තුන් වරක් තලාක් කියා දික්කසාද වන ක්‍රමය ලංකාවේ තවමත් ක්‍රියාත්මකයි
July 31, 2019 admin Life Religion සිංහල ක්ෂණිකව දික්කසාද කිරීමේ මුස්ලිම් භාවිතාව නීති විරෝධී බවට පත්කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ත්‍රිත්ව තලාක් ක්‍රමය ලෙස හැඳින්වෙන මෙම ක්‍රමය යටතේ ස්වාමි පුරුෂයාට දික්කසාදය යන අරුත දෙන තලාක් නම් වදන තුන් වරක් බිරියට පැවසීමෙන් දික්කසාදය තහවුරු කරගත හැකි ය. මෙම දැනුම් දීම වර්තමානයේදී ඊමේල්, කෙටි පණිවුඩ, වට්සැප් පණිඩුව වැනි ක්‍රම මගින් ද දැනුම් දීමට පුළුවන් බව කියැවේ. ශ්‍රී ලංකාවේ ද මුස්ලිම් පුද්ගල නීතිය යටතේ වන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත යටතේ තලාක් ක්‍රමය ක්‍රියාත්මක වේ. එහෙත්, එය කාති අධිකරණ හරහා විධිමත් අන්දමින් ක්‍රියාත්මක කරන්නේ නම් එය දික්කසාදය දිරිගන්වන අන්දමින් සිදු නොවේ. වරින් වර තුන්වරක් තලාක් පැවසීම සඳහා ඒ අතර කාලයේ තවදුරටත් කල්පනා කිරීමට කල් ලබා දෙන අතර, සැමියා හා බිරිඳ දෙදෙනා ම දික්කසාදයට කැමති විට පමණක් අධිකරණය ඉදිරියේ තලාක් එක වර ම තුන් වරක් පවසා දික්කසාදය ලබාගත හැකි ය. ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට ද දික්කසාදය ලබාගැනීම සඳහා මේ හා සමාන ක්‍රමයක් තිබේ. එහෙත්, භාවිතාව තුළ අවස්ථාවාදී