Posts

Showing posts from February, 2018

වෙනස් වෙන්න පොඩි කාලයක් දෙන්න

Image
මේ බ්ලොග් එකට දැන් අවුරුදු දහයකට කිට්ටුයි. මේ නමින් වෙබ් අඩවියක් පටන් අරගෙන නම් දැන් අවුරුදු දහයක්.  කිසියම් වෙනසක් වෙන්නට ඕනැ. අලුත් වෙන්න ඕනැ. බ්ලොගිං, පුරවැසි මාධ්‍යකරණය අලුත් තලයකට ගෙන යන්නට ඕනැ.  මේ බ්ලොගය වඩා විවිධාංගීකරණය වුණ අලුත් විදියක වැඩක් බවට පත් කරන්නට මේ දවස්වල මූලික කටයුතු කරමින් ඉන්නවා. ඔබටත් අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්.  බ්ලොගර්වලින් සෙල්ෆ් හොස්ටඩ් අවකාශයකට මාරු වෙන්නත් හිතුවා. ඒ නිසා මේ දවස්වල වර්ඩ්ප්‍රෙස් වෙබ් ඩිසයිනිං අත පත ගානවා.  ඒක ඉවර වෙලා අලුත් විදියකට බ්ලොගිනුත් කරන ගමන් පොතේ අවසන් සංස්කරණයට යන්නයි ඉන්නෙ.  වැඩ. ඒ නිසා පොඩි කාලයක් දෙන්න.  ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ ක

ප්‍රචණ්ඩත්වය කියන්නෙ මොකක් ද?

Image
අපි නිතර ප්‍රචණ්ඩත්වය ගැන කතා කරනවා. ඒ වුණාට මේක අර්ථකථනය කරන්නේ කොහොම ද කියන එක බොහෝ දෙනෙකුට තේරෙන්නෙ නැහැ. ඒ නිසා මහ ලොකුවට ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානව හිමිකම් ආදිය ගැන පෙනී සිටින ගමන් ම ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවා. සමාජවාදය ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප නො කරන අතර එය ඉතිහාසය පුරා ම ප්‍රචණ්ඩත්වය පුළුල් ලෙස භාවිතා කර තිබෙනවා. එහි පරස්පරය වන්නේ එසේ කරන ගමන් ම සමාජවාදීන් තමන්ට එරෙහි ප්‍රති ප්‍රචණ්ඩත්වයන්වලදී නාහෙන් අඬන්නේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කාරණාවලට මුවා වෙලායි. ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථකථනය කරන ආකාරයට, ප‍්‍රචණ්ඩත්වය යනු ශාරීරික බලය හෝ බලපෑම හෝ හිතා මතා පාවිච්චි කිරීම. එයට සැබැවින් ම බලය පාවිච්චි කිරීම හෝ එසේ පාවිච්චි කිරීමට තර්ජනය කිරීම ද අයත් වෙනවා. එය එක් පුද්ගලයකුට එරෙහිව මෙන් ම කණ්ඩායමකට හෝ සමූහයකට හෝ එරෙහිවත් කරන්නක් විය හැකියි. එහි ප‍්‍රතිඵලයක් ලෙස තුවාල, මරණ, මානසික හානි, සංවර්ධනයට බාධා වීම් හෝ ආර්ථික පීඩා කිරීම් හෝ සිදු විය හැකියි. ප‍්‍රචණ්ඩත්වය නිසා මරණ සිදු වූ විට, සමීපස්ථ හා විස්තෘත පවුල්වල සාමාජිකයන්ටත්, ප‍්‍රජාවටත් මින

යහපාලනය වෙනුවෙන් දැන් ඉතින් කළ යුත්තේ කුමක් ද?

