Posts

Showing posts from August, 2022

චීන ණය ගැන සාකච්ඡා කරන්න රාජපක්ෂ ආණ්ඩුව එකඟවෙලා නැහැ

Image
  August 29, 2022   admin   Economy ශ්‍රී ලංකා රජය චීන බැංකු සමග තිබෙන ණය ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා සූදානම් යයි මාස තුනකට කලින් චීනය ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයට දැන්වූ බවත්, එහෙත්, ශ්‍රී ලංකාව පැත්තෙන් එයට ප්‍රතිචාරයක් නොලැබුණු බවත් චීන තානාපති නිලධාරියෙක් පසුගියදා ඩේලි මිරර් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබිණි. චීන ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් තවමත් චීනය විසින් එකඟතාවක් ප්‍රකාශ කර නැත. ශ්‍රී ලංකාව 2022 වසරේදී පමණක් චීනයට ඩොලර් බිලියන 1.5 – 2 අතර මුදලක් ගෙවන්නට නියමිතය. මේ වසරේ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 7ක පමණ විදේශ ණය ගෙවීමට නියමිතව තිබිණි. චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමියකු වන අතර ලංකාව චීනයට ඩොලර් බිලියන 8ක් පමණ ණයය. ජපානය, ඉන්දියාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ආදිය සෙසු ද්විපාර්ශ්වික හා බහු පාර්ශ්වික ණය හිමියන් වෙති. පසුගිය කාලසීමාව තුළදී ඉන්දියාව ශ්‍රී ලංකාවට භාණ්ඩ ණය හා මුදල් හුවමාරු ආදිය ලෙස ඩොලර් බිලියන 4ක් පමණ වටිනා ආධාර පිරිනමන ලදී. 2026 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 25ක් ණය ගෙවිය යුතුය. ශ්‍රී ලංකාව ඩොලර් බිලි

මගේ රට වෙනුවෙන් මට සිහිනයක් ඇත

Image
  August 25, 2022   admin   Politics – I have a dream මේ සිහිනය ලාංකික අප වැඩිදෙනෙකුගේ හෝ සියලුදෙනාගේ සිහිනයයි. එහෙත්, අපේ සැබෑ සිහිනය ගැන අප කතාකරන්නේ අඩුවෙනි. ඒ වෙනුවට කෘත්‍රිම ව්‍යාජ දර්ශනවලින් අපේ සිත් නොමග යවා ඇත. ලෝකයට ණය වී නිර්මාණය කරනු ලබන කෘත්‍රිම සංවර්ධනය වෙනුවට අපට උවමනා අපේ ජීවන ගුණය දිනෙන් දින යහපත් කරගත හැකි වන ආකාරයේ, සමාජයක් ලෙස අපගේ අනාගතය සුරක්ෂිත වන ආකාරයේ හා පරිසරයටත්, වෙනත් ජීවීන්ටත්, පෘථිවියේ පැවැත්මටත් තර්ජනයක් නොවන ආකාරයේ සංවර්ධනයකි. අපටත්, අපගේ අනාගත පරපුරටත් සුරක්ෂිත අනාගතයක් අවශ්‍යය. මනා පෝෂණයක්, සෞඛ්‍යයක්, සනීපාරක්ෂාවක්, පොදු පහසුකම් සහිත වර්තමානයක් අවශ්‍යය. අනවශ්‍ය තරගකාරීත්වයකින් හෝ පීඩනයකින් තොරව, යහපත් පරිසරයන් තුළ, විධිමත් හා ගුණාත්මක අධ්‍යාපනයක් ඔවුන්ට හිමිවිය යුතුය. සාධාරණ වැටුප් සහිත රැකියා, විවේකය, විනෝදය සඳහා අවස්ථා අප සැමට තිබිය යුතුය. ආදායම් උපයාගැනීමටත්, අපට අවශ්‍ය දේ මිලදී ගැනීමටත් අපට හැකි විය යුතුය. මිලදී ගැනීමේ හැකියාව දුබල වූ විටදී, වැඩකිරීමට නොහැකි අවස්ථාවන්හිදී, රෝගී හා වියපත් වූ විට අපට සමාජ ආරක්ෂණ ක්‍රම තිබිය යුතුය. එහෙත්, රජය හෝ වෙනත්

