යුගදනවි සම්බන්ධ විදේශ ආයෝජනය වැරදිද?
September 25, 2021 admin Economy අජිත් පැරකුම් ජයසිංහ කෙරවළපිටියේ අක්කර 25ක පිහිටි යුගදනවි බලාගාරය මෙගවොට් 300ක ජනන හැකියාවෙන් යුක්තයි. අදියර දෙකකින් ඉදිකරන ලද මෙම බලාගාරය 2010 පෙබරවාරි මස සම්පූර්ණ කළා. මෙය ඉදිකර තිබෙන්නේ HSBC හරහා ලබාගත් යූරෝ මිලියන 152 ක ණය මුදලක් භාවිතා කරමිනුයි. ඩොලර් මිලියන 250ක මිලකට අවුරුදු 15ක කාලයක් සඳහා යුගදනවි සමාගමේ කොටස්වලින් 40%ක් නිව් ෆෝට්‍රස් එනර්ජි නම් ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමකට පවරා තිබෙනවා. මෙම බලගාරයට එල්එන්ජී සැපයීමේ අයිතිය ඒ අනුව එම සමාගමට පැවරෙනවා. දිනකට එල්එන්ජී ගැලුන් මිලියන 1.2ක් පමණ සැපයීමට එමගින් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. එල්එන්ජී හෙවත් ද්‍රව ස්වාභාවික වායු දහනයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම නොරොච්චෝලේ බලාගාරය වැනි ගල් අඟුරු බලාගාරවලින් විදුලිය නිපදවීමට වඩා පිරිසිදුයි. එල්එන්ජී බලාගාරවලින් නිකුත් කරනු ලබන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ගල් අඟුරුවලට සාපේක්ෂව 50%කින් පමණ අඩුයි. බලශක්ති නිෂ්පාදනයේ අනාගතය වන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සමග ජාලගත වීමේදීත්, අනාගත කාබන් රහිත බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වීමේදීත් එල්එන්ජී...