Image
ලංකාවේ දැවැන්ත දේශපාලන අර්බුදයක් නිර්මානය වෙමින් තිබේ. 2015 ජනවාරි 8 විප්ලවයට දායක වූ පුරවැසි හා සිවිල් සමාජ බලවේගය මෙම තත්වයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න උභතෝකෝටිකයක් වී තිබේ. මෙම අර්බුදය නිර්මානය කිරීම පිළිබඳ වැඩි වගකීමක් පැවරෙන්නේ එහි නායකයන් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂයටයි. මොවුන්ගේ මෝඩ උද්ධච්ඡකම හේතුවෙන් ඔවුන් අතින් වගකීම් සහගත දේශපාලනයක් සිදු වූයේ නැත. තමන් සමග සිටිය යුතු ජන බලවේග අමතක කර දැමූ ඔවුහු අලුත ලැබුණු තත්වයන්ගෙන් උදම්ව ඉතා අහංකාර ලෙස හැසිරුණ හ. එම මනෝභාවය තුළ සිය බලවේගය වේගයෙන් ඔවුන් වෙතින් ගිලිහෙමින් සිටින බව හෝ ඔවුන්ට වැටහුණේ නැත. ජනයා බලමුළු ගැන්වීම වෙනුවට මාධ්‍ය, ප්‍රචාරණය ආදිය භාවිතා කරමින් ජන විඥානය තමන්ට උවමනා පරිදි හසුරුවා ගත හැකි යයි ඔවුන් විශ්වාස කළ බව පෙනේ. කෙසේ වෙතත්, මේ වන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයා නියෝජනය කරන පාර්ශ්ව අතර ගැඹුරු බෙදීමක් ඇති වී තිබේ. එය දේශපාලන අර්බුදයක් දක්වා දිග්ගැසී ඇති අතර යහපාලනය අපේක්ෂා කළ පිරිස්වල බලාපොරොත්තු සම්පූර්ණයෙන් ම සුන් වී රට අරාජිකත්වයකට ද ඒකාධිපතිවාදයක මුව

එජාපට කළ හැකි දේ

Image
පවත්නා දේශපාලන සංදර්භය තුළ දේශපාලන බලවේග ඇත්තේ දෙකක් පමණි. එකක් පොහොට්ටුව ය . අනෙක අලියා ය. වෙනත් වචනවලින් කිව්වොත් පොදු ජන පෙරමුණ හා එජාප ය. අතරමැද ඇතැයි කියන සියල්ල බොරු ය. එහෙයින් සියලු දෙනා දෙකෙන් එකක් තෝරා ගත යුතු ය. අතරමැදි අය නැත. ඉන්නේ එකී බලවේග දෙකෙන් එකකට පාවිච්චි වෙන අය පමණි. අපි මෙම අභියෝගය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානව හිමිකම්, සමානාත්මතාව හා සංවර්ධනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තෝරා ගන්නෙමු. එහි සෙම නැත. සෙවල නැත. පැරදුණත් කමක් නැත. එජාප මේ සිදු වූ දෙයින් පාඩමක් ඉගෙන ගන්නවා ද නැද්ද යන්න අපට දකින්නට ලැබෙන්නේ ඉදිරි ක්‍රියාකාරකම් සමග ය. තවම නම් මැතිවරණය ගැන ස්වයං වින්දන විශ්ලේෂණ සපයනවාට වඩා වෙනත් දෙයක් සිදු වී නැත. ඇත්තෙන් ම එජාපට කුමක් කළ හැකි ද? කුමක් කරන්නට ගියත් කකුලේ පැටලෙන ෂොපිං බෑග් එකක් ද තිබේ. ඒ අර එලොවටත්, මෙලොවටත් නැති මෛත්‍රීපාල සිරිසේන ය. මොනවා වුණත් ඒ හාදයාවත් කළමනාකරණය කර ගත යුතු ය. හැබැයි ලෙහෙසි නැත. මෛත්‍රීපාල සිරිසේන යනු හරියට පාලනයෙන් ගිලිහුණු අබලන් චන්ද්‍රිකාවක් වැනි ය. යළි පාලනයට ගැනීමට උත්සාහ කළ යුතු ය. එහෙත්, පාලනය කරනවා ය කියන්නේ වෙන

