Posts

Showing posts with the label අගමැති රත්නසිරි වික්‍රමනායක

කොටි නැවත හිස ඔසවමින් ඉන්නවාද? | Is LTTE again raising head?

Image
(2010 මාර්තු 02- W3Lanka )  2009 මැයි 18දා වේලුපිල්ලෛ ප්‍රභාකරන්ගේ මරණයෙන් යුදමය පරාජය සනිටුහන් කර මර්දනයෙන් යටපත් කරන ලද දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නැවත ලංකාව තුළ හිස ඔසවමින් සිටියි ද යන සැකය මතු වෙමින් තිබේ. අද දිනමිණ පුවත්පත වාර්තා කරන ආකාරයට එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර මූල්‍ය අංශයට සම්බන්ධ ප්‍රධාන පෙළේ නායකයකු මෙරට එල්.ටී.ටී.ඊ. මූල්‍ය කටයුතු ලිළිබඳ සොයා බැලීම සඳහා ස්වීස්ටර්ලන්තයේ ජිනීවා නුවර සිට පැමිණ දෙහිවල පල්ලිදොර පාරේ නිවෙසක සැඟවී සිටියදී රහස් පොලිසිය මඟින් පෙරේදා (28) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් මරණයට පත්ව එම සංවිධානය අක්‍රීය තත්ත්වයට පත්වීමෙන් පසු එම සංවිධානයට අයත්ව තිබූ මෙරට ව්‍යාපාර කටයුතු සොයා බැලීම මෙම නායකයාගේ ප්‍රධාන කාර්යය වී ඇති බව දිනමිණ පවසයි. ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඔහු මෙරටට පැමිණ ඇත්තේ ජනවාරි 10 වැනි දිනයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කොළඹ සැරිසරන බවට රහස් ඔත්තු අංශ විසින් වාර්තා කර ඇති බව ද, ඔවුන් කවුරුද යන්න හා ඔවුන් ගැවසෙන තැන් නොදන්නා බව ද, ඔවුන් අත්අඩංගුවට ගන්නා තෙක් ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති ...

කොළඹ නැවතත් කොටි බෝම්බ | LTTE suicide bombers in Colombo

(2010 පෙබරවාරි 24- W3Lanka )   එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කොළඹ සැරිසරන බවට රහස් ඔත්තු අංශ විසින් වාර්තා කර ඇති බව ද, ඔවුන් කවුරුද යන්න හා ඔවුන් ගැවසෙන තැන් නොදන්නා බව ද, ඔවුන් අත්අඩංගුවට ගන්නා තෙක් ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව ද අගමැති රත්නසිරි වික්‍රමනායක ඩේලි මිරර්ට ප්‍රකාශ කර තිබේ.  රටින් පිට සිටින ‍ලාංකික දෙමළ ජාතිකයන් ආධාර රැස් කිරීම් කරන බව රහස් ඔත්තු අංශ වාර්තා කර ඇති බව පවසන හේ ඒ කුමක් සඳහාදැයි නොදන්නා බව ද පවසයි.  කොටි සංවිධානයේ යුදමය පරාජයෙන් පසු එම සංවිධානයේ දෙස් විදෙස් ඉතිරි කොටස් සම්පූර්ණයෙන් ම යට ගොස් සිටිති. ඔවුන්ගේ වත්මන් ක්‍රියාකාරකම් පිළිබඳ රහස් ඔත්තු සේවා සතුව ඇත්තේ අවම තොරතුරු ප්‍රමාණයක් බව අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් හෙළි වේ.  කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කර දැමුව ද, ත්‍රස්තවාදයට සරු පසක් සපයන සමාජ අර්බුද විසඳීම සඳහා පියවර ගැනීමට ලංකාවේ රජය භයානක අන්දමින් අසමත් වී තිබේ.  ලංකාවේ මේ මොහොතේ යුද්ධයක් නැති මුත් සාමයක් හෝ තිරසාර සාමයක් ඇති කිරීම සඳහා ක්‍රියාමාර්ගවලට එළඹීමක් හෝ දක්නට නැත. 

සුද්දාගේ පොදු රාජ්‍ය මණ්ඩල ගෙට් ටුගෙදර් එක ලංකාවේ තියන්න ගොස් ලංකාව පස්ස බිම ඇණ ගනියි ද?

Image
(2009 නොවැම්බර් 27 - W3Lanka ) බ්‍රිතාන්‍යයේ පැරණි යටත් විජිත ව සිටි රාජ්‍ය 53ක සහභාගිත්වයෙන් අද දින බටහිර ඉන්දීය දූපත් රාජ්‍යයක් වන ට්‍රිනිඩෑඩ්හිදී ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී 2011දී පැවැත්වෙන මීළඟ සමුළුව ලංකාවේදී පවත්වන ලෙස එයට සහභාගි වන අගමැති රත්නසිරි වික්‍රමනායක ඉල්ලා සිටීමට නියමිත බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.  එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලයේ තීරක බලවේගයක් වන පැරණි යටත් විජිත හාම්පුතා වන බ්‍රිතාන්‍යය ලංකාවේ මෙම යෝජනාවට එක හෙළා විරුද්ධ වීමට යන බව ජාත්‍යන්තර ජනමාධ්‍ය අද වාර්තා කළේය. හේතුව යුද්ධයේ අවසන් අදියරේදී ලංකාවේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයෙන් සිවිල් වැසියන්ට සිදු වූ හානි ය.  යම් රටක මෙම සමුළුව පැවැත්වීම ඒ රටට ජාත්‍යන්තර දේශපාලනයේදී 'නම්බුවකි'. ලංකාවේ බටහිර විරෝධී, දේශප්‍රේමී, ජාතිකවාදී පාලකයෝ හා ඔවුන් නියෝජනය කරන වීරයකු වන අගමැති රත්නසිරි වික්‍රමනායකට ද මේ යටත් විජිත හාම්පුතා පවත්වන ගෙට් ටුගෙදර් එක හෙවත් සුහද හමුව ආඩම්බරයක් වී ඇති බව පෙනේ. එහෙත් දැන් බලන විට සිදු වන්නට යන්නේ වෙන අලකලංචියකි. ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වීමට නම් බ්‍රි...