අපේ මානව හිමිකම් හා අපේ සතුරන්ගේ මානව හිමිකම්

Image
  August 22, 2022   admin   Human Rights අජිත් පැරකුම් ජයසිංහ මේ කියන දේ තේරුම් ගන්න බොහෝ දෙනෙකුට මේ වෙනකොට හැකියාවක් නැහැ. පසුගිය මාස කීපය තුළ ලංකාව මානව හිමිකම් පැත්තෙන් දරුණු අගාධයකට වැටුණා. ඊට කලිනුත් මානව හිමිකම් සම්බන්ධ බරපතල ගැටලු තිබුණා. රාජ්‍ය ත්‍රස්තවාදය, පොලිස් කෘරත්වය, සැමට සමාන අන්දමින් නීතිය ක්‍රියාත්මක නොවීම වගේ බරපතළ ගැටලු තිබුණා. මානව හිමිකම් උල්ලංඝනය ප්‍රධාන වශයෙන්ම සිදුකළේ බලධාරීන්. ඒ අතරෙ ස්ත්‍රී පුරුෂ සමාජ අසමානතාව, කාන්තාවන්ට එරෙහි හිංසනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වගේ කාරණා සමාජයේ පුළුල්ව පැතිරී තිබුණා. මානව හිමිකම් ආරක්ෂකයන් ඒ පිළිබඳ පුළුල් හඬක් නැගුවා. මේ සියල්ල අතරෙ මානව හිමිකම් ආරක්ෂකයන් අතර මානව හිමිකම් ගැන උසස් දැක්මක් තිබුණා. මානව හිමිකම් උල්ලංඝනය ප්‍රධාන වශයෙන් සිදුවුණේ බලධාරීන් අතින් නිසා ඒවාට එරෙහි වීමේදී පොදු එකඟතාවක් තිබුණා. ඒත්, පසුගිය මාස කීපය තුළ රජයට අමතරව ඇතැම් මානව හිමිකම් ආරක්ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් ද මානව හිමිකම් උල්ලංඝනය කරන්නට පටන්ගත්තා. මානව හිමිකම් පිළිබඳ අවබෝධයක් ඇති අය මානව හිමිකම් උල්ලංඝනයට සම්බන්ධ වුණේ ඉතා අඩුවෙන්. ඒත්, ඔවුන් ක්‍රම කීපයක

ජනමතය විකෘති වෙලාද?

Image
  August 22, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ 2004දි ජවිපෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ක එකතුවෙලා මැතිවරණයෙදි ආසන 39ක් දිනාගෙන ආණ්ඩුවක් පිහිටෙව්වා. ඇමතිකම් එහෙමත් ගත්තා කෙටි කාලෙකින් ජවිපෙ ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂයට ගියා. කරු ජයසූරිය ඇතුළු එජාප පිරිසක් ආණ්ඩුවට එකතු වුණා. හැබැයි, ජනමතය විකෘති වුණාය කියලා ජවිපෙ කිව්වෙ නැහැ. වහා මැතිවරණයක් පවත්වන්නය කියල කිව්වෙත් නැහැ. පළාත් සභාවලත් මේක වුණා. හැබැයි, ජවිපෙ පළාත් සභාවලදිවත් කිව්වෙ නැහැ දැන් ජනමතය විකෘතියි ඡන්දයක් පවත්වන්නය කියලා. 2010දි තමයි ඊළඟ මහ මැතිවරණය පැවැත්වුවේ. ඊට කලින් ජවිපෙ තුනට කැඩුණා. පොදු ජන වරම විතරක් නෙමෙයි ජවිපෙට ලැබුණු ජන වරමත් විකෘති වෙලා තිබුණෙ. ඒ වුණාට ජවිපෙ මැතිවරණ ඉල්ලුවෙ නැහැ. ජනතාව පාර්ලිමේන්තුවට දීපු බලය ඔය කියන විදියෙ විකෘති වීමකට ලක් නොවුණු පාර්ලිමේන්තු කාලයක් ඉතිහාසයේ කවදාහරි තිබුණා නම් කියන්න බලන්න. ඒ විකෘති වුණ හැම අවස්ථාවකදීම මැතිවරණ තිබ්බා නම් දැන් මේ වෙනකොට මැතිවරණ කීයක් විතර පවත්වලා තියෙන්න ඕනැද? මැතිවරණ කියන්නෙ මහජන මුදල් හා මහජනතාවගෙ මුදල්. හැමදාම මැතිවරණ තියන්න තරම් අපි ධනවත් රටක් නෙම

