිදුවී වසරක් ගත වුවද ඒ සඳහා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒම සඳහා ආණ්ඩුව තවමත් සමත් වී නැත. ලීඩර් පබ්ලිකේෂන්ස් ආයතනයේ සභාපති ලාල් වික‍්‍රමතුංගගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමරු රැස්වීම අමතා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන්, සිරිතුංග ජයසූරිය, රාවය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කේ.ඩබ්ලිව්.ජනරංජන සහ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරු අදහස් දක්වනු ඇත.

එක එක බළලුන් එක එක මලුවලින් එළියට එන යුගයක්

Image
(2009 දෙසැම්බර් 13 - W3Lanka ) සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සහ රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා රහස් පොලිස් කණ්ඩායම් දෙකක් අලුතින් පත්කර ඇති බව ද, මෙතෙක් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් කැර ඇති විමර්ශනයන් ගැන දැඩි අවධානය යොමු කරන බව ද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ‘සිළුමිණ’ කියයි. පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ උපදෙස් මත රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි සේනක කුමාරසිංහ මහතා ඇතුළු කණ්ඩායම් දෙකක් පරීක්ෂණ අරඹා ඇත. වික්‍රමතුංග මහතාට අයත් ජංගම දුරකථනය සමග පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම පිළිබඳ කිසිවෙකු මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නැත. මෙම සමයේදී ම තවත් මාධ්‍යවේදීන් ගණනාවක් මරා දමන ලද අතර, තවත් පිරිසකට අඩන්තේට්ටම් කෙරිණි.මෙම ක්‍රියා හා එසමයේ සිදු වූ තවත් පැහැර ගැනීම්, ඝාතන හා අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ද තවමත් කිසිවකු දඬුවම් ලබා නැත.  දැන් පරීක්ෂණ කඩිනම් කර තිබෙන සිද්ධි ...

නිදහස් මාධ්‍ය සංස්කෘතියක සරත් ඍතුව

Image
(නොවැම්බර් 29 - W3Lanka ) විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂක සරත් (2009 ෆොන්සේකා මේ මල් මාලයක් පළන්දන්නේ නීතිඥයකුටයි. ෆොන්සේකා පළමු වරට තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කළ ජාතික නීතිඥ සංගම් රැස්වීමෙහිදී ෆොන්සේකා විසින් පළඳවන ලද මල් මාලයට ආවරණය වී සැඟවී සිටින මේ නීතිඥ මහතා නිකම් ම නිකම් නැසී ගිය නීතිඥයකු නොව පසුගිය ජනවාරියේදී තිරිසන් අන්දමින් මහ මග ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගයි.  පුවත්පත් මණ්ඩල පනත ඇතුළු මර්දනකාරී නීති අහෝසි කර නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා ඔහුට සහාය දක්වන ලක්ෂ සමග ගිවිසගෙන ඇති බව වාර්තා වේ.   

ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් ස්මාරකයක් ඕස්ට්‍රියාවේ

Image
(2009 ඔක්තෝබර්  20 - W3Lanka ) නො බියව වත්මන් පාලක කණ්ඩායමට එරෙහිව පෑන එසවීමේ වරදට මහ මගදී ඝාතනය කරන ලද ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් ස්මාරක මුර්තියක් ඕස්ට්‍රියාවේ වියානාහි ඉදි කර ඇත. එය ඉදි කරන වීඩියෝව ඇතුළු විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න .