අනුන්ගේ නම් බාල කිරීමේ සමාජ චර්යාව
July 29, 2021 admin Life අජිත් පැරකුම් ජයසිංහ වෙන කෙනෙකුගේ නමක් බාල කරලා කියන එක අපේ රටේ මිනිසුන්ගෙ ලක්ෂණයක්. බොහෝදෙනෙකු ඒක කරන්නෙ දැනදැනමයි. නමක් බාල කරනවා කියන්නෙ මොකක්ද? අපි හිතමු කවුරුහරි කෙනෙකු ඉන්නවාය කියලා ශ්‍රීපාල් කියලා. ඒක සිරිපාල කියලා කිව්වොත් වෙන දේ ගැන ඔබට අවබෝධයක් තිබෙනවා නේද? අන්න ඒක තමයි නම් බාල කිරීම කියන්නෙ. ක්‍රිස්තියානි, මුස්ලිම් සංස්කෘතීන්වල වගේ නෙමෙයි, සිංහල, දෙමළ වගේ සංස්කෘතිවල නම්වලටත් පරම්පරා තිබෙනවා. 1960 දශකයේ උපන් බොහෝ අයට අජිත් කියන නම තිබ්බාට දැන් ඉපදෙන ළමයෙකුට ඒ නම තියන්නෙ නැහැ. ඒක පරණ තාලෙ එකක්. මේ විදියටම නම් මොඩ් කරගන්නත් පුළුවන්. ධර්මසිරිට ධර්ම ශ්‍රී වෙන්න පුළුවන්. සමහරු තමන්ගෙ පැරණි නම වෙනස් කරගෙන අලුත් නම් දාගන්නවා. පහළ යයි සම්මත කුල අනන්‍යතාව ප්‍රකාශ වෙන වාසගම් වෙනස් කරගන්න එක හොඳ දෙයක්. හැබැයි, සමහරුන් ඒ ගමන් වර්තමාන යුගයේ අලුත්ම නම් දාගන්නවා. සමහරුන් උපැවිදි වෙනකොටත් එහෙම කරනවා. හැබැයි, පැරණි ශරීරවලට අලුත් නම් ගැලපෙන්නෙ නැහැ. උදාහරණයක් විදියට මං ළහිරු වගේ නමක් දාගත්තොත් මගේ රූපයට ඒක ගැලපෙන්නෙ නැහැ. නම් පරණ වීමත් එක්ක ඇත්තටම ල...