ආර්ථික ජාතිකවාදය හා ආර්ථික ජාත්‍යන්තරවාදය
December 30, 2021 admin Economics Politics අජිත් පැරකුම් ජයසිංහ ලංකාව වර්තමානයේදී මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විවිධ විසඳුම් ඉදිරිපත් වෙමින් තිබේ. මෙම විසඳුම් අතර දැකිය හැකි මූලික ලක්ෂණයක් පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද විසඳුම පිළිබඳ අපි පසුගිය සතියක සාකච්ඡා කළෙමු. තවත් පක්ෂ විසින් ද විවිධ විසඳුම් ඉදිරිපත් කරනු දක්නට ලැබිණි. ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින විසඳුම ලෙස දැකිය හැක්කේ කුමන හෝ ආකාරයකින් විදේශ සංචිත ගොඩනගාගනිමින්, ණය ගෙවීම සඳහා තවත් ණය ලබාගත හැකි පසුබිමක් නිර්මාණය කරගෙන, කොහෙන් හෝ තවත් ණය රැගෙන, ගත් ණය පොළියත් සමග ගෙවා දැමීමයි. ඒ අතරවාරයේ ඉස්පාසුවක් ලදහොත් තව තවත් ණය ලබාගනිමින් මෙගා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට තිබේ. මෙම මෙගා සංවර්ධන ව්‍යාපෘති වන්නේ අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වේ. අත්‍යවශ්‍ය යටිතල සංවර්ධන ව්‍යාපෘති ලෙස සැලකිය හැකි බලශක්ති ව්‍යාපෘතියක් වන යුගදනවි වෙනුවෙන් ආණ්ඩුව ඇමරිකා එක්සත් ජනපදය සමග හවුල් ගිවිසුමක් අත්සන් කි...