Posts

Showing posts from March, 2023

අල්ලන්නට ගිය හොරාගේම නායකත්වය පසුපසින් වැටුණු හැටනම ලක්ෂය

Image
අජිත් පැරකුම් ජයසිංහ ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් පසුගිය 28දා ආරම්භ කළ වර්ජනය රජය මර්දනය කළ බව රහසක් නොවේ. එහෙත්, වෘත්තීය සමිතිවාදීන් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් එම මර්දනය ජනප්‍රිය විය. එසේ වූයේ ඇයි? මෙය බොහෝදෙනෙකු හරිහැටි වටහා නොගත් කාරණයකි. අරගල සමයේ වෘත්තීය සමිති ප්‍රබල කාර්යභාරයක් ඉටුකළහ. එසේම, වාමාංශික පක්ෂ හා විවිධ පුද්ගල අරාජිකවාදීහු එහි නායකත්වයට පත්වූහ. එහෙත් මතක තබාගත යුතු කරුණක් වන්නේ අරගලයේ ජන බලය ප්‍රධාන වශයෙන්ම නිර්මාණය වුණේ 2019දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්කරන්නට කැපවී වැඩ කර, අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීමෙන් හා අනපේක්ෂිත පරිදි ආර්ථිකය බිඳවැටීමෙන් ඉච්ඡා භංගත්වයට පත්ව සිටි බලවේගය බවයි. එම බලවේගයට උවමනා වී තිබුණේ කුමක්දැයි අවබෝධ කර නොගෙන ඉදිරිය ගැන සිතිය නොහැකිය. 2019දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම තුළ ජනතාවට අවශ්‍යව තිබුණේ බලවත් විධායක ජනාධිපතිවරයෙකි. ගෝඨාභය රාජපක්ෂ ඒ වෙනුවෙන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකළ මුත්, ඔහු තම බලය වෘත්තිකමය ලෙස පාවිච්චි කිරීමට දැන සිටියේ නැත. ගෝඨාභයගෙන් අපේක්ෂා කළේ දේශපාලන පක්ෂ ඉක්මවා ගිය ජාතික නායකත්වයකි. එහෙත්, ඔහු එය ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළ

වරායේ සමිති නායකයාගේ ආර්ථිකය හා ලංකාවේ ආර්ථිකය

Image
  අජිත් පැරකුම් ජයසිංහ නිරෝෂන් ගොරකානගේ වරායේ සමස්ත ලංකා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ද වන ඔහු පසුගිය සමස්ත මහා වැඩ වර්ජනය ආසන්නයේදී තමන්ගේ ආදායම් වියදම් විස්තරයක් මාධ්‍යවලට ගෙනහැර පෑවේය. එය අපගේ පුද්ගල ආර්ථිකයන් සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් ද වැදගත් උපමා කතාවකි.  එම විස්තරය මෙතැනින්. ඒ අනුව, නිරෝෂන් ගොරකානගේ දළ වැටුප 120,220කි. ඔහු වරායෙන් ලබාගෙන තිබෙන දස මාසේ ණය, බහුකාර්ය ණය, සමුපකාර ණය ආදී ණය ලබාගෙන තිබෙන අතර ඒ ණය වාරික කැපීමෙන් පසු ඔහුගේ වැටුපෙන් ඉතිරි වන්නේ රු. 46,707කි. සාමාන්‍යයෙන් ණය ලබාදීමේදී ණය වාරික හා පොළිය සඳහා මාසිකව ගෙවිය යුතු මුදල වැටුපෙන් 40%ක් ඉක්මවා යන පරිදි ණය ලබාදෙන්නේ නැත. කෙසේ වෙතත්, ඔහු බැංකුවකින් ද ණයක් ලබාගෙන තිබේ. එහි වාරිකය රු. 49,000කි. අවසානයේදී ණය ගෙවීම සඳහා ඔහු වැටුපට අමතරව තවත් රු. 2,000කට වැඩිය සොයාගත යුතුය. රජය අය කරන පුද්ගල ඉහළ ආදායම් බද්දට එරෙහිව දියත් කළ වර්ජනයේ නායකයකු වූ ඔහුගෙන් අයකරනු ලබන බද්ද රු. 1,200ක් පමණ වේ. අප බොහෝදෙනෙකුගේ පුද්ගල ආර්ථිකයන් මෙවැනි බව බොරුවක් නොවේ. එසේ වන්නේ,

