වගා ළිඳේ කිඹුලා සහ අපට ලියන ගොවියා

ලංකාවේ ගොවි නායකයන් විදියට ජාතික මට්ටමේ පෙනී සිටින, එතකොට ගොවීන් සහ ගොවිතැන ගැන හයියෙන් කතාකරන වැඩිදෙනෙකු ඇත්ත ගොවියන් නෙමෙයි. ඇත්ත ගොවියන් කතාකරන්නෙ නැහැ. ගොවිතැන් කරනවා.
Sinhala Tamil English Translations and Content Writing
අනෙක් පැත්තෙන්, ගොවියෙකු කියන්නෙ ඇතැමෙකු හිතාගෙන ඉන්න විදියට නම් අමුඩ ගහගෙන, විට කකා ඉන්න මෝඩ පහේ කෙනෙක්. ඒ මදිවට සදා දුප්පතෙක්.
අපට ලියන්නෙ ගොවියෙක්. ලංකාවෙ සැබෑ ගොවීන් ධනවතුන් නොවුණාට දුප්පතුනුත් නෙමෙයි. ගැමියා සහ ගොවියා කියන්නෙ දෙදෙනෙක්. හැම ගැමියා ම ගොවියකු වෙන්නේ නැහැ. රැකියාවක් නැති හැමෝම ඉස්සර රැකියාව විදියට සඳහන් කළේ ගොවිතැන. ඒ නිසා තමයි ගැමියා සහ ගොවියා අතර වෙනස නොපෙනෙන තත්වයක් ඇති වුණේ. දැන වෙළඳං නොදැන ගොවිතැන් ය කියමනක් තිබුණාට නොදැන ගොවිතැන් කරන්නට බැහැ. ගොවියා කියන්නෙ වෘත්තිකයෙක්.
නියම ගොවියෙක් අපේ වෙබ් අඩවියට ලියන්නට කැමති වුණා ය කියලා කියන්නෙ හරිම සතුටෙන්. ඔහු මා දන්නේ වයස තරුණ වියේ ඉඳන්. එදා ඔහු තියුණු බුද්ධියක් සහිත දේශපාලන ක්‍රියාකාරිකයෙක්.
පිංතූරෙ ඉන්නෙ ඒ ගොවි මහතායි. නමින් මනෝජ් ප්‍රේමකීර්ති. ඔහු ලියූ පළමු ලිපිය අපි හෙට පළ කරනවා.
ලංකාවෙ ගොවියන් මුහුණ දෙන ප්‍රශ්න සංකීර්ණයි. මේ තියෙන්නෙ ඔබ නොහිතන ආකාරයේ එවැනි ප්‍රශ්නයක්.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා