අප්පච්චි මළෝ කොමිසන් ගැන කිව්ව කවිය හරියට
February 27, 2021 admin Art Literature Poetry පාස්කු කොමිෂන් සභාව ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා ඊයේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී රැස්වීමෙන් පසු අපූරු කවියක් මතක් කළා. ඔහු එහි පද කිපයක් අපිළිවෙලට සඳහන් කළත්, ඒ කවිය නිසි පිළිවෙලට ගත් කල ඇත්තෙන්ම මේ කොමිෂන් සභා ගැන සදය උපහාසයක්. කවිය මෙහෙමයි: කොළඹ යුගයේ කීර්තිමත් කවියකු වූ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා එදා මෙම කවිය කිව්වේ හැම දෙයක් ගැනම කොමිසම් පත්කිරීම ගැන සරදමටයි. හොද්ද ලුණු වැඩි නිසා අඹුවට ගෙහිමියා සැර වූ සැටී බැද්ද මාළුව හොරෙන් කෑවට කුස්සි අම්මා ලද ගුටී රෙද්ද ඉරිලා හාමිනේගේ දාසි සරදම් කළ සැටී නැද්ද කොමිසම් සභාවට තව කීවේ කවුරුත් වැඳ වැටී බොරැලැස්ගමුවේ ජී.එච්. පෙරේරා (1896-1948) ගුරුවරයෙක් හා විදුහල්පතිවරයෙක්. සමස්ත ලංකා ජාතික ගුරු සංගමයේ හා සමස්ත ලංකා සිංහල කවි සමිමේලනයේ සභාපති ලෙසද අගනුවර තරුණ කවි සමාජයේ අනුශාසකවරයෙකු ලෙසද කටයුතු කළ ඔහු හිටිවන කවියෙහි ද දක්ෂයෙක්. බේබදු ගෙදර, පරලොවට පණිවිඩයක්, සුදුඅන්තුවා, කුරක්කන් හේන, බුද්ධ ස්තෝත්‍ර හෙවත් බුදුරජාණන් වහන්සේ වැනි පද්‍ය හා ගද්‍ය...