Posts

මහින්ද රාජපක්ෂගේ සිට පුබුදු ජයගොඩ දක්වා විකාරකාරයන්ට උත්තර දෙන්නට සැබෑ වැඩ කරන ජනතාව වීදියට පැමිණිය යුතු ය

Image
ගතානුගතික මාක්ස්වාදීන්ගේ ප්‍රායෝගික දේශපාලන දර්ශනය අනුව ඔවුන් වැඩ කරන්නේ නිර්ධන පංතික ආඥාදායකත්වයක් පිහිටු වීම සඳහා ය. නිර්ධන පංතියේ පක්ෂය රාජ්‍ය බලය අතට ගන්නා තෙක් ඔවුහු ධනපති පංතියේ ආණ්ඩුවලට එරෙහිව සම්මුතියකින් තොරව සටන් කරති. මේ ලියන මොහොත වන විටත්, රජයේ වෘත්තීය සමිති, දොස්තර සංගමය, බස් හිමි සංගම්, ශීෂ්‍ය සංගම්, රැකියා විරහිත උපාධිධාරීන් ලෙස තමන් හඳුන්වන රජයේ රැකියා අපේක්ෂකයන් ආදිය වැඩ වර්ජනයකට සැරසී සිටිති. වැඩ කරන ජනතාව ධනපති ආණ්ඩුවට එරෙහිව වීදි බැස ඇතැයි ගතානුගතික මාක්ස්වාදීහු උද්දාමයෙන් පවසති. අටෝරාශියක් ගතානුගතික මාක්ස්වාදී පක්ෂ දැන් සැරසෙන්නේ නිර්ධන පංතික ආඥාදායකත්වය තමන්ගේ නායකත්වයෙන් පිහිටුවන්නට ය. එකී එක්, එක් පක්ෂයට අනුව, නිර්ධන පංතියට නායකත්වය දිය යුතු පක්ෂය තමන්ගේ පක්ෂයයි. මට තිබෙන ප්‍රශ්නය මේ පංති විග්‍රහය කෙතරම් නිවැරදි ද යන්නයි. ලංකාවේ දේශපාලන බලය තිබෙන්නේ ධනපති පංතිය අත ද? රජයේ සේවකයන්, වෛද්‍යවරුන්, බස් හිමියන්, ශීෂ්‍යයන්, රජයේ රැකියා අපේක්ෂකයන් නිර්ධන පංතිය ද? ගතානුගතික මාක්ස්වාදීන්ගේ සමස්ත පංති විග්‍රහය ම ව්‍යාජයකි. සියවසකට ආසන්න කාලයක් තිස්සේ පටලවාගෙගන තිබ...

රාජ්‍ය අංශයට වැටුප් වැඩි කරන්නට මුදල් හොයන හැටි වෘත්තීය සමිති යෝජනා කළ යුතු ය

Image
මේ වසර මුලදී රජයේ සේවකයන්ට රු. 10,000කින් වැටුප් වැඩ කරන ලදී. ලබන වසර මුලදී වැටුප් වැඩි කිරීමක් නැත.  දෙන ලද රු. 10,000 දීමනාව මූලික වැටුපට එකතු කරන්නැයි වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් තිබේ. එහෙත් එය එකතු කළ විට වැටුප් පරතරයන් වෙනස් වෙනවාට තමන් කැමති ද යන්න කිසිදු වෘත්තීය සමිතියක් කියන්නේ නැත. නිදසුනක් ලෙස, රු. 12,000ක් මූලික වැටුප ලබන පහළ මට්ටමේ රජයේ සේවකයාගේ වැටුප රු. 22,000ක් වෙද්දී රු. 24,000ක මූලික වැටුපක් ලැබූ රජයේ සේවකයාගේ වැටුප වැඩි වන්නේ රු. 35,000 දක්වා ය. වැටුප් පරතරය මෙසේ අඩු වනවාට වෘත්තීය සමිති කැමති ද?  රට තුළ සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් තිබේ. ඒ නිසා පාරට බැස උද්ඝෝෂණය කරන්නට පුළුවන් නිසා වැඩ නො කර උද්ඝෝෂණ කරන්නට හා වර්ජන කරන්නට රජයේ සේවකයන් තුළ උද්‍යෝගයක් ඇති වී තිබේ. මහින්ද රාජපක්ෂගේ කාලයේත් රජයේ සේවකයන්ට අනන්ත ප්‍රශ්න තිබිණි. එහෙත් උද්ඝෝෂණ, වර්ජන කරන්නට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණය තිබුණේ නැත.  රජයේ නිලධාරීන්ට අවුරුදු පහකට වරක් ගෙඩි පිටින් ලක්ෂ දහයක්, පහළොවක් මහජන මුදලින් මරා ගන්නට තිබුණු තීරු බදු රහිත කාර් බලපත්‍රය අහෝසි කිරීම නිසා නිල...

