Posts

Showing posts from February, 2020

ට්‍රැෆික් පොලිසිය හා ටෙරිෆික් ආණ්ඩුව

Image
February 29, 2020   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2020 පෙබරවාරි 29 මිලිටරි පොලිසිය, ගුවන් හමුදා පොලිසිය හා නාවික හමුදා ප්‍රොවොස්ට් ශාඛාව රථවාහන පාලනයට මහා මාර්ගයට දැමීම ගැන රටේ ගොඩනැගී තිබෙන සංවාදය ගැඹුරින් ම නීතිය හා රාජ්‍ය පාලනය සමග සම්බන්ධයි. ප්‍රශ්නය රථ වාහන පාලනයට පොලිසියේ පිරිස් ප්‍රමාණවත් නැතිකම නම්, කළ යුතුව තිබෙන්නේ පොලිසියට අමතර පිරිස් බඳවා ගැනීමයි. ඒ වෙනුවට කර තිබෙන්නේ රථ වාහන පාලනයට යුද හමුදාව කැඳවීමයි. රජයට එහෙම කරන්නට සිදු වුණේ ඇයි? ට්‍රැෆික් පොලිසිය හරි ටෙරිෆික් ආයතනයක් ය කියන එක කවුරුත් දන්නවා. ඔවුන් අල්ලස් ගන්නා හැටි, මිනිසුන් අමාරුවේ දාන හැටි, අකාර්යක්ෂමකම ආදිය ගැන විස්තර මෙහි සටහන් කිරීම අවකාශය අපතේ යැවීමක්. ඒ ගැන කවුරුත් දන්නවා. හැබැයි, රථවාහන පොලිසිය අකාර්යක්ෂම වීම නිසා රට ආර්ථිකමය හා සමාජමය වශයෙන් විශාල මිළක් ගෙවනවා. රථවාහන පාලනයට මිලිටරි පොලිසිය යෙදවීම පොලිස් පනතට එරෙහිව යෑමක් බව විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා. මා හිතන්නෙ මේ නීතිමය බාධකය රජය පහසුවෙන්

30/1 සහ 40/1 යෝජනා සම්මතයන් සහ සෙල්වම් සිවපාක්‍යම්

Image
February 28, 2020   admin   International   News මේ ඡායාරූපයේ ඉන්න සෙල්වම් සිවපාක්‍යම් මුලතිව්හි පදිංචි කාන්තාවක්. ඇය පසුගිය කාලය පුරා ම අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය සොයන උද්ඝෝෂණවලට සක්‍රියව සහභාගි වුණා. ඇය සොයන්නේ යුද්ධයේ අවසන් සමයේදී අතුරුදහන් වූ සිය දියණියගේ පුත්‍රයා වන ඇල්ෆ්‍රඩ් දිනූට කුමක් වුණා ද කියන එකයි. යුද්ධයෙන් අවතැන් වී යළි පදිංචි කළ ජනයාගේ ජීවිත නැවත ගොඩනගාගැනීම සඳහා තවමත් ප්‍රමාණවත් තරමින් ආධාර උපකාර සිදුවන්නේ නැහැ. අධික රස්නය මැද තහඩු නිවසක ජීවත් වූ ඇය දිගුකාලීනව අසනීප වී සිට 72 විය සපුරද්දී ජරපත් මැහැල්ලක සේ මිය ගියා. ඇය උපදින්නේ ශ්‍රී ලංකාව නිදහස ලබා මාස එකහමාරකට පමණ පසුව 1948 මාර්තු මාසයේදීයි. ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත්, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධනත් උපදින්නේ ඉන් වසරකට පසුවයි. සිවපාක්‍යම්ගේ අවමංගල්‍යය සිදු වුණේ 2020 පෙබරවාරි 26වෙනිදායි. එදාම තමයි, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 42වන සැසි වාරයේදී ශ්‍රී ලංකාව වගවීම පිළිබඳ 30/1 සහ 40/1 යෝජනා සම්මතයන්ගේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව නිවේදන

