නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ
January 25, 2021 admin Economy අජිත් පැරකුම් ජයසිංහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනයේ අනාගතය තීරණය කරන සන්ධිස්ථානයක් බවට පත් වී තිබේ. මේ වන විට ඔහු බලයට ගෙන ඒම සඳහා වැඩ කළ සිංහල ජාතිවාදී සංවිධානවල හා වියත් මග වැනි ඊනියා වෘත්තිකවාදී සංවිධානවල කොන්ද කඩන පිදුරු ගහ බවට පත් වී තිබෙන්නේ නැගෙනහිර ජැටියයි. මෙම බලවේගවල අරමුණු අපැහැදිලිය. කෙසේ වෙතත්, ඒවා කිසිවක් ආනයනය නොකර හැකි සියල්ල අපනයනය කරමින් ධනවත් විය හැකි යයි සිතන ස්වයංපෝෂණවාදයේ සිට ඒකාධිපති, කෘර පාලනයක් හරහා විරුද්ධ බලවේග මර්දනය කරමින් රට සංවර්ධනය කිරීම සඳහා දැඩි පියවරගැනීම දක්වා පුළුල් පරාසයක විහිදේ. මෙම බලවේග සියල්ලෙහි අවශ්‍යතා අතර මහා පොදු සාධකය ලෙස සැලකිය හැක්කේ සමෘද්ධිමත් රටක ජීවත් වීමේ සිහිනයයි. එම සිහිනය සැබෑ කරගන්නේ කෙසේද යන්න පිළිබඳ විවිධ මතවාද තිබේ. සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි ආධිපත්‍යයෙන් යුත් ශ්‍රී ලාංකීය රාජ්‍යය ලාංකික බහුතර ජාතිකවාදීන්ගේ මුදුන් මල්කඩයි. ඔවුන්ට අවශ්‍ය ඒ ශ්‍රී ලංකාව ඒ අයුරින් සමෘද්ධිමත් දේශයක් වනු දැකීමටයි. එහිදී ඔවුන්ට දෙමළ ජාතික අරගලය, දකුණු ආසියාතික කලාපීය හා ගෝ