ජනපති සටනේ කළුතර වගතුග
චන්දන ගුණසිංහ
විධායක ජනාධිපතිවරයෙකු පත් කරගැනීමේ ප්‍රථම ජනාධිපති මැතිවරණය පැවැත්වෙන්නේ 1982 වසරේදී .එම මැතිවරණයේ දී ජේ ආර් ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ද සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසිවීම නිසා ඒ වෙනුවට හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ද ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් රෝහණ විජේවීර මහතා ද ඉදිරිපත් විය. 52.9% සමස්ත ප්‍රතිඵලයකින් ජයවර්ධන මහතා ජයග්‍රහණය කළ ද කළුතර දිස්ත්‍රික්කයෙන් එතුමාට ලැබෙන්නේ 50.75%ක් පමණි. කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනය තම දේශපාලන බිම කරගත් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා මෙම ජනාධිපතිවරණයේදී ඡන්ද 8613 ලබාගෙන තිබුණි. කළුතර දිස්ත්‍රික් ප්‍රතිඵලය මෙසේ ය:
ජේ.ආර් ජයවර්ධන 211,592 – 59.75%
හෙක්ටර් කොබ්බෑකඩුව 185,874 – 44%
ජේ.ආර් ජයවර්ධන 211,592 – 59.75%
හෙක්ටර් කොබ්බෑකඩුව 185,874 – 44%
දෙවැනි ජනාධිපති මැතිවරණය පවත්වන්නේ ඉතාමත් බිහිසුණු වාතාවරණයක් මැද 1988 වසරේ දී ය. රණසිංහ ප්‍රේමදාස මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතර පැවැත්වුණු මෙම තරගයෙන් සියයට 50.43%කින් රණසිංහ පේමදාස මහතා ජයගත්ත ද ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය ඉතාමත් පහළ මට්ටමක තිබිණි මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කළ හැකි වන්නේ බුලත්සිංහල සහ කළුතර ආසන පමණි. කළුතර දිස්ත්‍රික් ප්‍රතිඵලය මෙසේ ය:
රණසිංහ ප්‍රේමදාස 179,761 – 49.57%
සිරිමාවෝ බණ්ඩාරනායක 169,510 – 46.7%
රණසිංහ ප්‍රේමදාස 179,761 – 49.57%
සිරිමාවෝ බණ්ඩාරනායක 169,510 – 46.7%
1994 වසරේ පැවැත්වෙන තුන්වැනි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 62.28% සමස්ත ප්‍රතිඵලයක් ලබා ගනිද්දී ඇය කළුතර දිස්ත්‍රික්කයෙන් 61.47% ලබාගෙන තිබුණි.
චන්ද්‍රිකා කුමාරතුංග 295,654 – 61.47%
ශ්‍රීමා දිසානායක 178,466 – 37.1%
චන්ද්‍රිකා කුමාරතුංග 295,654 – 61.47%
ශ්‍රීමා දිසානායක 178,466 – 37.1%
1999 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති තරගයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 51.6% සමස්ත ප්‍රතිඵලයක් හිමිකරගත් අතර සමස්ත ප්‍රතිඵලයට ඉහළින් කළුතර දිස්ත්‍රික්කයේ ජය වාර්තා කිරීමට එතුමිය සමත් විය
චන්ද්‍රිකා කුමාරතුංග 281,217 – 52.85%
රනිල් වික්‍රමසිංහ 217,423 – 40.88%
චන්ද්‍රිකා කුමාරතුංග 281,217 – 52.85%
රනිල් වික්‍රමසිංහ 217,423 – 40.88%
2005 ජනාධිපතිවරණයේදී තියුණු තරඟයක් දී මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජයගත් අතර එහිදී ද කළුතර දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ඉහළ ප්‍රතිශතයක් ලබා දී තිබුණි
මහින්ද රාජපක්ෂ 341,693 – 55%
රනිල් වික්‍රමසිංහ 266,043 – 44%
මහින්ද රාජපක්ෂ 341,693 – 55%
රනිල් වික්‍රමසිංහ 266,043 – 44%
යුද ජයග්‍රහණයෙන් පසු 2010 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා කළුතර දිස්ත්‍රික්කය ජය ගත්තේ සරත් ෆොන්සේකා මහතා පරාජයට පත් කරමින් ඉතා විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි .
මහින්ද රාජපක්ෂ 412,562 – 63%
සරත් ෆොන්සේකා 231,807 – 35%
මහින්ද රාජපක්ෂ 412,562 – 63%
සරත් ෆොන්සේකා 231,807 – 35%
2015 වසරේ පැවති අවසන් ජනාධිපතිවරණයේදී සමස්ත ජයග්‍රහණය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා ගත්ත ද කලුතර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ මහතා සතු විය. හංසයා ලකුණට ජයග්‍රහණය කළ හැකි වූයේ පානදුර සහ බේරුවල මැතිවරණ කොට්ඨාස පමණි
මෛත්‍රීපාල සිරිසේන 349,404 – 47.58%
මහින්ද රාජපක්ෂ 395,890 – 52.65%
මෛත්‍රීපාල සිරිසේන 349,404 – 47.58%
මහින්ද රාජපක්ෂ 395,890 – 52.65%
2020 ජනාධිපතිවරණයට තව ඇත්තේ දින කිහිපයකි .