ජනාධිපතිවරණයක් එයිද මහ මැතිවරණයක් වෙනුවට

Image
August 22, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ ජුලි 9 අර්ධ උද්‍යෝගී (half-hearted) උත්සාහයක් දැරුවා පාර්ලිමේන්තුව අල්ලන්න. ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, හරිනි අමරසූරිය වගේ අයගෙන් ඒ අර්ධ උද්‍යෝගීත්වය පැහැදිලිව දක්නට ලැබුණා. වැඩේ පත්තු කරලා ඒ කට්ටිය හෙමින් සැරේ දිරාමාරු වුණා. කට්ටිය සෑහෙන්න ගුටිකෑවා එදා, ඒ ගැන කවුරුවත් වැඩිය සද්ද නැහැ. ඒ අතරෙ එතනදි ආයුදයක් නැතිවුණා. දවසක් පාර්ලිමේන්තුවේ කොරිඩෝවකදි ජනාධිපති රනිල් අනුර කුමාරගෙන් ඇහුවා ‘අර ආයුදේ කෝ?’ කියලා. අනුර කලබල වෙලා මොන ආයුදේද, ඔබතුමා පිස්සු කතාකරනවද කියලා කිව්වා. ආයුදේ භාරදෙන්න කියලා රනිල් යන්න ගියා. මේක අරුණ පුවත්පතේ ගොසිප් අතරෙ පළවුණා. කවුරුවත් ඒ ගැන වැඩි සද්දයක් නැතුව හිටියා. ඒක තර්ජනයක්ය, මෙන්න මර්දනය කරන්න හදනවාය කියලා වැළලෙන්න ගියේ නැහැ. ඇයි ඒ? මේ අතරෙ අරගලේ සම්මුතිය තමයි දැන් නීතිය කියල කයිවාරු ගහපු පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් අඩියක් පස්සට ගත්තා. කුමාර් ගුණරත්නම් කාලෙකින් දැක්කෙත් නැහැ. ඔය අතරෙ නැතිවුණ ආයුදේ දියවන්නාවෙ තිබිලා හමුවුණා. පෙසප ජාමෙ බේරගන්න අන්තරේ ෆෝම් කරලා එව්වට අරගලේ සම්මුතිය ප්‍රමෝට් කරපු කට්ටිය

ගෝටාගේ ආපසු පැමිණීම

Image
  August 22, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ගෝඨාභය කියන්නෙ ජනාධිපතිකමක් දරන්න තරම් නායකත්ව පෞරුෂයක් තියෙන කෙනෙකු නෙමෙයි. ඔහුට කලින් ජනාධිපති වූ සිරිසේන පවා ජාමෙ බේරගන්න හැටිවත් දැනගෙන හිටියා. ගෝටා ගැන කියන්න පුළුවන් සිංදු කෑල්ලක් කපුගේගෙ සිංදුවක තියෙනවා. “ඇයත් නොදන්නිය ඇය යන මානය උන් හිටි තැන් මතකය අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය” ඔහු ඉතාම වැදගත් කාල පරිච්ඡේදයකදී ඉතාම මුග්ධ විදියට ශ්‍රී ලංකා රාජ්‍යය කළමනාකරණය කළා. හැබැයි, ඔහුගේ වැරදිි කළමනාකරණයට මේ රටේ විශාල පිරිසක් උඩගෙඩි දුන්නා. ඔහු වැරදියි කියපු තවත් බොහෝදෙනෙකු පෙන්වාදුන්නෙ ඊටත් වඩා වැරදි පාරවල්. කෙසේ වෙතත්, ජනාධිපතිවරයකු ලෙස ඔහු දේශපාලනයෙදි බොළඳ විදියට ප්‍රජාතන්ත්‍රවාදී වුණා. අවසානයේදී ලෝකයටම වැරදි පූර්වාදර්ශ සපයන්නට ලංකාවේ දේශපාලන අන්තවාදීන්ට අවස්ථාව උදාකර දුන්නා. මැයි 9, ජුලි 9 ත්‍රස්තවාදී ක්‍රියා ගැන ප්‍රසිද්ධියේ කයිවාරු ගහන්න වාමාංශික අන්තවාදීන්ට තවමත් හැකියාව තියෙන්නෙ ඒ නිසා. පාස්කු ප්‍රහාරයෙදි දුන්න වගේ තමයි තොපිට දෙන්නෙ කියල මුස්ලිම් අන්තවාදීන් තර්ජනය කරන තත්වයක් ඉන් පසුවත් තිබුණා නම් ඔ