ක්‍රිකට් ලෝලීන්ට ගුටි; නිලධාරීන්ට මැච් බලන්න ප්ලේන්

Image
February 27, 2020   admin   News   Sports සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හැදීමට වරාය අධිකාරිය හා චයිනා හාබර් සමාගම රු. බිලියන පහක පමණ මුදලක් වැය කර තිබේ. පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ඇණැවුම මත සිදුකරන ලද තක්සේරුවකින් හෙළිදරව් වූයේ මෙහි සත්‍ය වටිනාකම රු. බිලියන දෙකක් බවයි. ඉතිරි මුදල් මාටියා ගසන්නට හෝ නාස්ති වන්නට ඇත. මෙහි පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය 2011 පෙබරවාරි මස පවත්වන ලදී. එතැන් සිට මේ දක්වා නව වසර තුළ ක්‍රීඩා කර තිබෙන ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 20ක් පමණි. මෙම ක්‍රීඩාංගනය නඩත්තු කිරීම සඳහා ද විශාල මහජන මුදල් ප්‍රමාණයක් වියදම් කරනු ලැබේ. මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ 2020 පෙබරවාරි 26දා පැවැත්වුණ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂකයන්ට ප්‍රවේශපත්‍ර රැගෙන ඇතුළු වීමට ප්‍රමාණවත් පහසුකම් නොතිබීම නිසා ඇති වූ කලබලකාරී තත්වය මැඩපැවැත්වීමට පොලිසිය විසින් ක්‍රීඩාලෝලීන්ට බැටන් ප්‍රහාර පවා එල්ල කරන ලදී. එම තත්වයට වගකිව යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ක්‍රිකට් තරගය නැරඹීම සඳහා කටුන

ලාංකිකයන්ට යන්න හිතෙන රීයුනියන් රට

Image
February 26, 2020   admin   International   Life ලාංකිකයන් කොයි තරම් ජාතිවාදී වුණත්, විශේෂයෙන් ම සිංහලුන් ලංකාව ලෝකෙන් උතුම් රට යයි කීවත්, ධනවත් දුප්පත් බොහෝ අය බලාගෙන ඉන්නෙ අවස්ථාව ලද සැණින් වෙනත් කොහේට හෝ යන්නටයි. දුප්පත් මිනිසුන් බොහෝ විට යන්නේ වැඩි ආදායමක් ලැබෙන රැකියාවක්, වඩා සුවපහසු ජීවිතයක් හා දරුවන්ට සුරක්ෂිත අනාගතයක් සොයාගෙනයි. ලංකාවේ පවතින තත්වය අනුව ඒ සිතුවිල්ලේ වරදක් නැතැයි තර්ක කරන්නටත් පුළුවන්. විශේෂයෙන් ම යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාවට සිය ජීවිත නැවත ගොඩනගාගැනීම සඳහා තිබෙන දුෂ්කරතා හා රජයෙන් උපකාරයක් නොමැතිකම හේතුවෙන් ඔවුන් ජීවිතය වෙනස් කරගැනීමට පහසු මාර්ගයක් ලෙස තම ඥාතීන් සිටින ඇමරිකාව, කැනඩාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවලට යාමට උත්සාහ කරනවා. ඕස්ට්‍රේලියාව සරණාගතයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටත්, ඔවුන් ආපසු හරවා එවීමට හා දූපතක රඳවා තැබීමටත් පියවර ගැනීම නිසා දැන් ලාංකිකයන් සරණාගතභාවය සොයා යාමට අලුත් රටක් සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ තමයි, ප්‍රංශයට අයත් ලා රීයුනියන් දූපත. වර්ග කිලෝමීටර් 2500ක් පමණ වන, ලක්ෂ

ඩිජිටල්කරණය නම් කෝකටත් තෛලය හා රාජ්‍ය අංශය

Image
February 26, 2020   admin   Governance අජිත් පැරකුම් ජයසිංහ, ලංකා පුවත්පතේ පැරාගේ විරාමය කොලම (2020 පෙබරවාරි 23) ලංකාවේ සංවර්ධනය ගැන කතා කරනකොට රාජ්‍ය අංශය ගැන අවධානය යොමු නොකර එය කරන්නට බැරි තරම් විශාල රාජ්‍ය අංශයක් අපට තිබෙනවා. රාජ්‍ය අංශය හැම දිහාවට ම අඬු බඬු විහිදලා තියෙන්නෙ. සිල්ලර වෙළඳාම පවා කරනවා. ඒත්, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව අවම බවත් කවුරුත් දන්නවා. පසුගිය සමයේ විහිළුවට කියැවුණ කාරණයක් වුණේ රජයේ ආයතනයක ආදර්ශ පාඨය ‘පුළුවන් නම් ආපු වැඩේ කරගෙන පෙන්නන්න’ යන්න බවයි. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව, ඵලදායිතාව ඉහළ නංවන්නේ නැතුව ලංකාවට පූර්ණ සංවර්ධන හැකියාවන් අත්පත් කරගන්නට බැහැ. රාජ්‍ය අංශය නවීකරණය පිළිබඳ සාකච්ඡා වෙන්නෙ මෙම සංදර්භය තුළයි. රාජ්‍ය අංශය නවීකරණය පිළිබඳ සාකච්ඡාවත් සමග ම රජය සැරසෙන්නේ රාජ්‍ය සේවකයන් කප්පාදු කරන්නට ද යන ප්‍රශ්නය අනිවාර්යයෙන් මතු වෙනවා. ඒ සැකය නිසා ම රාජ්‍ය අංශයේ නවීකරණයට රජයේ සේවකයන් පැත්තෙන් විරෝධය එල්ල වීමක් ද දකින්නට ලැබෙනවා. ජාතික වැටුප් හා කාර්ය මණ්ඩල කොමිෂමේ සභාපති එස්. රනුග්ගේ මහතා පසුගියදා මේ සම්බන්ධයෙන් පැවැත්වුණ කොළඹ දේශපාලන සංවාද නම්