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම නම්වූ නාටකයකයේදී කරලියට නො ආ එක්සත් ජාතික පක්ෂ නායකයින් කීප දෙනෙකුට මෙය දේශපාලන ජීවිතේට අහිතකර බලපෑම් එල්ල වී ඇත. විශේෂයෙන් ම පාලිත තෙවරප්පෙරුම සහ ලක්ෂ්මන් විජේමාන්න නම් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම වෙනුවෙන් වෙහෙසව වැඩ නොකළ අතර අජිත් පී පෙරේරා සහ ජගත් විතාන යන දෙදෙනා සුවිශේෂ කාර්යභාරයක් සිදු කරන ලදී . සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා නොවූවොත් ලැබෙන අහිතකර ප්‍රතිඵල මෙන්ම ඒ දිනවල පැවැති අයහපත් කාලගුණය ගැන ද නොතකා මතුගම නගරයේ පැවැත් වූ සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ අභියෝගාත්මක රැලිය ජගත් විතානගේ දේශපාලනේට බොහෝ හිතකර වේ. ඉමිටියාස් බාකීර් මාකර් මැතිතුමාගේ පුනරාගමනය කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිඵල වලට යම් බලපෑමක් සිදු කළ හැක.
ඉහත සඳහන් ජනාධිපති මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයේදී පමණක් නොව සියලුම මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයේදී කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල එක්සත් ජාතික පක්ෂයට අහිතකර වන්නට බලපෑ එක් සාධකයක් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකත්වය දැරූ කුමාර වෙල්ගමයන්ගේ නායකත්වයයි. කවුරුන් අවතක්සේරු කළ ද ඉදිරි මැතිවරණයේදී කුමාර වෙල්ගමයන්ට මෙම දිස්ත්‍රික්කයේ විශාල ඡන්ද ප්‍රමාණයකට බලපෑම් කළ හැකි නායකයෙකු බව තේරුම් ගත යුතුය.
රත්නසිරි වික්‍රමනායකලා, කුමාර වෙල්ගමලා, නිර්මල කොතලාවලලා කළුතර දිස්ත්‍රික්ක තුළ එක්සත් ජාතික පක්ෂයට කළ අභියෝගයන් අද සිදු කරන්නට ඉදිරිපත්ව ඇත්තේ රෝහිත අබේගුණවර්ධන වැනි කළු චරිත ය. පසුගියදා මාධ්‍ය හමුවකදී පොල් ගෙඩි කිහිපයක් අතට ගෙන දේවාලයක සිදුකළ යුතු දෑ මාධ්‍ය හමුවක් ඉදිරියේ සිදු කරන්නට උත්සාහ කිරීම පවා කළුතර දිස්ත්‍රික් බුද්ධිමත් චන්දදායකයින්ට සිතන්නට යමක් ඉතිරි කොට ඇත. එජාපෙට එරෙහිව කළුතර දිස්ත්‍රික්කයේ බලවේගයක් ගොඩ නගින්නේ නම් එය විදුර වික්‍රමනායකලා, නිර්මල කොතලාවල අතින් මිස රෝහිතලා වැන්නවුන්ගන් නොවිය යුතුය.
කළුතර දිස්ත්‍රික්කයේ මුල් පෙලේ දේශපාලකයන් වූ මහින්ද සමරසිංහ වැන්නවුන්ට මොනයම් ම පක්ෂයකවත් ජාතික ලැයිස්තුවේ ඉඩක් නො ලැබෙනවා මෙන්ම ඔවුන්ගේ දේශපාලන ජීවිතය අවසන් ගමන් යමින් සිටී.
රංජිත් සෝමවංශ වැන්නවුන් දේශපාලන ජීවිත කාලය පුරාවට හම්බ කරගත් දේ ගැන සතුටු වෙනවා හැරෙන්නට ඔවුන්ට මහජන නියෝජිතයෙක් වීමට තබා මරණාධාර සමිතියක තනතුරක් ලබා ගැනීම වත් පහසු නොවනු ඇත.
එළඹෙන ජනාධිපතිවරණයේ දී මුල් අපේක්ෂකයින් දෙදෙනා අතර තියුණු තරගයක් පැවතුනහොත් ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන ඡන්ද වල සුවිශාල බලපෑමක් සිදුවිය හැක. ප්‍රාදේශීය සභා පළාත් සභා හෝ පාර්ලිමේන්තු මැතිවරණයක දී ජනතා විමුක්ති පෙරමුණට පාවිච්චි කරන ඡන්දයකින් අඩුම තරමේ ජාතික ලැයිස්තුවකින් හෝ කෙනෙකු පත්කරගැනීමේ අපේක්ෂා වෙන් ඡන්දයක් පාවිච්චි කළ ද ජනාධිපතිවරණයකදී චන්දයක් අපතේ යැවීමට චන්දදාකයින් නොපෙලඹෙනු ඇත.
ඉදිරි මහ මැතිවරණයකදී ජනතාව නලින්ද ජයතිස්සලා වැනි අය පාර්ලිමේන්තුව තුළ සිටිය යුතු යයි තීරණය කරනු ඇද්දැයි සිතන්නට බැරි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නනගරලා පරාද කල මිනිසුන්ගේ ඊලග පරම්පරාව ජීවත්වන්නේ කළුතර නිසාවෙනි.