සෝම හිමිට, හිටපු පොලිස්පතිට ආචාර්ය උපාධි දුන් විශ්ව විද්‍යාලය ගැන
උපාධියක් හෝ අධ්‍යයන තානාත්තරයක් පිරිනැමීම සඳහා රුසියාවේ, ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි ‘මුලික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට’ බලයක් නැති බව ද එම නිසා එම විශ්වවිද්‍යාලයෙන් පිරිනමන විද්‍යා උපාධි ආචාර්ය උපාධි හා මහාචාර්ය උපාධි එරට රජය මගින් නො පිළිගන්නා බව ද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මේ හේතුව මත රුසියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙසත් විමසිල්ලෙන් පසුවීම ඉතාම වැදගත් බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජනතාවට දැනුම් දෙයි. (උපුටා ගැනීම අද දිනමිණ පුවත්පතෙනි.) මේ 'මුලික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය' කුමක්ද? ලංකාවේ ප්‍රසිද්ධ වී ඇති පරිදි, 2003දී ගංගොඩවිල සෝම හිමියන්ට ආචාර්ය උපාධියක් පිරිනමා කතෝලික කුමන්ත්‍රණයකින් අපවත් කළේ මේ විශ්ව විද්‍යාලය විසිනි. ජාතික හෙළ උරුමය බිහි වන්නට පදනම වැටුණේ එකී මරණය නිසා ය. අද සෝම හිමියන් ගැන කතා නො කළාට චම්පික රණවකගේ සිට ජාතික හෙළ උරුම දේශපාලකයන් එහිමියන්ට ණය ය. හිනා කා මැරෙන වැඩේ වන්නේ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ආචාර්ය මහින්ද බාලස...