සිස්ටම් චේන්ජ් පටන්ගත යුත්තේ කොතැනින්ද

Image
  August 19, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ 2022දී ශ්‍රී ලංකාවේ පැනනැගුණු පෙර නොවූ විරූ මහජන නැගිටීම තුළ ‘ක්‍රමයේ වෙනසක්’ පිළිබඳ අපැහැදිලි අදහසක් ගැබ්විය. සෑම අයෙකුටම පාහේ දැනට පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන බව පැහැදිලිය. එහෙත්, පවත්නා ක්‍රමය කුමක්ද යන් පිළිබඳ පැහැදිලි විග්‍රහයක් අපට තිබේද? ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය ධනවාදය, නව ලිබරල්වාදය, විවෘත ආර්ථිකය වැනි සරලමතික සංකල්ප ඔස්සේ විග්‍රහ කරනු දක්නට ලැබේ. එවැනි තත්වයක් තුළ ගොඩනැගීමට අපේක්ෂා කරන ක්‍රමය කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් නැති වීම පුදුම විය යුතු තත්වයක් නොවේ. ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය කුමක්ද යන්න සහ එය ගොඩනැගුණේ කෙසේදැයි තේරුම් ගැනීමට අප උත්සාහ කළ යුතු වන්නේ මෙම සංදර්භය තුළයි. ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය බොහෝ දුරට නිදහස් වෙළඳපොළ හා සමුපකාර ක්‍රමය මත පදනම් වූ එකක් විය. එහෙත්, ඇතැම් වැදගත් අංශවල රාජ්‍ය මැදිහත්වීම ඉහළ මට්ටමක පැවතිණි. මහාචාර්ය තිස්ස විතාරණ විසින් 2020දී ලංකාදීප පුවත්පතට ලියන ලද ලිපියකින් 1970 – 1975 දක්වා කාලය තුළ ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී කළ කාර්

ආර්ථිකය බේරාගැනීමේ පියවර සංක්ෂිප්තව

Image
  August 19, 2022   admin   Economy මේ වන විට විදේශ විනිමය අනුපාතික ස්ථාවරයි. නීති විරෝධී වෙළඳපොළේ ඩොලරයට ගෙවන රුපියල් මිල අඩු වේ. විදේශ ව්‍යවහාර මුදල් අතේ තබාගෙන සිටින අයට ඒවා නීත්‍යානුකූලව මාරු කරගැනීමට සැප්තැම්බර් 15 දක්වා සමා කාලයක්. විවෘත ගිනුම් හරහා භාණ්ඩ ආනයනය කිරීම නතර කිරීමේ චක්‍රලේඛය නුදුරේම නිකුත් වේ. විදේශ ශ්‍රමිකයන්ගෙන් රටට ලැබෙන ආදායම් ස්ථාවර මට්ටමක. තවම වැඩිවීමක් නැහැ. බැංකු හරහා මුදල් එවන අයට එවන මුදලින් අඩක වටිනාකමට විදුලි වාහනයක් ආනයනය කරගැනීමට අවසර. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ණය සම්බන්ධ නිලධාරි මට්ටමේ එකඟතාවක් මේ මස අවසානයේ. උද්ධමනයේ උපරිමය සැප්තැම්බරයේ. 65%කට පමණ වැඩිවී අඩු වීම ඇරඹේ. විදේශ විනිමය හිඟය අවසන්. ආනයන සඳහා විදේශ විනිමය තිබේ. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු ඉන්පසු. චීනය හා ඉන්දියාව වැනි රටවල් සමග ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සහාය දීමට ජපානයට ආරාධනා. මේ වසරේ ආර්ථිකය 8%+ ප්‍රතිශතයකින් සංකෝචනය වේ. (මූලාශ්‍ර: ශ්‍රී ලංකා මහබැංකුව හා රොයිටර් පුවත් සේවය) Adapted from praja.lk

