මහර බන්ධනාගාරයේදී 2020දී මරාදමන ලද කොවිඩ් රෝගීන් 9 ඇතුළු 11ට යුක්තිය
අජිත් පැරකුම් ජයසිංහ 2020 නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී සිදුවීමකින් රැඳවියෝ 11දෙනෙකු මියගියා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 100කට වැඩි පිරිසකට තුවාල සිදුවුණා. මෙහි තිබෙන අමානුෂිකම පැතිකඩ වන්නේ මියගිය 11දෙනාගෙන් නවදෙනෙකුම කොවිඩ්-19 රෝගීන් බව සනාථ වීමයි. ඒ කියන්නේ, මරා දමා තිබෙන්නේ රෝගීන් පිරිසක්. ඔවුන් මරාදැමීමට හේතු වුණේ, රෝගී අයිතිවාසිකම් උදෙසා පැනනැගුණු අරගලයක ප්‍රතිඵලයක් ලෙස බව තමයි අපගේ නිරීක්ෂණය වුණේ. මහර බන්ධනාගාරය ගැන එවකට එහි අධිකාරි ජගත් වීරසිංහ කියූ පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට වඩා සිරගත වන පුද්ගලයන් රඳවා තබන විශේෂ බන්ධනාගාරයට. එහි ඉඩ තියෙන්නෙ 670ක් සඳහායි. දැන් 3,000ක් පමණ රඳවා තිබෙනවා. එහි රිමාන්ඩ් අංශයක් ද තිබෙනවා. අධිකරණ 10කින් පමණ රිමාන්ඩ් කිරීම් සිදුවන්නේ මෙම බන්ධනාගාරය තුළයි. මේ අනුව බලන කල, මහර බන්ධනාගාරයේ එක් සිරකරුවෙකුට තිබෙන ඉඩ තුළ සිරකරුවන් සිව්දෙනෙකුට වඩා රඳවා තබා තිබෙනවා. මෙය තමයි ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සාමාන්‍ය තත්වය. දොළොස් දහසක් සිරකරුවන්ට පහසුකම් තිබෙන බන්ධනාගාරවල මේ වන විට තිස්දහසකට වඩා සිරකරුවන් රඳවා තිබෙනවා. මෙවැනි...