අපිත් උපන් ගෙයි බුලි කරන ජාතියක්

Image
February 23, 2020   admin   Life අජිත් පැරකුම් ජයසිංහ බුලිං කියන ඉංග්‍රීසි වචනයේ අරුත පරිසමාප්තව දෙන සිංහල වචනයක් නැත්තෙ අප සංස්කෘතික වශයෙන් ම බුලි කිරීම හඳුනා නොගන්නා නිසායි. නැතිනම් බුලි කිරීම අපේ සංස්කෘතියේ කොටසක් නිසායි. විශේෂයෙන් ම, ශාරීරික අඩුපාඩු සහිත අයට අපහාසාත්මකව සැලකීම අපේ සංස්කෘතියේ සාමාන්‍ය තත්වයක්. ඒ අය සම්බන්ධයෙන් අනුකම්පා කිරීම හෝ ඒවා එහෙම තමයි කියා භාරගැනීම මිස එවැනි අඩුපාඩු ඇති අය ගැන සංවේදී විය යුතු යයි සංකල්පයක් අපේ සංස්කෘතියේ ම නැහැ. බුලි කිරීම බටහිර සංකල්පයක්. අපි බුලි කරන ජාතියක්. කථන ආබාධ සහිත අයට ගොළුවා ය කියන එක, ශ්‍රවණ ආබාධ සහිත අයට බීරා කියන එක, පෙනීම සම්බන්ධ ආබාධ තිබෙන අයට අන්ධයා, පොට්ටයා, කණා, වපරයා කියන එක, කෙස් හැලුණ අයට තට්ටයා කියන එක. ස්කෝලියෝසිස් කෙනෙකුට කුදා කියන එක, විටිලයිගෝවලට කබර කියන එක, ඇලොපේෂියා ඒරියාටාවලට උඳුගොව්වන් කෑම කියන එක වැනි දේ අපේ සංස්කෘතිය තුළට කිඳා බැහැලා තියෙනවා. ඒවා වෙනස් කරන එක ඉතා දුෂ්කරයි. රත්මලානේ අඳ ගොළු බිහිරි විද්‍යාලයේ නම වෙනස් කළත්, ඒ පාසල තිබෙන තැනට ගොළුමඩම කියන අපහාසාත්මක මූලයක් තිබෙන නම භාවිතා කරන එක නවති