රාජපක්ෂලාට බැනීමේ විලාසිතාව

Image
  August 18, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ රාජපක්ෂ පවුලට බනින එක හරි ආතල්. හැබැයි, ඒකෙ තියෙන ගැටලුව රටෙන් යැපුණු අතිවිශාල පිරිසක් ඔය රාජපක්ෂ පවුලට මුවාවීම. රටේ ජනගහනයෙන් 30%ක්වත් යැපෙන්නෙ රජයෙන්. ඒ කියන්නෙ ඍජු රජයේ සේවකයන්, හමුදා, විශ්‍රාමිකයන් හා රාජ්‍ය ව්‍යවසායවල වැඩකරන පිරිස වන ලක්ෂ 22ක් ඉන්නවා (මූලාශ්‍රය කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්). එතනම රටේ ජනගහනයෙන් 10%ක්. ඒ අය හැම කෙනෙකුගෙන්ම තව දෙදෙනෙකුවත් යැපෙනවාය කියන පදනමින් තමයි 30% ගණනය කළේ. රජයෙන් වැටුප් ලබන මේ පිරිස අතරින් අති බහුතරයක් තමන්ගෙ වැටුපට හෝ සරිලන සේවය කරන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඉහළ හා මධ්‍යම මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අති විශාල වරප්‍රසාද ප්‍රමාණයක් භුක්ති විඳිනවා. තීරු බදු රහිත වාහන, විදේශ ශිෂ්‍යත්ව, පුහුණුව ආදී බොහෝ දේ ඇතුළත් වෙනවා. මේවා දේශපාලකයන් සීමිත කාලයක් භුක්ති විඳින වරප්‍රසාද වගේ නෙමෙයි. මැරෙනකල් භුක්ති විඳින ඒවාත් තියෙනවා. රජයෙන් යැපුණ මේ පිරිස හරියට වැඩ කළා නම්, ලංකාව මෙහෙම නෙමෙයි තියෙන්න ඕනැ. හැබැයි, ඒ හැමෝම රාජපක්ෂ පවුලට බැන බැන තවමත් නිකම්ම තමයි ඉන්නෙ. වැඩ කරන එක මරනවා වගේ. පොඩ්ඩක් බලන්නකො රජය

කොළඹ නවාතැන් ප්‍රශ්නය හා අරගල

Image
  August 18, 2022   admin   Life   Politics අජිත් පැරකුම් ජයසිංහ මාත් කාලයක් මතුගමටත් එහා ඉඳන් යතුරුපැදියක සිට මතුගම ටවුමටත්, බසයේ කලුතරටත්, කෝච්චියේ බම්බලපිටියටත්, පයින් තුන්මුල්ලටත් වශයෙන් රස්සාවට ගියා. ඇතැම් දවස්වල කාර්යාලයේ හවස් වෙනකල් වැඩ තිබුණා. හවස හත පහුවුණාම ටැක්සියකින් ගෙදර යාමේ වරප්‍රසාදයක් අපට තිබුණා. ඒ වුණාට ඒක නාස්තිකාර වැඩක්. මට සතියට දවසක් හෝ දෙකක් විතරයි කොළඹ ඉන්නට ඕනැ වුණේ. ඒ කාලේ මං කොළඹින් කාමරයක් හෙව්වා. 2015-2020 අතර කාලෙදි රු. 15,000-20,000 අතර මුදලකට තමයි හෙව්වෙ. පත්තරවල එහෙම තියෙන තැන් බලන්න ගියා. කොම්පඤ්ඤවීදියෙ, බොරැල්ලෙ, කිරුළපන තැන් කීපයක් බැලුවා. ඒවායේ වාතාශ්‍රයවත් හරියට තිබුණෙ නැහැ. මහරගම, පිළියන්දල, දෙමටගොඩ වගේ තැන්වල නවාතැන් ගන්න එක මතුගම මට තේරුමක් තිබුණෙ නැහැ. මොකද, මං සාමාන්‍ය දවස්වලදි ෆ්ලෙක්සිබල් අවර්ස් ක්‍රමයට වැඩ කළේ 7.15-3.15. විදියට. මං වැඩ ඇරිලා ටක් ගාලා කොටුවට ගිහින් රුහුණෙ නැගලා කළුවර වැටෙන්න කලින් ගෙදරටම යන දවසුත් තිබුණා. අර තැන්වල ඉඳන් පැයකට වැඩි කාලයක් මහමග රස්තියාදු වෙන එකේ තේරුමක් තිබුණෙ නැහැ. කොළඹ රැකියා කරන අයට අද වන විට මුහුණදෙන්නට සිද

