Posts

Showing posts with the label මහින්දානන්ද අලුත්ගමගේ

නාවලපිටියේ ගොයම් කෑවේ වැටයි නියරයි | No culprits for election malpractises in Nawalapitiya

Image
(2010 මැයි 02 -  W3Lanka )  නාවලපිටියේ මහ මැතිවරණය දිනයේ සිදු වූ මැතිවරණ දූෂණ හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 37ක ඡන්දය ශුන්‍ය කර නැවත පවත්වන ලදී. ඡන්දය නැවත පැවැත්වීමට රු. ලක්ෂ 35ක් මහජන මුදල් වැය විය. මහජනතාවගේ කාලය නාස්ති විය. නිෂ්පාදනය අඩාල විය. මහනුවර දිස්ත්‍රික්කයේ හා සමස්ත හ්‍රී ලංකාවේ ම ප්‍රතිඵල පමා විය. එහෙත්, පොලිසිය මෙම මැතිවරණ දූෂණ කළ කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. ඒ කියන්නේ කිසිවකු මැර ක්‍රියාවල යෙදි නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම දූෂණ පිළිබඳ පරීක්ෂා කරන්නට පත් කළ කමිටුව කියන පරිදි කිසිදු අපේක්ෂකයකු මෙම දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ නැත. මහින්දානන්ද අලුත්ගමගේ කිසිදු මැර ක්‍රියාවක් මෙහෙයවා නැත. එසේ නම්, මැතිවරණ නිලධාරීන් අක්‍රමිකතා පිළිබඳ වාර්තා කර තිබෙන්නේ බොරුවට ය. මැතිවරණ කොමසාරිස් නාවලපිටියේ ඡන්දය ශුන්‍ය කළේ මෙම බොරු වාර්තා පදනම් කරගෙනයි. මැතිවරණ කොමසාරිස් ආතතියෙන් පෙළෙන බව ජනවාරි 27 දින ඔහු ම පැවසීය. ආතතියට නැති දේ ඇති වී පෙනේද?

අලුත්ගමගේ නාවලපිටියෙන් පාඩමක් ඉගෙන ගනියිද? | Will Aluthgamage learn a lesson from Nawalapitiya

Image
(2010 අප්‍රේල් 18 -  W3Lanka )   පසුගිය සමයේ ජනාධිපති මහින්ද රාජපක්ෂට සමීපව සිට ඉදිරියට ආ දේශපාලකයකු වන මහින්දානන්ද අලුත්ගමගේට පාඩමක් ඉගැන්වීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අප්‍රේල් 20 දින පැවැත්වීමට නියමිත නාවලපිටිය ඡන්දයේදී සැරසෙමින් සිටින බව වාර්තා වේ.  මහින්දානන්ද අලුත්ගමගේ මහ මැතිවරණ සමයේදී ජනාධිපතිවරයා සහභාගි වූ රැස්වීමකදී සරත් අමුණුගමට හූ කියවූ බවට චෝදනාවක් එල්ල වී තිබේ. අද ලක්බිම පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙන එස්. බී. දිසානායක නම නොකියා නාවලපිටියේ ඡන්දය නැවත පැවැත්වීමට හේතු වූ ක්‍රියා උම්මත්තකයෙකුගේ ඒවා බව කියයි. ඔහු කියන පරිදි නාවලපිටියේ ජනතාව අද ඉන්නේ ප්‍රභාකරන්ට බියේ වන්නියේ දෙමළ ජනයා සිටි අන්දමට බියෙනි.  කෙසේ වෙතත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහින්දානන්දට එරෙහිව පියවර ගන්නට සූදානමක් නැති බව ද දැනගන්නට ඇත. ඔහුට නියෝජ්‍ය ඇමතිකමක් හිමි වීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග පවසයි. එහෙත්, මහින්දානන්ද එයින් සෑහීමට පත් වීමට සූදානමක් නැති අතර නාවලපිටියෙන් වැඩි මනාප ලැබ ඇමති තනතුරක් ඉල්ලා සිටීමට ඔහු අදහස් කරන බව ද ඔහුට සමීප ආරංචි ...