කළු රංජි, සන්නස්ගල හා කන්නන්ගර

Image
February 24, 2020   admin   People අජිත් පැරකුම් ජයසිංහ රංජිත් දිසානායකට නැති තැන කළු රංජි කීවත්, අප කවුරුත් ඔහුට ගරුසරු ඇතිව කතා කළේ රංජිත් අයියා කියා ය. දැන් ඔහු කළු රංජි නමින් තරුවක් වී සිටියි. කිසිදා තරුවක් වන්නට නොපැතූ මිනිසකු තරුවක් කිරීමට හා ප්‍රසිද්ධියේ ඊර්ෂ්‍යාවට පවා ලක් කිරීමට උපුල් ශාන්ත සන්නස්ගලගේ රෝයල් තැප්‍රොබේනියන් අවකාශය සමත් වී තිබේ. රංජිත් දිසානායක යනු 1971 කැරැල්ලට සම්බන්ධව සිටි, පසුකාලීනව ඉතාලියේ ජීවත්ව නැවත ලංකාවට පැමිණ වර්තමානයේදී අගහස් ප්‍රකාශන ආයතනය පවත්වාගෙන යන, සමාජ ක්‍රියාකාරිකයෙක්. ලංකාවේ වාම, ප්‍රගතිශීලී සහ සිවිල් සමාජ අවකාශයේ බොහෝ දෙනෙකු රංජිත් දිසානායක හඳුනනවා. මීට පෙර රංජිත් දිසානායක ප්‍රවර්ධනය කළ තවත් තරගකාරී පොත් ප්‍රකාශකයකු වන්නේ ජනක ඉනිමංකඩ බව ද සිහිපත් කරගත යුතු ය. රංජිත් දිසානායක තමන් සමග නිතර බ්‍රැන්ඩි බොන මිතුරකු බව ඔහු පැවසුවා. ඔහුගේ සෙසු සමීප මිතුරන් වන්නේ මහාචාර්ය ජේ.බී. දිසානායක වැනි අයයි. කළු රංජි තමන්ගේ මිතුරකු බව පැවසීමට සංස්කෘතික ප්‍රභූ සමාජය ඉදිරිපත් වීම මා නම් දකින්නේ ඉතා සාධනීය තත්වයක් ලෙසයි. හැබැයි, කළු රංජි ගැන කතා කරන්නට

උපාලි ෆියට් මග දිගේ මහේන්ද්‍රා KUV100 NXT දක්වා

Image
February 21, 2020   admin   Industry   News ඩෙල්ටා ටොෆිය, කැන්ඩොස් චොකලට් පෙත්ත, යුනික් රේඩියෝව හා දිවයින පුවත්පත කියන්නෙ මතකයේ රැඳී තියෙන සන්නාම තුනක්. උපාලි විජේවර්ධන කියන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ ඥාති සහෝදරයෙක්. ඔහු විවාහ වුණේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ සහෝදරයකු වන සීවලී රත්වත්තගේ දියණිය වන ලක්මිණි රත්වත්ත සමගයි. උපාලි සිය පෞද්ගලික ලියර් ජෙට් යානයත් සමග අතුරුදහන් වුණේ 1983 පෙබරවාරි මාසයේදීයි. ශ්‍රී ලංකාවේ වඩාත් ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ලෙස ඔහු ජීවිතය හැර යන විට වයස අවුරුදු 44ක් පමණයි. ඒ වන විටත් ඔහු ශ්‍රී ලංකාවේ පළමු වාහන එකලස් කිරීමේ කර්මාන්තය හරහා උපාලි ෆියට් හා උපාලි මැස්ඩා නමින් වාහන එකලස් කරලා ඉතිහාසගත වෙලායි හිටියෙ. ඔහුගෙ නමින් උපාලි එයා නම් ගුවන් සේවයක් ද තිබුණා. හැත්තෑ ගණන්වල දේශීය සබන් කර්මාන්තය තුළ ඉදිරියට ආ සිකුරු, ටිංගල් හා ක්‍රිස්ටල් සබන් හැදුවෙත් උපාලිගෙ සමාගමකයි. දිවයින, දි අයිලන්ඩ්, විදුසර, නවලිය, බිංදු වැනි පුවත්පත් පළ කළ උපාලි පුවත්පත් සමාගම තමයි ලංකාවේ පළමු වෙබ් ඕෆ්සෙට් මුද්‍රිත පුවත්පත පළ කළේ. ඔහු පුවත්පත් කර්මාන්තයට පිවිසුණේ දේශපාලනයට එන්නට බව රහසක් නෙම

