රටට එකක් දුන් විට ඉතිරි දෙක දෙන්නේ කාටද? | One for the nation. Then other two?

(2010 මාර්තු 12- W3Lanka ) මව්බිමේ පංචායුධය විමල් වීරවංශගේ අලුත්ම පෝස්ටරයේ සඳහන් වන්නේ 'රටට එකක් දෙන්න' කියා ය. එනම් මනාප තුනෙන් එකක් විමල්ට දෙන්න කියා ය. විමල්ට දෙන එක රටට ය. අනෙක් දෙක මොනවාට ද? සමහර සන්ධාන ලොක්කන් ඉල්ලා සිටින පරිදි මහින්දට තව දුරටත් කෙළෙහි ගුණ දැක්වීම පිණිස නාමල් බේබි වැනි මහින්දගේ කේන්ද්‍රීය පවුලේ කෙනෙකු ඡන්දය ඉල්ලන්නේ නැතිනම් එක් මනාපයක් එකෙකුටවත් නොදී මහින්ද වෙනුවෙන් ඉතිරි කර තබා ගත හැකි ය. අනෙක දෙන්නට එකෙක් සොයා ගත යුත්තේ පරිස්සමෙනි. ඒ ඡන්දය ලබා ගන්නා එකා ලවා ළමයා ඉස්කෝලෙට දමා ගත හැකි විය යුතු ය. පවුලේ එකෙකුට රස්සාවක් ලබා ගත හැකි විය යුතු ය. ස්ථාන මාරුවක් හදා ගත හැකි විය යුතු ය. වැරැද්දක් කර පොලිසියෙන් අල්ලා ගත් විට පොලිසියට ටෙලිෆෝන් කර ෂේප් කර දෙන්නෙක් විය යුතු ය. පවුලේ මළ ගෙයක් වූ විට ඡන්ද කාලයකදී නොවූවත් ඇවිත් ඔලුව දමා යන්නකු විය යුතු ය. අනාගතයේදී බස් එකක අසුනක් ලබා ගැනීමට පවා මන්ත්‍රී දැන අඳුනාගෙන සිටිය යුතු විය හැකි බැවින් තුන්වන මනාපය දෙන්නේ කාටදැයි පරිස්සමෙන් කල්පනා කර බැලිය යුතු ය.