මං තාම ජනසතුයි

Image
  අජිත් පැරකුම් ජයසිංහ ජනතාව පෞද්ගලිකකරණය වෙලා ගොඩක් කල්. ඒකනෙ මං වැඩකරන්නෙ ස්වේච්ඡාවෙන් බව අදහගන්න බැරි. ඒක තේරුම් ගන්න බැරි තරම් උන්ගෙ චින්තන රාමුවම ලාභය කේන්ද්‍ර කරගෙන පරිවර්තනය වෙලා. මට සල්ලි ගෙවන්නෙ කවුද කියලා හොයනවා, හොයනවා, හොයාගන්න බැහැ. හේතුව එහෙම ගෙවන කෙනෙක් නැහැ. මේක ලාභ නොලබන විතරක් නෙමෙයි අතින් කාලා හරක් බලන වැඩක්. ඒ අයගෙ දැනගැනීම සඳහා මං මෙතන ලියන්නම්. මාත් හවුල්කරුවකු වන පුංචි සමාගම තමයි ප්‍රජා එකේ කැම්පේන් එකේ බරපැණ සම්පූර්ණයෙන්ම දරන්නෙ. ඒ සමාගමත් එක්ක වැඩකරන ගනුදෙනුකරුවන් තමයි අපට මේ දක්වා අරගෙන ආවෙ. ඒ කවුරුවත් රජයට සම්බන්ධ ආයතන නෙමෙයි. අපත් එක්ක දේශපාලන සම්බන්ධයකුත් නැහැ. හෙට වැටුණත් මේ විප්ලවීය බිස්නස් මොඩල් එක අපි අවුරුදු පහක් ක්‍රියාත්මක කළ බව සටහන් කරගන්න. විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කැමති නම් අපෙන් ඉගෙන ගන්න. මේ තමයි සමාජ ව්‍යවසායකත්වය. Asapted from praja.lk මං මේ කැම්පේන් එක කරන්නෙ ෆුල්ටයිම් . රස්සාව කරන්නෙ පාට් ටයිම්. මං හිටපු ජවිපෙ, හිරු කණ්ඩායම, ලංකා ලෙෆ්ට් වගේ වැඩසටහන්වලදිත් මං මේ විදියටම තමයි වැඩ කළේ. වෙනසක් නැහැ. ඒ වුණාට ඒවයෙ මා එක්ක එකට වැඩ කරපු එවුනුත

වාහනයක් පාවිච්චි කරනවා නම් දැනගත යුතුම නීතිම කරුණු ටිකක්

Image
  සුජීව තෙන්නකෝන් – සහකාර කොමසාරිස් (කාර්මික), මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ස්වාධීන රූපවාහිනියේ හෝප් වැඩසටහනේදී ඉදිරිපත් කරන ලද අදහස් ඇසුරෙනි වාහනේ පොත ඩුප්ලිකේට් නම්, වාහනේ වටිනාකම අඩුවෙන එක වාහන මාකට් එකේ ප්‍රෝඩාවක්. පොත නැතිවෙලා නම් ඩුප්ලිකේට් එකක් ගන්න පුළුවන්. හානි වෙලා නම් ඔරිජිනල් එකක්ම ගන්න පුළුවන්. වාහනේක පාට වගේ වෙනස්කම් කරන්න පුළුවන්. දිග, පළල වෙනස් කරන්න බැහැ. අවසර සහිතව වාහනයේ උස හා බර වෙනස් කරන්න පුළුවන්. පොතේ එය නිවැරදි කරගත යුතුයි. වාහන ආදායම් බලපත්‍රයේ තිබෙන්නේ දළ බර. ඒ කියන්නෙ වාහනේ බරත් එක්ක මුළු බර. පටවන්න පුළුවන් බර නෙමෙයි. වාහනවල රෝද ප්‍රමාණ වෙනස් කරන්න අවසර දෙන්නෙ නැහැ. හේතුව, වේග මීටර, දුර මීටර වැරදියට වැඩකරනවා. වාහනවල පන්තිය වෙනස් කරන්න පුළුවන්. (උදා: ද්විත්ව කාර්ය රථ මගී වාහන බවට). බඳේ වර්ගය වෙනස් කරන්න පුළුවන්. නිෂ්පාදිත වර්ෂය, රට, මාදිලිය ආදිය වෙනස් කරන්න බැහැ. වාහනයක ඕනෑම වෙනසක් කළ යුත්තේ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පූර්ව අවසර ඇතුවයි. එහෙම නැතිනම්, දඩය පළමු වර 50,000යි. දෙවන වර 100,000යි. තුන්වන වර රාජසන්තක කළ හැකියි. තෙල් ලීක් වගේ ඒවා තියෙනවා නම්, ආදා