අධ්‍යාපනය මිලිටරිහරණය කිරීම හා ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පළමු වසර කෝටාව අඩු කිරීම

Image
ආරක්ෂක සේවා විද්‍යාලය  රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී සෑම පංතියකට ම ආරක්ෂක අංශවල දරුවන් හත්දෙනෙකුට අවස්ථාව ලබා දෙන ප්‍ර‍තිපත්තියක් කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය. ඒ අනුව සෑම පංතියකට ම යුද හමුදාවේ සේවය කරන පුද්ගලයන්ගේ දරුවන් තිදෙනෙකු, පොලිසියේ සේවය කරන පුද්ගලයන්ගේ දරුවන් දෙදෙනෙකු, ගුවන් හා නාවික හමුදාවල සේවය කරන පුද්ගලයන්ගේ දරුවන් එක් අයකු බැගින් වශයෙන් ඇතුළත් කර ගැනිණි. මේ වනාහි යුද සමයේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ආරක්ෂක නිලධාරීන්ට ලබා දුන් විශේෂ වරප්‍ර‍සාදයකි. දැන් යුද්ධය අවසන් වී වසර හයක් ගත වී තිබේ. යුද සමයේ ඉපදුණු දරුවන් මේ වන විට පාසල්වලට ඇතුළත් කර හමාර ය. ඒ නිසා මෙම වරප්‍ර‍සාදය පිළිබඳ නැවත සලකා බැලීම සාධාරණ ය. රජය මෙම සංඛ්‍යාවන්ගේ කිසියම් අඩු කිරීමක් කර තිබේ. ඒ අනුව, යුද හමුදාවේ හා පොලිසියේ සේවය කරන අයගෙන් බඳවා ගනු ලබන දරුවන් ගණන පංතියකට 2 හා 1 වශයෙන් අඩු කර තිබේ. සමස්තයක් ලෙස ආරක්ෂක අංශයේ සේවය කරන පුද්ගලයන්ගෙන් පංතියකට බඳවා ගනු ලබන දරුවන් සංඛ්‍යාව පහකට සීමා කර තිබේ. ආරක්ෂක අංශවල සේවයේ යෙදී සිටි මුළු පිරිස 200,000කට වැඩි ය. ශ්‍රී ලංකාවේ ...

සතුන් වතු ප්‍රතික්ෂේප කරමු. අලි ඇතුන් සහිත පෙරහර නො බලමු. කොස්ටාරිකාව යන පාරේ යමු.

Image
ඇලන් මැතිනියාරාමයේ සිටින අලි පැටියා  සතුන් වත්තක් කියන්නේ ඉතාම යල්පැන ගිය අදහසක් මත පිහිටුවන ලද තැනක්. එහි අරමුණ සතුන් ඔවුන්ගේ ස්වාභාවික පරිසරයෙන් ඉවත් කර, කූඩුවල සිර කර, මිනිසුන්ට පෙන්වා මුදල් උපයා ගැනීමයි. ජීවිත කාලයක් පුරා කූඩු කර සිටින මේ සත්තු ශාරීරිකව මෙන් ම මානසිකව ද රෝගීන්. වන සතුන් කියන්නේ මේ ලෝකයේ අප වැනි ම උරුමකරුවන් පිරිසක් මිස මිනිසුන් වන අපට බලන්නට සිටින පිරිසක් නොවෙයි. එහෙත්, මිනිසා සෙසු සතුන් අභිභවා ‘දියුණු' වී සිටින නිසා අපට සතුන්ට කරුණා කරන්නට සිදු වී තිබෙනවා. අලියෙක් අවුරුදු හැත්තෑවක් අසූවක් තරම් කාලයක් ගස්වල බැඳ හෝ නිදහසේ පියවර තබන්නට බැරි තරම් ළඟින් දෙපා විලංගු දමා හෝ තබා ගැනීම ලංකාවේ බෞද්ධයන්ගේ සංස්කෘතික අංගයක් ලෙස හැඳින්වෙනවා. කොස්ටාරිකාව කියන්නේ මධ්‍යම ඇමරිකාවේ පිහිටි අති මහත් ජෛව විවිධත්වයකින් යුත් රටක්. දැන් ඒ රට ලොව පළමු සතුන් වතු නැති රට බවට පත් වෙන්නට යනවා. තව වසර 10කින් සියලු සතුන් වතු වසා දැමීමට කොස්ටාරිකාව තීරණය කර තිබෙනවා. සතුන් වතු එක රැයින් වසා දමන්නට බැහැ. එය ක්‍රමානුකූලව කළ යුතු නිසායි ඔවුන් වසර 10ක කාලයක් ලබා ගන්නේ. ඒ වසර 10 අව...

