Posts

Showing posts with the label Sri Lanka parliament

ආචාර්ය මර්වින්ගේ මාර්තු පඩිය හා තවත් රස කතා | Mervin Silva's March salary and other stories

Image
(2010 මාර්තු 10- W3Lanka )   "අද විතරයි පාර්ලිමේන්තුව රැස්‌වන්නේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ගමන්මග ශක්‌තිමත් කළ යුතුයි. මන්ත්‍රීවරයකු විදිහට එක දවසක්‌ විතරක්‌ පාර්ලිමේන්තුවට ඇවිත් වාඩිවෙලා පඩි ගන්න පුළුවන්ද? මට නම් බැහැ. ඒ නිසා මම මේ මාසයේ මන්ත්‍රී වැටුප ගන්නේ නැහැ. අනෙක්‌ මන්ත්‍රීවරුන්ටත් කියනවා මේ මාසයේ වැටුප ගන්න එපා කියලා. ඒක ගන්න එක වැරදියි. එහෙම කළොත් අපත් විකෘති පෙරමුණේ තත්වයට වැටෙනවා." මේ කම්කරු ඇමති ආචාර්ය මර්වින් සිල්වාගේ අලුත් ම රුවන් වැකියයි. හොඳ යෝජනාවකි. එහෙත්, මෙවැනි වටිනා යෝජනා ගෙන එන මේ අනගි ඇමතිවරයා මීළඟ පාර්ලිමේන්තුවේ රැස්වීම්වලට සහභාගි නොවන්නට ඉඩ තිබේ. හේතුව, කුසලානය ලකුණින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් එක් මන්ත්‍රීවරයකු හෝ තේරී පත් වුවහොත් තමන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නොවන බව මර්වින් සිල්වා ප්‍රකාශ කර ඇති බැවිනි. රැස්වීම්වලට නොඑන මර්වින් සිල්වාට මාස තුනකින් මන්ත්‍රීකම අහිමි වනු ඇත. ඔහු ඒ මාස තුනට වැටුප් ගන්නවා ද නැද්ද යන්න කියා නැත. පාර්ලිමේන්තුව වනාහි රටට විහිළු ද සපයන ආයතනතයකි. එහෙයින්, ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා අනිවාර්...