මිරිජ්ජවිල තෙල් පිරිපහදුවක් හැදීමට සමාගම් හතක් කැමැත්ත පළකරති

Image
  හම්බන්තොට මිරිජ්ජවිල සංවර්ධනය කිරීමට නියමිත යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා සමාගම් හතක් (07) කැමැත්ත ප්‍රකාශ (EOI) ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය. තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු විසින් EOIs ඇගයීමට ලක් කර සුදුසු අයදුම්කරුවන්ට යෝජනා සඳහා ඉල්ලීම (RFP) නිකුත් කරනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. අපනයනය ඉලක්ක කරගත් තෙල් පිරිපහදුවක් හම්බන්තොට පිහිටුවීම සඳහා කැමැත්ත ප්රකාශ කිරීමට බලශක්ති අමාත්යාංශයට කැබිනට් මණ්ඩලය 2023 ජනවාරි මාසයේදී, අවසර දුන්නේය. Adapted from praja.lk

මුහුද දිහා බලනකොට පවා මේ වගේ කෑදර විදියට බලන එක වැරදියි

Image
  මේ කියන විදියට මුහුදටත් කරන්න ඕනැ අර මධ්‍යගත යුගයෙ මායාකාරියන්ය කියල චෝදනාවට ලක්වුණ ගෑනුන්ට වධ දීලා රහස් උකහා ගත්තා වගේ මුහුදත් මිරිකලා සම්පත් හූරාකන එක. එහෙම කරන්න ඕනැය කියලා යටත් විජිත යුගයෙදි ෆ්‍රැන්සිස් බේකන් යටත් විජිත ආණ්ඩුවලට උපදෙස් දුන්නා. ඉන්දියාව, ලංකාව වගේ රටවලට යටත් විජිත හිමියෝ ඒ වැඩේ කළා. මුහුදෙන් රට ගොඩගන්න කතාවත් ඒ ජාතියෙම ගොබ්බ කතාවක්. ලංකාව ලෝකෙ වැඩියෙන්ම සමුද්‍ර දූෂණය කරන රටවල් අතරින් එකක්. මුහුදෙ ස්වාභාවික සම්පත් කියන්නෙ ඉතාම පරිස්සමෙන් තිරසර ලෙස භාවිතා කළ යුතු දේ. එහෙම නැතුව හූරාකාල ගොඩයන්න තියෙන ජාති නෙමෙයි. එක්සත් ජාතීන්ගෙ තිරසර සංවර්ධන අරමුණු 17න් 14වෙනි එක ‘දිය යට ජීවිතය.’ ඒ යටතෙ ‘Conserve and sustainably use the oceans, seas and marine resources for sustainable development’ කියලයි සඳහන් වෙන්නෙ. ඒ කියන්නෙ ‘තිරසාර සංවර්ධනය සඳහා සාගර, මුහුද සහ සාගර සම්පත් සංරක්ෂණය කිරීම සහ තිරසාර ලෙස භාවිතා කිරීම’. මේව ලංකාව අනුගමනය කරන්නට එකඟ වෙලා තියෙන කාරණා. ධීවර කර්මාන්තයෙදි විතරක් නෙමෙයි මුහුදෙ නැව් යනකොට, මුහුද අවට වරාය හා සංචාරක කර්මාන්තය වැනි කටයුතුවලදිත් මේ ගැන අවධානය