ත්‍රස්තවාදය හිස එසවේවා! මහින්ද රාජපක්ෂට බලය ලැබේවා!

Image
රට දරුණු ආර්ථික අර්බුදයකට යනවා. ඊට සමගාමීව ත්‍රස්තවාදය යළි හිස ඔසවනවා. මේ ආණ්ඩුවට විරුද්ධව ජනතාව පාරට බහිනවා. ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ම විශාල පිපිරීමක් සිදු වෙනවා. ගිය සතියේ මව්බිම පුවත්පතට එසේ පැවසුවේ මහින්ද රාජපක්ෂවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ශෙහාන් සේමසිංහයි. අදාළ පුවත්පත් වාර්තාව මෙතැනින් බලන්න .  මාධ්‍යවේදී තිස්සනායගම්ට නඩු පැවරූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති යටතේ ම අවශ්‍ය නම් ශෙහාන් සේමසිංහටත් නඩු පවරන්නට ආණ්ඩුවට පුළුවන් වුණත් එසේ කරන්නැයි අපි නො කියන්නෙමු. එය ඔහුගේ ප්‍රකාශනයේ නිදහසයි.  එහෙත්, ත්‍රස්තවාදය යළි හිස එසවීම දේශපාලන උපායමාර්ගයක් බවට පත් කරන්නට යනවා නම් එතැන සැලකිලිමත් විය යුතු කාරණයක් තිබේ.  මහින්ද රාජපක්ෂ කඳවුරේ අය කොටින් යළි නැගිටින බව හා හමුදා කඳවුරුවලට පහර දෙන බව ප්‍රචාරය කරන්නට පටන් ගත්තේ 2015 ජනවාරි 09දා ඡන්දයෙන් පැරදුණු දා සිට ය. නොවැම්බර් 26 වන විට එය උච්චස්ථානයකට පැමිණ තිබිණි.  දැන් ඔවුන්ගේ දෑස්  දැල්වී තිබෙන්නේ උතුරට ය. වසන්තය උදා වන කල් ද? නැත. ත්‍රස්තවාදය යළි හිස ඔසවනකල් ය.  රාජපක්ෂවාදීන්ගේ කණ් ඉස්සී ඇත්තේ ...