සයින්මරුදු කතාවට පෙරවදනක්

Image
February 20, 2020   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා 1956දී බලයටපැමිණියේ සිංහල ජාතිවාදයේ පිහිටෙන්. සිංහලය පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීම ඔහුගේ මූලික සටන් පාඨයක්. එහෙත්, බටහිර අධ්‍යාපනය ලද, ඉංග්‍රීසිය මව්බස වූ, සිංහල භාෂාව කියැවීමට නොදත් බණ්ඩාරනායක අවංක ජාතිවාදියකු වූයේ නැත. ජනප්‍රිය ජාතිවාදය බලය වෙනුවෙන් භාවිතා කළත්, දෙමළ භාෂාවට සාධාරණය ඉටු කිරීමේ හා රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් සම්බන්ධයෙන් දෙමළ ඉල්ලීමට විසඳුමක් දී රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව බණ්ඩාරනායක ඉතා නිවැරදිව හඳුනාගත්තේ ය. ඔහු 1957දී රට සභා යෝජනාවලිය ගෙන ආවේ බලය බෙදාගැනීමේ අරමුණෙනි. ඒ සම්බන්ධයෙන් ගිවිසුමක් එස්.ජේ.වී. චෙල්වනායගම් නායකත්වය දුන් ෆෙඩරල් පක්ෂය සමග අත්සන් කිරීමට තරම් ඔහු එඩිතර විය. එහෙත්, ඔහු කෙතරම් ජනප්‍රිය නායකයෙකු වුවත්, සිංහල ජාතිවාදය ඔහු යටපත් කරගෙන හිස එසවූ ආකාරය අනුව, ගිවිසුම අත්සන් කර මාස දෙකකින් එය ප්‍රසිද්ධියේ ඉරා දමන්නට ඔහුට සිදු විය. උතුරු නැගෙනහිර පළාත්වල රජයේ කටයුතු දෙමළ භාෂාවෙන්ද සිදු කිරීම සඳහා විධිවිධාන ඇතුළත් 1958 දෙමළ භාෂා (විශේෂ විධි විධාන) පනත ග

ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන 30/1 හා 40/1 යෝජනා යනු මොනවා ද?

Image
February 19, 2020   admin   Governance   International අජිත්පැරකුම් ජයසිංහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග්‍රාහකත්වය දක්වන ලද 30/1 සහ 40/1 යෝජනා සම්මතයන් දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර තිබේ. මෙය බලාපොරොත්තු වූ තත්වයක් හෙයින් පුදුම විය යුතු නැත. වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 15දා පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාවේදී පැවසී ය. එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශයට ඌන පූරණයක් කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේ එම ගිවිසුම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි. මෙම ගිවිසුම් මොනවා ද? 2019 වසරේ මාර්තු මස පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 40වන ජිනීවා සැසිවාරයේ 40/1 යෝජනාවලියට ශ්‍රී ලංකා රජය අතුළු පාර්ශ්ව පහක සම අනුග්‍රහකත්වය සපයන ලදී. 40/1 යෝජනාවලිය ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ සඳහන් කළේ, “30/1 යෝජනාවලිය ස්ථාවර, පරිපූර්ණ සහ වේගවත් ක්‍රමවේදයක්

පළමු වාරාවසාන විභාගය පමණක් නොව පාසල් පාදක ඇගයීම් ද අහෝසි කරනු!

Image
February 18, 2020   admin   Education පාසල්වල පළමු වාරයේ වාරාවසාන විභාග පැවැත්වීම නතර කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව සලකා බලමින් සිටින බව වාර්තා විය. එය කරන්නේ නම් ප්‍රශංසාත්මක කටයුත්තකි. එසේම, එය එතරම් සලකා බලමින් ප්‍රචාරක වාසි ගැනීමට තරම් දෙයක් ද නොවේ. පළමු වාරාවසාන විභාගය පැවැත්වෙන්නේ පාසල් මට්ටමින් නිසා අධ්‍යාපන ඇමතිට හෝ අමාත්‍යාංශයට එහි විශේෂ බරක් ද නැත. පළමු වාරයේ පාසල්වල විෂය අධ්‍යාපනය මන්දගාමී බව කවුරුත් දනිති. පාසල් මට්ටමේ ක්‍රීඩා, කලාප ක්‍රීඩා, ක්‍රිකට් වැනි අන්තර් පාසල් තරගාවලි, සම්ප්‍රදායික බිග් මැච්, අධ්‍යාපන චාරිකා ආදිය යෙදෙන්නේ පළමු වාරයේ ය. ඒ වෙනුවෙන් පුහුණුවීම් ආදිය වෙනුවෙන් යෙදවෙන්නට ගුරුවරුන්ටත්, සිසුන්ටත් සිදු වේ. එම පසුබිම තුළ පළමු වාර අවසාන විභාගයක් පැවැත්වීම අර්ථ විරහිත ය. සලකා බලන අතර අධ්‍යයනය කළ හැකි පැතිකඩ කීපයක් තිබේ. ඇත්තට ම, පළමු වාරයේ වාර විභාගයක් පවත්වන්නට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් විධිමත් තීරණයක් තිබේ ද? අප දන්නා තරමින් නම්, එහෙම විධිමත් තීරණයක් නැත. පළමු වාරයේ වාරාවසාන විභාගය විදුහල්පතිවරුන් විසින් අවිධිමත් ආකාරයට ගන්නා ලද එකකි. කෙසේ වෙතත්,