මෙතනින් එහාට මට කරන්නට පුළුවන් දේ

Image
සංගීතයි අනෝමයි මායි  රනිල් ඡන්ද කරන්නට හිතුවේ සල්ලිවලිනි. දිලිත් ජයවීරගේ කොම්පැනියට රු. කෝටි 15ක් දී දැන්වීම් හදා ගත්තේ ය. ඒවා ලංකාවේ ජනතාවට කිසිදු ආමන්ත්‍රණයක් කරන්නට සමත් වී නැති බව ප්‍රතිඵලයෙන් පැහැදිලි ය. ඒ ඇඩ්වටයිසිං කොම්පැනියෙන් ප්‍රචාරය කරවා ගන්නා කොම්පැනිවලට අබ සරණ ය. අපේක්ෂකයන්ට එකාට ලක්ෂය බැගින් බෙදා දුන්නේ ය. හුඟක් එවුන් මේ ලක්ෂයෙන් ද ගානක් ගහ ගත්ත හ. ඇත්තට ම මෙම ක්‍රමය යටතේ උන්ට ලක්ෂයකින් කරන්නට දෙයක් තිබුණේ ද නැත. ගම්වල පෝස්ටර් ටිකක් ගහන්නට, හෑන්ඩ්බිල් ටිකක් බෙදන්නට හා රැස්වීමක් දෙකක් තියන්නට එය ඕනෑවටත් වැඩි ය. රනිල් හා ඔහුගේ ගෝලබාලයන් හිතාගෙන හිටියේ දැන් හරි ය කියා ය. එහෙත්, ඡන්ද කෙරුවාව එහෙම එකක් නො වන බව ජනතාව රනිල්ට කියා දුන්නේ ය. තනතුරු දී, පඩි දී පත් කර ගත් ඇතැමෙකු ගැන ද කියන්නට තියෙන්නේ එය ම ය. රනිල් සල්ලිවලින් ඡන්ද කරද්දී පත්වීම් ගත් ඇතැමෙක් පඩි අරන්, රට සවාරි යමින්, කමින් බොමින් ෂපාන් එකේ සිටිය හ.  මේ අන්දමින් ප්‍රංශ මේස චාරිත්‍ර සහිතව භෝජන සංග්‍රහයකට වාඩි වූ මේසයේ අනෙක් පැත්තේ හිටියේ ඌරෙකු බව යූඇන්පීකාරයන්ට අමතක විය. දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලවාවත්

මෙහෙම වුණේ ඇයි? ඩූ යූ නෝ වයි?

Image
වට කරගෙන ඉන්න එවුන් ටිකත් එක්ක ම යන්න කල හරි දොරේ!  මෙම සටහන තබන විටත් පළාත් පාලන මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන මුත්, නො නිල ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. එම ජයග්‍රහණයේ සුවිශේෂ ලක්ෂණය වන්නේ සිංහල බෞද්ධ බහුතර ඡන්ද පදනම මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන එම දේශපාලන පක්ෂය විසින් හිමි කර ගැනීමයි. බලයේ සිටින පක්ෂ දෙක අතරින් එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු නො වූ පරාජයකට ඇද වැටී තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත අසරණ අඩියකට වැටී තිබේ. මෙම මැතිවරණ ප්‍රතිඵලය ඉතා පැහැදිලිව ම 2015 ජනවාරි 08 ජයග්‍රහණය ආපසු හරවන හා එහි ආයුෂ කෙටි කරන එකක් බව පැහැදිලි ය. වත්මන් ආණ්ඩුවට මේ අන්දමින් 2020 දක්වා ඉදිරියට යන්නට ලැබෙන්නේ නැත. එක්සත් ජාතික පක්ෂයේ පරාජය ලංකාවේ සමාජ සංවර්ධනයෙහි ලා බරපතල ගැටලුකාරී තත්වයක් නිර්මානය කරන්නකි. ලංකාවේ සමාජ ආර්ථික දිශානතිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට යම් දැක්මක් තිබිණි. කාර්යක්ෂම රාජ්‍ය නියාමනයක් සහිතව, පෞද්ගලික අංශයේ හා විදේශ ආයෝජනවල මූලිකත්වයෙන් සිදු වන ආර්ථික සංවර්ධනයක්, නියාමනයක් සහිත විවෘත වෙළඳපොළක් හා වඩා කාර

ඉන්චොන් ප‍්‍රකාශනය (සිංහල පරිවර්තනය)

