ඉන්දු ලංකා අගමැති ඒකාබද්ධ නිවේදනයේ භාෂා ක්‍රීඩාව හා දෙමළ ප්‍රශ්නය
September 28, 2020 admin Democracy Politics අජිත් පැරකුම් ජයසිංහ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් අතර පසුගිය දිනෙක අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසු නිකුත් කරන ලද නිවේදනය ඉතා කපටි ලෙස වචනගත කරන ලද්දක් බව අපගේ නිරීක්ෂණයයි. එහි තිබෙන වඩාත්ම මතභේදාත්මක වගන්තිය පහත දැක්වේ: “ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම ඇතුළුව, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය පිණිස, දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිබඳව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ ජනතාවගේ වරම අනුව පෝෂණය වූ ප්‍රතිසන්ධානය සාක්ෂාත් කර ගැනීම හා ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජාතිකයන් ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්වාසය පළ කළේය.” මෙම ඒකාබද්ධ නිවේදනයේ වචනගත කිරීම් අනුව අගමැති මෝදි මෙසේ ඉල්ලා සිට...