තිස්සකුට්ටිආරච්ච් හා සෙක්සිස්ම්
  November 24, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ – Praja.lk පොහොට්ටුවේ මහින්දානන්ද, තිස්සකුට්ටිආරච්ච් වගේ මන්ත්‍රීලා ඇයි තාමත් ගෑනුන්ට වම්බටු වගේ පරණ ජෝක් කරන්නෙ? උන් සෙක්සිසම් සම්බන්ධයෙන් පවා අප්ඩේටඩ් නැති, ඒකටවත් නිර්මාණශීලීත්වයක් නැති කට්ටියක් නේද? ඔය වම්බටු ගහල පලාගන්න කතාව මට මීට අවුරුදු 25කට විතර උඩදි පෙම්වතියක් තමයි කියල දුන්නෙ. එයා කිව්වෙ පොලක බඩු විකුණන්න කෑගහපු හැටි ගැන කතාවක්. ඒකෙ ඉතුරු කෑල්ල තමයි තව එක්කෙනෙක් කොහිලයි, කැකුළ මුලුයි විකුණපු හැටි. කෝ හිල… කකුල මුල… ඔය වගේ සෙක්සිස්ට් කතා සමාජයේ තියෙනවා. ඒවා තියෙන්නත් ඕනැ. ඇම්ඩන්ගෙ කතාවල ඔයිට වඩා සෙක්සිස්ම් ඕනැ තරම් තියෙනවා. ෆේස්බුක්වල සමහරුන් ෂෙයාකරන ශිෂ්ට වගේ පේන විහිළු කතාත් එහෙමයි. සාහිත්‍යයෙත් සෙක්සිස්ම් තියෙනවා. ඩබ්ලිව් ජයසිරි ලියපු ලොරෙන්සෝද අල්මේදා සිංදුවෙත් එහෙම කෑලි තියෙනවා. “නෝනා මට අත වනනවා – අපි ඔක්කොම එයාට බෑ කියනවා.” ශෘංගාර සාහිත්‍යයේ මෙන්ම පොදුවේ කලාවේ සෙක්සිස්ම් අනුපානෙට වගේ තියෙන එකේ මම නම් වරදක් දකින්නෙ නැහැ. පාර්ලිමේන්තු කතාවකදි කිසිම හේතුවක්, අදාළබවක් නැතුව කාන්තා මන්ත්‍රීවරියන්ට අපහ...