බුර්කා තහනම් කරන්න තියෙන හදිසි උවමනාව
April 29, 2021 admin Human Rights Life Religion බුර්කා, නිකාබ් වැනි මුහුණු ආවරණය වන මුස්ලිම් කාන්තා ඇඳුම් තහනම් කිරීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, ඒ හා සම්බන්ධ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම යෝජනාව සිංහල අන්තවාදිී අදහස් ප්‍රකාශ කරන්නකු ලෙස ප්‍රකට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේය. මෙම යෝජනාව ඔහු කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සූදානම් කළේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබූ සමයේදීය. එය එම අවස්ථාවේදී ද ශ්‍රී ලංකාවට අවාසිදායක විය. එසේම, බුර්කා නිකාබ් තහනම කැබිනට් මණ්ඩලය විසින් සම්මත කරනුයේ ශ්‍රී ලංකාව කෝවිඩ්-19 පැතිරීම හේතුවෙන් බරපතල අවදානමකට මුහුණදී සිටියදීය. පවත්නා තත්වය තුළ එය කිසිසේත්ම රාජ්‍ය ප්‍රමුඛතාවක් නොවේ. මෙම ඇමතිවරයාට බුර්කා තහනම මෙතරම් වැදගත් වන්නේ ඇයිද යන්න විමසා බැලිය යුතුය. ශ්‍රී ලංකා රජය පළමු වරට හදිසි නීතිය යටතේ බුර්කා ඇඳුම තහනම් කළේ 2019 අප්‍රේල් 21දා, පාස්කු ඉරිදා ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මියගොස් 500කට අධික පිරිසක් තුවාල ලැබීමෙන් පසුය. ...