අනෝමා, සරත්ට ගුත්තිල කාව්‍යය ගිහින් දෙන්න | Guththila Kavyaya; a prescribed text for Sarath Fonseka

(2010 මාර්තු 04- W3Lanka ) පසුගිය කාලයේ ලංකාවේ ජනමාධ්‍ය කී පරිදි සරත් ෆොන්සේකා හමුදාපතිව සිටි කාලයේ ඔහු යුද්ධය ජය ගත්තේ සාමාන්‍ය යුද හමුදා සම්ප්‍රදායන් හා පටිපාටි පසෙක ලා යුද්ධය වෙනුවෙන් හමුදාව නම්නීකරණය කළ නිසා ය. එහෙත් දැන් එදා සරත් ෆොන්සේකා හා ඔහුගේ යුද නායකත්වයේ සුන්දරත්වය ගැන ලියමින් කියමින් මුදල් රැස් කළ ජනමාධ්‍ය හා ජනමාධ්‍යකරුවන් දැන් ලියන්නේ ඔහුගේ කාලයේ සිදු වූ කැත වැඩ ගැනම ය. දිවයිනේ යුද පුවත් ලියන කීර්ති වරණකුලසූරිය ශූරීන් අද පළ කර ඇති වාර්තාවක් මෙසේ ය: ජෙනරාල් හමුදාපතිව සිටි සමයේ හමුදා ක්‍රියාපටිපාටි උල්ලංඝනය වෙලා කීර්ති වර්ණකුලසූරිය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධුරය දරන සමයේ හමුදා ක්‍රියා පරිපාටි හා නීතිරීති උල්ලංඝනය වී ඇති බවට ලත් තොරතුරු මත ආරක්‍ෂක බලධාරීන් විමර්ශනයක් අරඹා ඇත.මෙයට හේතු වී ඇත්තේ හිටපු හමුදාපතිගේ බෑණා වූ දනුන තිලකරත්නගේ පියා වූ බ්‍රිගේඩියර් තිස්‌ස විඡේරත්න වයස 62 දක්‌වා හමුදාව තුළ පූර්ණ වැටුප් සහිතව කටයුතු කිරීමයි. මේ වරප්‍රසාද අනිකුත් හමුදා නිලධාරීන්ට ලැබී නැති අතර ඔවුන් විශ්‍රාම යැමේ කාලසීමාව සමීප වීමත් සමඟ විශ්‍රාම ගොස් ඇත. ...