අයවැය හා ප්‍රතිගාමිත්වයේ ඒකාබද්ධ සටන

Image
පසුගිය ජනවාරි 08දා අපි විප්ලවයක් කළෙමු. එහෙත්, එය සමාජවාදී විප්ලවයක් නො වේ. එය වනාහි නැගී ආ ෆැසිස්ට් ඒකාධිපතිත්වයක් පැරදවූ ප්‍රජාතාන්ත්‍රික විප්ලවයකි. අප තවමත් සිටින්නේ ධනවාදය තුළ ම ය. සමාජවාදය මනෝමූලික වශයෙන් මුළුමනින් ම වාගේ පරාජිත ය. වාමාංශිකයන් අණු, පරමාණු දක්වා බිඳී, විසිරී සිටීම වෙන ම කාරණයකි. ගතානුගතික මාක්ස්වාදීන් මේ වන විට සිටින ස්ථාවරයන් නිරීක්ෂණය කළ යුතු ය. ඔවුන් එක්ව සිටින්නේ සමාජයේ ප්‍රතිගාමී ම පංති හා ස්ථර සමගයි. ඔවුහු අනියමින් මෙන් ම නියමින් ද ෆැසිස්ට් ප්‍රතිගාමිත්වයට සේවය කරති. පැරණි වාමාංශික පක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන වාසුදේව නානායක්කාර කුණුහරුප දොඩවන විහිළුකාරයකු වී සිටියි. ජනතා විමුක්ති පෙරමුණට හා එහි නායකයාට දේශපාලන හා ව්‍යාපාරික ඩීල් ගැන චෝදනා එල්ල කරන්නේ පක්ෂයෙන් කැඩී ගිය පිරිස් ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කිසිදු තේරීමකින් තොරව සියලු ප්‍රතිගාමිත්වයන් සමග සන්ධානගත වන අයුරු දක්නට ලැබේ. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලනිපයේ කොටසක් එක්ව පිහිටුවාගෙන තිබෙන ජාතික ආණ්ඩුවක් ලෙස හඳුන්වනු ලබන හවුල් ආණ්ඩුවේ 2016 අයවැය යෝජනා සාපේක්ෂ වශයෙන් ගත් කල අවස්ථානුකූල ය. ශ්‍රී ...

සේපාලි මායාදුන්නේගේ මහාසාමි හා අතීතකාමයෙන් මිදෙන්නට අතීතය කියවීම

Image
ලංකාවේ විවිධ සාහිත්‍ය කෘතිවලට විවිධාකාරයේ සම්මාන හිමි වේ. ඇතැම් සම්මාන උළෙලවල සම්මානයට පාත්‍ර වන කෘති තවත් උළෙලවලදී අවසාන පොත් අතරටවත් එක් වන්නේ නැත.  කෙසේ වෙතත්, මේ සම්මාන උළෙලවලට ස්තුති වන්නට දැන් අපට ප්‍රමාණාත්මකව විශාල නවකතා සාහිත්‍යයක් ඇත. අප කියවීමට නවකතා තෝරා ගන්නේ මේ සම්මාන බලලා ය. සම්මාන උළෙල කීපයක් තිබෙන එක හොඳ ය. එ්වායේදී විවිධ කෘතිවලට සම්මාන ලැබෙන එකත් හොඳ ය. මන්ද, කෘති ගණනාවක් අපගේ අවධානයට යොමු වන නිසා ය. මේ සියල්ලෙන් ම ගිලිහී මහජන අවධානයට පත් නො වන සාහිත්‍ය කෘති ද ඇති බව පෙනේ. සාමාන්‍යයෙන් ගත්කල මෙම සම්මානයට පාත්‍ර වන කෘති ආධුනික මට්ටමෙන් යන්තම් පොඩ්ඩක් උඩට ආ ඒවා මිස එතනින් එහාට ගිය ඒවා නො වේ.  සිංහල සාහිත්‍ය කෘතියක් විශ්වීය ගුණයන්ගෙන් යුක්ත වන්නේ ඉතා කලාතුරකිනි. සේපාලි මායාදුන්නේගේ මහාසාමි එවැන්නකි. මහාසාමි කියවන දිනවල ම මම මාක් ට්වේන්ගේ The Prince and the Pauper කියවූයෙමි. ඒ දෙකෙහි ම විෂය පථයන් එක සමාන ය. එනම්, රාජාණ්ඩුව, එහි උරුම සාධකය, එහි තිබෙන කෘෘරත්වය, ම්ලේච්ඡත්වය, රාජාණ්ඩු ක්‍රමය විසින් නිර්මිත විෂමතා හා ජන ජීවිතයේ කාලකන්නිකම ආදියයි.  මේ දි...

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව මේ සිකුරාදා ගල් ගසා මරයි ද?

