මලක ගැඹුර


මලක ගැඹුර
ඔබ දනී ද?
මලක මෙලෙක 
සුවඳ තරම්

මලක් වෙලා 
මේ පිපුණේ
ගහක් පුරා 
වැඩ ගොඩක් ය

ලොවට සුවඳ 
විදා දෙන්න 
ගස විඳි දුක
ගැන සිතන්න

මල් පිපේවි
පරව යාවි
මල් හදන්න
ගස සිටීවි

- අජිත් පැරකුම් ජයසිංහ

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

ඕපාදූප, ආවේග, ඉරිසියාව හා ජාතිවාදය නිසා රටේ මාතෘ සෞඛ්‍යය අනතුරේ හෙළමු ද?