Posts

Showing posts with the label මහින්ද චින්තන

විධායක ජනාධිපති ක්‍රමය ගැන මහින්ද චින්තනය | The Mahinda Chinthana on executive presidency

Image
( 2010 සැප්තැම්බර් 01,  W3Lanka )  2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලද මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ සඳහන් වන්නේ මෙසේ ය. විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු ප‍‍්‍රශ්න වලට ද විසඳුම් ලබා දෙන්නා වු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජනාධිපතිවරයා නිල මට්ටමින් පාර්ලිමේන්තුවට වගකියන ලෙසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරන්නෙමි. පාර්ලිමේන්තුව කෙරෙහි ජනාධිපතිවරයා ගේ ඇති වගකීම සහතික කිරීම සඳහා මසකට වරක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන්නෙමි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ - විපක්ෂ මන්ත‍‍්‍රීන් කාර්යක්ෂම ලෙස රාජ්‍ය පාලනයට සහභාගිවීම තහවුරු කිරීම සඳහා අමාත්‍යාංශ කාරක සභාවන්හි බලතල පාර්ලිමේන්තූවේ එකඟතාවෙන් වැඩි දියුණු කිරීමට යෝජනා කරමි. You may also like to read our English blog   Lanka Polity

හිස්තැන් පුරවා තෑගි දිනන්න | Fill in the blanks and win a prize

(2010 මැයි 20 -  W3Lanka )  අපේ පාඨකයන්ගේ ජනසන්නිවේදන දැනුම වැඩි දියුණු කිරීමේ අදහසින් අපි පහත අභ්‍යාසය පළ කරමු. එහි හිස්තැනට සුදුසු ම වචනය යොදා හිස්තැන් පුරවන්න. අධ්‍යාපන අරමුණක් උදෙසා දිනමිණ පුවත්පතෙන් උපුටා ගත් බව කරුණාවෙන් සලකන්න. නිවැරදි පිළිතුර සඳහා පුවත්පත් බලන්න.  (යෝජිත වචන: සරත් ෆොන්සේකා, බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ)  ඡන්දය නැති බව දැන දැන මැතිවරණයට තරග කළා .....................ගේ මන්ත්‍රීධුරය අහෝසි කරන්න හපුතලේ ඡන්ද දායකයකුගෙන් පෙත්සමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 ව්‍යවස්ථාව අනුව ........................... මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුස්සෙකු නොවන හෙයින් ඔහුගේ මන්ත්‍රීධූරය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හපුතලේ, රත්මලේ ඉහළ කොටසේ පදිංචි ආනන්දන් මොහන්දාස් මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ පෙත්සමක් ගොනු කෙළේය. 2010 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරගන්නා අවස්ථාවේදී .......................... මහතා ඡන්ද බලය හිමි අයෙකු නොවූ හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට ඔහු සුදුස්සෙකු නොවන බව පෙත්සම්කරු ...

මහින්දගේ සැලැස්ම හා රනිල්ගේ සැලැස්ම අතර වෙනස | The difference between Mahinda's and Ranil's plans

Image
(2010 මැයි 16 -  W3Lanka )  2005 සිට 2010 දක්වා ආණ්ඩුව වැඩියෙන් ම කතා කළ වචන දෙකක් වූයේ මහින්ද හා චින්තනයි. 2010 අප්‍රේලයෙන් පසු මෙම වචන දෙක භාවිතයෙන් ඉවත් වී ඇති බව මාධ්‍ය සමීපව නිරීක්ෂණය කළහොත් දැන ගත හැකි වනු ඇත.  මහින්ද චින්තනයෙන් පොරොන්දු වූ දේශීය හෝ ජාතික ලෙස හැඳින්වුණ ආර්ථිකය වෙනුවට දැන් මහින්ද රාජපක්ෂ රජය විසින් අනුගමනය කරමින් සිටින්නේ ලෝක බැංකුව විසින් සකසා දෙන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලසුම බව අපි අවධාරණය කරමු. එහි ගුණාගුණ කුමක් වෙතත්, 2004දී එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර තිබුණ මෙම ගමන නැවැත්වීම සඳහා ජන වරමක් ලබා ගත් රජයට එය යළි ආරම්භ කිරීමට ඇති අයිතිය කුමක්ද යන ප්‍රශ්නය මතු වේ.  මහින්ද චින්තනය යටතේ වැරදි යයි කියූ බොහෝ දේ දැන් නැවත කරන්නට පටන් ගනිමින් ඇත. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කළ ආකාරය වැරැදි යයි කියූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැන් නැවත සූදානම් වෙමින් සිටින්නේ හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා දුන් තීන්දුව වෙනස් කරවා ගැනීමටයි. සරත් එන්. සිල්වා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආපසු රජයට පවරා ගන්නැයි දුන් තීන්දුව ආ...