ආරක්ෂක වියදම් එක රැයින් අඩුකරන හැටි

Image
  අජිත් පැරකුම් ජයසිංහ ජනතා විමුක්ති පෙරමුණට හා අරගලයට සම්බන්ධ පාර්ශ්ව කෙළින් නොකියා ආරක්ෂක වියදම් වැඩි බව කියමින් හමුදා අඩුකරන්නට කැම්පේන් එකක් කරති. 2023 අයවැය යෝජනාවලදී ද ජනාධිපතිවරයා හමුදා අඩුකිරීම සඳහා පියවර යෝජනා කළේය. ආරක්ෂක වියදම් අඩුකිරීම ගැන කතා කරන පිරිස් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන ගැන හරියට දන්නේ නැත. පහත දැක්වෙන්නේ එම ආයතන ලැයිස්තුවයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය රාජ්ය බුද්ධි සේවය ජාතික ශිෂ්‍ය බලකාය ආරක්ෂක අණ හා මාණ්ඩලික විද්‍යාලය ආරක්ෂක සේවා විද්යාලය ආරක්ෂක පර්යේෂණ සහ පුහුණු මධ්යස්ථානය ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ජාතික ආරක්ෂක ඇකඩමිය රණවිරු සේවා අධිකාරිය රක්නා ආරක්ෂක ලංකා සමාගම රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික අධිකාරිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජාතික ආපදා සහන මධ්‍යස්ථානය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතික ගොඩනැගිලි පර්යේ

යහපාලන දූෂණ මර්දන කමිටුවේ සිටි කවුද මේ මාලිමාවේ ආනන්ද විජේපාල?

Image
  අජිත් පැරකුම් ජයසිංහ ආනන්ද විජේපාල යනු යහපාලන සමයේ හොරු ඇල්ලීම සඳහා පිහිටුවන ලද අනුර කුමාර දිසානායක ලේකම් ධුරය දැරූ බව කියන දූෂණ විරෝධී කමිටුවෙහි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයායි. ඔහු අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ 2004-2005 සමයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ කළ අනුර කුමාරගේ හිතවතෙකි. යහපාලන රජයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පිහිටුවූ දූෂණ විරෝධී කමිටුව ව්‍යවස්ථා විරෝධී, නීති වි‍රෝධී කමිටුවක් බවට 2015-19 අතර කාලයේ සිදුවූ දේශපාලන පළිගැනීම් ගැන විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පැවසීය. කුමක් වුවත්, එය ඉතා අසාර්ථක ව්‍යාපෘතියක් වූ අතර, ඒ ඔස්සේ පවරන ලද නඩු බොහොමයක් අසාර්ථක විය. එමගින් අවසානයේදී සිදු වූයේ බොහෝ දූෂණ චෝදනා බොරු බව ඔප්පු වීම පමණකැයි කෙනෙකුට තර්ක කළ හැකිය. 2017 ජුනි මාසයේදී මෙම ලේකම් කාර්යාලය වසාදමන ලදි. ඒ දක්වා නීතිපති දෙපාර්තමේන්තුව හරහා චෝදනා ගොනුකරන ලද නඩු 42කට මෙම දූෂණ මර්දන කමිටුවේ විශේෂඥ උපදෙස් ලැබුණු බව වාර්තා වේ. දූෂණ විරෝධී කමිටුවේ මගපෙන්වීම ඔස්සේ නිර්මාණය කරන ලද පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන

වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් පූර්ණකාලීනව නිදහස් වීම

Image
වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් නිදහස් වී සිටින රාජ්‍ය සේවකයන් ඒ සඳහා භාවිතා කරනු ලබන්නේ ආයතන සංග්‍රහයේ XXV පරිච්ඡේදයේ දැක්වෙන වරප්‍රසාදයි. ඒවා රූපයේ දැක්වේ. ඒ අනුව, අවුරුදු හතරක් දක්වා පූර්ණ කාලීනව නිදහස් විය හැකිය. මහින්ද ජයසිංහ අවුරුදු 23ක කාලයක් නිදහස් වී සිටින බව මෙම වීඩියෝවේ දැක්වේ. ඒ සඳහා ඇමතිවරයාගේ අනුමැතිය ලබාගන්නා බව දැක්වේ. වෘත්තීය සංගම් කටයුතුවලට නිදහස් වී සිටින මෙම විප්ලවවාදීන් ඇමතිවරයා ළඟ පිංසෙණ්ඩු වී එසේ කරගැනීම කොයි තරම් නිර්ලජ්ජිත වැඩක්ද? දශක ගණන් එකම අය වෘත්තීය සමිති කටයුතුවලට නිදහස් වී සිටින්නේත්, ප්‍රධාන තනතුරු දරන්නේත් මේ සංගම්වල වෙනත් නායකයන් නැති නිසාද? වීඩියෝවට සබැඳිය පහත දැක්වේ. https://www.facebook.com/MatureLeadership/videos/730482978732779/ මෙම සටහන ෆේස්බුක්හි තැබීමෙන් පසු දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයකුව සිට පසුව ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබූ අයෙකු වන අප මිත්‍ර සරත් මද්දුමගේ සමග ඇති වූ සංවාදයක් ද මේ සමග පළ කරමි. එහි ඇත්තේ මිත්‍ර භාෂාවකි. එහෙත්, අන්තර්ගතය වැදගත් නිසා පළකරමි. Sarath Maddumage  මහින්ද ජයසිංහ පමනක් නොව බොහෝ අයද එසේ නිදහස් වී ප

සමලිංගිකත්වයට එරෙහි නීතියක් සංශෝධනයට යෝජනා

Image
  March 24, 2023   admin   Politics ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ “ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනි කායික සංසර්ගය” අපරාධයක් ලෙස සලකන අතර වසර දහයක් දක්වා සිරදඬුවමක් නියම කළ හැකිය. මෙම නීතිය වර්ෂ 1883 තරම් ඈතට විහිදේ. එමගින් සමලිංගික සංසර්ගය අපරාධයක් බවට පත් කළ හැකිය. එය පුද්ගලයන්ගේ ලිංගික නැඹුරුවට එරෙහි නීතියක් ලෙස සැලකේ. රජය විසින් මෙම නීතිය සංශෝධනය කිරීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් මගින් පළකර තිබේ. එම සංශෝධනය ගෙන ඒමට මුල් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකි. ඒ අනුව, සංශෝධනය සිදුවන්නේ පහත දැක්වෙන පරිදිය. 365 වගන්තියෙහි සඳහන් වන පරිදි ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව ඕනෑම පිරිමියෙකු, ස්ත්‍රියක හෝ සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය.’ නව සංශෝධනය මගින් මෙම වගන්තියේ ‘පිරිමියෙකු, ස්ත්‍රියක’ යන කොටස් ඉවත් කර තිබේ. ඒ අනුව, එම වගන්තිය වෙනස් වන්නේ ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට

ඉන්දියාවේ සාපරාධී අපහාස නීතියෙන් ගාන්ධි හිරේ; හිරේ යා යුතු විශාල පිරිසක් රනිල් නිසා මෙහේ එළියේ