Image
(පරිවර්තනය අජිත් පැරකුම් ජයසිංහ විසිනි) ලෝක අධ්‍යාපන සංසදය - 2015 ඉන්චොන් ප‍්‍රකාශනය අධ්‍යාපනය 2030 - සියලූ දෙනා ඇතුළත් කර ගත් සාධාරණ, ගුණාත්මක අධ්‍යාපනය හා සැමට ජීවිත කාලය පුරාම ඉගෙනීම පූර්විකාව 1. ඇමතිවරුන්, නියෝජිත පිරිස්වල නායකයන්, නියෝජිතායතන ප‍්‍රධානීන්, ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය සංවිධාන නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයන්, ගුරු වෘත්තිකයන්, තරුණයන් හා පෞද්ගලික අංශය නියෝජනය කරන්නන් වන අපි 2015 මැයි මස එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ආරාධනයෙන් කොරියානු ජනරජයේ ඉන්චොන්හිදී ලෝක අධ්‍යාපන සංසදය - 2015 වෙනුවෙන් රැුස් වුණෙමු. මෙම වැදගත් අවස්ථාව සඳහා සත්කාරකත්වය දැරූ කොරියානු රජය හා එහි සම කැඳවුම්කරුවන් වූ එක්සත් ජාතීන්ගේ ළමා අධ්‍යාපන අරමුදල, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමසාරිස් කාර්යාලය වෙත අපගේ ස්තුතිය පිරිනැමේ. 2030 අධ්‍යාපනය වෙනුවෙන් මෙම වැදගත් අවස්ථාව කැඳවීම පිළිබඳ යුනෙස්කෝ සංවිධානයට අපගේ අවංක ඇගයී

හෙටින් පස්සෙ ගමේ ආණ්ඩුව එක්ක ඩීල් කරන හැටි

Image
සිකුරාදා උදේ ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සාරප්‍රභාගිර වැඩසටහන වෙනුවෙන් ආචාර්ය සුජාතා ගමගේ සමග සම්මුඛ සාකච්ඡාවක් කළා. ඇය කලින් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්යවරියක් වුණත්, මෑත කාලයේදී පාලනය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කළ කෙනෙක්. පහත අදහස් මතු වුණේ ඇය සමග කරන ලද සාකච්ඡාවේදීයි. සමානුපාතික නියෝජනය හේතුවෙන් අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වුණාට, ඒ නිසා මහජනයාට දරන්නට සිදු වන වියදම් වැඩි වුණාට, එයින් මහජනයාට ලබා ගත හැකි ප්‍රතිලාභ වැඩියි. අනෙක ඉදිරියේදී අපට මෙම සභික සංඛ්‍යාව අඩු කර ගන්නට උත්සාහ කරන්නට පුළුවන්. හැබැයි, පළාත් සභා, පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව නම් කිසි සේත් ම වැඩි නො කළ යුතුයි.  කොට්ඨාස ක්‍රමය නිසා සෑම අනු කොට්ඨාසයකට ම දේශපාලන නායකයෙකු බිහි වෙනවා. පරාජිත අය වුණත් ඊළඟ මැතිවරණය වෙනුවෙන් වැඩ කරනවා. ඒක මහජනතාවට හොඳ තත්වයක්. කොට්ඨාසයේ නියෝජිතයාට හිමි නායකත්වයට කවුරුත් ගරු කරන්නට ඕනැ. බලයේ සිටින පක්ෂ නො වන පක්ෂවලින් පත් වෙන අයට වුණත් ප්‍රතිපාදන දෙන්නට සිදු වෙනවා. සමානුපාතික නියෝජනය යටතේ පත් වන අයට සභාවට යෝජනා ඉදිරිපත් කරලා තමන් කැමති විෂයක් පිළිබඳ කමිටුවක් ගොඩනගාගෙන වැඩ කරන්නට පුළුවන්. උද

බ්‍රිගේඩියර්ගේ ශීර්ෂඡේදන මුද්‍රාව වීරකමක් ද?