IMF ඉන්ජෙක්ෂන් එක හරියටම ගහන තැන

Image
  August 17, 2022   admin   Economy   Politics අජිත් පැරකුම් ජයසිංහ, 2022-08-14 අනිද්දා සමබිම අතිරේකයෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා සහන ණයක් ලබාදීමේදී ශ්‍රී ලංකාවට මුහුණදෙන්නට සිදුවන කොන්දේසි පිළිබඳ විවිධ අදහස් පළවනු දැකිය හැකිය. එහිදී නියත වශයෙන්ම සිදුවන්නේ රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට නියම කිරීම බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ‘වයර්’ යූටියුබ් නාලිකාව වෙනුවෙන් ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන කරන් තාපර් මෙහෙවූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. “මේ වසරේ අපගේ අයවැයේ ප්‍රාථමික ගිණුමේ සියයට 4.5 – 5 ක පමණ හිඟයක් පවතින තත්ත්වයක් පෙනේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිය විය හැක්කේ වැඩ සටහන නිමා වනවිට හෙවත් වසර තුනක් අවසානයේදී එම අයවැය පරතරය සියයට දෙකක අතිරික්තයක් බවට පත්කර ගත යුතු බවයි. ඒ අනුව මුළුමනින් ගත් විට සියයට හයක (6%) වෙනසක් අප අයවැය තුළ සිදුකර ගත යුතුය. ඒ සඳහා අනිවාර්යයෙන්ම ආදායම් වැඩි කර ගත යුතුය.” ප්‍රාථමික ගිනුමේ ශේෂය යයි කියන්නේ රජයට ලැබෙන ප‍්‍රදාන ඇතුළුව සමස්ත රාජ්‍ය ආදායම සහ ණ

පිංතූර හා යථාර්ථය

Image
  August 16, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ පිංතූර බොරු කියන්නේ නැත. එසේම, සම්පූර්ණ කතාවම කියන්නේ ද නැත. පිංතූර වනාහි පසුවන කාලයේ වාර්තාකරණයක් හා බාහිර සාක්ෂියක් පමණි. – පෝල් ඕස්ටර්, ඇමරිකානු ලේඛක හා සිනමා අධ්‍යක්ෂ චලනය වන සිදුවීම් අතරමැද එක් නිශ්චල ඡායාරූපයක් මත පදනම්ව යථාර්ථය විග්‍රහ කිරීමට උත්සාහ කරන අය ඉහත දක්වන ලද ප්‍රකාශය කෙරෙහි සැලකිලිමත් වන්න. පසුගිය දිනවල බන්දුල ගුණවර්ධන ඇමතිවරයා හා දුම්රිය මගියකු සිටින ඡායාරූපයක් ගැන බොහෝ විග්‍රහ ලියැවිණි. එහිදී එම තරුණ දුම්රිය මගියා ඇමතිවරයාට ගරු නොකිරීම සම්බන්ධයෙන් ඇතැමෙකු ඔහුට ප්‍රශංසා කළහ. එහෙත්, එම තරුණයා ඊට මොහොතකට පෙර ඇමතිවරයාට ප්‍රතිචාර දැක්වූ ආකාරය හෝ ඉන්පසු ප්‍රතිචාර දැක්වූ ආකාරය අප දන්නේ නැත. ඡායාරූපයක ඇති අනෙක් ලක්ෂණය වන්නේ ක්‍රොප් කිරීමේ හැකියාවයි. එනම් පසුබිමෙන් කපා වෙන් කර ඉදිරිපත් කිරීමේ හැකියාවයි. එය ව්‍යාජ සංදර්භයක් නිර්මාණය කිරීමකි. ඉන්ස්ටග්‍රෑම් හා වෙනත් ඇප් මගින් ඡායාරූපවල වර්ණය විචිත්‍ර කළ හැකිය. එය යථාර්ථය නොවේ. ෆොටෝෂොප් වැනි මෘදුකාංගවලින් ඡායාරූපයක් මුළුමනින්ම පාහේ ප්‍රතිනිර්මාණය කළ හැකිය. ෆේස්බුක් අවකාශය