ජනාධිපතිතුමනි, ගිය නුවණ ඇමති ජී.එල්. පීරිස් ලවා හෝ ඉක්මනින් අද්දවන්න

Image
(2009 නොවැම්බර් 25 - W3Lanka ) විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම හා 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදය වැඩිදියුණු කිරීමට ඉවහල් වන හා යහපාලනය අරමුණු කර ගත් බලාපොරොත්තුවේ අපේක්ෂකයකු බවට පත් කිරීමට විපක්ෂය පියවර ගනිමින් සිටිද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එම පොරොන්දු සිය දෙවන ධුර කාලය තුළදී සපුරන බවට නැවතත් පොරොන්දු නිකුත් කරන්නට පටන් ගෙන ඇත.  පාර්ලිමේන්තුවට බලය ලැබෙන සේ වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රමවේදයක් තමන් සතුව ඇතැයි  ද දෙවැනි වරටත් රාජ්‍ය නායක පදවියට පත් වී එම සැලැස්ම හා ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරන බවද ජනාධිපතිවරයා ඊයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් කර්තෘ වරුන් හා මාධ්‍ය ආයතන හිමිකරුවන් අමතා පැවසී ය. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට විපක්ෂයෙන් ඉදිරිපත් වී ඇති අදහස් ගැන පුවත්පත් කර්තෘවරයකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා “විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න පුළුවන් මට විතරයි.ඕන කමක් ඇත්තේත් මටයි. වෙන කාටවත් නැහැ. ඇත්තම තත්ත්වය ඒකයි," යි කීය....

මහින්ද චින්තනය යටතේ පුහුණුවට දෙවන පෙළ දක්‍ෂ නායකයින් බදවා ගැනේ. අදම අයදුම් කරන්න

Image
(2009 සැප්තැම්බර් 04 - W3Lanka) ලෝකයේ බොහෝ රටවල සිටින නායකයින්ගෙන් පසුව නායකත්වය බාරදීමට දක්‍ෂ නායකයින් අල්පවීම නිසා විවිධ ගැටලු හා අරගල ඇති වන බව ද, එයට හේතුව බලයේ සිටින නායකයින් තමන්ගෙන් පසු බලය බාරදීමට දෙවන පෙළ නායකයින් පුහුණු නොකරන නිසා බවද එහෙත් මහින්ද චින්තනය යටතේ දෙවන පෙළ දක්‍ෂ නායකයින් පුහුණු කෙරෙන බවද, තරුණ කටයුතු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.  මහරගම යොවුන් රඟහලේදී ඇය මෙම අදහස් පළකළේ ජාතික තරුණසේවා සභාව අරඹා ඇති දේශපාලන ශිල්පායතනයේ සිව්වැනි කණ්ඩායමේ පුහුණු පාඨමාලාවේ සමාරම්භක උත්සවය අරඹමිනි.  අප විසින් නිරීක්ෂණය කර තිබෙන පරිදි චින්තනය යටතේ ජාතික දේශපාලන නායකත්වය සඳහා ලොකු පුතාද, අයියාගේ පුතාද පුහුණු කෙරෙමින් පවතී. හමුදා නායකත්වය සඳහා මද්දුම පුතා පුහුණු කෙරෙමින් තිබේ. මේ අනුව යමින් පළාත් මහ ඇමතිවරුන්, කැබිනට් ඇමතිවරුන් හා කැබිනට් නොවන ඇමතිවරුන් විසින් තමන්ගේ පුතාලාද තමන්ගේ බල ප්‍රදේශවල මීළඟ නායකත්වය සඳහා පුහුණු කෙරෙමින් ඇති බව දක්නට ලැබේ.

නව මහින්ද චින්තනය තුළ ධනවාදයට එරෙහි අරගලය

අජිත් පැරකුම් ජයසිංහ විසිනි ආණ්ඩුව පවසන්නේ තමන් සියලූ දෙය කරන්නේ මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුකූලව බවයි. විරුද්ධ පාක්ෂිකයෝ ද ආණ්ඩුවේ කාර්යයන් ප‍්‍රශ්න කරන්නේ ඒවා මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට කෙතරම් අනුකූල වේදැයි අසමිනි. දේශපාලනික හා පෞද්ගලික ලාභ පතා ජනාධිපතිවරයාට ප‍්‍රශස්ති ගායනා කරන්නන් මහින්ද චින්තනය උත්කර්ෂයට නඟන්නේ එයට කොමියුනිස්ට් ප‍්‍රකාශනයට තරම් වැදගත්කමක් දෙමිනි. එහෙත්, එහි ගැඹුර ඇස්වටයක් පොවන තරම්වත් නොවන බව අනුන්ව රැවටීමට උත්සාහ දරන කවුරුත් දනිති. එහෙත්, මහින්ද රාජපක්ෂ යුගයේ තත්කාර්යවාදී පාලනය හැඩගැසෙන චින්තනයක් රාජ්‍ය නායක ව්‍යූහයන්හි ගොඩනැඟෙමින් තිබේ. අප දකින පරිදි නම් මෙම අප‍්‍රකාශිත නව මහින්ද චින්තනය වඩා ගැඹුරු හරයකින් යුක්ත වේ. නව මහින්ද චින්තනයේ ප‍්‍රධාන කුළුණු දෙක වන්නේ ගෝඨාභය රාජපක්ෂ රාජ්‍යාරක්ෂක දැක්ම හා බැසිල් රාජපක්ෂ ආර්ථික දැක්මයි. ඒ හා සමගාමීව පවතින අනෙක් වැදගත් සාධකය වන්නේ විදේශ බලපෑම් මඟහැර ගැනීමේ රාජ්‍ය තාන්ත‍්‍රික උපායමාර්ගයයි. රටේ දේශපාලනික ගමන් පථය තීරණය කරන ප‍්‍රධාන සාධක වන්නේ මේවායි.   දෙමළ ජාතික අරගලය පොඩිපට්ටම් කර දැමීමෙන්...