Posts

Showing posts with the label Ranjit Sahasranaman

ඔස්ට්‍රේලියානු සුදු ජාතිවාදියෝ මෙල්බෝන්හි වැඩිහිටි ලාංකිකයකුට අඩන්තේට්ටම් කරති | White racists of Australia manhandle a Sri Lankan man

Image
ජාතිවාදී කූ ක්ලක්ස් ක්ලෑන් ලාංඡනය (2010 මාර්තු 02- W3Lanka )  ඔස්ට්‍රේලියාවේ මෙල්බෝන්හි බීමත් බහුතරය සුද්දන් වූ ජාතිවාදීන් 25ක පමණ පිරිසක් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයකුට හා ඔහුගේ ඉන්දීය සම්භවයක් සහිත බිරිඳට ඔවුන්ගේ නිවස ඉදිරිපිටදී ම පැය දෙකහමාරක් තිස්සේ අඩන්තේට්ටම් කර ජාතිවාදී අන්දමින් අපහාසයට ද ලක් කර තිබේ.  මෙම ලාංකිකයා රංජිත් සහස්‍රනාමන් නම් වෙයි. හැට හැවිරිදි පුද්ගලයකු වන ඔහු ඉරිදා පෙරවරුවේ පැය දෙක හමාරක් පමණ මෙම බේබදු ජාතිවාදීන්ගේ අඩන්තේට්ටම්වලට ලක් වී තිබේ. මැරයන් ඔහුගේ නිවසේ පිටුපස වැට කඩාගෙන වත්තට පැන ඇත.  ඔහු බේරී ඇත්තේ පොලිසිය පැමිණ මැරයන් 'විසුරුවා හැරීමෙන්' පසු ය. කිසිවකු අත්අඩංගුවට ගෙන ඇති බවක් දැනගන්නට නැත.  සහස්‍රනාමන් වසර 19ක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන්නෙකි. දැන් ඕස්ට්‍රේලියාව අත්පත් කරගෙන සිටින සුදු ජාතිකයන් පැවත එන්නේ ද 19, 20 වැනි සියවස්වල මේ රටවල පදිංචියට පැමිණි සංක්‍රමණිකයන්ගනි. එහෙත් ඇතැම් ජාතිවාදී සුදු ජාතිකයෝ දැන් තුන්වන ලෝකයේ රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන්ට එරෙහිව කූ ක්ලක්ස් ක්ලෑන් වැනි වර්ගවාදී කල්ලි හා සංවිධාන ආදිය පිහිට...