Posts

Showing posts from March, 2025

1989 කැරැල්ල සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරමු

Image
  අජිත් පැරකුම් ජයසිංහ බටලන්ද 1987-90 කැරැල්ලේ එක් පැතිකඩක් පමණි. සමස්ත වකවානුව තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් පැවතුණේ නැත. දශක තුනකට පසුව පවා ඒ ගැන ගැටලු ඉතිරි වන්නේ එහෙයිනි. සමස්ත වකවානුව පිළිබඳම පොදු සමාවක් දෙනවාද, නැතිනම්, නැවත සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරනවාද යන්න එම කැරැල්ලේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය හොබවන මෙම සමයේදී තීරණයක් ගත යුතුය. සංක්‍රාන්තික යුක්තිය යනු, ඒකාධිපති පාලනයක්, කැරැල්ලක්, යුද්ධයක්, සිවිල් අර්බුදයක් වැනි තත්වයක් තුළ මහා පරිමාණයෙන් ඇති වන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් සත්‍ය සෙවීම, අවශ්‍ය නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම (පොදු සමාවක් පවා මෙයට ඇතුළත්ය), වන්දි ගෙවීම හා නැවත සිදු නොවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමයි. එය පමා වී ආරම්භ වන සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියකි. එම නිසාම එය ඉතා දුර්වල එකක් වනු ඇත. දශක තුනහමාරක කාලයේ වැලිතලාව තුළ බොහෝ පාර්ශ්වකරුවන් සහ මතකයන් ගිලී ගොස් අවසන්ය. කෙසේ වෙතත්, මෙය අවසන් කිරීම හොඳය. වර්තමානයේදී බලයේ සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ රජයකි. ජනාධිපතිවරයාගේ පව...

පාර්ලිමේන්තුවේ මතුගම කන්නන්ගරේ මන්ත්‍රීන් හතරක්

Image
  2024දී පත් වූ නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පුද්ගලයන් හතරදෙනෙකු සිටින බව කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සමගි ජන බලවේගය) ජගත් විතාන පවසයි. එම සිව්දෙනා නම්, ජගත් විතාන (සජබ), සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස (ජාතික ජන බලවේගය – ජාජබ), පරිසර ඇමති ධම්මික පටබැඳි (ජාජබ), මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල (ජාජබ) යන අයයි. ජගත් විතාන මතුගම ඕවිටිගල පදිංචිකරුවෙකි. නලින්ද ජයතිස්ස බෙල්ලන පදිංචිකරුවකු වන අතර, සුනිල් වටගල බෝපිටියේ පදිංචිව සිටි අයෙකි. ධම්මික පටබැඳි පාසල් අධ්‍යාපනය ලබන සමයේ මතුගම අධ්‍යාපනය ලැබූවෙකි. Adapted from praja.lk

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය

Image
  අජිත් පැරකුම් ජයසිංහ අල් ජසීරා සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයට එරෙහි ප්‍රහාරයේ නව අදියරක්. එහි අරමුණ වුණේ රනිල්, මහින්ද, ගෝඨාභය වැනි හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව ජනප්‍රිය ප්‍රබන්ධ මත පදනම් වී ශ්‍රී ලංකා රාජ්‍යයට අලුත් වටයකින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම. එහිදී රනිල් වික්‍රමසිංහ ඉතා රාජ්‍ය තාන්ත්‍රික විදියට ශ්‍රී ලාංකික ජාතිකවාදී පදනමකින් එයට මුහුණ දුන්නා. රාජ්‍යයේ අඛණ්ඩතාව වෙනුවෙන් වගකීමෙන් යුතුව පෙනී සිටියා. මේ සම්මුඛ සාකච්ඡාවෙන් රනිල්ට අවමන් කරන්නට උත්සාහ කරන ලාංකිකයන් අවසානයේදී සිටගන්නෙ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි ව්‍යාපෘතියට. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයෙන් යුත් රාජ්‍යයක්. අනුර කුමාර දිසානායක ජනාධිපති පදවියට පත්වන්නෙ කලින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ අනුග්‍රහයෙන්. ඒත්, පක්ෂය අභ්‍යන්තරයේ පවා ඔහු ඉන්නෙ අවදානමක. ඔහුගේ බලවේගය සිංහල බෞද්ධ ගොවිගම ප්‍රභූ ආධිපත්‍යයට දැඩි ලෙස විරුද්ධ එකක්. අල් ජසීරා ප්‍රහාරය එල්ල වෙන්නෙ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සැසිවාරය පැවැත්වෙන අතරතුර. මීට කලින් චැනල් ෆෝ වගේ ආයතනත් ප්‍රහාර සඳහා ප...

තෙල් පෝලිම් ඇතිවන්නේ කෙසේද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ, ආණ්ඩුව කුමක් කීවත්, සිපෙට්කෝ හෙවත් තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව බොරුවක් නොවේ. ආණ්ඩුව කියන්නේ තෙල් සංස්ථාව අලෙවිකරුවන්ගේ කොමිස් සඳහා නව සූත්‍රයක් හඳුන්වා දෙන බවයි. මේ  අපභ්‍රංසය මහජනතාවට වැටහෙන්නේ නැත. එසේම, ජනතාවට ඒවායින් වැඩක් ද නැත. තෙල් හිඟ වන බවක් ඉව වැටුණු හැටියේ ජනතාව තෙල් එකතු කිරීමට පටන් ගත්හ. ඒ අනුව, තෙල් අලෙවිය වැඩි වන්නට ඇත. පෝලිම් නිර්මාණය වී තිබේ. දැන් තෙල් වෙළඳපොළේ වැඩි මෙහෙයුම්කරුවන් පිරිසක් සිටින නිසා විශාල අර්බුදයක් නිර්මාණය නොවනු ඇත. එහෙත්, ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජනතාව කලාමැදිරියාටත් බිය වීම පුදුමයට කරුණක් නොවේ. ජනතාවගේ චර්යාව වෙනස් කිරීම පහසු නැත. බලයේ සිටින ආණ්ඩුව වනාහි පසුගිය සමය තුළ ජනතාවගේ විචාරශීලී මනස සංකෝචනය කර වෛරී හා පක්ෂග්‍රාහී චර්යාවන්, බිය, සැකය, අවිශ්වාසය හා අරාජිකත්වය දෙසට නැඹුරු චර්යාවන් නිර්මාණය කිරීමට විශාල වශයෙන් දායක වූ පිරිසකි. ජනතාවගේ චර්යාවන් වෙනස් කිරීම ඔවුන් සිතන තරම් සරල නැත. වත්මන් පාලකයන්ට තමන්ගේ පෙර පුරුදු චර්යාවන් පවා වෙනස් කරගැනීම දුෂ්කර වී තිබෙන සංදර්භයක් තුළ ජනතාවගේ චර්යාව ගැන ක...