අලුත් ජනාධිපති යටතේ අලුත් ගමනක ආරම්භය ගැන නිරීක්ෂණ
November 29, 2019 admin Politics අජිත් පැරකුම් ජයසිංහ – 2019 නොවැම්බර් 29 අනිද්දා පුවත්පතේ ද පළ වේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී සති දෙකකට ආසන්න කාලයක් ගතවෙමින් තිබේ. මෙම සටහන තබන අද දින ඔහු සිය පළමු නිල විදේශ චාරිකාව වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්වෙයි. ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව සමග ඔහුගේ සාකච්ඡා හා සම්බන්ධතා ශ්‍රී ලංකාවේ දේශපාලනයට අතිශය වැදගත් ය. ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර ඔහුගේ පාලනය විසින් සලකුණු කර තිබෙන ලක්ෂණ කිහිපයක් අධ්‍යයනය කර බැලීම මෙම සටහනේ අරමුණයි. ගෝඨාභය රාජපක්ෂ පාලනය යනු රාජපක්ෂ පවුලේ ප්‍රධාන බලවේග දෙකක් අතර බලතුලනයක් ලෙස සැලකිය හැකි ය. එම බලවේග දෙක නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ අතර බල තුලනයයි. මෙම පුද්ගලයන් දෙදෙනා විසින් ඉතා පැහැදිලි දේශපාලන ධාරාවන් දෙකක් නියෝජනය කරන බව පෙනේ. මහින්ද රාජපක්ෂ ජනප්‍රියවාදී නායකයෙකි. ගෝඨාභය රාජපක්ෂ ජනප්‍රිය දේශපාලන චරිතයක් වුව ද ඔහු ජනප්‍රියවාදියකු යයි කිව නොහැකි ය. මෙම ලක්ෂණ මේ දෙදෙනා බාහිර සමාජයට පෙනී සිටින ශාරීරික ප්‍රතිරූපවලින් පවා පෙනේ. මහින්ද රාජපක්ෂ රූප ලාවණ්‍යයට විශාල...