නායකයාගේ දේශපාන දිවියට සතළිස් වසකි. ශ්‍රී ලංකාකාරයෙනි, එන්න, අපි නටමු! ගී ගයමු! උඩ පනිමු! රනිල්ට හූ කියමු!
(2010 ජුනි 07, W3Lanka ) එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ජනප්‍රිය මාතෘකාවකි. එජාපයට ආණ්ඩුවක් පිහිටුවන්නට බැරි නායකයා වෙනත් අයට අවස්ථාව ලබා නොදෙන නිසා බව ද, සිය හිතවතුන්ගෙන් සමන්විත කල්ලියක් හරහා පක්ෂය මෙහෙයවන බව ද, නායකත්වය ඡන්දයෙන් තෝරන්නේ නම් සජිත් ප්‍රේමදාස නායකයා වන බව ද, එහෙත්, එසේ වන්නට රනිල් ඉඩ නොදෙන බව ද, වැරදිලාවත් සජිත් ප්‍රේමදාස දිනුවොත් අප්පට සිරි වන්නට එජාපය නැගලා එන බව ද හෙට ආණ්ඩුව පෙරළා එජාප ආණ්ඩුවක් පිහිටුවා තමන්ටත් රට කන්නට අවස්ථාව ලබා ගත හැකි බව ද යූඑන්පීකාරයෝ සාකච්ඡා කරති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කවුරුත් කතා නො කරති. ඒ එහි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන නිසා ද? නැත. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට කට අරින්නටවත් පුළුවන් තරමේ ප්‍රජාතන්ත්‍රවාදයක් එහි නැති නිසා ය. ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන පක්ෂයේ නායකයෙකු කතා කළොත්, කතා කරන්නාගේ දූෂණ වංචා පිළිබඳ ලිපිගොනු මිටියක් පසුදා පත්තරවලට ලැබෙනු ඇත. තමන් රජුන් තනන්නෙකැයි සිතා සිටි මංගල සමරවීරට වූ දෙය ශ්‍රී ලංකාකාරයන...