13ට පක්ෂව හා විපක්ෂව ආණ්ඩුව ඇතුළේ අලුත් යුද්ධයක්
රජය 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කිරීමට හෝ එය ඉක්මවා යන බලය බෙදීමකට යාමට උත්සාහ කළහොත් ජාතික හෙළ උරුමය රජයෙන් ඉවත් වන බවට නිල වශයෙන් අනතුරු ඇඟවීමක් පක්ෂයේ ප්‍රධාන ක්‍රමෝපාය විශේෂඥවරයා වන පරිසර ඇමති චම්පික රණවක ඊයේ නිකුත් කළේය. මෙම වැදගත් අනතුරු ඇඟවීම විසින් පෙන්නුම් කරනු ලබන්නේ ජාතික හෙළ උරුමය රජයට සම්බන්ධ ඇමති තනතුරකින්, මන්ත්‍රී, පළාත් සභික ආදී තනතුරු කීපයකින් සෑහීමට පත් නොවී බල දේශපාලනය තුළ අභියෝවලට මුහුණ දෙමින් ඉදිරියට යාමට සූදානමින් සිටින බවයි. මෙය හෙළ උරුමයේ ප්‍රධාන තරගකරුවා වන ජවිපෙටද අභියෝගයක් වේ. පසුගිය කාල පරිච්ඡේදයේදී ජවිපෙ දේශපාලන ගමන් මාර්ගය සලකුණු වූයේ චම්පික රණවක විසින් තෝරන ලද උපාය මාර්ග ඔස්සේ බව ප්‍රකට කරුණකි. කොටි සංවිධානයේ පරාජයත් සමග රජය තුළ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ හා විරුද්ධ වශයෙන් කණ්ඩායම් දෙකක් ප්‍රබලව ඉස්මතු වී තිබේ. 1987දී ඉන්දීය බලපෑම මත ක්‍රියාත්මක කරන ලද 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 1988දී පළාත් සභා පිහිටුවන ලදී. එහෙත් ඉඩම්, පොලිස් බලතල වැනි පූර්ණ බලයක් තවමත් පළාත් සභාවලට ලබා දී නැත. පළාත් සභා ප...