Image
  March 24, 2023   admin   Law   Politics ඉන්දියාවේදී වෙනත් පුද්ගලයෙකුට අපහාස කරන ඕනෑම අයෙකුට 1860 ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 500 වගන්තිය යටතේ වසර දෙකකට නොවැඩි කාලයක් සඳහා දඩ, සරල සිරදඬුවම් හෝ දෙකම ඇතුළත් දඬුවමට ලක්වේ. “හොරුන් සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි” රාහුල් ගාන්ධි නැගූ ප්‍රශ්නයක් හේතුවෙන් 2019 වසරේදී ගුජරාට් අමාත්‍ය පුර්නේෂ් මෝදි විසින් පවරන ලද සාපරාධී අපහාස නඩුවක් අවසානයේදී ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය අද(23) නියම කර තිබේ. (දැනට ඔහුට ඇප ලැබී තිබේ.) අතීතයේදී අපහාස කිරීම ශ්‍රී ලංකාවේ ද සාපරාධී වරදක් වූ අතර දණ්ඩ නීති සංග්‍රහය යටතේ දෙවසරක සිර දඬුවමක් නියම කළ හැකි විය. 2002 වසරේදී එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජය විසින් අපහාසය අපරාධමය නොවන වරදක් බවට පත්කරන ලදි. සාපරාධී අපහාස නීතිය ඉවත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාවයි. ලංකාව වැනි පසුගාමී ජනතාවක්, සිවිල් සමාජයක් හා දේශපාලන නායකත්වයක් ඇති රටකට එවැනි තත්වයක් යෝග්‍ය යයි ඔබ සිතනවාද? 2002දී සාපරාධී අපහාස නීතිය සංශෝධනය කර අපහාසය අපරාධ ව

රනිල් රෝයල් සෙන් තෝමස් බිග් මැච් ගියා – වසන්ත මුදලිගේ ෂැංග්රිලා ගියා

Image
අජිත් පැරකුම් ජයසිංහ රනිල්ගෙ කට්ටිය උන්ගෙ බිග්මැච් අභිචාරය රටේ කටේ උලන්න හදනවා. ඒ ගමන් මුදලිගේ ෂැංග්‍රිලා ගියා කියලා වැළලෙනවා. මුදලිගේගෙ කට්ටිය හනී අපි තාම දුප්පත්, කල්ලල්ලෑ බොල්ලල්ලෑ කියන්න තටමනවා. හැබැයි මේ වැළලෙන්න හදන හැමෝම තමන්ගෙ ගේ ගැන, වාහනේ ගැන, රට ඉන්න ළමයි ගැන පම්පෝරි ගහන මධ්‍යම පංතිකයෝ. දැන් මුදලිගේලට ෂැංග්‍රිලා යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ වෙනකොට රාජ්‍ය නොවන සංවිධාන බහුතරයක් ඉන්නෙ අරගල-පෙරටුගාමී-ජාජබ ලයින් එකේ. යූඑන්නෙක, අයියෙන්ජීඕ, එන්ජීඕ නිසා තමයි අපිත් ඔය හෝටල්වලින් කෑවෙ. ලංකාවෙ දරිද්‍රතාවයට, කාන්තා හිංසනයට, ජනවාර්ගික ප්‍රශ්නයට පිංසිද්දවෙන්න වැඩමුළු, සම්මන්ත්‍රණ අරවා මේවා නිසා මේ මාත් ඔය හැම ජාතියකම තරු හෝටල්වල කාලා, බීලා විතරක් නෙමෙයි දපලාත් තියෙනවා. හරියට එන්ජීඕ එකකට සෙට්වෙන්න බැරිවුණේ එදා ඉඳන්ම කට නෙමෙයි අත හොඳ නැති නිසා. ඒ කියන්නෙ මේ වගේ ඒවා ලියන නිසා. එහෙම වාතයක් නොවුණා නම් මේ වෙනකොට ලෝකෙ වටේ ටුවර් ගිහින් එක එක කොන්ෆරන්ස්වලටම. ඒ එන්ජීඕ ලෝකය දැන් පෙරටු ලයින් එකේ ඉන්න අයගෙ දෙපතුල් ගාව තියෙන්නෙ. ඉස්සර සුනන්දලාට ඇදිච්ච ලොතරැයිය වගේ එකක්. මේ කරක් ගහපු ටිකෙන් මතුගම අහ උ

වැඩ වර්ජනය මනරංජන නොවුණේ ඇයි?

