Posts

Showing posts with the label පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

යක්කුරෙන් ලොකුම බිසෝකොටුව?

(2009 සැප්තැම්බර් 10 - W3Lanka) ජපන් සහ ලාංකික පුරාවිද්‍යාඥයන් විසින් ඒකාබද්ධව වස්ගමුව වනොද්‍යානය ආශ්‍රිත යක්කුරේ ගම්මානයේ කරන ලද කැණීමකින් වටිනා පුරාවස්තු සමුදායක් සොයා ගත් බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පුරාවස්තු අතර ඇති සොරොව්ව මෙතෙක් සොයා ගන්නා ලද එවැනි විශාලතම එක යයි විශ්වාස කෙරේ. ඉපැරණි බුදු පිළිම තුනක්, යකඩ ඇණ, මුරගල්, මහිෂ ප්‍රතිමා හා පුළුස්සන ලද මැට්ටෙන් තැනූ පහන් කැබලි හමු වී ඇති පුරාවස්තු අතර වේ. තවත් ඇතැම් ද්‍රව්‍ය වසර 20,000ක් පමණ පැරණි යයි විශ්වාස කෙරේ.

මිහිඳු හිමියන් සැතපුණ යහන පුපුරවා නිදන් සොයන සිංහල බෞද්ධ ලංකාවේ පුරාවස්තුවලට බුදු සරණයි

Image
(අගෝස්තු 11, 2009 - W3Lanka) මිහින්තලේ පුරාවිද්‍යා අධිරක්‍ෂිත කලාපයේ පිහිටි මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටියේ යයි සැලකෙන මිහිඳු ගුහාවේ ඉපැරැණි ශෛලමය යහනට පසුගිය අගෝස්තු 09දා නිධන් හොරුන් විසින් හානි සිදු කොට ඇත. මෙය මිහිඳු හිමියන් සැතපුණ යහන බවට විශ්වාසයක් ඇත. එම යහනේ සිව් කොනේ පිහිටි ගෝලාකාර කැටයම් හතරෙන් තුනක්‌ නිධන් හොරුන් විසින් කඩා විනාශකොට ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති.  මෙම පුරාවිද්‍යාත්මක ස්ථානයට පූර්ණ ආරක්ෂාව සැලසීමට තරම් ප්‍රමාණවත් මුරකරුවන් සංඛ්‍යාවක් සේවයේ යොදවා නොමැති බව වාර්තා වේ. ලංකාව පුරාම විශාල පුරාවස්තු ප්‍රමාණයක් තැන තැන විසිරී තිබේ. ඇතැම් ඒවා හඳුනාගෙන තිබෙන අතර තවත් සමහරක් හඳුනාගෙන පවා නැත. සංරක්ෂණය නොකළ පුරාවස්තු ප්‍රමාණය අතිවිශාල ය. මෙකී ඇතැම් පුරාවස්තු පිහිටා තිබෙන්නේ ජනශුන්‍ය, කැළෑබද ප්‍රදේශවලයි. මේවා මුර කිරීම සඳහා වෙනම සන්නද්ධ හමුදාවක් යෙදවීමට සිදු වන තරම් ඒවායේ සංඛ්‍යාව අධික ය.  දැනට ලංකාවේ හමුදා පොලිසිවලට ආරක්ෂා කිරීමට සිදු වී තිබෙන 'ජාතික වස්තු' කන්දරාවට අමතරව පුරාවස්තුත් මුර කිරීමේ වගකීම භාර ගැනීමට ඔවුනට හැකියාවක් නැත....