යක්කුරෙන් ලොකුම බිසෝකොටුව?
(2009 සැප්තැම්බර් 10 - W3Lanka) ජපන් සහ ලාංකික පුරාවිද්‍යාඥයන් විසින් ඒකාබද්ධව වස්ගමුව වනොද්‍යානය ආශ්‍රිත යක්කුරේ ගම්මානයේ කරන ලද කැණීමකින් වටිනා පුරාවස්තු සමුදායක් සොයා ගත් බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පුරාවස්තු අතර ඇති සොරොව්ව මෙතෙක් සොයා ගන්නා ලද එවැනි විශාලතම එක යයි විශ්වාස කෙරේ. ඉපැරණි බුදු පිළිම තුනක්, යකඩ ඇණ, මුරගල්, මහිෂ ප්‍රතිමා හා පුළුස්සන ලද මැට්ටෙන් තැනූ පහන් කැබලි හමු වී ඇති පුරාවස්තු අතර වේ. තවත් ඇතැම් ද්‍රව්‍ය වසර 20,000ක් පමණ පැරණි යයි විශ්වාස කෙරේ.