මහින්දානන්ද සන්ධාන දිනුමට අනියි | Mahindananda brings discredit to the victory of the UPFA

Image
(2010 අප්‍රේල් 09 -  W3Lanka )  නාවලපිටිය ආසනයේ මැතිවරණය නැවත පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ. පවත්වන දිනය ළඟදී ම ගැසට් කිරීමට නියමිත ය.  නාවලපිටියේ ඡන්දය පවත්වනතුරු මහනුවර දිස්ත්‍රික් ප්‍රතිඵලය නිකුත් කළ නොහැකි ය. මහනුවර දිස්ත්‍රික් ප්‍රතිඵලය නිකුත් කරන තුරු සමස්ත ප්‍රතිඵලය නිකුත් කළ නොහැකි ය. සමස්ත ප්‍රතිඵලය නිකුත් කරන තුරු ජාතික ලැයිස්තු මන්ත්‍රීන් සංඛ්‍යාවන් නිර්ණය කළ නොහැකිය.  මෙම තත්වය තුළ පාර්ලිමේන්තුව රැස් කිරීමට ද බැරි ය.  නාවලපිටියේ නැවත ඡන්දය පවත්වන්නට රු. කෝටි ගණනක් මහජන මුදල් වැය වේ.  සිංහල, දෙමළ අලුත් අවුරුද්ද එළඹෙන විට ලංකාවේ ආණ්ඩුවක් තිබේ ද යන්න පැහැදිලි නැත.  මේ වීරකම කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බව ප්‍රදේශවාසීහු කියති.  දූෂණයෙන් තොර විනයගරුක සමාජයක් බිහි කරන්නට පොරොන්දු වී සිටින ජනාධිපතිවරයා දැන් කුමන පියවරක් ගනු ඇද්දැයි අපි බලා සිටිමු. 

අලුත්ගමගේගේ පරණ වැඩ හා පුංචිනිලමේගේ ලොකු වැඩ | Polls declared null and void in Nawalapitiya and Trincomalee

Image
(2010 අප්‍රේල් 09 -  W3Lanka  )  නාවලපිටියේ ඡන්ද මධ්‍යස්ථාන කීපයකත්, ත්‍රිකුණාමලයේ ඡන්ද මධ්‍යස්ථානයකත් ඡන්දය ශුන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ. නාවලපිටියේ වැඩකාරයා ඇමති මහින්දානන්ද අලුත්ගමගේගේ ය. ත්‍රිකුණාමලයේ වැඩකාරයා ඇමති සුසන්ත පුංචිනිලමේ ය. මෙම තත්වය යටතේ මැතිවරණ කොමසාරිස්වරයා දැඩි ආතතියකට මුහුණ දෙමින් සිටින බව ද වාර්තා වේ.

මහින්දානන්ද හා මුතුහෙට්ටිගේ රාජකීය ගුටි කෙළි හිල්ටන් හෝටලේදී

Image
(2009 ඔක්තෝබර්  18 - W3Lanka ) මේ රටේ ප්‍රභූ පැළැන්තිය නිර්මානය කරන රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වෙනුවෙන් පසුගිය 15දා හිල්ටන් හෝටලයේ පැවති සාදයකදී ආදි රාජකීය ශිෂ්‍ය හා වර්තමාන රාජකීය රාජපක්ෂයන්ගේ සුවච ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පැවති දකුණු පළාත් සභා මැතිවරණයේ දේශපාලක තරුවක් වූ නිශාන්ත මුතුහෙට්ටිගම සමග ගුටි කෙළි සංදර්ශනයක් පවත්වා තිබේ.  මේ ගුටි කෙළිය සිදු වී ඇත්තේ ජිප්සීස් සංගීත කණ්ඩායම සංගීතය සපයමින් සිටියදී ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ ඇරැයුමින් මුතුහෙට්ටිගම ගීයක් ගයන්නට යද්දී ය.  ගුටි කෙළියට පෙර මේ දෙන්නා තිත්ත භාෂාවෙන් බැණගෙන ඇති බව ද වාර්තා වේ. මේ රාජකීය සැඳෑ සාදයට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද සහභාගි වී සිටියේය.