අනාගත නායකත්වය සඳහා අරගලය
January 30, 2022 admin Politics අජිත් පැරකුම් ජයසිංහ, 2022-01-30 අනිද්දා පුවත්පත ශ්‍රී ලංකාවේ රාජ්‍යය ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් ද දැඩි අභියෝගයකට ලක්වී තිබේ. වර්තමාන ජනාධිපතිවරයා තවමත් ආධුනික ලක්ෂණ පෙන්නුම් කරයි. අගමැතිවරයා එවැනි තනතුරක් දැරීමට තරම් ශාරීරික යෝග්‍යතාවකින් යුක්ත පුද්ගලයකුද යන්න සැක සහිතය. ඇමතිවරු ආණ්ඩුවේත් සිටිති. ආණ්ඩුවේ නොවන පරිදිත් කටයුතු කරති. උදාහරණයක් ලෙස කැබිනට් මණ්ඩලයේ සිට ආයෝජන ව්‍යාපෘති අනුමත කරති. ඉන්පසු එම තීරණවලට එරෙහිව නඩු පවරති. රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරි ආදියට නායකත්වය දෙන නිලධාරීන් පත්කරන සැණින් අස්කරනු දක්නට ලැබේ. ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා අස්කර යළිපත්කිරීම එවැනි එවැනි එක් විකට ජවනිකාවක් පමණි. විදුලි බල මණ්ඩලය, ආයෝජන මණ්ඩලය ආදී රාජ්‍ය ආයතන රැසක එවැනි ජවනිකා රඟදැක්වෙමින් තිබේ. ආර්ථිකය පාලනය කිරීම මුදල් අච්චුගැසීමේ හා ණය ගෙවන්නට බැරිව රට බංකොලොත් වීම මාස කීපයකට කල්දමාගැනීමේ එදාවේල වෙනුවෙන් කරන වැඩක් බවට පත්වී තිබේ. රටේ සෑම අංශයක්ම බරපතල පරිහාණියකට ලක්වී හමාරය. ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමක් පිළි...