W3Lanka නිෂ්පාදනයක් වන 'රන්මිනිතැන්න' චිත්‍රපටයේ කතාව | Story of Ranminithenna movie

(2010 මාර්තු 29- W3Lanka ) ජනාධිපතිතුමා අතින් මහ ඡන්දයට පෙර විවෘත වන රු. මිලියන 600ක වියදමින් තිස්සමහාරාමයේ රන්මිනිතැන්න ගමේ අක්කර 200ක භූමියක ඉදි කරන ලද ටෙලි සිනමා ගම්මානයේ චිත්‍රපටයක් රූපගත කිරීම සඳහා අප විසින් තිරනාටකයක් ලියමින් තිබේ. 'රන්මිනිතැන්න' නම් වන මෙම චිත්‍රපටයේ කතාව මෙසේයි: රෙනෝ නම් කූට ව්‍යාපාරිකයෙක් සිටියි. ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වන ඔහුගේ සෙල්ලක්කාර මල්ලී වන දුමින්ද, ආකර්ශා නම් සුරූපී තරුණියක් පැහැරගෙන යයි. කෙල්ලගේ අම්මා වන ගීතා මේ පිළිබඳ මහින්ද නම් වූ වීරයාට පවසයි. වීරයා වහා කෙල්ල බේරා ගැනීම සඳහා පිටත් වේ. මේ අතර, අධ්‍යාපනය සඳහා පිටරට ගොස් සිට පැමිණෙන වීරයාගේ පුතා වන නාමල් ගුවන් තොටුපළේ පියා නොදැක ඔහු කොහි ගියේදැයි මවගෙන් අසයි. "අන්න අර සක්කරවට්ටමක් එක්ක කාවද නැට්ටච්චියෙකු බේරා ගන්න කියල ඔය ගියේ," යි අම්මා කියයි. "එහෙම කියන්න එපා අම්මා, මපියාණන්ගේ උතුම් අරමුණු ඔබ නොදන්නෙහිද? මපියාණන්ට දැන් මගේ උපකාර අවශ්‍යව තිබේ. එහෙයින් මම වහා පිටත් වෙමි," යි කියමින් නාමල් වහා පිස්තෝලයට පතුරම් පුරවාගෙන නවීන පන්නයේ ක්‍රීඩා වාහනයකින් හෙ...