Posts

Showing posts with the label ෆෙඩරල්වාදය

ෆෙඩරල්වාදය මේසය උඩ; ෆෙඩරල්වාදියෝ මේසය යට | Federalism on the table in Sri Lanka while federalists gone to hiding

Image
අජිත් පැරකුම් ජයසිංහ -  '16වන සියවසේදී බටහිර බලවතුන් පැමිණෙන්නට පෙර, ලංකා දිවයිනේ රාජධානි තුනක් තිබිණි. උතුරේ පිහිටා තිබුණු ඉන් එකක් දෙමළ ජනයාට හිමි විය. කන්ද උඩරට රාජධානිය අවසානයට ම 1815දී බ්‍රිතාන්‍යයන් අතට පත් විය. 1833දී බ්‍රිතාන්‍යයන් පරිපාලන පහසුව තකා මෙම දේශයන් තුන එක් කළ අතර එයින් ලංකාව එක් භූමියක් බවට පත් විය. 1848දී යටත් විජිත පාලකයන්ගෙන් නිදහස් ලබා ගනිද්දී යටත් විජිත රජය සාමාන්‍ය බහුතර පාලනයක් සහිත ඒකීය ස්වරූපයේ ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කළේය.' මේ දෙමළ ජාතික සන්ධානය මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ආරම්භ වන ආකාරයයි. දෙමළ ජාතික සන්ධානයේ සිදු වී තිබෙන බෙදීම දේශපාලනික එකකි. එමෙන් ම එය දෙමළ ජාතික දේශපාලනයේ අර්බුදය ප්‍රකාශ කරන කැඩපතක් ලෙස ද දැකිය හැකි ය. දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීන් ගණනාවකට මහ මැතිවරණය සඳහා නාම යෝජනා අහිමි වී තිබේ. නාම යෝජනා අහිමි වූ මන්ත්‍රීන් අතරින් ඇතැමෙක් ආණ්ඩුවට කඩේ ගිය අය වෙති. එහෙත් ඇතැමෙකුට නාම යෝජනා අහිමි වීම පිටුපස ඇත්තේ දේශපාලනික කාරණයකි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනික බෙදීම සලකුණු වන්නේ එතැනිනි. දෙමළ ජාතික සන්ධා...