Image
අලුත් ම ආරංචි පවසන්නේ සවුදි රජය විසින් ගල් ගසා මරා දැමීමට නියම කර තිබෙන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මරණීය දණ්ඩනය මේ සිකුරාදා සිදු වීමට යම් ඉඩක් තිබෙන බවයි. දැන් දඬුවමෙහි හරි වැරදි පිළිබඳ හෝ සවුදි අරාබිය පිළිබඳ හෝ ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග යාමෙහි ගැටලු පිළිබඳ හෝ කතා කරන්නට කාලයක් නැත. දැන් කළ යුතුව තිබෙන්නේ මේ දඬුවම වළක්වා ගැනීමට හැකි හැම දෙයක් ම කිරීමයි. එය කරන්නේ කෙසේ ද? මේ වෙනුවෙන් මේ වන විටත් යම් යම් සංවිධාන කටයුතු කරමින් සිටින බව අපි දනිමු. රිසානා සිද්ධියේදී සවුදිය ලංකාවට යම් කාලයක් දුන්නේ ය. එහෙත්, එම කාලය තුළ සිදු වූ යම් සුළු සිද්ධි මරණ දඬුවම නො වැළැක්විය හැකි එකක් වන්නට හේතු විය. මෙතැනදී අප සිතිය යුතුව තිබෙන්නේ වැදගත් ම දෙය වන්නේ මරණ දඬුවම වළක්වා ගැනීම බවයි. ඒ නිසා සවුදි අරාබිය කුපිත කර ගන්නේ නැතිව මෙම ප්‍ර‍ශ්නය විසඳා ගන්නට වගකීමක් දේශපාලනඥයන්ට, ජනමාධ්‍යවලට හා සිවිල් සමාජයට තිබේ. කරුණාකර වහා මෙයට මැදිහත් වන්නැයි ඔබට හැකි ආකාරවලින් ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරුන්ට, ජාත්‍යන්තර සංවිධානවලට, රාජ්‍ය නොවන සංවිධානවලට, සිවිල් සමාජ නායකයන්ට කියන්න. ල...

සිරිසේන බ්‍රදර්ස් සෙට් වෙන්නේ මොබිටෙල් එකෙන් ගේමක් දෙන්න ද?

Image
මහින්දගේ ආණ්ඩුව පෙරලූ පුද්ගලයා බවට ලංකාදීප පුවත්පතේ ලියැවුණු තුසිත හල්ලොලුව ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙනුත්, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍ර‍ධානියකු වන ක්‍රිෂාන්ත කුරේ හා ෆිරෝ ෆාරුක් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙනුත් නෙරපා තිබේ. මේ පසුපස අවුල් දෙකක් තිබේ. එකක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී තනතුරේ සිට ටෙලිකොම් අධ්‍යක්ෂ තනතුරට පත් වූ කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් සභාපති ලෙස ලබන වැටුප තුන් ගුණයකින් වැඩි කරන්නට යාමයි. එයට මේ අධ්‍යක්ෂවරු විරුද්ධ වූ බව කියැවේ. දෙවැන්න තරගකාරී ජංගම දුරකථන සේවා සමාගමක් වන හච් මිළ දී ගන්නට මොබිටෙල් සැරසීමයි. ඒ ගැන කියන්නේ ඩයලොග් සමාගම ඒ වෙනුවෙන් පිරිනැමූ මිළ ඩොලර් මිලියන 78ක් මුත් මොබිටෙල් ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 130ක් පමණ ගෙවන්නට යන බවයි. මේ අල්ල පනල්ලේ අයියා සිරිසේන කර තිබෙන වැඩක් නිසා මෙතන මොකක් හෝ හුටපටයක් වන බව නම් පැහැදිලි ය.  අයියා සිරිසේන මහින්දගේ චක්ගෝලයකු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හා මොබිටෙල්හි හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති බව අලුත් ම වාර්තා පවසයි.  හච් කොම්පැනිය වැඩි මිළට මිළ දී ...

රතු ධනවාදය බිහි වෙන තුරු ජනතාව රවටමු ද? ඇත්තට මුහුණ දෙමු ද?