Image
  අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීමට හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරෙන් ඉවත් කළහොත් තම සංගමය වෘත්තීය සමිති දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවන බව ඔහු වෙත දැනුම් දෙන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එවකට සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හා එහි ලේකම් වෛද්‍ය හරීන් අලූත්ගේ ඇතුළු පිරිසක් 2015 මැද හරියේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමුවීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී ඔහු පහත දැක්වෙන ප්‍රකාශය සිදුකළ බව 2015 ජුලි 17දා සිළුමිණ පුවත්පත වාර්තා කළේය: “ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද වෛද්‍යවරු යනු වරප්‍රසාදිත පිරිසකි. අධ්‍යාපනයෙන් ද වෘත්තීය ගුණාත්මකභාවයෙන් ද වැටුප් හා අනෙකුත් පහසුකම් සැලකීමේ දී ද වෛද්‍යවරුන් යනු වරප්‍රසාද බහුල පිරිසකි. ඒ නිසා වරප්‍රසාද අහිමි ලෝක කම්කරු ප්‍රජාවට ඇති වැඩවර්ජනය කිරීමේ අයිතිය වෛද්‍යවරයාට ද ඇතැයි මම විශ්වාස නොකරමි. ඒ නිසා වෛද්‍යවරුන් කරන වැඩවර්ජන මට මනරංජන වැඩවර්ජන නොවේ. මා ඒවා හඳුන්වන්නේ අතිදුර්ජන වැඩවර්ජන ලෙසටය.” මනරංජන වැඩවර්ජන යනු 1965දී හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ නාට්‍යයකි. වර්තමානයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ

ප්‍රජා සංස්කාරක සමග සම්මුඛ සාකච්ඡාව (වීඩියෝ)

Image
  ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහන සමග ප්‍රජා වෙබ් අඩවියේ සංස්කාරක අජිත් පැරකුම් ජයසිංහ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව Adapted from praja.lk

ජනවරම හා බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුව

Image
  අජිත් පැරකුම් ජයසිංහ මේ අවස්ථාවෙ ජනප්‍රිය අදහසක් තමයි ජනතාවට තමන් කැමති කෙනෙකු පාලකයා කරගන්න අවස්ථාව දිය යුතු බව. ආර්ථිකය කඩාවැටෙනවාද, ගොඩයනවාද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද, ප්‍රතිසංස්කරණ කරනවාද, නැතිනම් අගාධයට යනවාද යන්න තීරණය කළ යුත්තේ බහුතර ජනතාවගේ කැමැත්ත මතය කියන එක තමයි මෙතන පදනම. මොකක්ද මේ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය. ඉතාම ජනප්‍රිය උදාහරණයකින් කිව්වොත්, චමරියක යාළුවන් තුන්දෙනෙකු උයාගෙන කනවා. එක්කෙනෙකු මුස්ලිම්. අනෙක් දෙදෙනා සිංහල හා දෙමළ. මේ අය කෑමට ගන්න දේ තීරණය කරන්නෙ බහුතර කැමැත්ත අනුව. ඒ අනුව, එක් දවසක් යෝජනා වෙනවා ඌරු මස් උයන්න ඕනැ කියලා. මුස්ලිම් මිතුරා විරුද්ධ වෙනවා. ඡන්දයක් විමසනවා. බහුතර කැමැත්ත අනුව ඌරු මස් යෝජනාව සම්මත වෙනවා. ප්‍රජාතන්ත්‍රවාය මේකද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බහුතර කැමැත්තද? ලංකාවෙ දැන් තියෙන ස්වරූපයේ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි නැහැ කියන එක හතළිස් ගණන්වලදි සෝල්බරි කොමිෂන් සභාව ඉදිරියේ පවා සාකච්ඡා වුණා. පනහට පනහ කියන්නෙ ඒ පදනමින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක්. බහුතර ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වුණ නියෝජනය වෙනුවට මේ රටේ සුළුතර ජාතීන් ඉල්ලුවෙ සිංහලයන්ට 50