රාජ්‍ය සේවය කඩදාසිවලින් නිදහස් කළ හැකිනම් එය විප්ලවයකි

Image
  August 15, 2022   admin   Governance අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය වියදම් සීමා කිරීම සඳහා භාණ්ඩාගාරය විසින් අලුතින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව, වාහන, ගොඩනැගිලි කුලියට ගැනීම් ආදිය සමග කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසත් ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදනයට මාරු වන ලෙසත් නිර්දේශයක් තිබේ. 2015දී මා රජයේ සේවයෙන් ඉවත් වී එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳුණු අවස්ථාවේදී මගේ අලුත් සේවාදායකයාට මගේ පැරණි ආයතන ප්‍රධානියාට ඊමේල් පණිවුඩයක් යවා නිර්දේශයක් ලබාගැනීමට අවශ්‍ය විය. එවකට මගේ ආයතන ප්‍රධානීවරිය වූ අධ්‍යාපන පරිපාලන නිලධාරීවරියට ඊමේල් ලිපිනයක් තිබුණේ නැත. නිල ඊමේල් ලිපිනයක් නම් දැනටත් නැති විය හැකිය. නවීන, විධිමත් ආයතනයකට සේවකයකු බඳවාගත් පසු මුලින්ම කරන දෙයක් වන්නේ ආයතනික ඊමේල් ලිපිනයක් ලබාදීමයි. ආයතනය අභ්‍යන්තර සියලු කාර්යයන් සඳහා එය අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය සේවයේ වෙබ් අඩවි පවතින්නේ ඉතා දුර්වල තත්වයකය. ඒවා මනාව නඩත්තු කරන්නේ හෝ යාවත්කාලීන කරන්නේ නැත. නිසි ලෙස තොරතුරු ලබාදෙන්නේ ද නැත. ආයතනික ඊමේල් සේවාවන් නම් දුලබය. ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ නිල ඊමේල් ලිපිනයන් ඇතැම්විට වෙබ් අඩවිවල තිබේ. ඒවා බොහෝවිට නමට

අපි කන හැටි ලිපා දනී

Image
  August 14, 2022   admin   Economy අජිත් පැරකුම් ජයසිංහ ළමයින්ට හෙට ඉඳන් ඉස්කෝලෙ. බයිසිකලේ හැන්ඩල් එකේ කිරිපිටි කිලෝ එකයි බිත්තර දහයයි ෂොපිං බෑග් දෙකක දාලා එල්ලගෙන ආවා. හරිනම් සේප්පුවක දාන්න වටින්නෙ. රුපියල් තුන්දාස් පන්සීයයි. බිත්තරකාරයාගෙන් වැඩිපුර පිදුරු ටිකක් ඉල්ලගත්තා, ෂොකැබ්සෝබර් කරන්න. ඇයි යකෝ බිත්තරයක් බිඳුනොත් පනස් අටක්. ඇත්තම කිව්වොත්, අපි පරිභෝජනය එතරම් අඩුකරලා නැහැ. බ්ලැකීටත් උදේට කිරි කෝප්පයක් දෙනවා. එයාට වෙනම මස් මාළුත් දෙනවා. අපට අඩු කළත් එයාට අඩුවක් කරන්නෙ නැහැ. මොකද, එයා මේ හුටපට දන්නෙ නැහැ. ඉස්සර ඉඳන්ම අපි අධි පරිභෝජනයක් කළේ නැහැ. අපේ ගානට තමයි කළේ. ළමයි කැමති දේ අඩු නැතුව දුන්නා. භාණ්ඩ හිඟය අඩුවීමත් එක්ක අපි ඒ ගානට නැවතත් පරිභෝජනය කරනවා, ඕනැ බම්බුවක් කියලා. කොටින්ම බෝතලයක් ඉවරවෙනකොට බෝතලයක් ගානෙ මගේ බ්‍රෑන්ඩ් එක වන සංස්ථා ඕල්ඩ් ඇරැක්ම අරන් එනවා. හැබැයි, දැන් මිල අධිකයි. සමස්ත වියදම ඉස්සර වගේ තුන්ගුණයක් විතර. කොහොමද අපි මේක බැලන්ස් කරගන්නෙ? අන්න ඒ දේ තමයි මං කියන්නෙ. මේක මගේ කතාව විතරක් නෙමෙයි. මධ්‍යම මට්ටමේ ආදායම් ඇති බොහෝ අයගේ කතාව. විනාඩි පහෙන් පහට වගේ බස් තියෙන ප

නීතිය සැමට සමාන වන දවසක් වන තෙක් නීතිය ක්‍රියාත්මක නොවිය යුතුද?