Image
ආණ්ඩුවේ අයවැය යෝජනාවලිය විග්‍රහ කිරීමේදී අප විසින් සලකා බලනු ලබන කාරණා කීපයක් තිබේ. ඒ අතරින් පළමුවැන්න අපට මේ ආණ්ඩුව වහා පෙරළා දැමීමට හෝ මේ සමාජ ක්‍රමය අවුල් කර දැමීමට හෝ අවශ්‍යතාවක් නැත. ආණ්ඩුවට වසර පහක් රට පාලනය කිරීම සඳහා ජනවරමක් තිබේ. එසේම, සමාජ ක්‍රමය අවුල් කර දැමූ පමණින් සමාජවාදය නිර්මානය වන්නේ නැත. සමාජවාදය යනු ඉබේ හැදෙන එකක් නොව, හැදිය යුතු එකකි. දැන් සමාජවාදීන් ලෙස පෙනී සිටින වාමාංශික පක්ෂ කිසිවකට ඒ සඳහා කටයුතු කිරීමේ ධාරිතාවක් නැත. ඒවායේ නායක කාරකාදීහු අංග සම්පූර්ණ දෙබිඩ්ඩෝ ය. ඔවුන්ට දේශපාලනය හා සැබෑ ජීවිතය දෙකකි. මේ දෙබිඩිකම නැති කර නො ගෙන සමාජ විප්ලවයකට මුල පිරිය නො හැකි ය. පවත්නා ආණ්ඩුව පත් කර ගත්තේ කෘෘර ඒකාධිපතිත්වයකට එරෙහි දීර්ඝකාලීන අරගලයකිනි. පත් කර ගත් ආණ්ඩුව පරිපූර්ණ එකක් නො වේ. එහෙත්, ඔවුන් සාපේක්ෂ වශයෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙන බව කුහකයින් නො වන ඕනෑ ම කෙනෙකුට පෙනේ. පෙරටුගාමී පුරවැසි බලවේග ලෙස අප උත්සාහ කළ යුතු වන්නේ ආණ්ඩුවේ සීමා මායිම් තුළ එයින් ඉටු කරවා ගත හැකි උපරිමය ලබා ගන්නට ය. ඒ සඳහා ඔවුන්ට උපකාර කළ යුතු තැන්වලදී උපකාර ද, වි...

රාගම දුම්රිය සිද්ධියෙන් ප්‍ර‍කාශ වන පොදු ප්‍ර‍වාහනයේ දැවෙන ප්‍ර‍ශ්නයට වහා විසඳුම් දෙනු!

Image
කලුතර නගරයෙන් උදේ හයහමාරට පටන් ගත් විට කාර්යාල වේලාවේදී දුම්රිය පෙළක් ම වැල නො කැඩී කොළඹ දෙසට ඇදෙයි. සවස ද හතරහමාරට පමණ පටන් ගත් විට දුම්රිය වැලක් මුහුදුබඩ දුම්රිය මාර්ගය දිගේ ධාවනය වේ. මේ දුම්රිය එන්නේ එකක් පසුපස එකක් ලෙස ය. මෙම තත්වය සෙසු දුම්රිය මාර්ගවල ද මෙසේ ම ය. දුම්රිය රියදුරෝ මහත් වගකීමකින් යුතුව ධාවනය කරති. දුම්රිය දෙපාර්තමේන්තුව දවසකට මගීන් 165,000ක් කොළඹට ගෙන එයි. ( කොළඹ ට්‍රැෆික් විස්තර මෙතැනින් ) මම දුම්රියේ එන්නේ එය ඉතා ඉක්මණින් කොළඹට ළඟා වන නිසා ය. ශීඝ්‍රගාමී දුම්රියක් සාමාන්‍යයෙන් පැයකට අඩු කාලයකදී කලුතර සිට කොළඹට ළඟා වෙයි. බසයක් ඒ වෙනුවෙන් පැය එකහමාරකට වැඩි කාලයක් ගනියි. මා ගමන් කරන්නේ දෙවන පංතියේ ය. ඒ වාඩි වී යා හැකි නිසා නොව ටිකක් තදබද වී හිටගෙන යා හැකි නිසා ය. තුන්වන පංතිය යනු තනිකර පොල් ලොරියකි. දෙවෙනි පංතිය කියා වැඩි වෙනසක් නැත. මේ පොදු ප්‍රවාහන සේවාවල තත්වයයි. මෙවර අයවැයෙන් ද පොදු ප්‍රවාහනය දියුණු කිරීම සඳහා කිසිදු හරවත් යෝජනාවක් කර නැත. වැදගත් අලුත් ආයෝජන ද නැත. මෙය අයවැයෙහි තිබෙන ලොකුම ගැටලුවකි. මෙයට හේතුව වැඩකට නැති නිදිමතයෙක් ප්‍රවාහන ඇමති වීමය...