Posts

Showing posts with the label තේරවිලි

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

Image
මේ අපූරු තේරවිලි ටික ඇහුවේ අකුරැස්ස පැත්තේ ගැමි කාන්තාවකගෙන්. පුළුවන් නම් තෝරන්න. (මේ කිසිවක විසඳුම කුණුහරුප වදන් නො වේ. එබැවින් ඒවා සටහන් කිරීමෙන් වළකින්න) ඇට පිට මස්. මස් පිට හම්. හම් පිට ලොම්. කහ මාමගෙ ඇටේ පොලිස්.  උල් දෙකයි. හිල් දෙකයි. රෙද්ද අස්සෙමයි රිංගන්නෙ.  උඩිනුත් ලොම්. යටිනුත් ලොම්. වටේ සුදයි. මැද කළුයි.  ගහනකොට සැපයි. නොගහ ඉන්නකොට අමාරුයි.  එක හිලයි. කෙළි හතරයි. කෙළියම ලේ විලයි. පැදුරු එළාගෙන. දන බිම ඇනගෙන. උඩින් එකෙක් ඇත. යටින් එකෙක් ඇත. උඩින් එකාමයි දඟළන්නේ. සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත. බඩ මිරිකාලා, පුක මිරිකාලා, බැරි තැන අතේත් ගහනවා.  අංක සමග පිළිතුරු කමෙන්ට් ලෙස සටහන් කරන්න. නිවැරදි පිළිතුරු හෙට.  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් ...