Image
  August 14, 2022   admin   Politics රටේ නීති කඩන තරමට හැම කෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්නට තරම් ශක්තිමත් නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියක් මේ රටේ නැහැ. රටේ මිනිසුන් නීතිය ක්‍රියාත්මක කරන්නට උපකාර කරන්නෙත් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන අයත් දූෂිතයි. ඒ නිසා ලංකාවෙ නීතිය ක්‍රියාත්මක කරනවාය කියන්නෙ හොරා පොලිස් සෙල්ලමක්. නීතිය ක්‍රියාත්මක කළත්, යුක්තිය ඉටුවීම ඉතා අඩුයි. ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් ලබන්නෙ 5%ක් පමණ පිරිසක් පමණයි. 95%ක් දඬුවම් ලබන්නෙ නැහැ. හැම මට්ටමකදීම අති විශාල පිරිසක් නීතියෙන් පළායනවා. ඒක ධනවතුන්ට හා බලවතුන්ට විතරක් සීමා වෙන්නෙ නැහැ. පහුගිය දිනවල අපරාධ කරපු හැම මට්ටමකම අය අතරින් කීදෙනෙකුටද නීතිය ක්‍රියාත්මක වෙන්නෙ? මැයි 8 ගෝල්ෆේස් හා අරලියගහ මන්දිරය අසල විරෝධතාවලට පහරදුන් අය අතරින් සුුළු පිරිසකට එරෙහිව විතරයි නීතිය ක්‍රියාත්මක වුණේ. ඒ වගේම තමයි පළිගැනීමේ ප්‍රහාරවලට විවිධ මට්ටමින් සම්බන්ධ වුණ අතිවිශාල පිරිසක් අතරින් ඉතා සුළු පිරිසකට එරෙහිව විතරයි නීතිය ක්‍රියාත්මක වුණේ. වැඩිය ඕනැ නැහැ, ෆේස්බුක් එකේ එක එක්කෙනාගෙ ගෙවල් මතක් කරමින් ගිනිතියන්නය කියපු අය කීදෙනෙකු හිටියාද බලන්න

වලෙන් ගොඩ එන හැටි

Image
  August 11, 2022   admin   Economy 2019දී කළ බදු කප්පාදුව නිසා රජයේ ආදායමෙන් 50%ක්  අහිමි විය. ට්‍රිලියනයක්ව පැවැති රජයේ බදු ආදායම බිලියන 500 දක්වා අඩු විය. 2019දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10ක් වූ අතර ආනයන වියදම ඩොලර් බිලියන 22කි. ආනයන හා අපනයන අතර ශේෂය ඩොලර් බිලියන 12කි. අප එය පියෙව්වේ මෙසේය: අවුරුද්දකට සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 04ක් පමණ, විදේශ රටවල රැකියා කළ ලාංකිකයන්ගෙන් ඩොලර් බිලියන 7ක් පමණ ලැබුණු අතර ඉතිරිය පියවා ගත්තේ ණය ගැනීමෙනි. කොරෝනා වසංගතය හේතුවෙන් 2020, 2021 හා 2022 වසරවල සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම අහිමි විය. විදෙස් රැකියා කරන අයගෙන් ලැබුණු ආදායම ද අඩකින්ය පමණ අඩු විය. මේ අතර, ආනයන හා අපනයන අතර පරතරය ද වැඩි විය. ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුළංගමුව පෙන්වා දෙන පරිදි “සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට ගේන්නට අපට පුළුවන් නම් විදේශ විනිමය ප්‍රශ්නයෙන් 50%කට අපට පිළියම් ලැබෙයි. එවිට ඩොලරයට තිබෙන ඉල්ලුම අඩුවෙයි. එමගින් සාමාන්‍ය නීත්‍යනුකූල වෙළෙඳපොළෙන් හා කළු කඩයෙන් ඩොලරයට ලැබෙන රුපියල් ප්‍රමාණය වෙනස් වෙයි. එසේ වීමෙන් විදේශ රැකියා කරන අය නීත්‍යනුකූල