Image
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත කර සිටින ආරක්ෂක නිලධාරියකු වන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නිදහස් දා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක යෙදුණු දෙමළ පිරිසක් ඉදිරියේ ගෙල සිඳින ඉරියව්වක් පෑමේ සිද්ධිය මේ වන විට දැවැන්ත ආන්දෝලනයකට හේතු වී තිබේ. පිරිසක් එය දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය මර්දනය ප්‍රකාශ කරන ක්‍රියාවක් ලෙස උලුප්පා දක්වන්නට උත්සාහ කරන අතර තවත් පිරිසක් එය සිංහල වීරකමක් ලෙස පෙන්වන්නට ප්‍රයත්න දරති. මේ දෙක ම වැරදි ය. මෙය වෘත්තීය අපරිණතකම නිසා සිදු කරන ලද මෝඩකමක් පමණි. මේ වන විට යුද්ධය නිමා වී වසර අටකට වැඩි ය. ලංකාවේ සාපේක්ෂ සාමයක් ඇත. සාමය ස්ථාවර කිරීම සඳහා ජාතීන් අතර සංහිඳියාව හා සහජීවනය ඇති කළ යුතු ය. සුළු ජාතීන්ගේ දේශපාලන ඉල්ලීම් සාකච්ඡා කළ යුතු වන්නේ ඒ නිසා ය. තිබුණේ දේශපාලන අරගලයක් මත පදනම් වූ යුද්ධයක් බව ද, යුද්ධයෙන් කොටි සංවිධානය පරාජය වූ මුත් ඉල්ලීම් අවසන් වී නැති බව ද අප මතක තබා ගත යුතු ය. යුද්ධවල අතුරු ඵල රැසක් තිබේ. වඩා සුවපහසු ජීවිතයක් සොයා යුරෝපා, ඇමරිකා, ඕස්ට්‍රේලියා මහාද්වීපවලට සංක්‍රමණය වීමට පහසු මාර්ගයක් යුද්ධය නිසා නිර්මාන

ඡන්දෙ දෙන්නෙ කාට ද?

Image
මට කිසිදු දේශපාලන පක්ෂයක් සමග බැඳීමක් නැත. එහෙයින් ඡන්දයේදී අහවල් පක්ෂයට ඡන්දය දෙන්නැයි කියන්නට මට අවශ්‍යතාවක් නැත. මා මෙම ඡන්දයේදී ඡන්දය වර්ජනය කරන්නේ හෝ කිසිදු දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්නේ හෝ නැත. මෙය ගමේ ඡන්දයකි. මා දන්නා ගමේ ආණ්ඩුවට පත් වීමට සුදුසු මිනිසුන් හා විශේෂයෙන් කාන්තාවන් කීපදෙනෙකු ස්වාධීන කණ්ඩායමකින් තරග කරන අතර ඉන් එක් අයෙකු ඉන්නේ මගේ නිවස ඉදිරිපිටයි. එවැනි කාරණා අමතක කර ඡන්දය දෙන්නට තරම් මට කිසිදු පක්ෂයක් වැදගත් නැත. මෙම මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ අතරින් මේ මොහොතේ රටට වැදගත් පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. එහෙත්, එහි නායකයා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයන්ගේ ඍජු සහචරයකු වන අතර එම අවමානය මත මේ වන විට ඇත්තට ම ඔහු ඉල්ලා අස් වී තිබිය යුතු ය. එක්සත් ජාතික පක්ෂය මෙම පුද්ගලයා නායකත්වයෙන් නෙරපා දැමිය යුතු ය. එහෙත්, ඒ සඳහා එම පක්ෂයට ශක්තියක් නැත. එය මහත් අවාසනාවකි. එහි ප්‍ර‍තිඵලය ලෙස එක්සත් පක්ෂය එක් පුද්ගලයකුගේ උද්ධච්ඡ මෝඩකමට යට වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු අද වන විට එහි නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල

ලැප්ටොප් නැටුම හා අධ්‍යාපනයේ පරිහාණිය

Image
නිදහස් දින පෙළපාලියේ ලැප්ටොප් නැටුමක් පිළිබඳ උපහාසාත්මක අදහස්වලින් සති අග සමාජ මාධ්‍ය පිරී ගියා. නැටුම්වලදි හුරු පුරුදු සවරං, රබන් වගේ සෞන්දර්යාත්මක දේ වෙනුවට ලැප්ටොප්, දුරේක්ෂ වැනි දේ ආදේශ වීම නිර්මානාත්මක ප්‍රකාශනය පැත්තෙන් කෙසේ වෙතත්, ආන්දෝලනාත්මක බව නම් ඇත්ත. හැබැයි, ඔය ලැප්ටොප් නැටුම නටන්නෙ නිකං කෙලි පැංචියො ටිකක් නෙමෙයි, උසස් පෙළ සමත් වෙලා අධ්‍යාපන විද්‍යා පීඨයක ගුරුවරියන් වෙන්නට පුහුණු වෙන ගුරු සිසුවියන් පිරිසක්. බිංගිරියේ පිහිටි වයඹ අධ්‍යාපන විද්‍යා පීඨයේ බහුතරයක් සිසුන් ඉගෙන ගන්නෙ චිත්‍ර, සංගීත, නැටුම් විෂයන්. මේ වනාහි අනාගත ගුරුවරු. එතකොට මේ නර්තන නිර්මානය කරන්නෙ ගුරුවරුන්ටත් උගන්වන ගුරුවරු. මේ මාතෘකාව ඔස්සේ කතාවට පිවිසෙන එක හොඳයි. මේවා දන්න අය දන්නවා. ඒ වුණාට නිශ්ශබ්දව ඉන්නවා. මේ වෙනකොට අවුරුද්දෙ අන්තිම හරියෙ පෙර පාසල්වල තර තරගෙට විවිධ ප්‍රසංග තියෙනවා. මේවායේ මොනවද තියෙන්නෙ. විච්චූරණ ඇඳුම් ඇඳලා, ළමයින්ගෙ ලස්සන මූණුවල තලි තලි මේකප් උලලා, හයියෙන් සිංදු සීඩී වාදනය කරලා, ළමයි වේදිකාවෙ අතපය හොල්ලනවා. අඩු තරමෙ මේවායෙ ගායනයක්, බෙර පදයක්, නාට්‍යයක්වත් නැහැ. ඊට පස්සෙ පාසල්වලත් ප්

ගමේ ආණ්ඩු නිසා රජය ඉදිමී පුපුරන්නට නො දී වැඩ ගන්නේ කෙසේ ද?

Image
(2018 පෙබරවාරි 4 රාවයේ පළ වනු ඇතැයි සිතා සුපුරුදු ලෙස යවන ලදී. පළ වී නැත. ප්‍ර‍ශ්නෙකුත් නැත ජනරංජනගෙන් පසු රාවය තේරුම් ගැනීමට උත්සාහ කරමින් සිටිමි. සුබපැතුම්!) පෙබරවාරි මාසයේදී අලුත් පළාත් පාලන ආයතන පත් වනු ඇත. එසේම, එම මැතිවරණයේ ජය පරාජයන් විසින් අනාගත දේශපාලනයේ දිශානති ද පැහැදිලිව සලකුණු කරනු ඇත. මේ මොහොතේ ලංකාවට අවශ්‍යව තිබෙන්නේ දේශපාලන ස්ථාවරත්වයකි. එය ගොඩනගා ගැනීමට නම් ආණ්ඩුව ශක්තිමත් විය යුතුව තිබේ. ආණ්ඩුව තුළ ද ගැටුමක් ඇති බව කවුරුත් දනිති. එහෙත්, ඡන්ද ව්‍යාපාරවල අවලාද, මඩගසාගැනීම් කෙසේ වෙතත්, ආණ්ඩුවේ පාර්ශ්ව 2020 දක්වා එක් ගමනක් යා යුතු ය. රටේ මේ මොහොතේ බලවත් ම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දැනටමත් ඒ තීරණයට එළැඹ තිබේ. කෙසේ වෙතත්, මෙම මැතිවරණයෙන් දේශපාලන බලතුලනයෙහි කැපී පෙනෙන වෙනසක් ඇති වන බවක් දැනට නිරීක්ෂණය වී නැත. වසර දෙකකටත් වැඩි කාලයක් තිස්සේ පළාත් පාලන සභා ක්‍රියාත්මක වූයේ නැත. පළාත් පාලන ආයතන පැවතියේ කොමසාරිස්වරුන්ගේ හෝ ලේකම්වරුන්ගේ පාලනය යටතේ ය. ඡන්දයෙන් පත් වූ සභාපතිවරුන්ගේ හා සභාවක පාලනය යටතේ තිබුණු යුගයට වඩා කිසිදු නරකක් නිලධාරි පාලනයක් පැවැති මෙම යුගයෙහිද